(සුමතිපාල දීයගහගේ සහ ඩී.ජි. සුගතපාල)
හබරාදුව ප්‍රාදේශීය සභාවේ කාර්මික නිලධාරිනියට බැණ තර්ජනය කළ එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයා විසින් කාර්මික නිලධාරිනියගෙන් අද (27) සමාව ගත් බව හබරාදුව ප්‍රාදේශීය සභාවේ ලේකම් සුමිලා රත්නවීර මහත්මිය
පැවසුවාය.
එමෙන්ම මෙම සිද්ධිය පිළිබද හබරාදුව පොලිසියට කර තිබු පැමිණිල්ලේ විභාගයේදී දෙපාර්ශයම සමථයකට පත්වු බවද රත්නවීර මහත්මිය සදහන් කළාය.
එම නිසා ඊයේ (26) සිට ක්‍රියාත්මක කර තිබු සේවක වැඩ වර්ජනය අවසන් කර සියලුම සේවකයින් අද (27) සිට
රාජකාරි කටයුතු ආරම්භ කර තිබේ.
කොග්ගල ප්‍රදේශයේ කොන්ක්‍රිට් කරන ලද මාර්ගයකට අදාල කොන්ත්‍රාත්තුවේ චෙක්පත ප්‍රමාද කරන බවට චෝදනා
කරමින් ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරයෙකු එම ප්‍රාදේශීය සභාවේ කාර්මික නිලධාරිනියට බැණ තර්ජනය කිරිමට විරෝධය පල කිරිම සදහා සියලුම සේවකයින් ඊයේ (26) අසනිප නිවාඩු දමා සේවයට පැමිණිමෙන් වැලකි සිටියහ.
මේ අතර අද දිනයේද සියලුම නිලධාරින් සහ සේවකයින් පොත අත්සන් කොට රාජකාරි කටයුතුවලින් බැහැරව සිටියහ. එහිදි ඔවුන් කියා සිටියේ මේ පිළිබද සාධාරනය ඉටු නොකළහොත් නොකඩවා රාජකාරි කටයුතුවලින් බැහැරව සිටින බවය.ඒ අනුව මෙම සිද්ධියට මැදිහත්වූ හබරාදුව ප්‍රාදේශිය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ මහතා සහ
පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන්ගේ ඉල්ලිම පරිදි සිද්ධියට සම්බන්ධ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා සභා කාර්යාලයට පැමිණ කාර්මික නිලධාරිවරියගෙන් සමාව ගැනිමෙන් පසුව සේවක වර්ජනය අවසන් විය.
ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා කාර්මික නිලධාරිනියට බැණ තර්ජනය කිරිමට විරෝධය පල කරමින් ප්‍රාදේශිය සභාවේ ලේකම්වරිය ඇතුලු නිලධාරින් හා සේවකයින්ද අහංගම උපකාර්යාලයේ නිලධාරීන් ඇතුලු සේවකයින්ද. ප්‍රාදේශීය සභාවේ මාර්ග විදුලි සෞඛ්‍ය පුස්තකාල සහ අයුර්වේද යන අංශවල සේවක සේවිකාවන් 125 දෙනෙක් පමණ මෙම වැඩ වර්ජනයට එක්ව සිටියහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හබරාදුව ප්‍රාදේශීය සභාවේ වර්ජනය අවසන්