IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


වීරකැටිය පොලිස් ස්ථානාධිපති යැයි කියා මුදල් වංචා කිරීමට ගිය අයෙක් අත්අඩංගුවට

(අනීෂා මානගේ සහ ඩි ජී සුගතපාල )

දිවයිනේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් ලෙස පෙනී සිටිමින් ඊසි කෑෂ් ක්‍රමයට ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගත් බව කියන අයකු වීරකැටිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මහනුවර අංකුඹුර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයකු බව පොලිසිය කියයි.
 
වීරකැටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට ඉකුත් 5වැනිදා දුරකතනයෙන් අමතා තමා වීරකැටිය පොලිස් ස්ථානාධිපතිවරයා බව කියමින් තමන් රාජකාරි කටයුත්තකට යමින් සිටියදී හදිසියේ වාහනයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් එය අලුත්වැඩියා කරගැනීමට ඉක්මනින් විද්‍යුත් ක්‍රමය හරහා මුදල් එවන ලෙස දන්වා තිබේ.
අදාල ව්‍යාපාරිකයා මේ සම්බන්ධයෙන් වීරකැටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කැලුම් සංගීත් මහතාට දන්වා ඇති අතර ඉන් අනතුරුව සැකකරු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු සොයාබැලීමේදී අනාවරණය වී ඇත්තේ මොහු දීර්ඝ කාලයක සිට දිවයිනේ ප්‍රදේශ රැසක පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස කියමින් ව්‍යාපාරිකයන්ගෙන් විද්‍යුත් ක්‍රමයට හරහා මුදල් ගෙන්වාගෙන ඇති බවයි.

මෙම මුදල් ඔහු මහනුවර අංකුඹුර ප්‍රදේශයේදී ලබාගෙන ඇති බවටද අනාවරණය වී තිබිණි.

දීර්ඝ කාලයක් තිස්සේ සිදුකර ඇති මෙම ජාවාරම සම්බන්ධයෙන් බොහෝ ව්‍යාපාරිකයෝ පොලිසියට පැමිණිලි කර නොමැති අතර ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමයට මෙයින් විශාල හානියක් සිදුව ඇතැයි පොලිසිය කියයි.



අදහස් (1)

වීරකැටිය පොලිස් ස්ථානාධිපති යැයි කියා මුදල් වංචා කිරීමට ගිය අයෙක් අත්අඩංගුවට

Dinesh Friday, 16 October 2020 07:53 AM

පොලිසියේ කීර්තිනාමයට අගෞරව කරන්න හොඳ නැහැ එහෙම දෙයක් පොලිසියට තියෙන නිසා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 579 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site