IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


හවායි දූපතට බුදු ලකුණක්

හවායි දූපත අමෙරිකාවට අයත් බෙහෙවින්ම සංචාරකයන්ගේ සිත් වශී කළ අතිශයින් ම දර්ශනීය එයටම ආවේනික වූ සමාජ සංස්කෘතික ආගමික පරිසර හා භූගෝලීය සුවිශේෂී සංකීරණතා සමූහයකින් පරිපූර්ණ වූ ආශ්චර්යමත් දූපතකි. ඝර්ම කලාපීය දේශගුණ ලක්ෂණ වලින් සමන්විත, කෘෂිකාර්මික ආර්ථිකයකින් බෙහෙවින් පෝෂණය වූ, ශ්‍රී ලංකාවේ මෙන් සියළු ඝර්මකලාපීය භව භෝග සරුසාරව වැඩෙන ස්වයංපෝෂිත වූ වෙනම රටක් ලෙසටද ගිණිය හැකිය. මෙහි කොස්, දෙල්, පොල් මෙන්ම අඹ, ගස්ලබු, මුරුංගා, ගොටුකොළ වැනි  අපට හුරු නොයෙකුත් පලතුරු, එළවලු සහ වෘක්ෂ ලතාවෝ ද සරුසාරව වැඩේ.

මෙම දිවයින හා ශ්‍රී ලංකාව අතර ඉතිහාසගත සම්බන්ධයක් ද තිබේ. චිකාගෝ ලෝක ආගම් සමුළුවට සහභාගීවූ  අනගාරික ධර්මපාල තුමාට හමුවූ ඊ. එම්. ෆොස්ටර් මැතිනියගේ නිවස පිහිටි ඉඩම අද රජයට අයත් සුන්දර උද්‍යානයකි.මෙම උද්‍යානයෙහි ෆොස්ටර් මතිනියගේ ආරාධනයෙන් අනගාරික ධර්මපාල තුමන් විසින් රෝපණය කරන ලද ශ්‍රී මහා බෝධි ශාඛාව උද්‍යානයෙහි සුන්දරත්වය බෙහෙවින් ශෝභාමත් කරණ ලද දැවන්ත බෝධී රාජයාණන් ලෙස ජීවමානව වැඩ සිටින අයුරු විශ්මය ජනකය.

ශ්‍රි ලංකාවේ ප්‍රකට උගතුන් රාශියක් සිය ආචාරය උපාධි අධ්‍යනයෙහි නිරතවූ හා උගැන්වීම් කළ හා අමෙරිකන් ජනාධිපති බැරක් ඔබාමා නීතිය හැදැරූ කීර්තිමත් හවායි විශ්ව විද්‍යාලය මෙහි පිහිටා තිබීම ද වැදගත්ය.

හවායි අගනුවර වන  හොනොලුලු නගරයට ආසන්න යාහුහු නම් සුන්දර ගම්මානයෙහි අක්කර 22 ක පමණ කඳුවලින් වටවූ සරුසාර බිමක මැයි 28 වනදා මෙම විපස්සනා භාවනා අරම ආරම්භ කෙරිණ.එම ප්‍රදේශයට සමීපව ඇති පූජනීය දියඇල්ල ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය නමින් මෙය නම් කරණු ලැබිණ. 

මෙහි ආධිපත්‍ය දරණු ලබන්නේ විසිවැනි සියවසේ සුප්‍රකටම භාවනා ආචාර්යවරයාණන් වූ අචාන් චා මහිමියන් වහන්සේගේ හා ලන්ඩන් බෞද්ධ විහාරාධිපතිව වැඩ විසූ මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නාහිමියන්ගේ ද ශිෂ්‍යවරයෙකුවූ ලාඕස් ජාතික විශුද්ධිඥාන මාහිමියන්ය. උන්වහන්සේගේ ආරාධනයෙන් හා ජිනීවා බෞද්ධ විහාරයේ ආචාර්ය තවලම ධම්මික නාහිමියන්ගේ සංවිධානයෙන් යුතුව මෙම විවෘත කිරීමේ උළෙල සඳහා ලොස් ඇන්ජලිස් බෞද්ධවිහාරාධිපති වල්පොල පියනන්ද නාහිමි, ඇමෙරිකාවේ සැක්‍රමෙන්ටෝ බෞද්ධ විහාරාධිපති හා බෙර්ක්ලි බෞද්ධ විශ්ව විද්‍යාලයේ  ආචාර්ය මඩවල සීලවිමල මාහිමි  ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැලවත්ත ශ්‍රී සුදර්ශනාරාමාධිපති රාජකීය පණ්ඩිත මාවනානේ සොමින්ද මාහිමි, ගාල්ලේ හබරකඩ ශ්‍රී විජයානන්ද පරිවෙණාධිපති කධිහිංගල අරියවංස හිමියන් ද සහභාගීවූ අතර හවායි ශ්‍රී ලංකා සංවිධානයේ අනුශාසක හිඟුරක්ගොඩ විභාවි හිමියන් ද ලාඕස්, තායි, බුරුම කාම්බෝජ හා ප්‍රංශ ජාතික මහා සංඝරත්නය ද විවිධ ජාතික භික්ෂුණී වහන්සේලාද වැඩම කර සිටියහ.

හවායි දූපතේ ගොත්‍රික රජකෙනෙකුද මෙම උත්සවයට සහභාගීවීම විශේෂයෙන් කැපී පෙණුන අතර ශ්‍රී ලාංකාවේ සම්මානනීය කවුන්සිල් වරිය වූ කුසුමා කුරේ මහත්මිය හා ශ්‍රී ලාංකික හින්දු පූජකයෙකුවූ සූරිය කුමාර මහතා ඇතුළු එහි වසන ශ්‍රී ලාංකිකයෝ සමූහයක් ද සහභාගීව සිටියහ. 

ශ්‍රී ලාංකික භික්ෂූන්වහන්සේලා විසින් මෙම ආයතනය විවෘත කිරීමට සම ගාමීව මහ පිරිත් දේශනයක් පැවත්වීම කාගේත් විශේෂ අවධානයට ලක්වූ අතර, මාවනානේ සොමින්ද හිමියන් විසින් වැඩම කරවණු ලබූ සුවිශෙෂී ධාතු කරඬුවක් බුදුමැදුරෙහි තැන්පත් කිරීම ද විශේෂ අවස්ථාවක් ලෙස පෙණින.

අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විනය පාලක අතලේ සුමන හිම්යෝ මෙම ආයතනයේ ප්‍රධාන නේවාසික හික්ෂූන්වහන්සේ ලෙස වැඩ සිටීම ද අපේ රටට මහත් ගෞරවයකි.

Hawai-Dharmapala-bodhi Hawai-group hawaii-1(1) hawaii-1 sanjoy sominda

 



අදහස් (0)

හවායි දූපතට බුදු ලකුණක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 405 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1386 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 440 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 537 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 509 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 392 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 453 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 275 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 430 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site