බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථාන සියල්ලගේම මෙවර වෙසක් පොහෝ දිනය වෙනුවෙන් විවිධ ආගමික වැඩසටහන් රැසක්ම සංවිධානය කර තිබුණි. ඒ සඳහා ශ්‍රී ලාංකික, ඉංග්‍රීසි මෙන්ම අනෙකුත් ජාතික සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගී වුහ.
ලන්ඩන් බෞද්ධ විහාරයේ වෙසක් පුන් පොහො දිනයේදී විහාරස්ථ රාහුල දහම් පාසලේ දරුවන් සඳහා විශේෂ වෙසක් වැඩසටහනක් ද පසුදින වැඩිහිටියන් සඳහා වෙන්වුන වැඩසටහනක්ද පැවැත්විණි.
පින්කම් සංවිධානය කර තිබුනේ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ විහාරස්ත මහා සංඝරත්නයේත් දායකකාරකාදීන්ගේ සහභාගිත්වයෙනි.
ළමා වෙසක් වැඩසටහන පැවැත්වුනේ දහම් පාසලේ ප්‍රධානාචාර්ය තවලම බන්දුල හිමියන්ගේ මුලිකත්වයෙන් සහ අනෙකුත් මහා සංඝරත්නයේත් දහම් පාසල් ගුරු මණ්ඩලයේත් දෙමාපියන්ගේත් සහායෙනි.
22 වන ඉරිදා වැඩිහිටියන් සඳහා පැවැත්වුන වැඩසටහන ආරම්භකෙරුනේ එක්සත් රාජධානියේ වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් සුගීශ්වර ගුණරත්න විසින් මහ සංඝ රත්නය සෙත් පිරිත් සජ්ජායනා කරද්දී විහාරභුමියේ පිහිටි කුඹ ගසෙහි බෞද්ධ කොඩිය එසවීමෙනි. එදින 200 කර අධික සැදැහැවතුන් පිරිසක් අටසිල් සමාදන් වුහ. දවස් පුරාවටම පැවැත්වුන වැඩ සටහනට බුද්ධ වන්දනා, භාවනා. ධර්ම දේශනා, ධර්ම සාකච්චා සහ භක්ති ගීත ගායනා ඇතුලත් විය. එදින පින්කමෙහි ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ සරේ විශ්ව විද්‍යාලයේ දර්ශන විද්‍යාව පිලිබඳ මහාචාර්ය ජෙෆ්රි හන්ට් විසිනි. ඔහු සතිපට්ඨාන භාවනාවෙන් වත්මන් සමාජයට ලබාගත හැකි ප්‍රයෝජන සාකච්චා කළේය.
කින්ග්ස්බරිහි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වෙසක් පිංකම පැවැත්වුනේ 22 වන ඉරිදාය. විහාරාධිපති අග්ග මහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන්ගේ සහ විහාරස්ත මහා සංඝ රත්නයේ සහභාගිත්වයෙන් දවස පුරාවටම විශේෂ වැඩසටහන් පැවැත්වුනි. ඒ සඳහාද අතිවිශාල සැදැහැවතුන් පිරිසක් සහභාගිවුහ. ප්‍රධාන ධර්මදේශනය පැවැත්වුයේ පුජ්‍ය ආචාර්ය කබලැවේ සිරිසුමන හිමියන් විසිනි.
පිංකම අවසානයේදී දහම් පාසලේ දරුවන් විසින් භක්ති ගී ගායනයක් ඉදිරිපත් කළ අතර විහාර දායක සභාවෙන් බත් දන්සැලක්ද සංවිධානය කර තිබුණි. සද්දාතිස්ස දහම් පාසලේ දරුවන් වෙනුවෙන් වෙසක් පුන් පොහොය දින විශේෂ දහම් වැඩ සටහනක් පැවැත්වුනි.
මේඅතර ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මඟින්ද වෙසක් පොහොය වෙනුවෙන් පරිත්ථාන ධර්මදේශනයක් සහ හීල් දානමය පින්කමක් සංවිධානය කරනු ලැබිය. මෙම පිංකම සඳහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන නියෝජනය කරමින් මහා සංඝ රත්නය 30 නමක් සහභාගිවුහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වෙසක් සිරියෙන් ලන්ඩනය බැබළෙයි