IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


වනාතවිල්ලුවේ වේවැල් කර්මාන්තකරුවන් කබලෙන් ලිපට


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
කොරෝනා වසංගතයත් සමඟ වනාතවිල්ලුව වේවැල් කර්මාන්තය සම්පූර්ණයෙන් ඇදවැටීම හේතුවෙන්, සිය නිෂ්පාදන අලෙවි කරගත නොහැකිව ගැටලුවකට මුහුණ දී ඇතැයි එම කර්මාන්තයේ නියැලෙන්නෝ පවසති. වේවැල් නිෂ්පාදන මේ වන විටත් නිවෙස් තුළ රඳවා ගැනීමට සිදුව ඇති බවද මෙම පිරිස සඳහන් කරති.
 
වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ රාල් මඩුව, අලුත් එළුවන්කුලම, පරණ එළුවන්කුලම යන ගම්මානවල පවුල් 100 ක පමණ පිරිසකගේ රැකියාව වූ මෙම වේවැල් කර්මාන්තය අද වන විට සම්පූර්ණයෙන් නැවතී ඇති බවද ඔවුහු පවසති.
 
නිෂ්පාදන සඳහා අවශ්‍ය වූ වේවැල් සපයා ගැනීමේ ස්ථානයට නීතියේ බලපෑමක් තිබීම හේතුවෙන් ගැටලු මතුව ඇත. එසේ වුවද, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතා මැදිහත් වී ඔවුන්ට අක්කර 50 ට වැඩි බිම් ප්‍රමාණයකින් යුත් වේවැල් කැලේ භූමිය පවරාදී තිබේ. නමුත් අද වන විට තම වෘත්තියට අවශ්‍ය අමුද්‍රව්‍ය නිසි ලෙස සපයා ගැනීමට තිබුණද ගැනුම්කරුවන් නොමැති වීම බරපතලම ගැටලුව බව ඔවුහු කියාසිටිත.
 
මේ පිළිබඳව අදහස් දැක්වු වනාතවිල්ලුව රාල් මඩුව පදිංචි කේ.සබුර් නිසා මහත්මිය මෙසේ කීවාය.
 
“අපි අද වන විට අන්ත අසරණවෙලා. හදාපු වේවැල් බඩු සේරම ගෙදර ගොඩ ගහලා. අපේ නිෂ්පාදන මිලට ගන්න කිසිම කෙනෙකු කොරෝනාවලින් පස්සේ ආවේ නැහැ. වේවැල් කපාගත්ත වේවැල් කැලේ අලි රංචුවක් නිතරම ගැවසෙනවා. ඒ නිසා අපිට වේවැල් කපාගන්න යන්නත් බැරි තත්වයක් උදාවෙලා” 
මේ පිළිබඳව අදහස් දැක්වු ආර්. දේවකාන්ති මහතාමිය මෙසේ පවසන්නට වූවාය.
 
“ අපිට ලොකු සම්පතක් මේ වේවැල් කැලේ. ඉඩම එය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාදීම වටිනවා. නමුත් කැලෑවේ ඉන්න අලි දෙන්නා පන්නා දෙන්න කියලා වන ජීවියට කොච්චර කිව්වත් එය කරන්නේ නැහැ. අද යද්දිත් මේ අලි නිදාගෙන හිටියා. අපි බය වෙලා ආපහු දුවගෙන ආවා. ඒ විදිහට වේවැල් කපා ගන්න බැරිව ආපසු නිවෙස්වලට ආපු දවස් අනන්තයි” ඇය පවසන්නීය.
 
වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතා මෙසේ කීය.
 
“මේ පිරිස වෙනුවෙන් අපි අපේ දායකත්වය උපරිම ලෙස සලසා තිබුණා. වේවැල් ලබාගැනීමට අදාළ ඉඩම දුන්නා. පසුගිය කාලයේ මේ කර්මාන්තකරුවන්ට අලෙවිය පිළිබඳව එතරම් ගැටලුවක් තිබුනේ නැති බව ඇත්ත. නමුත් මේ වන විට ඒ කියන්නනේ කොරෝනා වසංගතයෙන් පස්සේ ගැනුම්කරුවන් නොමැති වීම බරපතල ගැටලුවක් වී තිබෙනවා. අපිත් යම් උත්සහයක් ගන්නවා මේ වෙනුවෙන් යම් දායකත්වයක් ලබා දීමට” යැයි ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.



අදහස් (2)

වනාතවිල්ලුවේ වේවැල් කර්මාන්තකරුවන් කබලෙන් ලිපට

sampath Wednesday, 22 July 2020 10:18 AM

වේවැල් භාණ්ඩ පුදුම ගණන්, ඉතින් කොහොමද මනුස්සයෙක් මේවා මිලට ගන්නේ.

:       4       0

arschfikaaWednesday, 22 July 2020 03:58 PM

සම්පත්, වේවැල් නිෂ්පාධන ගණන් වැඩි නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 409 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1386 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 441 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 540 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 509 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 393 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 191 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 56 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1083 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site