IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


ඊනියා විචාරකයන් යටපත් කළ පවුරු බැඳි රාජ්‍යය

 

‘රාජ කුමාරයෙක් නොවෙයි, මම ගමේ කොල්ලෙක්...!‘‘

ඉහත ප්‍රකාශය දකිත්ම සිනමාපටයක් සිහිගැන්වුණ ද, මෙය මුල් වරට පළ වන්නේ අද අපි ‘පුස්තක මස්තක‘යෙන් කතාකරන්නට බලාපොරොත්තු වන කෘතියෙහි ය. පොත නම් ‘ පවුරු බැඳි රාජ්‍යය‘ යි. ස්වතන්ත්‍ර නවකතාවකි. ලියා ඇත්තේ සදිසානිපුණ නිර්මාණකරුවෙක් වන භද්‍රජී මහින්ද ජයතිලක මහතාය. නවකතා, කෙටිකතා, පරිවර්තන, කවි, තිරරචනා, යොවුන් නවකතා, භයානක රසය දනවන නවකතා ආදී ශානර ගණනාවක කෘති ජයතිලකයන් පළ කර ඇත.

පවුරුබැඳි රාජ්‍යය චීන නවකතාවකි. මක්නිසාද යත් එහි පසුබිම සහ චරිත අයත්වන්නේ මකර දේශයට යි. එය ලොව මහ විස්මයන් අතරින් එකක් වන චීන මහා ප්‍රාකාරය බිහි වූ කාල පරිච්ඡේදය අළලා ඓතිහාසික චීනයේ දේශපාලන , සමාජ , ආර්ථික , සංස්කෘතික සංසිද්ධීන් උකහා ගනිමින් කළ නිර්මාණයකි. කතුවරයා ඉහත කී සමාජ ආර්ථික සංස්කෘතික හා දේශපාලන සංසිද්ධීන් ගෙනහැර දක්වා ඇත්තේ කතාකරුවාගේ පෙර ආත්මයක ජීවන අත්දැකීම් ලෙසිනි. එකී සංසාරික , ආත්මගත බැඳීම නැවත ආවර්ජනය වූයේ , ප්‍රතිනිර්මාණය වූයේ මෝහනය තුළිනි. විඥානගතව පැවැති පෙර භවයේ ජීවිත කතාව ප්‍රතිආවර්ජනයේදී ඔහු දේශීය චරිත කිහිපයක් සිය කතාවට එක්කරයි. රන්කොවුලි, පොඩිසඳා නොවන්නට නම් කියවන්නා වෙනම කල්පනා සයුරක ගිලී යනු ඇත.

චීන ඉතිහාසය රන් අකුරින් සනිටුහන් කිරීමට ප්‍රධාන වශයෙන් දායක වූවකුගේ අනුවේදනීය ඉරණම් කතාව මෙමගින් ඉදිරිපත් කරයි. නමුත් ඔහු වෙනත් චීන නිර්මාණයන් තුළින් මතුවන සටන්කාමී, හැඩි දැඩි චරිතයක් නොවී, බයාදු දාසයකුගෙන් ඇරඹී, නපුංසකයකුගෙන් කෙලවරවන, වාසනාව මත යැපෙන නෝංජල් පුද්ගලයකු බව පෙන්වීම කතුවරයා මෙම කෘතියේ සමබරතාවය රැකීමට ගත් උත්සාහයක් සේ හැඟේ.

චීන මහා ප්‍රාකාරය ගොඩ නැගීමට පෙර ක්‍රිස්තු පූර්ව 270 පසු කාලය තුළ චීනයේ ග්‍රාමීය ආර්ථිකය, සිරිත් විරිත් , මානව සම්බන්ධතා , සංස්කෘතික අංග , ආගමික විශ්වාසයන් , මානව නිදහස , දේශපාලන හා සිවිල් ක්‍රියාකාරකම් ඉතාමත් මැනවින් ඉදිරිපත් කිරීමට කතුවරයා විශාල හැදෑරීමක සහ පර්යේෂණයක යෙදී ඇති බව පෙනෙයි. විටෙක නොබෙල් සම්මානය දිනූ පර්ල් එස්. බක් ගේ ‘සරුබිම‘ නවකතා ත්‍රිත්වයටද සාම්‍යත්වයක් දරනු දැකිය හැකිය. ෂි යෑං නම් ප්‍රධාන චරිතය මුල් කර ගනිමින් මෙම කතාව ගොඩ නගා ඇත.

කතුවරයා ෂි යෑං ගේ දුක ,සතුට , කෝපය , ආදරය , ප්‍රේමය මුසු මනෝභාවයන් මනාව විවරණය කර ඇත. අනෙකුත් චරිතයන්ගේ මනෝභාවයන් ප්‍රකාශ කර ඇත්තේ, එකී චරිත ෂි යෑං දැක , ඔහු වටහාගත් අයුරිනි. එයට කතුවරයා බෞද්ධ දර්ශනය මුසු කරයි. චීනය කොන්ෆියුසියස් ආදී බෞද්ධ දර්ශනයන්ගේන් පොහොසත් රටකි.

මෙම කෘතිය සිංහල පාඨකයාට අඩුවෙන් ග්‍රහණය වූයේද, එසේත් නැතිනම් එවක සිටි ඊනියා විචාරකයන් වෙතින් හිතාමතාම අමතක කළේද යන්න ගැටලුවකි. මෑත කාලයේ පළවන නවකතා පරයා නැගෙන ප්‍රතිභාවක් මෙම කෘතියේ අන්තර්ගතය. මෙම කෘතිය සඳහා ඩී. ආර් විජේවර්ධන සම්මානය එකල හිමි වී ඇත. මෙම කෘතිය කියැවූ අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රී නාහිමියන් විසින් තමන් වහන්සේ කියැවූ හොඳ ම සිංහල නවකතාව මෙය බව ප්‍රකාශ කර ඇත. උන්වහන්සේ ලියූ පසුවදන මෙසේ ය.

‘‘භද්‍රජි මහින්ද ජයතිලක මහතා විසින් රැසැයුණු පවුරු බැඳි රාජ්‍යය කියැවීමි. මෙය අගනා කෘතියකි. චීනයේ බොහෝ පෙරැ රදළ බලය පැවැති කාලයේ ජීවිත තත්වය මෙය හෙළි කෙරෙයි. චීනයේ එක් කාල සීමාවෙක පැවැති ජන ජීවිතය කෙබඳු ද යන්න දක්වන මෙය එක් අතෙකින් කාල පරිච්ඡේදයෙක ඉතිහාසයෙකි. අනෙක් අතින් බිභත්ස, කරුණා, හාස්‍යාදි රසවලින් පිරුණු කාව්‍යයෙකි. මෙය සිංහල කතා සාහිත්‍යයේ උච්ච ස්ථානයක වැජැඹෙන ජීවිත චරිතයෙකි.‘‘



අදහස් (0)

ඊනියා විචාරකයන් යටපත් කළ පවුරු බැඳි රාජ්‍යය

ඔබේ අදහස් එවන්න

පුස්තක මස්තක

නිහාල් පීරිස්ගේ ’’ මහ රෑ ’’ ශානරීය නවකතාවක්
2024 සැප්තැම්බර් මස 17 125 0

අපේ රටේ නවකතාවේ ශානරීය විවිධත්වය අඩුයි. ඒ කියන්නෙ අපරාධ නවකතා, රහස් පරීක්ෂක නවකතා වැනි උපශානර හරි අඩුයි.


’’සංසාර ප්‍රේමි“ සුන්දර කවි පොතක්
2024 අගෝස්තු මස 27 51 0

“සංසාර ප්‍රේමි“ සුන්දර කවි පොත 2023 දෙසැම්බර් මස කර්තෘ ප්‍රකාශනයක් ලෙස නිකුත් වූ කවි 47කින් යුතු කැනඩාවේ එඩ්මන්ටන් හි පදිංචි තමාරා ජයතිලක මහත්මියගේ පුළු


නියඟය පවා දියවෙයි වැහි වලාකුළේ
2024 අගෝස්තු මස 20 25 0

ලක්ෂ්මි අබයසේකරගේ ’’නියඟය පවා දියවෙයි වැහි වලාකුළේ’’ කවි පොත කර්තෘ ප්‍රකාශනයක් ලෙස 2024 පෙබරවාරි මස නිකුත් වී ඇත.


හයිකු අනන්තය ජීවිතය එක හුයට ඇමිණු කවියක්
2024 අගෝස්තු මස 06 44 1

ශ්‍රී ලංකා හයිකු සංගමයේ සභාපති වන පාලිත සේනාරත්නයන් පුරා වසර කිහිපයක් මුළුල්ලේ තම ශාස්ත්‍රීය අධ්‍යයනය මණ්ඩප තුළින් වසර 6 ක කාලයක් අන්තර්ජාලය භාවිත කර


සිතිජය සිසාරා දුවන හයිකු කවි සිතැත්තී
2024 ජුලි මස 30 50 1

සිතිජය සිසාරා ගොස් දිවි ගෙවන සුභාෂිණී ජයතිලක කිවිඳිය ශ්‍රී ලංකා හයිකු කවි සංග්‍රහයක හිමිකාරියක වන අතර “සිතිජය සිසාරා“ ශ්‍රී ලංකා හයිකු කාව්‍ය සංග්‍ර


උතුරු කොරියානු සංස්කෘතියේ සොඳුරුතම ප්යොන්යන් රාත්‍රිය
2024 ජුලි මස 09 141 0

කිම් ජොන් උන් නමැති උතුරු කොරියානු නායකයා කෙට්ටු වී ඇතැයි එරට වැසියෝ සොව පළ කරන ප්‍රවෘත්තියක් මෑතකදී දුටුවෙමි. තරුණ වයසේ පසුවන උතුරු කොරියානු ඒකාධිපත


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 35 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 70 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site