සෞදි අරාබියේ නැගෙනහිර පළාත ශ්‍රී ලන්කන් ලයන්ස් ක්‍රීඩා සමාජය දමාම් සාබ්සා ක්‍රීඩාංගනයේදී දෙවැනි වරටත් සංවිධානය කළ මහා ක්‍රිකට් තරගාවලියෙන් ක්‍රීඩා කණ්ඩායම් 30 ක් පරදවා කැන්ඩි ඉලෙවන්ස් කණ්ඩායම ජයග්‍රහණය කළේය. සියලුම ක්‍රීඩා ඉසව් උදැසන 7.30 ආරම්භ වූ අතර රාත්‍රී 7.00 පමණ වනවිට අර්ධ අවසන් තරග ආරම්භ විය. පී තිබන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම සහ නායක මොහොමඩ් අලිගේ නායකත්වයෙන් කෝල්ස් කණ්ඩායම තරගයට පිවිසි අතර කාසියේ වාසිය ලබාගත් කෝල්ස් කණ්ඩායම තරගයට පිවිස ඕවර පහක් ඇතුළත ලකුණු 47 ක් ලබා ගත්තේය. මොහොමඩ් නලීම් ලකුණු 25 ක් ලබා ගත්තේ අගනා හයේ පහරවල් දෙකක් සහ හතරේ පහර දෙකක්ද සමගිනි.
ඊට පිළිතුරු ලෙස පිටියට බට ශ්‍රී ලන්කන් ලයන්ස් කණ්ඩායම ඕවර පහේ දී කඩුලු 3 ක් දැවී ලකුණු 34ක් පමණක් ලබා ගත් අතර පී තිබන් ලබාගත් ලකුණු 12 අතරට හතරේ පහරවල් දෙකක් ඇතුළත් විය. ඒ අනුව එම තරගයෙන් කෝල්ස් කණ්ඩායම ලකුණු 14 ක ජයග්‍රහණයක් අත් කර ගත්තේය.
අනෙක් ක්‍රීඩි පිටියේ අවසන් දෙවැනි තරගය සඳහා කැන්ඩි ඉලෙවන්ස් සහ ලයන්ස් සිසි කණ්ඩායම පිටියට පිවිසියාහ. ඩිල්ශාන්ගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ඉලෙවන්ස් කාසියේ වාසිය හිමිකර ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහරදී ඕවර පහේ දී ලකුණු 44 ලබා ගන්නා ලද අතර රශ්මි විසින් ලබාගත් ලකුණු 28 ට හයේ පහර දෙකක් සමඟ හතරේ පහර තුනක් ගැසීය. පිළිතුරු ලෙස පිටියට පිවිසි ශේක්ගේ නායකත්වයෙන් යුත් ලයන්ස් සිසි කණ්ඩායමට ඇතුළතදී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 35ක් පමණි. ෂේක් හයේ පහරක් සහ හතරේ පහර හතරක් ගැසුවේය. ඒ අනුව ලකුණු 9කින් කැන්ඩි ඉලවන්ස් කණ්ඩායම ජයග්‍රහණය අත්පත් කර ගත්තේය.
රාත්‍රී නවයට පමණ අවසන් මහා තරගය ආරම්භ වූ අතර ඒ සදහා සදහා සුදුසුකම් ලැබූ කැන්ඩි ඉලෙවන්ස් කණ්ඩායම සහ කෝල්ස් කණ්ඩායම පිටියට පිවිස කාසියේ වාසිය ලබාගත් කැන්ඩි ඉලෙවන්ස් කණ්ඩායම ඩිල්ශාන්ගේ නායකත්වයෙන් පන්දුවට පහර දෙමින් ලකුණු 45 ක් ලබා ගත්තේය. දැවී ගියේ කඩුලු දෙකක් පමණි. කෝල්ස් කණ්ඩායමට කඩුලු තුනක් දැවී ලකුණු 33ක් ගත්තේය. නිලම්ගේ හතරේ පහරතුනක් ඊට ඇතුළත් විය. මොහොමඩ් කඩුල්ලක් ලබා ගැනීමට සමත්විය. කැන්ඩි ඉලවන්ස් කණ්ඩායමේ මොහොමඩ් රශ්මි තරගයේ වීරයා විය. තරගාවලියේ වීරයා කෝල්ස් කණ්ඩායමේ මොහොමඩ් නලිම් ලෙස තෝරා ගැනිනි. තරගාවලියේම වැඩිම දක්ෂතා පෙන්වු ලද ක්‍රීඩකයා ලෙස මොහොමඩ් රශ්මි (කැන්ඩි ඉලෙවන්ස් ) ලෙසද නම් කැරිණි.
ත්‍යාග සහ කුසලාන අනුග්‍රාහකත්වය දැක්වූ සෙලාන් බැංකුව,පීසී කාගෝ,යාදී මිඩියා,ගෝල්ඩන් ඩිසයින් යන ආයතන නියෝජිතයෝ ප්රදානය කළහ. මෙම තරගාවලිය සංවිධානය කිරීමේදී සෞදි අල්රාජී බැංකුවේ නවරත්නම් මහතාගේ දායකත්වය ලැබී තිබිණ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සෞදි - ලංකා ක්‍රිකට් තරගයෙන් 'කැන්ඩි ඉලෙවන්ස්ලාට' ජය