IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සාලියවැව ජල යෝජනා ක්‍රමයෙන් අවුරුදු 8ක් හොරෙන් වතුර අරන්

(එච්. චන්දන)

සාලියවැව ජල යෝජනා ක්‍රමයෙන්  වසර  8කට  ආසන්න කාලයක් හොරෙන් ජලය ලබා ගත් පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරයෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සාලියවැව පොලීසිය කියයි.
 
කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා විසින් සාලියවැව පොලීසියට කරණ ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.
 
කරුවලගස්වැව ප්‍රාදේශීය සභාව විසින් සාලියවැව නගරයේ පිහිටා ඇති පුස්තකාලයට සහ පොදු වැසිකිලියට ජලය ලබාගන්නා, ජල මාර්ගය අතරමගදී පළුදු කර සැකකාර ගුරුවරයා විසින් තමන් විසින් පවත්වා ගෙන යන පන්තියට ජලය ලබා ගෙන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
 
මේ පිළිබඳව කළ විමසීමකදී කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපති නිහාල් ජයසිරි බණ්ඩාර මහතා සඳහන් කළේ වසර 8කට ආසන්න කාලයක් සැකකාර උපකාරක පන්ති ගුරුවරයා විසින් ලබා ගෙන ඇති ජලය සඳහා සාලියවැව ජල යෝජනා ක්‍රමයට මුදල් ගෙවා ඇත්තේ තම සභාවෙන් බවය.
 
කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා නීල් වීරසිංහ මහතා  විසින් 2013 වර්ෂයේදී සාලියවැව ජල යෝජනා ක්‍රමයට මගින් සැකකාර උපකාරක පන්ති පවත්වන ගුරුවරයාට මීටරයක් සවි කර ජල සම්බන්ධතාවයක් ලබාදීමට කටයුතු කරන ලෙස ලිඛිතව ඉල්ලීමක්ද කර තිබී ඇත. එම ලිපිය සන්තකයේ තබා ගෙන සැකකරු විසින් හොර රහසේ ජලය ලබා ගෙන පුද්ගලික උපකාරක පන්තිය පවත්වා ගෙන ගෙස් ඇති බව විමර්ශනවලදී හෙලිවී ඇති බව පොලීසිය කියයි.
 
සැකකාර උපකාරක පන්ති ගුරුවරයා, සාලියවැව ජල යෝජනා ක්‍රමයේ භාණ්ඩාගාරිකවරයා ලෙස  ඉකුත් දිනක පත් කර ඇති බව ප්‍රදේශවාසීහු සහන් කරති. සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.



අදහස් (0)

සාලියවැව ජල යෝජනා ක්‍රමයෙන් අවුරුදු 8ක් හොරෙන් වතුර අරන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site