(ටෝනි කරුණානායක)
ව්‍යාජ විදේශ ගුවන් ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කරමින් අන් අයෙකු ලෙස පෙනී සිටි මිනිමැරුම් නඩුවක විත්තිකරුවෙකු ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් ඉන්දිකා රත්නායක මහත්මිය අද (06) නියම කළාය.
දිවුලපිටිය කඩවල ප්‍රදේශයේ පදිංචි එම්.චන්දන පුෂ්පකුමාර නැමැති සැකකරුවෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව මහාධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කර තිබූ අතර ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අශංයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුව මිනුවන්ගොඩ කටුවැල්ලේගම පලුගහවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුගේ රුව ඇති වෙනත් අයෙකුගේ නම සඳහන් විදේශ ගුවන් ගමන් බලපත්‍රයක් සැකකරු විසින් පොලිස් නිලධාරීන්ට ඉදිරිපත් කර තිබූ අතර එම ගුවන් ගමන් බලපත්‍රය පරීක්ෂා කිරීමේ දී එය අන් අයෙකුට අයත් එකක් බව පොලිසිය අනාවරණය කරගැනීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ පොලිසිය වෙත බාර දි තිබේ.
සැකකරු මෙම ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය උපයෝගී කරගනිමින් තවත් අපරාධ සඳහා යොමු වූයේ ද යන්නත් සැකකරුට එම ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය සාදාගැනීම සඳහා ආධාර අනුබලදීමට සහාය ලබා දුන් පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බව මිනුවන්ගොඩ පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.
විවෘත වරෙන්තුවට අදාළව සැකකරුව මීගමුව මහාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට නියම කළ අධිකරණය ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබන 09 වැනිදාට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කළේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ව්‍යාජ ලෙස පෙනී සිටි මිනිමැරුම් නඩුවක විත්තිකරුවෙක් රිමාන්ඩ්