(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැලිපැන්න බොන්දුපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසට පැමිණ රුපියල් ලක්ෂ 22 ක් සොරා ගැනීමේ සිද්ධියකට සාමිවරයෙක් යැයි කියාගන්නා පුද්ගලයකු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු අද (28) අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් වූවන් අතර හිටපු හමුදා සෙබලෙක්,වාදක කණ්ඩායමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු වේ.
ව්‍යාපාරිකයාගේ නිවසට ආරක්ෂාවක් කර ගැනීම සඳහා පුද්ගලයකු සොයමින් සිටියදී අසල්වාසී පුද්ගලයකු මාර්ගයෙන් සාමිවරයා යැයි කියා ගන්නා පුද්ගලයා හඳුන්වා දී ඇති අතර වූ පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ සිට පැමිණෙන බවට පවසා මීගහතැන්න පදිංචිව සිටි එම පුද්ගලයා ව්‍යාපාරිකයාගේ නිවස වෙත රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
ව්‍යාපාරිකයාගේ නිවසට ගිය එම පුද්ගලයා නිවස පරික්ෂා කිරිමෙන් පසුව ඉඩම ද පරික්ෂා කර ඉඩමේ තිබෙන වස්තුවකට ව්‍යාපාරිකයාට උරුමකම් තිබෙන බවත් ආරක්ෂාව කර කරගැනීමෙන් අනතුරුව ඒ ද ලබාගැනීමට හැකියාව තිබෙන බවත් පවසා සතියක් පීලි ජාති අනුභව නොකරන ලෙස ව්‍යාපාරිකයාට හා ඔහුගේ පවුලේ අයට දන්වා තිබූ බව පොලිසිය කියයි .
නිවස ආරක්ෂා කර ව්‍යාපාරිකයාට හිමි වස්තුව ගොඩ ගැනීම සඳහා රුපියල් ලක්ෂ 22 ක් වැයවන බවත් පවසා ව්‍යාපාරිකයා එයට එකඟ වීමෙන් අනතුරුව නිවසින් පිටවී ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.
සතියක් ගතවී ගත වීමෙන් අනතුරුව නිවසට පැමිණ තිබූ මෙම සාමිවරයා යැයි කියා ගන්නා පුද්ගලයා හා තවත් පුද්ගලයන් දෙදෙනෙකු උපක්‍රමශීලීව ව්‍යාපාරිකයා නිවසින් පිටතට යවා නිවසේ කාමරයක අල්මාරියක තිබූ රුපියල් ලක්ෂ 22 ක මුදල සොරාගෙන හොර රහසින් පිටවී ගොස් තිබූ බව බව පොලිසියට ලද පැමිණිල්ලේ සඳහන් වේ
අත්අඩංගුවට ගත් සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සාමිවරයකු කියා ලක්ෂ 22 ක් සොරාගත් 6 ක් අත්අඩංගුවට