
(දිනේෂ් උපේන්ද්‍ර)
කුකුළු ආහාර නිපදවීම සඳහා මිනිස් පරිභෝජනයට සුදුසු අනර්ඝ තත්වයේ සහල් තොගයක් භාවිත කළ, කුලියාපිටිය උඩුබද්දාව ප්‍රදේශයේ සත්ව ආහාර නිෂ්පාදන ආයතනයක් වටලා සහල් කිලෝ 3300ක් අද(20) සිය බාරයට ගත් බව කුරුණෑගල දිසා පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් නිලධාරීහු පැවසූහ.
මනුෂ්‍ය පරිභෝජනයට අවශ්‍ය සහල් පිටරටින් ගෙන්වාගැනීම නවත්වාලීමට එම අධිකාරිය මගින් විධාන අංක 72 යටතේ නිකුත්කර ඇති අතිවිශේෂ චක්‍රලේඛනයට අනුව, සත්ව ආහාර නිෂ්පාදනය උදෙසා සහල් භාවිතා කිරීම තහනම් කර ඇති බවත්, ඒ අනුව දිගින් දිගටම මෙවන් වැටලීම් ඉදිරියේදී සිදුකිරීමට නියමිත බවත් වැටලීම් කණ්ඩායම භාර නිලධාරියා පැවසීය.
සිය බාරයට ගෙන තිබූ සහල් තොගය කුලියාපිටිය මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒවා ආවරණ සහිතව මුද්‍රා තැබීමටද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීහු කටයුතු කළහ.
කුරුණෑගල දිසා පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් නිලධාරීන් වන සමීර සම්පත් දිසානායක, ඉසිරි ප්‍රනාන්දු, ප්‍රියන්ත රස්නායක, දිලීප නුවන්, අරුණ ශාන්ත, මාලිංග ගුණවර්ධන යන මහත්වරු වැටලීමට එක්වූහ.
සත්ව නිෂ්පාදනාගාරයේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට(20) ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
579
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සහල් යොදා කුකුළු ආහාර නිපදවූ නිෂ්පාදන ආයතනයක් වටලයි