(කාංචන කුමාර ආරියදාස)
ස්පාඤ්ඤයේ සිට මෙරටට පැමිණි විදේශීය සංචාරක කාන්තාවකගේ මුදල් පසුම්බියක් දඹුල්ල නගර මධ්‍යයේ වෙළඳසලක් අසල වැටී තිබී එය නොසඟවා අයිතිකරුට භාරදීමේ පුවතක් අද (15) දඹුල්ලෙන් වාර්තා විය.
මෙම ආදර්ශවත් ක්‍රියාව සිදුකොට තිබුණේ දඹුල්ල නගර මධ්‍යයේ සිල්ලර වෙළඳසලක් පවත්වා ගෙන යන එම්. ටී. එන්.අනස් මහතාය.
ස්පාඤ්ඤ ජාතික ජි .වෙරෝනිකා හා ඉතාලි ජාතික වියානා තරුණියන් දෙදෙනා පසුගිය දෙසැම්බර් 1 වැනි දා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ තිබේ.
සංචාරක මඟ පෙන්වන්නා ද සමඟ මෙම මිතුරියන් දෙදෙනා ඊයේ (14) පස්වරුවේ දඹුල්ල නගර මධ්‍යයේ සංචාරය කරමින් සීගිරියට ගොස් තිබේ.
එම අවස්ථාවේදී දඹුල්ලේ වෙළඳසලකට ගොස් බිම පැකට් දෙකක් මිලදී ගෙන නැවත පයින් යන අතර ස්පාඤ්ඤ ජාතික තරුණියගේ අත තිබූ මුදල් පසුම්බිය වැටී තිබේ.
එම බීම පැකට් දෙක මිලදී ගත් වෙළෙඳ සැලේ හිමිකරුගේ සහෝදරයකු එය දැක අහුලා වෙළඳසැල් හිමිකරුට ලබාදී ඇත.
ඒ අනුව ඔහු එය විවෘත කර බැලීමේදී ලංකා මුදල් මෙන්ම ඩොලර් කොළ එමෙන්ම තරුණියගේ එරට හැදුනුම්පත බැංකු කාඩ්පත් මෙන්ම රියදුරු බලපත්‍රයක් ද එහි තිබූ බව සඳහන් කළේය.
පසුම්බිය අහුලාගත් ව්‍යාපාරිකයා මේ බව දඹුල්ල නගර මධ්‍යයේ ත්‍රීරෝද රථ සංගමයේ සාමාජිකයකුට මේ බව දැනුම් දී ඔහුගේ උපදෙස් පරිදි එම මුදල් පසුම්බිය දඹුල්ල පොලිසියට බාරදී ඇත.
ඒ අනුව අද (15) විදේශීය යුවතියන් දෙදෙනා ප්‍රධාන මාර්ගයේ තම මුදල් පසුම්බිය සහ සොයමින් යන අතරතුර ව්‍යාපාරිකයා විසින් ඔවුන් දෙදෙනා දැක ඔවුන් සතු මුදල් පසුම්බිය තමා සතුව ඇති බවත් දැනුම්දී පසුව දඹුල්ල පොලිසියේ දී ඔවුනට අයිති මුදල් පසුම්බිය බාර ඇත.
තමන් අතින් අතුරුදන් වූ මුදල් පසුම්බිය පරීක්ෂාකර බැලූ යුවල එහි තිබූ ලංකා මුදල් රු 3000ක් ඇමරිකානු ඩොලර් 88 ක් ඇතුළු සියලු දේ තිබු බවත් ශ්‍රී ලාංකික ජනතාවට තමන් හදවතින්ම ස්තූතිවන්ත වන බවත් ශ්‍රී ලංකාව ජනතාව සිදුකළ මෙම ක්‍රියාව අගය කරන බවත්ය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ස්පාඤ්ඤ කතගේ නැතිවු මුදල් පසුම්බිය ව්‍යාපාරිකයෙක් බාරදෙයි
කන්තලේ සුධම්ම හිමි Friday, 15 December 2017 06:21 AM
ඔබ ගැන හරිම ආඩම්බරයි.........
w.p.s weerawardana Friday, 15 December 2017 06:34 AM
ඔබ නියම ශ්‍රී ලාංකිකයෙකි, ඔබට ජයවේවා!!!!!!!!!
Nalin Friday, 15 December 2017 07:52 AM
ඔබට මගේ ප්‍රණාමය. පොලීසියෙදි පොකට්එක ගල් නොවුන එක ලොකු දෙයක්.
koswatte Friday, 15 December 2017 08:27 AM
ඔබ ගැන හරිම ආඩම්බරයි.
nuwan Friday, 15 December 2017 08:51 AM
ලංකාවෙ සංචාරය කරන්න ආවේ ඩොලර් 88ක් පර්ස් එකේ දාගෙනද.
KANDEPOLA Friday, 15 December 2017 08:56 AM
නියම ශ්‍රී ලාංකිකයෙක් නම් ඕක ගල් කරනවා. මෙයා ටිකක් වෙනස් කෙනෙක්.
upul Saturday, 16 December 2017 09:40 AM
අපේ රටේ නම්බුව රැක්කට ස්තුතියි.