IMG-LOGO

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා


මන්දාකිණියක කීපදෙනෙක් වම්මුන්ට ගැසූ කනේ පහරක්

පුස්තක මස්තක

'මන්දාකිණියක කීපදෙනෙක්' කසුන් සමරතුංගගේ පළමු නවකතාව මෙන්ම ඔහුගේ හත්වැනි සාහිත්‍යය කෘතිය ලෙස 2024 වසරේ දී ජනගත විය. එය තත්කාලීන සමාජයේ එක්තරා පැතිකඩක පුළුල් පරාසයක් විවරණය කෙරෙන ආඛ්‍යානයක් ලෙස හඳුනා ගත හැකි ය. කසුන් සමරතුංගගේ මෙකී ප්‍රබන්ධය වඩාත් විශේෂ වන්නේ ඔහු නියෝජනය කෙරෙන සමාජය පිළිබඳ කෙරෙන නිර්භය විවේචන රාශියක් සහ නිරාවරණය කිරීම් රාශියක් මෙම කෘතිය ඔස්සේ සිදු වන බැවිනි.

කසුන් සමරතුංග ඔහුගේ පළමු නවකතාව තුළින්ම ආකෘතියෙන්, භාෂාවෙන් මෙන්ම චරිත නිරූපණය තුළින් ද සිංහල ස්වතන්ත්‍ර නවකතාව තුළ අත්හදා බැලීම් කිහිපයක් සිදු කර ඇති අයුරු හඳුනා ගත හැකි ය. කොටස් කිහිපයක් යටතේ සම්පිණ්ඩනය කර ඇති නවකතාව ලවින්දි උත්පලා ජයසේකර නම් තරුණියක් මූලික කරගෙන නිර්මාණය වී ඇත. 'පිවිසුම් කතාවේ' සිට 'අන්තිම කතාව' වන තෙක්ම කුතුහලය රඳවා ගැනීමටත් නිරන්තරයෙන් වෙනස් මානයන් වෙත පාඨකයා කැඳවාගෙන යාමටත් ඒ ඒ තැන්හි පාඨකයාව අතරමං කිරීමටත් කතුවරයා සමත්ව ඇත. ඒ මගින් ඔහුගේ සමාජ කියැවීම හමුවන අතර එකී කියැවීම සමඟ සමපාත වීමට හෝ නො වීමට ඉහත දැක්වූ  අතරමං වීම් වැදගත් වන අතර එය පඨකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යාමේ මග ලෙස හඳුනා ගත හැකි ය. ප්‍රඥාව ලෙස මෙහි විශේෂයෙන් හඳුනා ගත යුත්තේ අප ජීවත්වන, අප පරිශීලනය කරන සහ අප පරිශීලනයවන සමාජය මැනවින් හඳුනා ගැනීම ය.

සම්පූර්ණ කෘතිය රචනා වී ඇත්තේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙනි. එහෙයින් පාඨකයාට වඩාත් සමීප විඳීමකට ඉඩ ලැබී ඇත. එහෙත් පළමු කතාව අවසන් වීමත් සමඟ පාඨකයාට හැඟී යන්නේ පළමු කතාව ලෙස කියවා ඇත්තේ පාපෝච්චාරණයක් බඳු කතාවක් බවය. ඒ සමඟ කතුවරයා ආකෘතිමය වශයෙන් යම් වෙනස් අද්දැකීමක් පාඨකයාට ලබා දී ඇති බව අවබෝධ වේ. එය වඩාත් සනාථ  වන්නේ දෙවැනි කතාවේ දී පළමු කතාවේ කථකයා නොමැතිව වෙනත් කථකයෙක් හමුවන බැවිනි. එ තුළ ද උත්තම පුරුෂ දෘෂ්ටිය දැකිය හැකි වුවද කථකයන් වෙනස් වීම හේතුවෙන් පාඨකයාට අපූරු අත්දැකීමකට මුහුණ දීමට අවස්ථාව ලැබේ. ඒ අයුරින්ම එයද පළමු කතාව මෙන්ම අවසන් වේ. නැවතත් නැවතත් අපට හමුවන්නේ මෙකී වෙනස් අත්දැකීමය. එය නවකතාව අපූර්ව වීමට වඩාත් හේතු පාදක වී ඇත. තවද කතුවරයා විසින් විශ්ලේෂණය නො කරන ලද පාපෝච්චාරණ කිහිපයක් සහ ඒවා මැදහත්ව ගෙන හැර දක්වන ලද කතුවරයාගේ ප්‍රකාශය තුළින්ද සමන්විත වන නවකතාව කියවීමෙන් අනතුරුව නැවත නැවත කතාව මෙනෙහි කරමින් ලවින්දිගේ ඉරණම විසඳුණු අන්දමත් එය ට හේතු වූ කරුණු වෙන් කර ගනීමටත් කියවන්නාට අවස්ථාව ලැබේ. සාර්ථක නවකතාවක් තුළ තිබිය යුතු ගුණයක් ලෙස එය මෙම කෘතිය තුළ දැකිය හැකි ය.

කතුවරයාගේ භාෂාව හැසිරවීමේ ගුණය ද විශේෂයෙන් විමසා බැලිය යුතු ය. එක් එක් අවස්ථාවට උචිත අන්දමේ වාග්මාලාවක් සහ එය ඒ ඒ පුද්ගලයාට ගැළපෙන අන්දමෙන් හසුරුවා තිබීම සංයමයෙන් විඳින්නෙක්ට හඳුනාගත හැකි ය. 

 මාධ්‍යවේදියා කතකයා ලෙස හැසිරෙන විට භාවිත කරන බස කවියෙක් සහ ගුරුවරයෙක් කථකයා ලෙස හැසිරෙන අවස්ථාවේ යොදාගත් භාෂාවට වඩා වෙනස් ආරකින් රචනා වීමත් පූර්ණ කාලීන වාමාංශික ව්‍යාපාරයක නියැලෙන්නාගේ කතාව තුළ යොදා ගත් භාෂාව මෙන්ම රචනා විලාසයද සම්පූර්ණයෙන් වෙනස් ආරක් ගැනීම දැක ගත හැකි ය. ඒ තුළින් ඔවුන්ගේ තරගකාරීබව, මානසික තත්වයන්, අරමුණු, සමාජීය සබඳතා කෙබඳු ද යන්න මෙන්ම ඔවුන්ගේ ජීවිතවල ගොඩ නගා ගත් ප්‍රතිරූප කෙබඳු ද යන්නද හඳුනා ගත හැකි ය. පාඨකයාට ඒකාකාරී භාවයකින් තොරව නිරන්තර වෙනස්වන විඳීමකට ඉඩකඩ ලබා ගැනීමටද එම භාෂා හැසිරවීම බලපා ඇත. තවද ඔහු මෙහිදී යොදා ගන්නා වචන, යෙදුම් ආදියද තත්කාලීන සමාජ පරිසරය තුළින් අහුලා ගත් ඒවා බැවින් ආයාසයකින් තොරව කියවා විඳ ගැනීමට හැකි ය.

කෘතියෙහි ආකෘතියට, භාෂාවට මෙන්ම අද්දැකීමට වටිනාම සාධාරණය කෙරෙන්නේ අන්තර්ගතය තුළින් ය. කසුන් සමාජයේ විසල් පරාසයක් තම කෘතිය තුළින් පාඨකයා හමුවට ගෙන එන්නේ ය. එහිදී සුවිශේෂීම ස්ථානයක් වත්මන් අධ්‍යාපන ක්‍රමයට ලැබී ඇත. ඔහු එහි පටු තැන් විවේචනය කිරීම කිසිඳු පැකිලීමකින් තොරව සිදු කරයි. සාහිත්‍ය උත්සවයක සහ කොටහළු උත්සවයක වෙනස නොතේරෙන  විදුහල්පතිතුමා මගින් ඔහු විවේචනය කරන්නේ විෂය නිර්දේශයටම පමණක් කොටු වී සිටින පොත් පිරවීම පමණක්ම අධ්‍යාපනය සේ සලකන ගුරු විදුහල්පතවරුන් ය. එහෙත් එකී විවේචනය ඔවුන්ට අතුල් පහරක් නොවන්නේ සාහිත්‍ය එවැන්නන්ට බොහෝ සේ දූරස්ථ වන බැවිනි. අධ්‍යාපනය පමණක් නොව ඔහු පොත් එළිදැක්වීමේ උළෙල සිට සම්මාන උළෙල දක්වාමත් වත්මන් සම්මාන ගැටලු පිළිබඳවත් දක්වා ඇති කරුණු නැවත නැවතත් කියවා අවබෝධ කර ගත යුතු සහ සමාජය විසින් නිවැරදි කර ගත යුතු දෑ බව පෙනී යනු ඇත. එමෙන්ම වාමාංශික දේශපාලනයේ විවිධ ඉසව් වෙත සිහින් පහරක් එල්ල කර ඇති අයුරු සිත් ගන්නා සුළු ය. ඒ තුළින් පැහැදිලි වන්නේ වමේ දේශපාලනය යන්න කුමක් ද යන්න වමේ දේශපාලනයේ නියැලෙන්නන් ද නිසි පරිදි අවබෝධ කරගෙන නොමැති බවය. ඔහු ඒ සියල්ල උපහාසය මුසු හාස්‍ය රසයක් උපදින අයුරින් රචනා කර ඇති අයුරු අගය කළ යුතු ය.
කෘතිය තුළ ලිංගිකත්වය හා ලිංගික සබඳතා ගැන දක්වා ඇති ආකාරය විශේෂයෙන් විමසා බැලිය යුතු ය. ඔහු ලිංගික සබඳතා පිළිබඳ දක්වා ඇති තැන්හි කිසියම් සංයමයක් සහිතව  වර්ණනා කර ඇත. වර්තමානයේ ලිංගිකත්වය සහ ලිංගික  ජීවිතය ගැන අතිශයෝක්තියෙන් වර්ණනා කරමින් නිර්මාණ විකුණාගන්න තැත් කර අයුරු දැකිය හැකි වුවත් කසුන් සමරතුංග එකී තත්වයෙන් පරිබාහිරව තම නිර්මාණය සිදු කර ඇත. එහෙත් ඔහුගේ භාෂා විලාසය සහ චරිත නිර්මාණය කර සංවර්ධය කර ඇති ආකාරය අනුව එකී තත්වය පාඨකයාට අවබෝධ කර ගැනීමට අවස්ථාව සලසා ඇත.

එමෙන්ම ඔහු මේ ආකාරයෙන් ලිංගිකත්වය ගැන සංයමයෙන් දක්වන අතරම ලිංගිකත්වය පිළිබඳ විවෘත්ත මත කෘතිය තුළ පළ කර තිබීම දැකිය හැකිය. සමලිංගිකත්වය සහ ස්වයං වින්දනය වැනි කරුණු එතරම් විවෘත්තව කතා කරන පිරිසක් අප සමාජය තුළ සිටින බව ඔහු අපට සිහි ගන්වයි. එවැනි කාරණා අපේ අධ්‍යාපන පද්ධතිය තුළින් සඟවා තැබීම නිසා එය අපට අරුමයක් වී ඇති බව පසක් කරවයි. වත්මන් ගැටලු රැසකට විසඳුම් එකී කාරණා ක්‍රමානුකූලව අනාගත පරපුර වෙත අධ්‍යාපන පද්ධතිය හරහා සම්ප්‍රේෂණය කිරීමෙන් ලබා ගත හැකි ය. ඒ තුළින් මිනිසුන් සියල්ල දෙසත් සියලු මානව සම්බන්ධතා දෙසත් උපේක්ෂාවෙන් යුතුව බැලීමට හැකි වනු ඇත.

මීට අමතරව විවාහක යුවළකට දරුවන් නොමැති වූ විට අදටත් අප සමාජය වරද කාන්තාව කෙරෙහි පමණක් යෙදීම, කාන්තාවට සමතැන නොදීම, ඔවුන් නොඉවසීම, දරුවන්ගේ කැමැත්තට ඉඩ නොදී මවුපිය කැමැත්තට අනුව ක්‍රියා කිරීම නිසා ඔවුන්ගේ සහජ හැකියා අහිමිව යෑම වැනි ප්‍රශ්න රාශියක් 'මන්දාකිනියක කිහිපදෙනෙක්' නවකතාව තුළින් සාකච්ඡා කිරීමට කසුන් සමරතුංග සමත් වී ඇත. ඔහු ඔහුගේ පළමු නවකතා වෑයම සාර්ථක කර ගෙන ඇති බව පැවසිය යුතු ය.



අදහස් (0)

මන්දාකිණියක කීපදෙනෙක් වම්මුන්ට ගැසූ කනේ පහරක්

ඔබේ අදහස් එවන්න

 

 

පුස්තක මස්තක

මන්දාකිණියක කීපදෙනෙක් වම්මුන්ට ගැසූ කනේ පහරක්
2025 පෙබරවාරි මස 11 48 0

’මන්දාකිණියක කීපදෙනෙක්’ කසුන් සමරතුංගගේ පළමු නවකතාව මෙන්ම ඔහුගේ හත්වැනි සාහිත්‍යය කෘතිය ලෙස 2024 වසරේ දී ජනගත විය. එය තත්කාලීන සමාජයේ එක්තරා පැතිකඩක පු


ගැහැනු සිතක පිරිමි කව
2024 දෙසැම්බර් මස 24 31 0

සිංහල කවියට විශාල ඉල්ලුමක් දැන් නැත. එය රටක සාහිත්‍යය ගැන සැලකිමේදි දැඩි අවාසනාවන්ත තත්වයකි. මන්ද කිවහොත් නිර්මාණකරණයේ හා පරිකල්පනයේ තිඹිරිගෙය වන්නේ


ගුන්තර් ග්‍රාස්ගේ පූසා සහ මීයා
2024 දෙසැම්බර් මස 17 342 0

ශතකයක් පුරා ජර්මනිය තුළත්, ඉන් පිටතත් නාසිවාදීන් විසින් ගෙන යන ලද උන්මත්තක දේශපාලනය ගැන සලකා බලන විට සාහිත්‍ය කලාව ලද සිත් කා වදින ජයග්‍රහණයක් ලෙස ගුන


බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ රංග කලා සංකථනය
2024 දෙසැම්බර් මස 03 131 1

’’රංගකලාව (theatre) යන්නෙහි අඩංගු වන්නේ මිනිසුන් අතර සිදු වන්නා වූ වාර්තාගත හෝ ප්‍රබන්ධිත ව පවතින්නා වූ සිදුවීම්වල නිරූපණ, විනෝද සම්පාදනයේ අරමුණින් නිර්ම


ස්වර්ණ පුස්තක⁣ සම්මාන දිනූ නවකතා කියවන්න බැරි ඇයි?
2024 ඔක්තෝබර් මස 22 130 0

මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. නෝන්ඩි කරන්නෙ නැතුව වටිනා පිළිතුරක් දෙයි කියල බලාපොරොත්තු වෙනවා.


නිහාල් පීරිස්ගේ ’’ මහ රෑ ’’ ශානරීය නවකතාවක්
2024 සැප්තැම්බර් මස 17 149 0

අපේ රටේ නවකතාවේ ශානරීය විවිධත්වය අඩුයි. ඒ කියන්නෙ අපරාධ නවකතා, රහස් පරීක්ෂක නවකතා වැනි උපශානර හරි අඩුයි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 101 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 124 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 896 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site