සිංහල කවියට විශාල ඉල්ලුමක් දැන් නැත. එය රටක සාහිත්‍යය ගැන සැලකිමේදි දැඩි අවාසනාවන්ත තත්වයකි. මන්ද කිවහොත් නිර්මාණකරණයේ හා පරිකල්පනයේ තිඹිරිගෙය වන්නේ එය නිසාය. නව පරපුරේ කාව්‍යකරණයේ යෙදෙන කවි කිවිඳියන්ට අසීමාන්තික අභියෝගවලට මුහුණ දෙන්නට සිදුවී ඇත්තේ එබැවිණි. මන්ද යත් කාව්‍යකරණයට පෙර, ඒ කවි නිර්මාණය කරනවාට වඩා ඒවා රෝපණය කරන්නට අවැසි වටපිටාව සකසා ගන්නට ඔවුන්ට සිදුව තිබේ. මේ අභියෝග ජය ගනිමින් පාඨකයාගේ හදවතටත්, මොළයටත් කතා කළ හැකි කවි නිර්මාණය කරන නිර්මාණයකරුවන්ට අපේ ප්‍රසංශාව හිමි විය යුතුය.
මේ සටහන ඒ අතරේ සිටින මෑතකදී මාගේ අවධානයට ලක් වූ කුමාරි දිසානායකගේ කවි ගැන ය.
කුමාරිගේ කවිවල මා දුටු සුවිශේෂතම ලක්‍ෂණයක් වන්නේ ඇය වචන භාවිතයේදි දක්වන එඩිතර බවයි. ඒ නිසාම ඒවා “පිරිමි කවි” ලෙස හැඳින්විම වරදක් නොවෙනු ඇතැයි මම විස්වාස කරමි. ඒ සාමාන්‍යයෙන් කිවිඳියකගේ ගැහැනු සිතක ගෙත්තම් කෙරෙන ලාලිත්‍යයට, මටසිලිටි බවට හා සුන්දරත්වයට සිමා වූ වචන භාවිතයකින් තොරව ඇය නිදහස් ආරක් භාවිත කරන්නීය. එසේම ඇය තමාගේ නිර්මාණ මාතෘකාවක් තුළ රාමු නොකිරීම ද සුවිශේෂ ලක්‍ෂණයකි.
“කවුරුන්
කෙසේ කීවත්
අනුලාත් රැජිණක් ” ( “උඹත් මල් වෙඩිල්ලක්” කාව්‍ය සංග්‍රහය ) වැනි කවි නිර්මාණයේදි ඇය වචන යෙදිම, පේළි බිඳිම ආදි කරුණුවලට අමතරව අකුරුවල ප්‍රමාණාත්මක භාවය ගැනද සැලකිලිමත් වී තිබේ. තමාගේ සිතෙහි උපදින කාව්‍යමය වස්තු බීජය පාඨක මනසේ රෝපණය කරන්නට ඇය ගන්නා අපරිමිත වෙහෙස හා උනන්දුව මෙයින් මනාව පැහැදිලි වෙයි.
ඒ ලක්‍ෂණය ඇය වඩාත් ප්‍රගුණ කරමින් සිය “ඔළු නැති කවි” නිර්මාණ සංග්‍රහයට ගෙනෙන්නේ පද හා පේලි අතර අවකාශය තබා පාඨක මනසට හුස්ම ගැනිමේ පුළුල් අවකාශයක් ද සලසමිණි.
තනිකඩ
උඹෙයි
පවුල් කන
මගෙයි
මහ වෙනසක් නෑ.
උඹට
‘ගෑනියෙක්’ නෑ
මට
‘මිනිහෙක්’ නෑ.
(උපුටා ගැනිම “ඔලු නැති කවි” කාව්‍ය සංග්‍රහයෙන්)
තමාගේ සිතට කාව්‍යමය අප්‍රමාණික සිතුවිල්ල ඉතාම කෙටි වචන කිහිපයකින්
අමු අමුවේ ප්‍රකාශ කිරිමේ අද්විතීය ගුණය කුමාරි දිසානායකගේ කාව්‍ය නිර්මාණවලින් ඉතා පැහැදිලිව දැකිය හැකිය. එසේම ඇය තම නිර්මාණ පාඨකයා වෙත ගෙන යාමට අනුභූත කරගන්නා කරුණු ආදියේද ඇත්තේ දැවැන්ත පරාසයකි. සුවිසල් ගමනක අරුණැල්ල කුමාරි දිසානායක කිවිඳියගේ නිර්මාණ තුළින් දැකිය හැකි බව මා විස්වාස කරන්නේ ඒ නිසාය.
අරාජිකත්වය යනු කුමක්දැයි පොත්පත්වලින් සංකල්පීයව දැනගෙන සිටියද මීට වසර දෙක තුනකට පෙර සිට මේ දූපතේ ජීවත්වන මිනිසුන්ට එය භෞතිකව අත්විඳීමට ‘වාසනාව’ උදා
චිත්‍ර කලාව පිළිබඳ නිදර්ශන සහිත විචාර ග්‍රන්ථයක් ලෙස දීප්ති කුමාර ගුණරත්න ලියා ඇති ‘සුන්දරත්වයට පසු කලාව’ මඟින් මෙරට චිත්‍ර කලා කතිකාව යාවත්කාලීන කර
“සියලූ ධර්මයන් ඇත්ත වශයෙන්ම පවතින්නේ නැති නිසා, කෙලෙස් හෝ ශුද්ධිය කියා හෝ දෙයක් ඇත්තේ නැත” – (ලංකාවතාර සූත‍්‍රය)
මාලන් බණ්ඩාර කවියා ගේ ’’නටු’’ නමැති සංක්ෂිප්ත කාව්‍යාවලිය කියැවීමෙන් අනතුරු ව ඉතා ලුහුඬින් අදහස් ස්වල්පයක් ලියා දැක්වීම සඳහා නිසග පෙලැඹුමක් ඇති විය.
’මන්දාකිණියක කීපදෙනෙක්’ කසුන් සමරතුංගගේ පළමු නවකතාව මෙන්ම ඔහුගේ හත්වැනි සාහිත්‍යය කෘතිය ලෙස 2024 වසරේ දී ජනගත විය. එය තත්කාලීන සමාජයේ එක්තරා පැතිකඩක පු
සිංහල කවියට විශාල ඉල්ලුමක් දැන් නැත. එය රටක සාහිත්‍යය ගැන සැලකිමේදි දැඩි අවාසනාවන්ත තත්වයකි. මන්ද කිවහොත් නිර්මාණකරණයේ හා පරිකල්පනයේ තිඹිරිගෙය වන්නේ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගැහැනු සිතක පිරිමි කව