‘රාජ කුමාරයෙක් නොවෙයි, මම ගමේ කොල්ලෙක්...!‘‘
ඉහත ප්‍රකාශය දකිත්ම සිනමාපටයක් සිහිගැන්වුණ ද, මෙය මුල් වරට පළ වන්නේ අද අපි ‘පුස්තක මස්තක‘යෙන් කතාකරන්නට බලාපොරොත්තු වන කෘතියෙහි ය. පොත නම් ‘ පවුරු බැඳි රාජ්‍යය‘ යි. ස්වතන්ත්‍ර නවකතාවකි. ලියා ඇත්තේ සදිසානිපුණ නිර්මාණකරුවෙක් වන භද්‍රජී මහින්ද ජයතිලක මහතාය. නවකතා, කෙටිකතා, පරිවර්තන, කවි, තිරරචනා, යොවුන් නවකතා, භයානක රසය දනවන නවකතා ආදී ශානර ගණනාවක කෘති ජයතිලකයන් පළ කර ඇත.
පවුරුබැඳි රාජ්‍යය චීන නවකතාවකි. මක්නිසාද යත් එහි පසුබිම සහ චරිත අයත්වන්නේ මකර දේශයට යි. එය ලොව මහ විස්මයන් අතරින් එකක් වන චීන මහා ප්‍රාකාරය බිහි වූ කාල පරිච්ඡේදය අළලා ඓතිහාසික චීනයේ දේශපාලන , සමාජ , ආර්ථික , සංස්කෘතික සංසිද්ධීන් උකහා ගනිමින් කළ නිර්මාණයකි. කතුවරයා ඉහත කී සමාජ ආර්ථික සංස්කෘතික හා දේශපාලන සංසිද්ධීන් ගෙනහැර දක්වා ඇත්තේ කතාකරුවාගේ පෙර ආත්මයක ජීවන අත්දැකීම් ලෙසිනි. එකී සංසාරික , ආත්මගත බැඳීම නැවත ආවර්ජනය වූයේ , ප්‍රතිනිර්මාණය වූයේ මෝහනය තුළිනි. විඥානගතව පැවැති පෙර භවයේ ජීවිත කතාව ප්‍රතිආවර්ජනයේදී ඔහු දේශීය චරිත කිහිපයක් සිය කතාවට එක්කරයි. රන්කොවුලි, පොඩිසඳා නොවන්නට නම් කියවන්නා වෙනම කල්පනා සයුරක ගිලී යනු ඇත.
චීන ඉතිහාසය රන් අකුරින් සනිටුහන් කිරීමට ප්‍රධාන වශයෙන් දායක වූවකුගේ අනුවේදනීය ඉරණම් කතාව මෙමගින් ඉදිරිපත් කරයි. නමුත් ඔහු වෙනත් චීන නිර්මාණයන් තුළින් මතුවන සටන්කාමී, හැඩි දැඩි චරිතයක් නොවී, බයාදු දාසයකුගෙන් ඇරඹී, නපුංසකයකුගෙන් කෙලවරවන, වාසනාව මත යැපෙන නෝංජල් පුද්ගලයකු බව පෙන්වීම කතුවරයා මෙම කෘතියේ සමබරතාවය රැකීමට ගත් උත්සාහයක් සේ හැඟේ.
චීන මහා ප්‍රාකාරය ගොඩ නැගීමට පෙර ක්‍රිස්තු පූර්ව 270 පසු කාලය තුළ චීනයේ ග්‍රාමීය ආර්ථිකය, සිරිත් විරිත් , මානව සම්බන්ධතා , සංස්කෘතික අංග , ආගමික විශ්වාසයන් , මානව නිදහස , දේශපාලන හා සිවිල් ක්‍රියාකාරකම් ඉතාමත් මැනවින් ඉදිරිපත් කිරීමට කතුවරයා විශාල හැදෑරීමක සහ පර්යේෂණයක යෙදී ඇති බව පෙනෙයි. විටෙක නොබෙල් සම්මානය දිනූ පර්ල් එස්. බක් ගේ ‘සරුබිම‘ නවකතා ත්‍රිත්වයටද සාම්‍යත්වයක් දරනු දැකිය හැකිය. ෂි යෑං නම් ප්‍රධාන චරිතය මුල් කර ගනිමින් මෙම කතාව ගොඩ නගා ඇත.
කතුවරයා ෂි යෑං ගේ දුක ,සතුට , කෝපය , ආදරය , ප්‍රේමය මුසු මනෝභාවයන් මනාව විවරණය කර ඇත. අනෙකුත් චරිතයන්ගේ මනෝභාවයන් ප්‍රකාශ කර ඇත්තේ, එකී චරිත ෂි යෑං දැක , ඔහු වටහාගත් අයුරිනි. එයට කතුවරයා බෞද්ධ දර්ශනය මුසු කරයි. චීනය කොන්ෆියුසියස් ආදී බෞද්ධ දර්ශනයන්ගේන් පොහොසත් රටකි.
මෙම කෘතිය සිංහල පාඨකයාට අඩුවෙන් ග්‍රහණය වූයේද, එසේත් නැතිනම් එවක සිටි ඊනියා විචාරකයන් වෙතින් හිතාමතාම අමතක කළේද යන්න ගැටලුවකි. මෑත කාලයේ පළවන නවකතා පරයා නැගෙන ප්‍රතිභාවක් මෙම කෘතියේ අන්තර්ගතය. මෙම කෘතිය සඳහා ඩී. ආර් විජේවර්ධන සම්මානය එකල හිමි වී ඇත. මෙම කෘතිය කියැවූ අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රී නාහිමියන් විසින් තමන් වහන්සේ කියැවූ හොඳ ම සිංහල නවකතාව මෙය බව ප්‍රකාශ කර ඇත. උන්වහන්සේ ලියූ පසුවදන මෙසේ ය.
‘‘භද්‍රජි මහින්ද ජයතිලක මහතා විසින් රැසැයුණු පවුරු බැඳි රාජ්‍යය කියැවීමි. මෙය අගනා කෘතියකි. චීනයේ බොහෝ පෙරැ රදළ බලය පැවැති කාලයේ ජීවිත තත්වය මෙය හෙළි කෙරෙයි. චීනයේ එක් කාල සීමාවෙක පැවැති ජන ජීවිතය කෙබඳු ද යන්න දක්වන මෙය එක් අතෙකින් කාල පරිච්ඡේදයෙක ඉතිහාසයෙකි. අනෙක් අතින් බිභත්ස, කරුණා, හාස්‍යාදි රසවලින් පිරුණු කාව්‍යයෙකි. මෙය සිංහල කතා සාහිත්‍යයේ උච්ච ස්ථානයක වැජැඹෙන ජීවිත චරිතයෙකි.‘‘
අරාජිකත්වය යනු කුමක්දැයි පොත්පත්වලින් සංකල්පීයව දැනගෙන සිටියද මීට වසර දෙක තුනකට පෙර සිට මේ දූපතේ ජීවත්වන මිනිසුන්ට එය භෞතිකව අත්විඳීමට ‘වාසනාව’ උදා
චිත්‍ර කලාව පිළිබඳ නිදර්ශන සහිත විචාර ග්‍රන්ථයක් ලෙස දීප්ති කුමාර ගුණරත්න ලියා ඇති ‘සුන්දරත්වයට පසු කලාව’ මඟින් මෙරට චිත්‍ර කලා කතිකාව යාවත්කාලීන කර
“සියලූ ධර්මයන් ඇත්ත වශයෙන්ම පවතින්නේ නැති නිසා, කෙලෙස් හෝ ශුද්ධිය කියා හෝ දෙයක් ඇත්තේ නැත” – (ලංකාවතාර සූත‍්‍රය)
මාලන් බණ්ඩාර කවියා ගේ ’’නටු’’ නමැති සංක්ෂිප්ත කාව්‍යාවලිය කියැවීමෙන් අනතුරු ව ඉතා ලුහුඬින් අදහස් ස්වල්පයක් ලියා දැක්වීම සඳහා නිසග පෙලැඹුමක් ඇති විය.
’මන්දාකිණියක කීපදෙනෙක්’ කසුන් සමරතුංගගේ පළමු නවකතාව මෙන්ම ඔහුගේ හත්වැනි සාහිත්‍යය කෘතිය ලෙස 2024 වසරේ දී ජනගත විය. එය තත්කාලීන සමාජයේ එක්තරා පැතිකඩක පු
සිංහල කවියට විශාල ඉල්ලුමක් දැන් නැත. එය රටක සාහිත්‍යය ගැන සැලකිමේදි දැඩි අවාසනාවන්ත තත්වයකි. මන්ද කිවහොත් නිර්මාණකරණයේ හා පරිකල්පනයේ තිඹිරිගෙය වන්නේ
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඊනියා විචාරකයන් යටපත් කළ පවුරු බැඳි රාජ්‍යය