IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


‘සුරිය වැව -හම්බන්තොට මාර්ගය ඉදිකිරීමේදී පවරා ගත් ඉඩම් වලට තවමත් වන්දි නෑ‘

(දිලීප් ජයසේකර)


සුරියවැව සිට හම්බන්තොට දක්වා  මාර්ගය අඩි 100 මාර්ගය මන්තීරු 4 කට පුළුල් කිරීමේ කටයුතු වලදී පවරාගත් ඉඩම් වලට මේ වන විට වසර 05ක් ඉක්මවා ඇතත් තවමත් තමන්ට හිමි වන්දි මුදල් ලබා නොදිම සම්බන්ධයෙන් වගකිව යුතු පිරිස් අවධානය යොමු නොකරන බව ගැමියෝ පවසති.


ඒ පිළිබදව අදහස් දක්වන සුරියවැව බැද්දෙවැව පුරාණ රජමහා විහාරාධිපති බැද්දේවැව පේමසිරි හිමි.


සුරියවැව සිට හම්බන්තොට දක්වා අඩි 100 මාර්ගය පුළුල් කිරීමේදි මාර්ගය දෙපස ජිවත් වුණු පිරිසගේ ඉඩම් වන්දි ලබා දෙනවා කියා පවරා ගැනීම සිදු වුණා. මේ ප්‍රදේශවල ජිවත් වෙන්නේ ගොවිතැන්බත් කරගෙන ජිවත්වෙන අහිංසක ජන කොටසක්.


කෙසේ නමුත් සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යලය,මහවැලි අධිකාරිය, තක්සේරු දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකින්ම මේ ගම් වගට ඇවිත් මේ මිනිස්සුන්ට කඩිනමින් වන්දි දෙන බව පවසමින් ඒ මිනිස්සු නොමග යවමින් රවට්ටලා මේ ඉඩම් ටික ලබා ගන්න ඒ පිරිස් කටයුතු කළා. නමුත් මේ වෙනකොට ඒ මිනිස්සු කොටස කබලෙන් ලිපට වැටිලා ඉන්නේ.


ඉඩම් පවරාගත් අවස්ථාවේ දෙනවා කි වන්දි මුදල් මේ වන තෙක් ලබා දීමට කිසිදු බලධාරියෙක් කටයතු කර නෑ. මේ වෙනකම් වන්දි ලබා දිම සිදු කරලා තියෙන්නේ ලොකු ලොකු මුදලාලිලාට , හා දේශපාලන හයිය තියෙන අයට විතරයි. ඒ පිරිසට තමන්ගේ කැඩුණු ගෙවල් හදාගන්න සල්ලි දුන්නා.හැබැයි අසරණ කාත් කවුරුත් නැති මේ අහිංසක මිනිස්සු ටිකට තවමත් වන්දි ලැබුනේ නෑ.


 අඩි 100 පදිංචි වන්දි ලාභියෙකු වන අනූෂා මහත්මිය 


අපි මේ ගැන කියන්න තියෙන ඉහළම තැන වන ජනාධිපති තුමත් හමු වුණා.හැබැයි එතුමන් මේ අඩි 100 තියෙන්නේ කොහෙද කියලවත් දන්නේ නෑ කිව්වා. නමුත් මේ ගැටළුවට විසදුමක් දෙන්නම් කියලා කිව්වත් තවම කිසිදු විසදුමක් අපිට ලැබුනේ නෑ. අද වෙනකොට මේ මිනිස්සුන්ට වන්දි මුදල නොලැබිම නිසා තවම ජිවත් වෙන්න වෙලා තියෙන්නේ පාර පුළුල් කරන කොට කැඩුණු ගෙවල්වල ටකරන් මඩු ගහගෙන. 


කේ.ඩී.ජයසිංහ මහතා 


වසර ගණනාවක් තිස්සේ සිට අපි මේ වන්දි ගැටළුව නිසා පීඩාවට පත් වෙලා තියෙනවා.මේ වන්දි ලබා ගැනිම සදහා අවස්ථා ගණනාවකදිම  විරෝධතා හා මාරාන්තික උපවාස පවා කළා. මේ සෑම අවස්ථාවකදිම විවිධ පාර්ශව මේකට මැදිහත් වෙලා අද දෙනවා,හෙට දෙවා කියලා අපිව රැවැට්ටුවා. නමුත් තවම වන්දි මුදල් ලබා දුන්නේ නෑ.

 



අදහස් (0)

‘සුරිය වැව -හම්බන්තොට මාර්ගය ඉදිකිරීමේදී පවරා ගත් ඉඩම් වලට තවමත් වන්දි නෑ‘

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 318 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1307 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 385 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 466 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 447 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 337 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 589 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 792 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2210 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site