"රංගකලාව (theatre) යන්නෙහි අඩංගු වන්නේ මිනිසුන් අතර සිදු වන්නා වූ වාර්තාගත හෝ ප්‍රබන්ධිත ව පවතින්නා වූ සිදුවීම්වල නිරූපණ, විනෝද සම්පාදනයේ අරමුණින් නිර්මාණය කිරීමකි. පැරැණි වූ ද, නවීන වූ ද කලාව පිළිබඳව අප කතා කරන විට අප අදහස් කරන්නේ එය යි."
බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් -- ( Short Organum for the Theatre )
බ්‍රෙෂ්ට් කිව්ව ඉහළ කොටස අප වෙනුවෙන් පරිවර්තනය කරන්නේ ආනන්ද අමරසිරි මහත්තයා. ඒ Bertolt Brecht ගේ The Messingkauf Dialogues පොත පාඨක, ප්‍රේක්ෂක අප වෙත ගෙන රැගෙන ඒමේදි. 1898 පෙබරවාරි 10 වැනි දා අවුර්ස්බුග්හි දී උපත ලබන බ්‍රෙෂ්ට් මිය යන්නේ 1956 අගෝස්තු 14 වැනි දා බර්ලිනයේ දී. අවුරුදු 58 ක් වුණු ඔහුගේ ජීවිත කාලය තුළ ඔහු නාට්‍යකරණය වෙනුවෙන් දුන් පරිශීලන සහ පර්යේෂණාත්මක දායකත්වය මේ විෂයය හදාරන්නන්ට අමතරව මේ පිළිබඳව උනන්දුවක් දක්වන ප්‍රේක්ෂක ගොන්නේ දැනුමට ද ඇතුළත්.
බ්‍රෙෂ්ට් ගේ නම ඇහෙනකොටම කෙනෙකුගේ මතකය අවදිකරන්නේ ඔහු හඳුන්වා දුන් දුරස්ථකරණ හෙවත් පරාරෝපණ රංග ක්‍රමය. හෙන්රි ජයසේනයන් පරිවර්තනය කොට අධ්‍යක්ෂණය කළ " හුණුවටයේ කථාව " මෙහිදී පරාරෝපණ රංග ක්‍රමය අප රටේ දී මුඛ්‍ය ලෙස භාවිතයට ගත් අවස්ථාවක් විදිහට සැලකෙනවා. මෙයට අමතරව සුගතපාල ද සිල්වා, පරාක්‍රම නිරිඇල්ල, විජිත ගුණරත්න වැනි ප්‍රවීණයන් ප්‍රමුඛ තවත් බොහෝ නිෂ්පාදකයින් මේ ක්‍රම වේදය පරිහරණය කළා.
"මෙසිංකවුෆ් සංවාද" බ්‍රෙෂ්ට් ලිව්වේ එකිනෙකට වෙනස් වූ පිටපත් සතරක් විදියට. මේ "මෙසිංකවුෆ් සංකථන" සඳහා ඔහු චරිත පහක් සම්බන්ධ කර ගන්නවා. ඒ දර්ශනවාදියා, නළුවා, නිළිය, නාට්‍යවේදියා සහ විදුලි කාර්මිකයා ලෙසින්.
මේ නාට්‍යයේ සාමාන්‍ය අදහස පිළිබඳව ඔහු මෙහෙම දෙයක් කියනවා.
" දර්ශනවාදියා 'ආර්' වර්ගයට ( රවුන්ඩ්එබවුට් යන්න සඳහා ) වඩා 'පී' වර්ගය ( ප්ලැනටෙරියම් ) යන්න සඳහා පිළිගත යුතු බව තරයේ කියා සිටියි: රංගකලාවක් සහමුලින් ම උපදේශාත්මක අරමුණු සඳහා වන අතර, එය ජනයා ගේ සංචලනයන් ( මනෝවිද්‍යාත්මක සංචලනයන් ද ඇතුළත් ය.) හැඩ ගස්වයි. එබැවින් ඒවා අධ්‍යනය කළ හැකි වන්නේ, සමාජයට මැදිහත් විය හැකි වන ආකාරයට සමාජ සම්බන්ධතාවන්හි ක්‍රියාකාරිත්වය පෙන්වා දෙමිනි. ඔහු ගේ ප්‍රාර්ථනා, රංගකලාව තුළ දී තීරණය කරනු ලබයි. රංග කලාව ඒවා ක්‍රියාත්මක කරවයි. රංගකලාව පිළිබඳ විචාරය නව රංගකලාවක් කරා යොමු වෙයි. අභ්‍යාසයන් හා අත්හදා බැලීම් ද සහිතව සමස්තය ම අධ්‍යයනය පිණිස විවෘත වෙයි. ඒ මධ්‍යයෙහි ඇත්තේ පරාරෝපණ රංගක්‍රමය යි. "
නමුත් මේ අධ්‍යයනයේ දිග පළල හරියටම දැනගන්න නම් ඔබ මේ " රංගකලා සංකථනය " පොත කියවන්න ඕනෙ කියලා මම විශ්වාස කරනවා. ඔබ මේ විෂයයේ විද්‍යාර්ථියෙක් නම් ඔබේ දැනුම් පෝෂණයටත්, ඔබ රංගකලා ආචාර්යවරයෙක් නම් සිසු පරම්පරාවට දැනුම බෙදා දෙන්නට අවැසි උපකාරක මෙවලමක් විධියටත්, ඔබ වේදිකා පරිශීලකයෙක් නම් ඔබේ නිෂ්පාදන කණ්ඩායමට සැපයෙන අනුපානයක් විදියටත් මේ පරිවර්තනය ඔබට අත්උදව් සපයාවි. ඔබත් මෙය කියෙව්වොත් ඔබටත් බ්‍රෙෂ්ට් ගේ හැඳුනුම්පත දැක ගත හැකිවේවි. මෙය මරදානේ සූරිය ප්‍රකාශන සමාගමේ ප්‍රකාශනයක් විදියටයි මුද්‍රණය වෙලා තියෙන්නෙ.
මෙහිදී සඳහන් කළ යුතු වැදගත්ම කාරණය තමයි මේකෙ පරිවර්තන කටයුත්තේ සුවිශේෂත්වය. මට නම් එක දිගට මෙය කියවාගෙන යන්න පරිවර්තක විසින් සිදු කොට දුන් readable ක්‍රමවේදය විශිෂ්ට බව නොකියාම බැරිය. පොතේ අන්තර්ගතය පාඨකයා වෙත ධාරණය කරවීම ඔහු වින්දනාත්මක ක්‍රමවේදයක් ඔස්සේ සිදු කරන බව පැහැදිලියි. සාහිත්‍ය පරිවර්තන ක්ෂේත්‍රයේ බොහෝ ඇසූ පීරු තැන් ඇති ද්විභාෂා විශාරදයෙකු වන ආනන්ද අමරසිරි මහතා වෙතින්ම මෙය ඉටුවීම වැදගත් කටයුත්තක් ලෙස මා දකිනවා.
අානන්ද අමරසිරි ජීවිතයේ වැඩිකොටසක් වෙන්කළේ පරිවර්තන සාහිත්‍යය වෙනුවෙන්. මොහු ගේ පරිවර්තන අතරින් මම වැඩි කැමැත්තක් දක්වන්නේ, පියෝදෝර් දොස්තොයෙව්ස්කි ගේ "සමරූපියා", ලියෝ ටෝල්ස්ටෝයි ගේ "නවජීවනය", රබීන්ද්‍රනාත් තාගෝර් ගේ "බිමාලා", සුනිල් ගන්ගෝපාධ්‍යය ගේ "ප්‍රතිද්වන්දි" සහ ශරච්චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය ගේ " දේව්දාස්" කෘති වලට. විශ්ව සාහිත්‍යයේ ඉහත කී කතුවරුන්ට අමතරව නූට් හැම්සුන්, ඛලීල් ජිබ්රාන්, හර්මන් හෙස, ඇලෙක්සැන්ඩ්රා ටෝල්ස්ටෝයි, ඉවාන් තුර්ගනිෆ්, යසුනරි කවබතා, වෝල්ටෙයාර්, ඉවාන් ගොන්චරෝවූ, ඔනොරේ ඩි බල්සාක්, හරිවංශ රායි භච්චන්, විලියම් බැරට්, ඇන්ටන් චෙකොෆ් වැනි විශ්ව සාහිත්‍යධරයන්ගේ කෘති රාශියක් ඔහු වෙතින් සිංහලයට නැගී අවසන්. හොඳම පරිවර්තනයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානයත් කිහිප විටක්ම ආනන්ද මහතා විසින් දිනාගනු ලැබුවා.
විශ්ව සාහිත්‍යයේ ඕනෑම පොතක් හෝ ලේඛකයෙකු පිළිබඳව යම් දත්තයක් විමසූ විට ඒ පිළිබඳව පරතෙරටම දන්නෝ අප අතර කෙතරම් විරල ද, ආනන්ද ඒ අතර සිටියි. ඔහු වෙතින් පරිවර්තිතව නිකුත් වූ විලියම් ඊ. බැරට් රචනා කළ ( Lady of the Lotus ) "යශෝධරා , නෙළුම් මලේ කුමරිය" ඔබ තවමත් කියවූයේ නැත්නම් ඔබේ සාහිත්‍ය පෝෂණයේ පුංචි හෝ රික්තකයක් ඇති බව සිතට ගන්න. ඒ සිදුහත් - යශෝධරා පුරාවෘත්තය ඇසුරින් බැරට් විසින් නිර්මිත ප්‍රේම කතාවක්. එහි පරිවර්තනය අපට කෙතරම් සමීප ද? ආනන්ද අමරසිරි අතින් පරිවර්තනය වූ "මධුශාලා" කාව්‍ය ග්‍රන්ථයත් විශේෂිත වූවක්. එහි ලේඛක 'හරිවංශ රායි භච්චන්' ජවහාර් ලාල් නේරු යුගයේ භාරතයේ විසූ මහා කවියෙක් වගේම නේරු ගේ සමීප මිතුරෙක්. මහා භාරතය දිදුලවූ අමිතාබ් භච්චන් ඔහුගේ කණිටු පුත්‍රයා යි. මේ සියලු තොරතුරු අප ආනන්ද අමරසිරි මහතා ගෙන් දැනගන්නේ ඔහුගේ විශ්ව සාහිත්‍ය ගවේෂණය එතරම්ම විචක්ෂණශීලීව සිදුවන බැවින්.
නාවල 6 වන පටුමගේ සිට කොස්වත්ත හන්දියට නිතර සෙමෙන් ඇවිදගෙන යන දිගු සුදු රැවුලක් සහිත මේ මිනිසා ඔබට දැකගන්න පුළුවනි. ඒ මාවතේදී විටෙක ඔබට ටෝල්ස්ටෝයි මුණගැසේවි. තවත් විටෙක දොස්තොයෙව්ස්කි හමුවේවි. එක් එක් දිනවල විශ්ව සාහිත්‍යයේ මහා දැවැන්තයින් ඔබ ඉදිරියට පැමිණේවි. ඔවුන් හමුවීම අපි ජීවිතයේ ලබන ඇති මහත් භාග්‍යයක් නෙවෙයි ද? මට නම් අලුතින්ම මුණගැසුණේ විශ්ව සම්භාවනාවට පත් ජර්මන් ජාතික නාට්‍යකරු "බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්"
සිංහල කවියට විශාල ඉල්ලුමක් දැන් නැත. එය රටක සාහිත්‍යය ගැන සැලකිමේදි දැඩි අවාසනාවන්ත තත්වයකි. මන්ද කිවහොත් නිර්මාණකරණයේ හා පරිකල්පනයේ තිඹිරිගෙය වන්නේ
ශතකයක් පුරා ජර්මනිය තුළත්, ඉන් පිටතත් නාසිවාදීන් විසින් ගෙන යන ලද උන්මත්තක දේශපාලනය ගැන සලකා බලන විට සාහිත්‍ය කලාව ලද සිත් කා වදින ජයග්‍රහණයක් ලෙස ගුන
’’රංගකලාව (theatre) යන්නෙහි අඩංගු වන්නේ මිනිසුන් අතර සිදු වන්නා වූ වාර්තාගත හෝ ප්‍රබන්ධිත ව පවතින්නා වූ සිදුවීම්වල නිරූපණ, විනෝද සම්පාදනයේ අරමුණින් නිර්ම
මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. නෝන්ඩි කරන්නෙ නැතුව වටිනා පිළිතුරක් දෙයි කියල බලාපොරොත්තු වෙනවා.
අපේ රටේ නවකතාවේ ශානරීය විවිධත්වය අඩුයි. ඒ කියන්නෙ අපරාධ නවකතා, රහස් පරීක්ෂක නවකතා වැනි උපශානර හරි අඩුයි.
“සංසාර ප්‍රේමි“ සුන්දර කවි පොත 2023 දෙසැම්බර් මස කර්තෘ ප්‍රකාශනයක් ලෙස නිකුත් වූ කවි 47කින් යුතු කැනඩාවේ එඩ්මන්ටන් හි පදිංචි තමාරා ජයතිලක මහත්මියගේ පුළු
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ රංග කලා සංකථනය
දොඩම්පෙගමගේ Wednesday, 04 December 2024 04:08 AM
පොත කියවීමට මෙන්ම ආනන්ද අමරසිරි මහතාණන් හඳුනා ගැනීමට ආශාවක් ඇති විය.