හිරාන් ප්‍රියංකර ජයසිංහ
වල් අලි පලවා හැරිමට ඉදිරියේ දී තුන් දහසකට ආසන්න සිවිල් ආරක්ෂක බළකා සාමාජීකයින් පිරිසක් ලබාදිමට ජනාධිපති එකඟ වු බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය සරත් පොන්සේකා මහතා පැවසීය.
වනජිවී අමාත්‍යවරයා මේ බව පැවසුවේ අලි මිනිස් ගැටුම අවම කිරිම සම්බන්ධව ඉදිරියේදි ගන්නා ක්‍රියාමාර්ග හා වනඅලි හානි ඇතුළු වන අලීන්ගෙන් සිදුවන හානි පිළිබඳව ජනතාවගේ කරුණු විමසිමට නවගත්තේගම රඹකනයාගම විහාරස්ථානයේ සංවිධානය කර තිබු ජනතා හමුවකදීය.
මේ අවස්ථාවට වාරිමාර්ග ජල කළමනාකරණ හා ආපදා රාජ්‍ය ඇමැති පාලිත රංගේ බංඩාර මහතා ඇතුළු දේශපාලඥයින් රැසක් එක්ව තිබිණි. වල් අලීන්ගෙන් පීඩා විදින රඹකනයාගම ගම්මානය ඇතුළු ගම්මාන ගණනාවක ජනතාව 300 ක් පමණ පිරිසක් විහාරස්ථානයට එක්වී තිබු අතර එම අවස්ථාවට වනජීවි අධ්‍යක්ෂ ජනාරාල් චන්දන සුරිය බංඩාර මහතා සහ නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් දිලාන් ගුණරත්න මහතා ඇතුළු රාජ්‍ය නිළධාරින් රැසක් ද එක්ව තිබිණි.
මෙහිදී වනජීවී ඇමැති සරත් ෆොන්සේකා මහතා මෙසේ පැවසීය.
ඉදිරි අවුරුදු එකහමාර ඇතුළත මම සැලසුම් කර තිබෙනවා ඉදිරි වසර ඇතුළත මේ ජාතික ප්‍රශ්නයක් වන අලි මිනිස් ගැටුම විසඳන්න සැලසුම් කර තිබෙනවා. මේ ප්‍රශ්නය දේශපාලනය කරන්න සුදානම් නැහැ. සෑම කෙනාම එකතු කරමින් අලි මිනිස් ගැටුම විසදීමට අපි සුදානම්. නමුත් මෙය තනිව මගේ අමාත්‍යංශයට පමණක් විසඳන්න විදිහක් නැහැ . ඒ නිසා ජනාධිපතිතුමාගේ පුර්ණ සහයෝගය ඇතිව තමයි මෙය විසඳිය හැක්කේ.
මම කිසිම විටක මේ අමාත්‍යංශයේ සෑම කෙනෙකුටම ඇහුන්කම් දුන්නා. ඒ අයගේ උපදෙස් තොරතුරු ලබා ගත්තා. අනික වනජීවී දෙපාර්තුමේන්තුවට මුදල් ප්‍රශ්නයක් නැහැ. මම දැක්කා විශාල මුදලක් වෙන් කරලා තිබෙනවා වනජීවී දෙපාර්තුමේන්තුව හරි පෝසත් හරියට විශාල කොම්පැනියක් වාගෙයි. එකේ සල්ලි තිබෙනවා සල්ලි බිලියන පහක් ඒ කියන්නේ ලක්ෂ පනස් දහසක් විශාල මුදලක්.
මේ මුදල් යොදවලා මම ඉදිරියේ දී විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්. ඒ වාගේම ඉදිරියෙදී විදුලි අලි වැටවල් ශක්තිමත් කරන්න වැඩ පිළිවෙළක් කරන්න සුදානම්. ඊළඟට තිබෙන වැඩපිළිවෙළ තමා අලි වැටවල් තිබුණාට වැඩක් නැහැ එය ආරක්ෂා කරන්න බැරි නම්. ඒ කියන්නේ ඇස් කන් තිබෙන මිනිහෙක් එය ආරක්ෂා කරන්න නැත්නම් අලි කඩා දමනවා .
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘වල් අලි පලවා හැරීමට 3000 ක සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන් ලබාදෙනවා’