දරුවන්ට පොත් ලියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි‘ කියල විදෙස් රටක ප්‍රවීණ ලේඛිකාවක් ප්‍රකාශ කරල තිබුණු බවක් කලකට පෙර අන්තර්ජාලයේ දුටුවා. දරුවන්ට සහ නව යොවුන් පරපුරට පොත පත කියැවීම හුරු කිරීම සහ ඔවුන්ගේ මනස සවිබලගැන්වීමට සුදුසු පොතපත සැකසිය යුත්තේ ඉතා පරෙස්සමෙන්. වෙනත් රටවල කතාන්තර වල සමේ වර්ණය අනුව භේද නොවීම, දෙමාපියන්ගේ විවාහක අවිවාහක බව, අනාථ හෝ සුජාත බව, ආගමික නොසන්සුන්තාව ඇතිකිරීම වැනි කාරණා ගැන දැඩි ලෙස අවධානයට ලක්කරනවා. නමුත් අපේ රටේ ඇතැම් පොත් කියවද්දි වචන තියෙන පලියට දමා තිබෙනවා මිස දරුවාගේ මනසට මෙය කොයි විදියට ගෝචර වනවා දැයි සිතා ඇතිද යන්න ගැන සැක මතුවෙනවා.
එහෙව් රටේ නව යොවුන් පරපුරට සාහිත්‍ය කෘති කිහිපයක්ම තිළිණ කළ පුද්ගලයෙක් තමා කුලසේන ෆොන්සේකා මහතා. එතුමන් මිය යන විට යොවුන් නවකථා හයක් ජාතියට දායාද කර තිබුණු අතර, එයින් කිහිපයකටම රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිව තිබුණා. අද අපි කතාකරන්නේ එම කෘති අතරින් ‘තුන් ඈඳුතු නවකථා‘ ලෙස සැලකිය හැකි ‘සෝමපුර වීරයෝ‘, ‘කල්ලන්දූවේ මුතුකොල්ලය‘ සහ ‘තුන් යහළු වික්‍රමය‘ යන කෘති ත්‍රිත්ත්වය ගැන.
පාසල් විෂය නිර්දේශය තුළ ඉතිහාසය විෂය ඉවත් කිරීමට එවක පාලකයන් ගත් අමනෝඥ තීරණය නිසා ඉදිරියේ සිදුවන්නට නියමිත විනාශය වළක්වනු පිණිස කුලසේන ෆොන්සේකා මහතා මෙම පොත් පෙළ ලියූ බව සඳහන්. සත්තකින්ම දරුවන්ට ඉතිහාසය, කලාව, සාහිත්‍යය වැනි විෂයයන් ඇසුරු කිරීමට කුඩා කල සිට පුරුදු පුහුණු කළ යුතුය. එසේ නොවන්නට රොබෝවරයෙක් වැනි දරුවෙක් නිර්මාණය වනු ඇති බවට අනාවැකි පළවුවත්, එය කල් නොයා අපට දැකගත හැකි වීම අභාග්‍යයකි. වර්තමාන දරුපරපුර අසන-කියවන-නරඹන දේ හරහා පරිපූර්ණ පෞරුෂයකින් යුත් විචක්ෂණශීලී දරුවෙක් නිර්මාණය නොවෙන අතර සුදුසුකම් සහ සහතික පත්‍ර සමුදායක් හිමිකරගත් අමුතු ජීවියෙක් බිහිවී තිබෙනු දෙමාපියන්ගේ සහ පාසල් ගුරුභවතුන්ගේ මැසිවිලි තුළින් අපට පෙනෙයි.
සුනිල්, රුවන් සහ අජිත් යන තරුණ චරිත පාදක කරගනිමින් රචිත මේ කතාන්තර තුළ සොබාදහම, ගවේශනය, වීරත්වය සහ ඉතිහාසය වැනි කාරණාත් ප්‍රවාද, පුරාණොක්ති ගැනත් දරුවන්ට හැඟීමක් ඇති කරවයි. තුන් කුළුඳුල් දරුවෙකු නිධානයක් ලබාගැනීමට බිල්ලට දීමට යද්දී බේරා ගැනීම තුන් යහළු වික්‍රමය හරහාත්, සෝමාවතිය නරඹන්නට යන ගමනේදී අතුරුදන් වූ ගුරුවරයෙකුගේ තොරතුරු සොයා වන වැදීමත් ඉන්පසුව නිධන් හොරු රැසක් අනාවරණ කරගැනීමත්, පුත්තලමේ සිට ලන්දේසි බොක්ක හරහා යාත්‍රා කළ ගිළුණු බ්‍රිතාන්‍ය නැවක තිබෙන කුමරියකගේ මුතු මාලයත් මේ කතා වලට පාදක වෙයි. අවසානය දක්වාම කුතුහලය පිරි, රසය නොඅඩුව ලබා දෙමින් නිවැරදි සිංහල බසින් යුතුව පාඨකයා වෙත මෙම කෘති ඉදිරිපත් කරයි.
පසුකාලීනව ඇතැම් විචාරකයන් පවසන්නේ කුලසේන ෆොන්සේකාගේ කෘති ඉනිඩ් බ්ලයිටන්ගේ හෝ ෆ්‍රෑන්ක්ලින් ඩික්සන් වැනි ලේඛක භවතුන්ගේ කෘති ඇසුරින් නිර්මිත ඒවා බවයි. බ්‍රිතාන්‍යය සහ අමෙරිකාව නවයොවුන් දරුවන්ගේ හෝමෝන වර්ධනය සමග ඇතිවන ආකල්ප සහ සිතිවිලි තේරුම් ගනිමින් එරට දරුවන්ගේ මනසට සහ මසැසට කෘති නිර්මාණ කළත් මෙරට එය සිදුවන්නේ අඩු වශයෙනි. ඩබ්.ඒ සිල්වා මහතා, මාර්ටින් වික්‍රමසිංහ මහතා වැනි මහා ලේඛකයන් පවා තම කෘති වලට බටහිර ආභාසය ලැබූ බව නොරහසකි. එසේ හෙයින් මෙවැනි කෘති අපේ දරුවන් අතරට යා යුතුය. විභාග අරමුණු කරගත් සමාජයක බුද්ධිමත් සිසුපරපුරක් බිහිකිරීමට එවක අපේ ලේඛක-ලේඛිකාවන් ගත් උත්සාහයට මල් මිටක් පිදිය යුතුය.
“මටත් හිතෙන්නේ මේක පැරකුම් ප්‍රතිමාව නෙවෙයි, ඍෂිවරයෙක්ගේ ප්‍රතිමාවක් කියලා.‘‘
අජිත්, රුවන් සමඟ වාදයකට මුල පිරුවේය.
‘‘තමුසෙ පරණවිතාන මහත්තයටත් වැඩිය පණ්ඩිතයෙක් වෙන්න හදනවා.‘‘
රුවන්, අජිත් දෙස බැලුවේ අමනාපයෙන් මෙනි.
‘‘සාධක ඇතුව මිසක්, කවුරුවත් කිව්ව පලියට මම නම් විශ්වාස කරන්නෑ‘‘
‘‘ඇයි දෙයියනේ, ඔය ඇස්දෙකට පේන්නේ පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ මූණනෙ. ඔය දෑතෙ තියෙන්නෙ කව් සිළුමිණ. හිසේ තියෙන්නේ...........‘‘
‘‘බොරු එපා ඕයි. කව්සිළුමිණ ලිව්වේ දෙවන පැරකුම්....!‘‘
(සෝමපුර වීරයෝ - පිටු අංක 8)
අපේ රටේ නවකතාවේ ශානරීය විවිධත්වය අඩුයි. ඒ කියන්නෙ අපරාධ නවකතා, රහස් පරීක්ෂක නවකතා වැනි උපශානර හරි අඩුයි.
“සංසාර ප්‍රේමි“ සුන්දර කවි පොත 2023 දෙසැම්බර් මස කර්තෘ ප්‍රකාශනයක් ලෙස නිකුත් වූ කවි 47කින් යුතු කැනඩාවේ එඩ්මන්ටන් හි පදිංචි තමාරා ජයතිලක මහත්මියගේ පුළු
ලක්ෂ්මි අබයසේකරගේ ’’නියඟය පවා දියවෙයි වැහි වලාකුළේ’’ කවි පොත කර්තෘ ප්‍රකාශනයක් ලෙස 2024 පෙබරවාරි මස නිකුත් වී ඇත.
ශ්රී ලංකා හයිකු සංගමයේ සභාපති වන පාලිත සේනාරත්නයන් පුරා වසර කිහිපයක් මුළුල්ලේ තම ශාස්ත්‍රීය අධ්‍යයනය මණ්ඩප තුළින් වසර 6 ක කාලයක් අන්තර්ජාලය භාවිත කර
සිතිජය සිසාරා ගොස් දිවි ගෙවන සුභාෂිණී ජයතිලක කිවිඳිය ශ්‍රී ලංකා හයිකු කවි සංග්‍රහයක හිමිකාරියක වන අතර “සිතිජය සිසාරා“ ශ්‍රී ලංකා හයිකු කාව්‍ය සංග්‍ර
කිම් ජොන් උන් නමැති උතුරු කොරියානු නායකයා කෙට්ටු වී ඇතැයි එරට වැසියෝ සොව පළ කරන ප්‍රවෘත්තියක් මෑතකදී දුටුවෙමි. තරුණ වයසේ පසුවන උතුරු කොරියානු ඒකාධිපත
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
කුලසේන ෆොන්සේකාගේ යොවුන් නවකතා වික්‍රමය