IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


හයිකු අනන්තය ජීවිතය එක හුයට ඇමිණු කවියක්

පුස්තක මස්තක 18

 

 

ශ්‍රී ලංකා හයිකු සංගමයේ සභාපති වන පාලිත සේනාරත්නයන් පුරා වසර කිහිපයක් මුළුල්ලේ තම ශාස්ත්‍රීය අධ්‍යයනය මණ්ඩප තුළින් වසර 6 ක කාලයක් අන්තර්ජාලය භාවිත කරමින් බොහෝ සිසු  සිසුවියන් ප්‍රමාණයකට තම ඥානය දායාදය කරමින් ඉතා දායාර්දියෙන් සිය දිවි ගමනේ යෙදෙන දිසාපාමොක් වරයෙක් ලෙස නම් කළ හැකිය.  

ඔහුගේ හයිකු කවිය සම්බන්ධයෙන් මෙන්ම වෙනත් විෂයයන් සම්බන්ධයෙන්ද ඇති  දැනුම අපමණය.   පාලිත සේනාරත්නයන්ගේ සාහිත සම්ප්‍රාප්තිය සිදුවී ඇත්තේ “නිමීලනය “ නම්  කේ. ජයතිලක ශූරීන්ගේ ජීවන පුවත සිනමා තිර රචනයක් ලෙස 2014 වර්ෂයේ දී සිදු කරනු ලැබූ රචනාවෙන්  වන අතර ඉන් පසු පිළිවෙළින් "තනි මම ගැහැනිය" කාව්‍ය සංග්‍රහය - 2015 දීත් "හයිකු මොහොත " කාව්‍ය සංග්‍රහය - 2016 දීත්" අකුරු නැති කවි "කාව්‍ය සංග්‍රහය - 2017 දීත් හුදෙකලා හයිකු කාව්‍ය සංග්‍රහය -  2018 දීත් හයිකු හදවත  කාව්‍ය සංග්‍රහය - 2019 දීත් හයිකු පියාපත් කාව්‍ය සංග්‍රහය - 2020 දීත් මුද්‍රණයෙන් පිටවී ඇති අතර  ඔහුගේ   සිසු කැලත් අමතක නොකළ ඔහු  ඔවුන්ගේ හයිකු කාව්‍ය ද තෝරා ගෙන එක්රැස් කරමින් මෙම  ශ්‍රී ලංකා හයිකු සමූහ රන් පුස්තක ග්‍රන්ථ සංස්කරණය   කාව්‍ය සංග්‍රහය - 2021 වසරේදී කොක්ගල දී ජනගත කළේය.    ඉන්පසු 2024 වසරේ ජනවාරි 5 වැනි දින කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රෙල්ඛන ශාලාවේ දී පැවැත්වූ 6 වැනි හයිකු කවි සංවත්සරය වෙනුවෙන් දොරට වැඩමවීම සඳහා සිසුවියන් 7 දෙනෙකුගේ පොත්වල පූර්ණ විමර්ශන කටයුතු කරමින් ම  ඔහුගේ  හයිකු අනන්තය ( boundless haiku ) හයිකු කාව්‍ය ග්‍රන්ථය ද දොරට වැඩීම සිදු විය.  

සේනාරත්නයන්ගේ “හයිකු අනන්තය“ හයිකු කාව්‍ය ග්‍රන්ථය ද්වීභාෂික  පුස්තකයක් වන අතර එහි කවි කිනිති 101ක් මෙම භාෂා ද්විත්වයෙන්ම සටහන්වේ.  එමෙන්ම ඔහු   විසින් රචනා කරන ලද හයිකු කාව්‍ය සියල්ලම විවෘත විශ්ව විද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ සේවයේ නියුතු මාහාචාර්ය රධිකා ද සිල්වා  විසින් ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීම ඔහු  ලද භාග්‍යක් වන අතර ඇය ද ඔහගේ ශාස්ත්‍රිය අධ්‍යන මණ්ඩපවල රැඳී සිටින අදරැති සිසුවියකි.  

 කවි 101න් කවි තේරීම ඉතා අපහසු වන අතර ඒවා එකින් එක බහු අරුත් සහ ගැඹුරු අරුත් ගෙන දේ. 

 

ඒ මල තනි ව සැලෙමින්

මා එහි යන විටත්

එන විටත්

(03)

 

තනිව සැලෙන මලක තනිකම කෙසේ ද? සිහින් සුළඟක් ඇයව සිප ගත්තා ද ? නැතහොත් කවුරුන් හෝ එනතුරු බලාපොරොත්තු දල්වා ගෙන සිටිනවාද?  ඉන් පසු ලියැවී ඇති පද දෙස විමසිල්ලෙන් බැලූ කල “මා එහි යන විටත් , එනවිටත්“ එසේ නම් නිරතුරුවම සැලෙන මලකි.  ඒ බලාපොරොත්තු දහසක් තිබෙනවා වෙන්නට හැකිය.  අවසනක් නැති පැතුම් හා නිශ්ඵලත්වය මැනවින් ලියවී ඇති කවියකි.  හර ශුන්‍ය ක්‍රියාවක් කරමින් සිටින මල මෙන්ම ජීවිතය ද  එලෙසය.  මලෙහි අනිත්‍ය බව සහ ක්‍රියාවේ හරසුන් බව  මැනවින් විදහා පා ඇත.

 

අහන් ඉන්න බෑ මට

මේ නිහඬ බව 

හඬන හඬ

(06)

 

නිහඬ බව අහන් ඉන්න බැරි තරමට ගැඹුරුය.  බලාපොරොත්තු දල්වයි.  නිවයි.  දිවයයි.  ඉදිරියට එයි.  පසුපසට  යයි.  හඹා යයි.  නිහඬ බව එතරම්ම ගැඹුරුය.  නිහඬ බවත් හැඬිමකි.  හද ගැබ තුළින් ම ගැඹුරින්ම හැඬීමකි.  ඒ හඬ ඇසෙන්නේ තමාට පමණි.  එය විඳවන්නේ ද තමා පමණි.   නිහඬ බවක ගැඹුර මැනවින් අරුත් ගැන්වෙන කවියකි.  එහි ඇති අනිත්‍ය බවද කවියේ අවසන් පේලි දෙකෙන් අපූරුවට ගම්‍ය කොට ඇත.  මේ නිහඬ  බව කිසිවකුට නොපෙනෙන, නොදැනෙන,  කීවත් ඵලක් නැති දෙයකි.  

 

තිස්පස්වෙනි

තට්ටුවේ කවුළුවේ

හැම රෑ මැදියමක

නොනිවෙන පහනක්

(08)

 

මේ අපූරු කවිය කවියාගේ ප්‍රතිභාවත් ගෙන හැර දක්වයි.  ඒ ස්ථානය හොඳින් හඳුනන නිතර සොයා බලන බවක් පළවෙනි පද පේලි දෙකෙන් කියැවේ.  නිශ්චිතව හඳුනාගන්නා ස්ථානයකි.  නොනිදන කෙනකු සිටින කුටියකි.  පහන දැල්වී ඇත.  හේ කුමක් කරනු ඇත් ද?  පොතක් කියවනු ඇති.  නොඑසේ නම් යමක් ලියනු ඇති.  චිත්‍රපටියක් බලනවාද ? ගීයක් අසනවාද?  කුතුහලයක් ගෙනදේ.  මේ ඕස්සේ වෙනත් දිශානතියනට ඔබගේ නැණ පමණින් ඇවිද යා හැකිය.  ඒ නොනිමෙන පහනින් තනිකමක් ද කියැවෙන බැවින් එතැන සිටින්නා ගැන අප සැමටම කියැවීමක් තිබිය හැකිය.  ඒ දෙස බලන්නාට එහි මහ විශාල ගනු දෙනුවක් තිබෙන්නට මෙන්ම නොතිබෙන්නට ද පුළුවන.   කෙසේ වෙතත් ශුන්‍ය බවක් රැඳී ඇති කවියකි.  

 

හැරමිටිය හේත්තු කර

දිගා වෙමි සැඳැවේ

ඇටි කුකුළු හඬ

(13)

 

මෙම කවියේ පළමුවන පද පේලියෙන්ම  වියපත් බව හා විඩාබර බවක් දනවන අතර දෙවැනි පද පේළියෙන් සනිටුහන් වන්නේ වෙහසකර බවක් සහ ජීවිතයේ අවසන් කාලයට ළඟාවි ඇති බවකි.  ඇටි කුකුළු හඩක් ඇසෙනු නම් යමෙක් යමක් ගොදුරු කරගන්න සුදානම් වෙලාව බව හැඟවීමකි.  එසේනම් මේ තැනැත්තා අවසන් මොහොතේ දිවි ගෙවන කෙනෙක් විය හැකිය. ජීවිතේ අනියත බව අපූරුවට අකුරු කර ඇති මනරම් කවියකි. බැස යන ජීවිතයේ අවසන් මොහොතට ළඟා වූ බවෙකි.  

 

මේ සැඳෑවෙත්

කැරකොප්පුවට මා කැඳවන

අර සීනු රාවය

(25)

 

මේ සැඳෑවෙත් යනු තවත් සඳැවන් පසුකර පැමිණි බවකි.  ඒ සියලු  සැඳෑවන් සුසාන භූමිය වෙත ගිය කෙනෙකි.  එයට ද වෙලාවක් ඇති බවකි.  එයින් නිකුත් වන සීනු රාවයයි.  මේ සීනු හඩ ඔහුටම විතරක් ඇසෙන දෙයක් විය හැකිය.  ඔහුගේ ආදරණීයකු එහි ඇති බවට ඉඟියකි.  ඒ අය බලන්න වුවමනා බව හිතට දැනෙන  විට මනසට ඇසෙන සීනු නද ඔස්සේ ගමන් කරන අයෙකි.  ඒ ගමන බලාපොරොත්තු බොහෝ තිබෙනවා වෙන්නට පුළුවන. නැතහොත් හදවතේ ඇති කාන්සියට නිරන්තරයෙන් එහි යනවා වෙන්නට පුළුවන.  බහුඅරුත් දනවන කවියකි.

 

මියගිය ගායකයාගේ

ගීතය අතර තුර

සරත් වර්ෂාව

(39)

 

ගායකයෙක් මිය ගිය ද ගීතය සවන් මත වැතිරේ.  ඔහු මියගිය අතරතුර ඇසෙන ගීය ද මැද සරත් කල වර්ෂාව ඇදහැලෙන්නේ  තවත් වෙන්වීමක සලකුණුය.  ඒ වෙන්වීම ඔබගේද?  ඔහුගේද?  මාගේ දැයි නොදනිමි.  සරත් වර්ෂාවේ පීඩාවෙන් මනස පවා පීඩාවට පත්වේ.  ඒ පීඩාව වෙන්වීම  සහ එක්ව අනිත්‍ය බව මැනවින් පහදා දෙයි.  ගායකායාගේ වෙන්වීම සහ තවත් වෙන්වීමක් ගැන ඉඟි දනවන අදහස් දෙකක් එකතු කර ලියූ ප්‍රබල හයිකු කවියකි.

 

සිඳුණු විල වට

කුඩා මල්

(48)

 

ඉතා කුඩා කවි පිංචෙන් බොහෝ දේ කියැවෙන හැටි අපූරුය.  සිඳුන විලක ජලය නොමැත.  වියැළිය.  ජිවිතේ ද එලෙසය. විල සිඳුන සේ වියපත් වූ විට ජිවිතේ කිසිදු රසයක් නොමැත.  විල කරා කරුල්ලෝ සතුන් නොඑන්නා සේ බොහෝ අය වියපත්වූවන් හැරදමා යති.  වර්තමානයේ සුලබව දක්නට ඇති දෙයකි.  ඔවුන් තනි පංගලමේ දිවි ගෙවතත් විලට අදාළ නැත්තාක් මෙන් නොනෑයෝ, අසල් වැසියෝ විටෙක එබිකම් කර බලනු ඇති.  එසේම විලට පිටින් ඇති තණ බිස්සේ කුඩා මල් පිපී ඇත.  තනිකම, පාළුව මකන්නා සේය.  එමෙන්ම මුනුපුරු මිනිපිරියන් ඇති වියපත් අය ඈතින් සිට තාක්ෂණය ඔස්සේ ගනුදෙනු කරමින් ඔවුන් හා කතා කරති, සිනාසෙති. මෙම කවියේ පද කිහිපයකින් ලබා දී ඇති විසල් අරුත ළඟ ඔබත් ටිකකට නවතින්න.  ඔබටද තවත් මං කිහිපයක් දැක ගත හැකිය.  

 

මහලු කපුටෙක්

ඔරු කඳට ඇන ඇන

අසන බොල් හඬ

(62)

 

වෙරළේ දක්නට ඇති සුලබ දසුනකි.  කපුටෝ  විශාල වශයෙන් මසුන් ගෙන එන ඔරු වටා සැරිසරති.  දැල් ආම්පන්න ගෙන ගිය පසු ඔරුව වෙරළේ තනිවෙයි.  කපුටන් ගිමන් හරින්න  විටෙක මේ  ඔරු කඳන් තෝරා ගනී.  නොඑසේනම් මෙම ඔරු කඳ ත් අත්හැරිය එකක් විය හැකිය.  ඔරු කඳ උඩට යම් මසෙක් ගෙනැවිත් තලන විට ඔරු කඳට ද හොට ඇනේ.  එයින් නැගෙන බොල් හඬින්  ජීවිතේ අරුත් පිළිබඳව කියැවේ.  කපුටා මහලු වූ විට ශක්තිය ද වියැකෙමින් ඇත.  තම ආහාරය ගැනීමේ දී ඔරු කඳට හොටත් ඇනෙන බැවින් එම නොහැකියාව අබල දුබල බව පසක් වේ.  එම අවස්ථාවේ ඉන් නිකුත්වන බොල් හඬ  යම් රිද්මයක් ගෙන දෙනු ඇත.  බැස යන ජීවිතයේ අලස රිද්මය එයම විය හැකිය.  මෙම කවියේ තවත් මාන කරා දෘෂ්ටිය ඔබ නැණ පමණින් එළැඹිය හැකිය.  එළැඹි සිහියෙන් විඳින්නට ඔබට ආරාධනා කරමි.

 

බස්සා තබයි විරාමයක්

හුස්මක් ගන්න

රැයට

(90)

 

බකුසු හඬ  ආසියාතික රටවලට එක්තරා දුක්ඛදායි  පෙරනිමිත්තකි.  බකුසු හඬට විරාමයක් මෙන්ම රිද්මයක් ද ඇත.  එම රිද්මය හදවතට බියක් ගෙන දෙන අතර හුස්ම ගැනීම නිරන්තරයෙන් සිදුවන මේ පංචස්කන්ධයේ  පසක් කර ගනිමින් හුස්ම ගන්න කෙනකුට හැකි වන්නේ ජීවන ගමනේ විශ්‍රාමයක් ලබා ගන්නට ආසන්න අවස්ථාවලදී පමණි.  එසේ වන්නේත් සිහියෙන් සතියෙන් දිවි ගෙවන කෙනකුටම ය.  රැය යනු ජීවිතයේ අඳුරු කාලය යි.  එම කාලයේ දී නිහඬව සිටිමින් විරාමයෙන් යුතුව හුස්ම ගැනීම සිදුවේ.  අනියත බවේ ගිල්වූ අපූරු කවියකි.  

හදවතට සමීප රූප මවමින් ලියැවී ඇති මෙම හයිකු කවි  රස වීඳීම පාඨක ඔබට බාර කරමි.ඔහු මනා අධ්‍යයනයකින් යුතුව ලියා ඇති මෙම කාව්‍ය ග්‍රන්ථයේ ශෘංගාරය, දුක, ආදරය, ශුන්‍යතාව සහ තවත් බොහෝ විෂයන් බද්ධ වී ඇත.

- නලිනි ද සිල්වා



අදහස් (1)

හයිකු අනන්තය ජීවිතය එක හුයට ඇමිණු කවියක්

Nalini De Silva Tuesday, 06 August 2024 09:31 AM

බොහොම ස්තුතියි අකුරක් සවිමත් කිරීමට මේ.ගන්නා උත්සාහ ය. මෙයින් ජීවිතේ ට.ලැබෙන උත්තේජනය අපරිමිත යි.

:       0       1

ඔබේ අදහස් එවන්න

පුස්තක මස්තක

නිහාල් පීරිස්ගේ ’’ මහ රෑ ’’ ශානරීය නවකතාවක්
2024 සැප්තැම්බර් මස 17 111 0

අපේ රටේ නවකතාවේ ශානරීය විවිධත්වය අඩුයි. ඒ කියන්නෙ අපරාධ නවකතා, රහස් පරීක්ෂක නවකතා වැනි උපශානර හරි අඩුයි.


’’සංසාර ප්‍රේමි“ සුන්දර කවි පොතක්
2024 අගෝස්තු මස 27 51 0

“සංසාර ප්‍රේමි“ සුන්දර කවි පොත 2023 දෙසැම්බර් මස කර්තෘ ප්‍රකාශනයක් ලෙස නිකුත් වූ කවි 47කින් යුතු කැනඩාවේ එඩ්මන්ටන් හි පදිංචි තමාරා ජයතිලක මහත්මියගේ පුළු


නියඟය පවා දියවෙයි වැහි වලාකුළේ
2024 අගෝස්තු මස 20 25 0

ලක්ෂ්මි අබයසේකරගේ ’’නියඟය පවා දියවෙයි වැහි වලාකුළේ’’ කවි පොත කර්තෘ ප්‍රකාශනයක් ලෙස 2024 පෙබරවාරි මස නිකුත් වී ඇත.


හයිකු අනන්තය ජීවිතය එක හුයට ඇමිණු කවියක්
2024 අගෝස්තු මස 06 44 1

ශ්‍රී ලංකා හයිකු සංගමයේ සභාපති වන පාලිත සේනාරත්නයන් පුරා වසර කිහිපයක් මුළුල්ලේ තම ශාස්ත්‍රීය අධ්‍යයනය මණ්ඩප තුළින් වසර 6 ක කාලයක් අන්තර්ජාලය භාවිත කර


සිතිජය සිසාරා දුවන හයිකු කවි සිතැත්තී
2024 ජුලි මස 30 50 1

සිතිජය සිසාරා ගොස් දිවි ගෙවන සුභාෂිණී ජයතිලක කිවිඳිය ශ්‍රී ලංකා හයිකු කවි සංග්‍රහයක හිමිකාරියක වන අතර “සිතිජය සිසාරා“ ශ්‍රී ලංකා හයිකු කාව්‍ය සංග්‍ර


උතුරු කොරියානු සංස්කෘතියේ සොඳුරුතම ප්යොන්යන් රාත්‍රිය
2024 ජුලි මස 09 141 0

කිම් ජොන් උන් නමැති උතුරු කොරියානු නායකයා කෙට්ටු වී ඇතැයි එරට වැසියෝ සොව පළ කරන ප්‍රවෘත්තියක් මෑතකදී දුටුවෙමි. තරුණ වයසේ පසුවන උතුරු කොරියානු ඒකාධිපත


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 24 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2163 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site