( රංජිත් රාජපක්‍ෂ )
දිනක රුපියල් 790ක වැටුපට අමු තේ දළු කිලෝ 18ක් නෙලන ලෙස වතු පාලන අධිකාරිය කළ නියෝගයකට එරෙහිව හැටන් ස්ටැඩන් වතුයායේ කම්කරුවෝ පිරිසක් අද (07) හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ උද්ඝෝෂණයක් කළහ.
විරෝධතාකරුවන් පවසන්නේ මධ්‍යම කඳුකරයේ පවතින අයහපත් කාළගුණය නිසා තේ ඵලදාව අඩු වී තිබෙන අවස්ථාවක මුළු දවස පුරාම නෙළිය හැක්කේ උපරිම අයුරින් අමු තේ දළු කිලෝ 14ක් 15ක් පමණ බවත් විරෝධතාකරුවෝ පැවසූහ..
එම ප‍්‍රමාණය නෙළන නිසා තමන්ගේ දෛනික වැටුපට ලබාදෙන රුපියල් 140ක දිරි ගැන්විමේ දිමනාව තමන්ට නොලැබෙන බවයි.
පැය අටක කාලයක් වැඩ කිරීමේදී වතුපාලන අධිකාරිය මගින් තමන්ට ගෙවනු ලබන්නේ රැපියල් 790ක් වෙනුවට රැපියල් 650ක මුදලක් බවද ඔවුහු පැවසූහ.
අද රටේ පවතින ජිවන වියදම අනුව තමන්ට එම මුදල කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බවත් තේ ඵලදාව තිබෙන අවස්ථාවල තමන් වතුපාලන අධීකාරිය ඉල්ලන දළු ප‍්‍රමාණයට වඩා නෙළා දෙන බවද ඔවුහු කීහ.
මේ සම්බන්ධයෙන් තේ වතු සමාගමක වතු අධිකාරිවරයකුගෙන් කළ විමසීමේදී පවසා සිටියේ නිමි තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සඳහා විශාල පිරිවැයක් දැරිමට සිදුවන නිසා වතුකම්කරුවකු ඔහුගේ දෛනික වැටුපට අමු තේ දළු කිලෝ 18ත් 20ත් අතර ප‍්‍රමාණයක් අනිවාර්යෙන්ම නෙළිය යුතු බවයි.


2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ස්ටැඩන් වතුයායේ කම්කරුවෝ විරෝධතාවක