අතීතයේ පැවති රේඩියෝ නාට්‍ය කලාව යලි කරලියට ජනතාව අතරට ගෙනෙන්නට වෙර දරණ තරුණ කලා කරුවෙකු තම නිර්මාණ ටික එකතු කර ගෙන පසුගිය දිනවල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති පොත් ප්‍රදර්ශනයේදී ජනතාවට නොමිලේ බෙදා දෙන අයුරු දක්නට ලැබුණි.
කොළඹ ආනන්ද විද්‍යාලයේ හා කොළඹ විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය මාලක දේවප්ප්‍රිය මෙලෙස තම නිර්මාණ එකතුව නොමිලේ ජනතාවට බෙදා දුන්නේය.
1995 වර්ෂයේ දී පමණ ගුවන් විදුලි සංස්ථාවට ගුවන් විදුලි රග මඩලට නාට්‍ය 10 පමණ ලියමින් මේ නිර්මාණ කටයුත්ත ආරම්භ කළ මාලක 2006 වර්ෂයේ නාට්‍ය 12 එකතුකර උගේ හිස ඉවරයි නමින් ද 2012 වර්ෂයේ නිහෝන් සැප ලැබේවා යනුවෙන් පොත් දෙකක් නිර්මාණය කර ඇත.
2005 වර්ෂයේදී ගුවන් විදුලි නාට්‍ය ලියන්න අවස්ථාව නැතිවුණ බවයි ඒ මහතා සදහන් කරන්නේග මේ අතර තුර ද්‍රව්‍යය - දෘශ්‍ය කලාව පිළබදව ජර්මනීයේ හා දකුණු කොරියාවේ රටවල් වල විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ මාලකට වසර කිහිපයක් අධ්‍යන කටයුතු හදාරා ඇති අයෙකිග
මේ අතර ජාතික සංවාද හා රාජ්‍ය භාෂා ආමාත්‍යංශ මගින් මෙවැනි නිර්මාණ කිරීම සදහා දැක්වු අනුග්‍රහයක් මත මාලක සිය නිර්මාණ එකතුව ජනතාව අතරට ගෙන ඒමට මහගු පිටුවහලක්වී ඇත.
මේ නාට්‍ය හඩ කැවීම සදහා ප්‍රවීණ කලා කරුවන් වන ජයලත් මනෝරත්න ල ධර්මසිරි බණ්ඩාරනායක ලසමන් අතාවුදහෙට්ටි ල ඩබ්ග ජයසිරි ල හේමසිරි ලියනගේ ඇතුළු විශාල පිරිසක්ද ල සංගීත නිර්මාණයෙන් ලක්ෂමන් විජේසේකර සිය දායකත්වය ලබා දී තිබේග
මේ පිළිබද මාලක දේපප්ප්‍රිය මහතා සමග කල සංවාද සටහන පහත දැක්වේ.
‘කණට පාරක්’ කියන්නෙ?
ජනපි‍්‍රය වාණිජවාදි ප‍්‍රවාහ හරහා කණට පාරක් ගසන යුගයක කණට පාරක් විවරකර දීම නැත්නම් සොයාදීම ‘කණට පාරක්’ ප‍්‍රධාන වෑයමයි. ඒක කරන්නෙ රේඩියෝ නාට්‍යය ඕඩියෝ සීඞී තැටිය හරහා. ඔබ දන්නවා රේඩියෝ නාට්‍යය යනු ලොව පවතින ප‍්‍රබලම කලා මාධ්‍යයක් බව. රේඩියෝ නාට්‍යය ලොව බිහි වූ අටවැනි කලාව ලෙස නම් වෙනවා. වචනාර්ථයෙන් එක් රූපයක් වචන දාහක් වටිනවා කියලා අර්ථයක් තිබුනත් එක් වචනයක් රූප දහසක් දක්වා පරිකල්පනය කරවීමට රේඩියෝ නාට්‍යය නම් මාධ්‍යයට පුලූවන්.
අද රේඩියෝ නාට්‍ය අවභාවිත කලාවක්ද?
සංස්කෘතික ධනවාදය හරහා රූපය මූලික කරගත් කලා ප‍්‍රබලම ජනපි‍්‍රයත්වයට පත්වූ වටපිටාවක් අපට හමුවෙනවා. එහිදී ශබ්දය මූලික කරගත් කලාවන් අවභාවිතයට පත්වී ඇතැයි යන්න ජනපි‍්‍රය කතාවක්. සිනමාවට ශබ්ද ආ මුල් කාලයේදීත් මෙම තර්කයම අරගෙන ආවා. නමුත් මෙම තර්කය හුදු මිත්‍යාවක් පමණයි. ශබ්දය මූලික කලාවක් වන රේඩියෝ නාට්‍යය අද නව මාදිලින් ඔස්සේ පරිණාමයට බඳුන් වෙමින් මහා කලා සංස්කෘතියක් ජාත්‍යන්තරය තුළ ගොඩනගා තිබෙනවා. වර්තමාන ඩිජිටල් සයිබර් අවකාශය තුළද රේඩියෝ නාට්‍යය සෙසු කලාවන් අභිභවා ප‍්‍රබල ලෙස මතුවෙනවා.
රේඩියෝ නාට්‍ය ලෝක භාවිතාව කොහොමද?
රේඩියෝ නාට්‍යය යනු තව දුරටත් හුදු තරංගවලින් නැතහොත් සංඛ්්‍යාතවලින්ම පමණක් අසන කලාවක් නොවෙයි. එය මේ වන විට සවුන්ඞ් ෆයිල් ලෙස හුවමාරු වෙමින් බාගත කරමින් රස විදීමේ මහා සංස්කෘතියක් අන්තර්ජාතිකව නිර්මාණය වෙලා පවතිනවා. මූන්ලයිට් ඕඩියෝතියටර් ඩොට් සීඒ වෙබ් අඩවියේ තොරතුරු දෙස බැලූවහොත් එහි දැක්වෙන්නේ අධිවේගි මාර්ගවල දීර්ග සංචාරවලදී, වෛද්‍යවරු හමුවීමට බලාසිටින දිගු කාලයන් හිදි, ගුවන් ගමන්වලදී රේඩියෝ නාට්‍යය ඇසීම ජනපි‍්‍රය සංස්කෘතියක්ව පවතින බවයි. මෙම වෙබ් අඩවිය රටවල් අනූවක් සමග සම්බන්ධ වෙමින් රේඩියෝ නාට්‍යය ඕඩියෝ ෆයිල් ලෙස බාගත කරමින් ජනතාව හුවමාරු කරනවා. රේඩියෝ නාට්‍යය අද වන විට කොතරම් වූ ස්වර්ණමය යුගයක පසුවෙනවාද යන්න බී බී සී වෙබ් සයිට් එක දෙස බැලීමෙන් වටහා ගන්න පුළුවන්. එහි විවිද තේමා, සංකල්ප ඔස්සේ විශාල නාට්‍යය ප‍්‍රමානයක් විවිධ කාල පරාසයන්ගෙන් යුක්තව සති පතා විකාශනය වෙනවා. බීබීසීයට අවුරුදු 75ක් පිරීම සංවත්සරය අලලා 1997 නොවැම්බර් 14 පළකල සටහනක දැක්වෙනවා එහි නලූවන් 14000 ක්ද, රචකයන් 10000 න් නාට්‍ය පැය 1174 ක්ද නව නාට්‍යය 2000 ක්ද, වසරකට නිශ්පාදනය වන බව. බීබීසී නාට්‍යය අංශයේ එවකට වාර්ෂික අයවැය ස්ටර්ලින් පවුම් මිලියන 19 ක් වෙනවා. බීබීසී ය මගින් විසිරුවා හරින නාට්‍යය සවුන්ඞ් ෆයිල් ලෙස භාගත කරමින් නැවත නැවත රස විදීමේ අවකාශයද පවතිනවා.
රේඩියෝ නාට්‍ය ලාංකීය භාවිතාව කොහොමද?
පශ්චාත් යටත් විජිත ලාංකීය සමාජය හදාරන විට රේඩියෝ නාටකය නම් කලා මාධ්‍යය හා කොයිතරම් වූ බැඳීමකින් ලාංකීය සමාජය කටයුතු කළේද යන වග පේනවා. අපට මුලින් ම රේඩියෝ නාට්‍ය සංස්කෘතිය හිමිවන්නේ 1925 තරම් ඈතකදි. ධර්ම ශ‍්‍රී මුණසිංහ, ජේ. එච්. ජයවර්ධන දැක් වූ අයුරට ආරම්භක යුගයේ නාටක බහුතරයක් විකාශය වූයේ සජීවී ආකාරයෙන්. රේඩියෝ නාට්‍යය කලාව මහා සංස්කෘතියක් පැවතුනු කාලයක් අපේ රටේ පැවතුනා. 1987 වැනි වකවානුවකත් රූපවාහිනිය හරහා රේඩියෝ නාට්‍යය ඉහල ජනපි‍්‍රයතාවයක් දිනා ගත්බව ගුවන් විදුලි සංස්ථාවේ පර්ෙයේෂණ අංශය සිදුකල සමීක්ෂණ වාර්තා සාක්ෂි දරනවා. සුගන්ධිකා, මේධා, ගජමුතු, මොණරතැන්න, සඳගල තැන්න, ගුවන් විදුලි රගමඩල වැනි නාට්‍යය කලක ලාංකික පරිසරය පුරා මිනිසුන් රොද බැඳගත්තා. නමුත් වර්ථමාන රේඩියෝ චැනල ලාභ උත්පාදනය ඒකායන පරමාර්ථය කරගනිමින් කලාත්මක වශයෙන් පරිපූර්ණ ගුණාත්මක නිර්මාණ වැඩ කිරීම වෙනුවට අඩු ප‍්‍රාග්්ධනයක් හා කාලයක් භාවිතා කරමින් නිෂ්පාදනය කල හැකි ප‍්‍රාථමික වැඩසටහන් විකාශනය කරනවා. ඒ සඳහා ඔවුන් විසින්ම ගොඩනගූ තර්ක සමාජ ගත කරනවා. පසුගිය කාලය පුරා ලංකාවේ සියලූම චැනලවල නාට්‍යය අංශයන්හි ප‍්‍රධානින් සමග මම කතා කළා. ඔවුන් දැක්වූයේ තමන්ගේ ආකෘතියට ගැලපෙන නාට්‍යය රචනා කරන ලෙසයි. එනම් නාට්‍යයක එක් අංකයක් මිනිත්තු 03 ක් විය යුතු අතර ඉන් පසු ගීතයක්, වෙළඳ දැන්වීම් හා නිවේදක දෙඩවිලිවලින් යුතු ආකාරයක ආකෘතියට. තවත් ප‍්‍රධානින් දන්වා සිටියේ නාට්‍යය රචනා කරන සංකල්පය ඔවුන් ලබා දෙන බවයි. ඇතැම් නාලිකා නොබියව දන්වා සිටියේ වර්ථමානයේ තමන් සිදුකරන්නේ රේඩියෝ බිස්නස් බවයි. පෞද්ගලික හා රජයේ නාලිකා තමන් විසින් මේ වන විට මෙලස ගොඩනගා ගෙන ඇති මූලධර්ම ආකෘතින් නිසා ඉන් පරිභාහිර ආකෘතින් වල රේඩියෝ නාට්‍යය සඳහා අවකාශයන් ප‍්‍රධාන ප‍්‍රවාහයේ නාලිකාවලින් බලාපොරොත්තු විය නොහැකියි. ඒ නිසා යමෙක් රේඩියෝ නාට්‍යය කලා මාධ්‍යයක් වශයෙන් භාවිතා කරන්නේ නම්, මේ සඳහා සුදුසුම මාදිලිය වන්නේ විකල්ප ක‍්‍රමවේදවලට නැඹුරුවීමයි. මෙම ව්‍යාපෘතියේ ප‍්‍රධාන පරමාර්ථය එයයි. එම විකල්ප ක‍්‍රමවේද භාවිතා කරමින් රේඩියෝ නාට්‍යය ලංකීය සමාජය වෙත නැවත ස්පර්ශ කිරීමේ අවකාශයක් ලබා දීමයි.
රේඩියෝ නාට්‍ය ඔබේ භාවිතාව කොහොමද?
රේඩියෝ නාට්‍යය රචකයෙකු ලෙස 1995 සිට මම සකී‍්‍රයව ක‍්‍රියාකරන අතර 2005 දක්වා ගුවන් විදුලි සංස්ථාවේ ගුවන් විදුලි රඟමඩල සඳහා රචකයෙකු මෙන්ම රංග ශිල්පියෙකු ලෙසද දායකවී තිබෙනවා. 2005 පසු එම අවකාශ අහිමි වුණා. එමෙන්ම සුගතපාල ද සිල්වා, තිලක් ජයරත්න, ජේ.එච්.ජයවර්ධන, ධර්ම ශ‍්‍රී මුණසිංහ ආදී රේඩියෝ නාට්‍යය කලාවේ ප‍්‍රබලයන්ගේ ගුරුහරුකම් හා ආභාසය මට ලැබී තිබෙනවා. මා විසින් ආරම්භක යුගයේ රචනා කරන ලද නාට්‍යය කිපයක් කියවා බලා සුගතපාල ද සිල්වා දැක්වූ විවේචනයක් මගේ රේඩියෝ නාට්‍යය කලාවම හැරවුම් ලක්ෂයක් ගත්තා. ඔහු මගේ පිටපතක් බලා දැක්වූයේ කෙටි කතා, ඉතිහාස කතා, උපමා කතා හෝ වෙනත් ආකාරයක හුදු කතා ප‍්‍රවෘත්ති දෙබස් ආකාරයෙන් රචනා කිරීම රේඩියෝ නාට්‍යය කලාවේ ආරම්භක ස්වරූපයක් බවයි. රේඩියෝ නාට්‍යය සතු අපරමිත බලය හා පරිකල්පන අවකාෂය ගැන සිතන්න, පරීක්ෂණ කරන්න ඔහු දුන් උපදෙසයි. රේඩියෝ නාට්‍යයක් රචනා කිරීමට සංකල්පයක් සිතේ හට ගන්නා සෑමවිටම සුගතපාල ද සිල්වාගේ වචන මගේ මනස තුළ ප‍්‍රතිවාදනය වෙනවා.
ඔබේ රේඩියෝ නාට්‍ය සඳහා ලැබුන ප‍්‍රතිචාර ?
මේවන විට ”උගේ හිස ඉවරයි”- 2005, ”නිහොන්් සැප ලැබේවා” 2012 ,”ෆන්සලක්” යන රේඩියෝ නාට්‍යය පිටපත් අඩංගු කෘති තුනක් රචනා කර තිබෙනවා. ඉන් දෙකක් මුද්‍රණයවී තියෙනවා. රේඩියෝ නාට්‍යය 33 ක් මෙහි අන්තර්ගතව පවතිනවා. මෙම සෑම රචනයක්ම සම්ප‍්‍රධායික රේඩියෝ නාට්‍යය ආකෘතියෙන් බැහැරව නිර්මාණය කිරීමට උත්සාහයක් ගෙන තිබෙනවා. එහිදී විෂම ජාතින් මෙන්ම සමජාතින් අතර අන්‍යයතාව, සංස්කෘතිය, ස්ත‍්‍රීපුරුෂ සමාජභාවය, පරිභෝජනය, දිවි පැවැත්ම, ආකල්ප, අන්තර් සබඳතා, අපේක්ෂා සම්බන්ධ තේමා අඩංගුව පවතිනවා. රේඩියෝ නාට්‍යය කෙටි කතා මෙන් කියවා රස විදිමේ සාහිත්‍යයක් හා සංස්කෘතියක් ලොව පවතිනවා. මවිසින් පළ කරන ලද කෘති සඳහා විශාල ශාවක හා පාඨක ප‍්‍රතිචාර ප‍්‍රමාණයක් ලැබුනා. අන්තර්ජාලයේ බූන්දි වෙබ් අඩවිය තුල ෆේස්බුක්වල පවා මවිසින් රේඩියෝ නාට්‍යය රචනා කල අත්දැකීම්වලින් තහවුරු වූයේ ඒවාට වීශාල පාඨක උනන්දුවක් ඇති බවයි. මෙහි තවත් පියවරක් ලෙස ඉහත කෘති 3හි නාට්‍යය 12 ක් නිෂ්පාදන ලෙස ඕඩියෝ සීඞී වශයෙන් ලබාදීමයි. මෙම ”කණට පාරක්”සීඞී තැටි යුග්මය තුල සිංහල බසින් නාට්‍යය 12 ක් හා දෙමළ බසින් නාට්‍යය 02 ක් ලෙස නාට්‍යය 14 ක් අඩංගු වෙනවා. තරුවන් සරණයි, නිහොන් සැප ලැබේවා, ආලයක දමනය, නිරාභිෂේකන, නිර්වස්ත‍්‍රං පරමං සුඛං, ෆන්සලක්, රෝම රූපණ, සුවදෙන අග්නි, රඟදෙන කපුවො, එකතැන කැරකුම, නව නළු දහම, භෂ්මාන්තර ආදී නම් වලින් මෙම නාට්‍යය රචනාවී තිබෙනවා.
‘කණට පාරක්’ සමාජගත කරන්නෙ කොහොමද?
මගේ රේඩියෝ නාට්‍යය කලාවට අනෙක් ප‍්‍රබලම බලපෑම කල තිලක් ජයරත්න සෑම විටම විශ්වාස කළේ ප‍්‍රධාන ධාරාව නොව විකල්පයයි. ඔහු ගුවන් විදුලියේ අධ්‍යාපන සේවය ප‍්‍රතිව්‍යහුහගත කිරිමට දැරූ වෙහෙස සදා කාලිකවම සිහිපත් කල යුතුයි. ඔහු බොහෝ විට පැවසූ කරුණ වූයේ රේඩියෝ නාට්‍යය කලාවතුළ සමකාලීන මිනිස් සමාජයේ මිනිස් හැසිරීම, මනෝ භාවයන් ඉතා සියුම්ව විවරණය කිරීම සඳහා භාවිතා කළ හැකි බවයි. බීබීසීයේ විකාශය වන නව නාට්‍යය සංකල්පය නිරන්තරයෙන් උදාහරණ ලෙස දැක්වුවා. ඔහුගේ විකල්ප වැඩ කිරීමේ චින්තනයෙන් යම් පෙළඹවීමක් ලබා ගනිමින් මෙම රේඩියෝ නාට්‍යය 14 විකල්පව සමාජගත කිරිම මගේ අරමුණයි. එහිදී දුර ගමන්සේවා බස් රථ 300ක වසරක් පුරා රේඩියෝ නාට්‍යය වාදනය කරනවා. සෑම රේඩියෝ නාට්‍යයක් අවසානයේදිම අප ප‍්‍රශ්නයක් අඩංගු කර තිබෙනවා. එනම් නාට්‍යය සම්බන්ධව අදහස් එස් එම් එස් කරන ලෙසයි. අප වෙත එවන සෑම ටෙක්ස්ට් එකකටම තවත් රේඩියෝ නාට්‍යය කට්ටලයක් තැපැල් කිරීම හෝ ලබාදීම සිදු කරනවා. එමෙන්ම අන්තර්ජාලයේ රේඩියෝප්ලේ එල්කේ වෙබ් සයිට් එකක් ආරම්භ කරන අතර එහිදී රේඩියෝ නාට්‍යය සජීවීව ඇසීමටත්, ඒවා ඩවුන්ලෝඞ් කිරීමටත්, ප‍්‍රතිචාර දැක්වීමටත් අවකාශ ලබා දෙනවා. එමෙන්ම ෆේස්බුක්, ට්විටර් ආදිය මගින් අන්තර්ජාලය පුරා මෙම නාට්‍යය සංසරනය කරවනවා. එමෙන්ම ලංකාවේ පළාත් කීපයක් තෝරාගනිමින් විවිධ සංස්කෘතික කන්ඩායම්වලට රේඩියෝ නාට්‍යය ශ‍්‍රවනය කරමින් රසාස්වාද අවකාශ ගොඩනගනවා. තවද විවිධ කර්මාන්ත ශාලා, කාර්යාල, වැඩබිම් වෙත රේඩියෝ නාට්‍යය අසා රසවිදීමේ මාදිලියක් ලෙස ලබා දෙනවා. විශ්වවිද්‍යාල වැනි උසස් අධ්‍යාපන ආයතන සඳහා අතිරේක අධ්‍යාපන මාදිලියක් ලෙස රේඩියෝ නාට්‍යය පරිත්‍යාග කිරීම සිදුකරනවා. මේ අතර පරිගණක අලූත්වැඩියා කරන ආයතනවලට මෙන්ම ජංගම දුරකථනවලට නොමිලයේ සංසරණය කීරීම සිදුකරනවා.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාලකගෙන් ‘කණට පාරක්‘
ශාන්ත Wednesday, 05 October 2016 03:19 PM
මේවා අන්තර්ජාලයෙන් ලබාගත හැකි ක්‍රමයක් තිබේද? (නි)
අසෝකා Tuesday, 11 October 2016 08:40 AM
ඔබට ජය! (බ)