(මොහොමඩ් ආසික්)
මහනුවර ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකින් ඉවත් කරනු ලබන සායනික අපද්‍රව්‍ය මළු 45 ක් පූජාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් වටගොඩ කනාමැදිරි ඇළට බැහැර කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු ඒ සඳහා යොදා ගත් ලොරි රථයද සමඟ අද (23) අත්අඩංගුවට ගත් බව පූජාපිටිය පොලිසිය පවසයි.
අද අළුයම් කාලයේ මෙම සායනික අපද්‍රව්‍ය මළු 45 ලොරි රථයකින් වටගොඩ ප්‍රදේශයෙන් ගලා ගොස් පිඟා ඔයට එක් වන කනාමැදිරි ඇළ නමින් හඳුන්වන ඇළට බැහැර කර තිබේ.
මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිසිය වෙත කරන ලද දැනුම් දීමක් අනුව පරීක්ෂණ පැවැත්වූ පොලීසිය එම මළුවල තිබූ රිසිට්පත් ඇසුරෙන් මෙම සැකකරුවන් සහ ලොරිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පෞද්ගලික රෝහල සිය අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා පෞද්ගලික ලොරි රථවලට කුලී පදනම මත ලබා දෙන බවත් ඒවා මහනුවර මහ නගර සභාවේ කසල බැහැර කරනු ලබන අංගනයට බදු මුදල් ගෙවා බැහැර කළ යුතු බවත් එසේ බදු මුදල් නොගෙවා මෙම ස්ථානයට හොර රහසේම ගෙනවිත් බැහැර කර ඇති බවත් පරීක්ෂණ වලින් හෙළි වී තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සමඟ සායනික අපද්‍රව්‍ය මළු 45 සහ ලොරි රථය අද (23) ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සායනික අපද්‍රව්‍ය ඇළට බැහැර කළ දෙදෙනා රිසිට්පතකින් අල්ලා ගනී