චිනයේ පිංකින් නුවර සිට උතුරු ඇමරිකාවේ ඇලස්කාව දක්වා යෝජිත දුම්රිය මගේ ප්‍රථම අදියරේ සැලසුම් ඉදිරිපත් වී ඇත්තේය. චීනය මූලිකවී ඉදිකිරිමට සැලසුම් කර ඇති මෙම දැවැන්ත යෝජනා ක්‍රමයට මුල්‍යමය ආධාර සැපයීමට ඉන්දියාව ද ඉදිරිපත් වී සිටී.
යෝජිත මෙම දුම්රිය ගමන් මඟ කිලෝ මීටර 13,000 කට ආසන්න වන අතර උතුරු රුසියාව හා උතුරු ඇමරිකාව ඇලස්කාව වෙන් කොට ඇති පැසිපික් මහ සාගරයේ බර්රින්ග් සමුද්‍ර සංදිය හරහා පැසිපක් සාගරයේ පතුළේ ඉදිකිරීමට ඇති දැවැන්ත මුහුදු උමග කිලෝ මීටර් 200 ක් පමණ වේ.
වර්තමාව ලෝකයේ නවීන තාක්ෂණයේ ආධාරයෙන් ඉදිවෙන යෝධ ව්‍යාපෘති හා සසඳන කල් ආනාගතයේදි පීකිං නුවර සිට පැසිපික් සයුර පතුලෙන් ගමන් කොට කිලෝ මීටර 13,000 පමණ දුර ගෙවා ඇලස්කාවෙන් මතුවිය හැකියි. හය සාර්ථක වුවොත් නුදුරු අනාගතයේදි පැරීසියේ සිට නිව්යොර්ක් නුවර දක්වා දුම්රියෙන් ගමන් කළ හැකි වන්නේය.
ලෝකයේ දැනට දිගම දුම්රිය මාර්ගය වන්නේ වර්ෂ 1904 දී ආරම්භ කළ රුසියාවේ සයිබිරීයා දුම්රිය සේවයයි.රුසියාවේ නැගෙනහිර දේශ සිමාවේ වැලැඩිවොස්ටොක් නුවර සිට රුසියාවේ බටහිර සීමාවේ පිහිටි මොස්කව් නුවර දක්වා වූ ගංඟා පහක් උඩින් දුම්රිය ස්ථාන 22 ක් පහු කරමින් දුම්රිය ගමන් කරයි.එහි දිග කිලෝ මීටර 9285 කි.එම දුර ප්‍රමාණය අවසන් කිරීමට දින 7ක් ගත වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙික හරිම භයානකයි. (ස)
මිනිසාගේ විනාසය ඉක්මනින් ලගා කරගන්නා තවත් ක්‍රමයක්.(නදී)
බුදු අම්මෝ, අර ප්ලේන් එක තවම හොයාගෙන නැහැ. කි.මී.13,000 ක් දුර අවමය අඩි 1000 කට වඩා ගැඹුරු මුහුද යටින් යනවා නම් තමා තමන්ගේ අඹුදරුවන්ටත් කියල ගෙවල් දොරවල්, යාන වාහන, ඔක්කොමත් ලියල ගියොත් තමා වටින්නේ.(නදී)
මේ රටේ අස්චර්යය දකින්න අකමැතිව ලෝකේ දියුණුව කොහොම දකීවිද (ස)
මේ සේරම අනවශ්‍ය දේවල්. අනවශ්‍ය දියුණුවට වැය කරන කාලය ධනය නැවත දම විනාශ වී යන පරිසරය සහ මිහිතලය රැක ගැනීමට වෙහෙසෙන්න පරිසරය දුෂණය නොකරන බලශක්ති ප්‍රබවයන් සොයා ගන්න (අ)
රජින්ද , සිංහල නොතේරුම් කමට අපි මොනවා කරන්නද? කිලෝමීටර් 200 විතරයි මුහුද යටින් තියෙන්නේ. නැවත කියවා තේරුම් ගන්න.(නදී)
දුම්රියේ යන අතරේ භූමිකම්පාවක් උනොත්?, කාට කියන්නද?, (නදී)
අපිත් ඉන්දියාවට යන්න උමගක් හදමු (අ)
නරකද ඉන්දියාව පළමුව තමිල්නාඩුවට වැසිකිලි ටිකක් හැදුවා නම් (නදී)
හබලක් නැති මට නැව් මොකටද ? (නදී)
මගින්ට දෙවියන්ගේම් පිහිටයි.(නදී)
මොන විකාර කතාද මේ. මේ දුපත් මානසිකත්වය සමග සිතන මිනිස්සුන්ගේ සිතිවිලි වලට අනුව මේ රටට මීට වැඩ කල දවසක් උදාවෙන්න විදිහක් නැහැ. අද ලෝකයේ මිනිසා විසින් නිර්මාණය කල දේවලට අනුව මේවා එච්චර ලොකු දේවල් නෙවේ . එක තමයි මේ මිනිස්සු මෙවැනි නිර්මාණ කරන්න බය නැතිව අත ගහල තියෙන්නේ. අපිටත් කොහෙන් හරි මේ දාමයට එකතු වෙන්න පුලුවන්නම් විශාල ජයග්‍රහණයක් මොකද මේ මිනිස්සු ලෝකයට නිරාවරණය වේවි. එතකොට තේරුම් ගනීවි අපි සිටින තැන සහ ය යුතු දුර.. (හේ)