කිම් ජොන් උන් නමැති උතුරු කොරියානු නායකයා කෙට්ටු වී ඇතැයි එරට වැසියෝ සොව පළ කරන ප්‍රවෘත්තියක් මෑතකදී දුටුවෙමි. තරුණ වයසේ පසුවන උතුරු කොරියානු ඒකාධිපති පාලක කිම් ජොන් උන් ගැන රටවැසියන්ට එවැනි කැක්කුමක් ඇතිවූයේ ඇයි දැයි කෙනකුට ප්‍රශ්නයක් ඇතිවන්නට පුළුවන. ඔහුගේ සේයා රූ, වීඩියෝපට ජාත්‍යන්තර මාධ්‍ය වෙත නිකුත්වන්නේ එරට පාලන අධිකාරියේ අවසරය ඇතිනම් පමණකි. එසේත් නොමැති නම් අපි දකින්නේ වසර කිහිපයක් පැරැණි දේවල් ය...!
උතුරු කොරියාව හා දකුණු කොරියාව 1945 දී 38 වැනි අක්ෂාංශය හරහා උතුරු දකුණු වශයෙන් බෙදුණු අතර අද උතුරු කොරියාව හඳුන්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කොරියානු මහජන සමූහාණ්ඩුව ලෙසය. දකුණු කොරියාව කොරියානු ජනරජය ලෙසද හඳුන්වයි. උතුරුකොටස සමාජවාදී ලෙසත් දකුණ ධනවාදී ලෙසත් බෙදී වෙන්ව පවතී.
උතුරු කොරියාවට සංචාරකයෙක් ලෙස යාම සිහිනයක් වැනි දෙයකි. දැඩි නීති රීති, ඔවුන්ගේම ක්‍රමෝපායන් සහ දුෂ්කරතා රැසක් එහිදී විඳිය යුතු වෙයි. එබැවින් එවැනි අවස්ථාවක් අත්විඳීමේ වාසනාව හිමිවන්නේ රාජතාන්ත්‍රික කටයුතු හෝ යම් නිල දේශපාලන කටයුත්තක ප්‍රතිඵලයක් ලෙසින් පමණි. සම්මානිත ලේඛකයෙක් වන විශේෂඥ වෛද්‍ය පුෂ්ප රංජන් විජේසිංහ මහතා උතුරු කොරියාව වෙත යන්නේ වෘත්තියමය කටයුත්තක් වෙනුවෙනි. එනම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයෙක් ලෙස පැවැරුණු රාජකාරියක් සම්පූර්ණ කිරීමටයි.
එහිදී රචනාවන මෙම කෘතිය ඉතා වටිනා සහ දුර්ලභ අත්දැකීම් ගොන්නක එකතුවකි. මේ කෘතිය ‘සොඳුරුතම ප්යොන්යන් රාත්‍රිය‘ යි. එහි සුන්දරත්වය කෙබඳුද? අසුන්දර බව කෙබඳුද යන්න ඔබට කෘතියේ පාඨ අතර කියවීම හරහා හොඳ අදහසක් ලබාගත හැකිය. ලේඛකයා උතුරු කොරියානු භූමියට පාතැබීමේ සිට මුහුණදෙන සිද්ධීන් තෙදවත් භාෂාවකින් සුන්දර හැඟුම් දනවමින් රචනා කර ඇත. කොරියානු අර්ධද්වීපය ගැන කිසිදු දැනුමක් නැති අයකුට පවා මෙම කෘතිය කියවා අවබෝධයක් ලබාගතහැකි අයුරින් රචනා කර තිබීම අගය කළ යුතුය. කොරියාවේ බෙදීම, ඉතිහාසය, දේශපාලනය, කලාව, සංස්කෘතිය වැනි කාරණා නවකතාවක ස්වරයෙන් රචනා කිරීමට කතුවරයා සමත් වී ඇත.
මෙහි ඇතැම් සිදුවීම් කියවන විට සිනහ නැංවෙයි. ඊට හේතුව ඒකාධිපති රාජ්‍යයක සියල්ල සැලසුම් කර ඇත්තේ රටාවකට වීමයි. ඇඬීම වැළපීම පවා සිදුකළ යුත්තේ රජයට අවශ්‍ය පරිද්දෙනි. ඇතැම් සිදුවීම් කියවන විට දැඩි ශෝකයක් හටගන්නේ උතුරු කොරියාවට පණවා ඇති දැඩි සම්බාධක මධ්‍යයේ එම දේශය නැගී සිටින්නට ගන්නා අප්‍රතිහත ධෛර්යය ගැන කියවීමේදී ය. උතුරු කොරියානුවන්ට නිදහස අහිමිය. නමුත් ඔවුන් ඊට හැඩගැසී ඇත. අප බොහෝවිට සිතන්නේ උතුරු කොරියාව කියූ සැණින් මඩගොහොරුවක්, අපිරිසුදු රටක්, නොදියුණු දුප්පත් හිඟන්නන් වැනි ජනතාවක් වෙසෙන අඳුරු, දූවිලි පිරුණු පරිසරයක් පිළිබඳවය. එහෙත් මේ කෘතිය කියැවීමේදී එම අදහස් අපගමනයට ලක්වෙයි.
සිය කොරියානු අධිසහායිකාව සමග සීමා මායිම් හා නීතිරීතිවලට යටත්ව වෛද්‍ය පුෂ්ප රන්ජන් සිදුකරන මෙහෙයුම අපූරුය. රොබෝවරුන් වැනි මිනිසුන් පිරිසක් තුළ සැඟවුණු මනුස්සකම් ඇති බව පොත කියැවීමේදී අපට පසක් වෙයි. නමුත් ඔවුන්ට ලෝකයට තබා තව අයකුට හෝ විවෘත වීම තහනම් ය.
‘‘දශක දෙකකට පසු ගෙදර පැමිණ සිටින්නෙමි. මම නාම් ගොඩැල්ල වෙත නෙත් යොමමි. එහි අළු තුර නැත. මගේ අඹයහළු අළු තුර තුරු ගොමුවේ නැත. නිවෙසට ආසන්නවම තිබූ ඒ තුර නොපෙනෙයි. ඒ තුර සහ මගේ කුඩා කාලය හුයකින් මෙන් බැඳී තිබෙයි. මම ඒ තුරෙහි ඉහළට බඩ ගෑවෙමි. යහළු කොලු කුරුට්ටන් හා එක්ව එහි සෙවණේ කෙළි දෙලෙන් පසු වූයෙමි. මගේ සිත කෝපාග්නියෙන් දැවෙයි. මට මා නවතාගත නොහැකිය.
‘‘කවුද මේ ගහ කපපු මෝඩයා?‘‘ මම උස් හඬින් කෑ ගැසුවෙමි.
සීයා පැල්පත් නිවෙසින් එළියට බැස්සේය.
‘පොඩ්ඩක් කෑ නොගහ ඉඳපං උඹට මම කතාව කියනකම්....‘‘
මම මඳකට සන්සුන් වුණෙමි.
‘‘උඹ කඳුකරේ සටන්කාමීන්ට එකතුවෙලා අරගල කරද්දි ටෙපියොන් පොලීසියේ එවුන් අපේ වැඩ ගැන ඇහැ දාන්න ගත්තා. මොකද මේක සටන්කාමී පැල්පතක් කියල උන් නොදන්නවයැ! මගේ ලොකු කොල්ලො දෙන්නයි, මගේ මුනුපුරා වුණු උඹයි කඳුකරේ කොල්ලන්ට එකතු වුණු නිසා, මේ නාකි අපට දස වධ දෙන්න උන්ට ඕනෑ වුණා. ටෙප්යොන් ටිකක් දුර නිසා ගිරිෂ්ම කාලෙට උන් ඔය අළු ගහ යට සෙවණේ ලැගල ඉන්නවා. එතන තමයි උන්ගෙ මුරපොළ. ගිරිෂ්මේ සැරකම මකාගන්න උන් ඔය ගම්වල එවුන්ට කතා කරල නින්ද යනකම් පවන් ගස්ස ගන්නවා. කනමදයි වගේ සෝජු බීලා මටයි, මාමාටයි ගෙදර අයටයි කරදර කරනවා. ඉතින් ඕක ඉවසන්න බැරුව උඹේ ගෙදර ඉන්න මාමා, ඌ නෝන්ජලයා වගේ හිටියට මොකද, පොරවක් අරං ගිහින් ඔය ගහ බිමට පත බෑව්වා. මම ඌව නැවැත්තුවෙ නෑ. මොකද බං....ගේ ගිනි ගත්තත් ඒකෙ ඉන්න මකුණෝ පිච්චිලා මැරෙනවා දැක්කාම සතුටක් දැනෙනවානෙ!‘‘ සීයා මට ටිකක් තදින් අවධාරණය කළේය.
අරාජිකත්වය යනු කුමක්දැයි පොත්පත්වලින් සංකල්පීයව දැනගෙන සිටියද මීට වසර දෙක තුනකට පෙර සිට මේ දූපතේ ජීවත්වන මිනිසුන්ට එය භෞතිකව අත්විඳීමට ‘වාසනාව’ උදා
චිත්‍ර කලාව පිළිබඳ නිදර්ශන සහිත විචාර ග්‍රන්ථයක් ලෙස දීප්ති කුමාර ගුණරත්න ලියා ඇති ‘සුන්දරත්වයට පසු කලාව’ මඟින් මෙරට චිත්‍ර කලා කතිකාව යාවත්කාලීන කර
“සියලූ ධර්මයන් ඇත්ත වශයෙන්ම පවතින්නේ නැති නිසා, කෙලෙස් හෝ ශුද්ධිය කියා හෝ දෙයක් ඇත්තේ නැත” – (ලංකාවතාර සූත‍්‍රය)
මාලන් බණ්ඩාර කවියා ගේ ’’නටු’’ නමැති සංක්ෂිප්ත කාව්‍යාවලිය කියැවීමෙන් අනතුරු ව ඉතා ලුහුඬින් අදහස් ස්වල්පයක් ලියා දැක්වීම සඳහා නිසග පෙලැඹුමක් ඇති විය.
’මන්දාකිණියක කීපදෙනෙක්’ කසුන් සමරතුංගගේ පළමු නවකතාව මෙන්ම ඔහුගේ හත්වැනි සාහිත්‍යය කෘතිය ලෙස 2024 වසරේ දී ජනගත විය. එය තත්කාලීන සමාජයේ එක්තරා පැතිකඩක පු
සිංහල කවියට විශාල ඉල්ලුමක් දැන් නැත. එය රටක සාහිත්‍යය ගැන සැලකිමේදි දැඩි අවාසනාවන්ත තත්වයකි. මන්ද කිවහොත් නිර්මාණකරණයේ හා පරිකල්පනයේ තිඹිරිගෙය වන්නේ
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
උතුරු කොරියානු සංස්කෘතියේ සොඳුරුතම ප්යොන්යන් රාත්‍රිය