IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


සබරගමුවට නවක ගුරුවරු 917 ක්

 

(නයෝමි දිල්රුක්ෂි)

සබරගමු පළාත් ගුරු සේවය සඳහා නවක ගුරුවරුන් 917 දෙනකු වෙත පත්වීම් ප්‍රධානය කිරීම සබරගමු පළාත් ගරු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පළාත් සභා ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණ.

කොළඹ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාල වලින් අධ්‍යාපනවේදී උපාධිය සමත් වූ 21 දෙනකුද, 2018.04.27 සහ 2019.03.31 යන දෙදින ශ්‍රී ලංකා විභාග දෙපර්තමේන්තුව මඟින් පවත් වන ලද විවෘත තරඟ විභාගයේ ඉහළම ලකුණු ලැබු 387 දෙනකුද මෙම පත්වීම් ලාභීන් අතර වෙති.

එමෙන්ම 2020.08.28 වන දින අයදුම් පත් කැඳවු සියළුම දෙමළ මාධ්‍ය උපාධිධාරීන් සහ දෑ අවුරුදු ඩිප්ලෝමාධාරීන් 251 ද සිංහල මාධ්‍ය උපාධිධාරීන් 285 දෙනකුද සෙසු අය වෙති.

ඒ අනුව ඉතිහාසය, දේශපාලන විද්‍යාව, භූගෝල විද්‍යාව, බුද්ධධර්මය, බෞද්ධ ශිෂ්ඨාචාරය, විද්‍යාව, ඉංග්‍රීසි, ජෛව පද්ධති තාක්ෂණය, ගණිතය, ආර්ථික විද්‍යාව, ව්‍යාපාර හා ගිණුම් අධ්‍යයනය, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, උපදේශනය, සිංහල භාෂාව හා සාහිත්‍ය, චිත්‍ර කලාව, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය යන විෂය ක්ෂෙත්‍ර සඳහා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය බඳවා ගැනීම් සිදු කර ඇත.

පත්වීම් ප්‍රධානය සෞඛ්‍ය උපදෙස් මත සිදු කරනු ලැබු අතර මෙදින (28) පෙරවරුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ 250 දෙනකු වෙත ද පස්වරුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ 250 දෙනකු වෙතද සබරගමු පළාත් ගරු ආණ්ඩුකාරවරයා විසින් පත්වීම් ප්‍රධානය කරන ලදි.

සෙසු පත්වීම් ලිපි පත්වීම් ලාභීන් වෙත තැපැල් මාර්යෙන් ඔවුන්ගේ නිවෙස් වෙත යොමු කර ඇත.

 



අදහස් (0)

සබරගමුවට නවක ගුරුවරු 917 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 406 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1386 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 441 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 539 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 509 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 392 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 731 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site