අමෙරිකා එක්සත් ජනපදයේ පටන් බොහෝ රටවල ජනපද නිර්මාණය වූයේ කොලනි සංස්කෘතිය හරහාය. කොලනිකරණය කියන වචනය අර්ථදැක්වීම් කිහිපයක් තිබුණත් Resettlement නැතිනම් නැවත පදිංචි කිරීම කියන කාරණය තමයි මෙහිදී සිද්ධ වෙන්නේ. එය කැමැත්තෙන් සිදුනොවන යම් අධිකාරියක් විසින් ස්ථාපනය කරන ඒකකයක් විදියට තමා අරුත් ගැන්වෙන්නේ.
අපේ රටේ කොලනිකරණය ගැන කතාවෙන්න ගන්නේ ගොවිජනපද ව්‍යාපාරය හරහායි. ඩී ඇස්. සේනානායක මහත්තයා ඩොනමෝර් ආණ්ඩුක්‍රමය ආවට පස්සේ අපේ රටේ කෘෂිකර්මය බාර අමාත්‍යවරයා වීමත් එක්ක අපේ රටේ කෘෂිකර්මාන්තය පුනර්ජීවනය ලබනවා. මින්නේරිය මෙරට ප්‍රථම ගොවිජනපද ව්‍යාපාරය ලෙස ඇරඹෙන අතර ගල් ඔය යෝජනා ක්‍රමය මෙරට ප්‍රථම බහුකාර්ය සංවර්ධන යෝජනාක්‍රමය ලෙස ඇරඹෙනවා. රට ආර්ථිකමය වශයෙන් ස්වයංපෝෂිත කිරීම, ඉඩම් අහිමි අය අතර ඉඩම් බෙදාදීම, ජනගහන ගැටලුවට විසඳුම් ලබාදීම, අතීතයේ වියළි කලාපයේ තිබූ අතීත ශ්‍රී විභූතිය නැවතත් ඇතිකිරීම මින් අපේක්ෂා කළා.
ජනතාව මේ අලුත් ජනපදවල පදිංචි කරවීමත්, ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් රජය විසින් ලබාදීමත් සිදුකළ යුතුව තිබුණා. පාසල්, රෝහල්, ආගමික ස්ථාන, කඩපිල් වැනි දෑ රජය ගොඩනඟා වගාවන් සිදුකර ආදායමක් ලබාගන්නා තුරු එම පවුල් වෙත දීමනාවක්ද ලබාදුන්නා. මුල්ම කාලයේදී මේ පවුල්වලට ඉඩම් අක්කර අට බැගින් එනම් ගොඩ තුනක් සහ මඩට පහක් ලෙසත්, පසුව මෙය අක්කර පහක් ලෙස අඩුකර ඉන් ගොඩ දෙකයි මඩ තුනක් දක්වාද පසුව අක්කර තුනක් විදියටත් අඩුවුණා. මේ හැමදේකම අරමුණ වුණේ වියළි කලාපයේ ඉඩම් අහිමි ජනතාවට කෘෂිකර්මාන්තය හරහා රටේ සංවර්ධනයට දායකත්වය ලබාගැනීම. අදටත් මේ අයගෙන් පැවත එන දෙවැනි හෝ තුන්වැනි පරම්පරාවන් ඇළහැර, රිදීබැඳිඇල, මිනිපේ, කිලිනොච්චිය, ගිරිතලේ ආදී වශයෙන් ප්‍රදේශ රැසක ව්‍යාප්ත වෙලා ඉන්නවා.
මෙම ප්‍රදේශවල ජීවත් වූ ජනතාවගේ අත්දැකීම් විවරණය කිරීම අපේ ඉතිහාසයේ එක් පැතිකඩක් අනාවරණ වීමක්. අදටත් එම පරම්පරාවල මුල් පුරුක් කිහිපයක් ඇතැම්විට දක්නට ලැබුණත් ඔවුන්ගේ අත්දැකීම් අකුරු කරන්නට සමත් අය හිටියේ ඉතාම අඩුවෙන්. ජයකොඩි සෙනෙවිරත්න වැනි ලේඛකයන් මින් අනුප්‍රාණය ලබා ‘කොලනිය‘ වැනි කෘතිත්, ‘හැත්තෑවේ කොලනිය‘ වැනි කෘති සරත් ආරියරත්න වැනි මහතුන් අතින් බිහිවෙන්නෙත් එහි අපූර්වත්වය නිසා. නමුත් ඉහත කී කතා ප්‍රබන්ධ නවකතා ලෙස දිගහැරීම නිසා මුල් සිදුවීම්වල යථා ස්වභාවයන් පැහැදිලිව හඳුනාගන්න බැහැ.
කන්තලේ ගොවිජනපද ව්‍යාපාරයට රට මැද සිට, සිය පියා සමග යන උපනන්ද වැලිකල මහතා හට දක්නට ලැබුණු සියලු සිදුවීම් සත්‍ය ලෙසම ගෙන හැර දක්වමින් ‘කොලනියේ නෑයෝ‘ රචනා කර ඇත. ඉතාම සරල සහ රසවත් බස්වරහක් භාවිත කරන, කොලනි පරපුරුවල උගත් පුරුකක් ලෙස, ලේඛකයෙක් ලෙස ද ජනප්‍රිය උපනන්ද වැලිකල මහතා සිය දැනුම, අත්දැකීම් මතින් පෝෂණය කර ඇති අයුරු මෙම කෘතියෙන් විද්‍යාමාන වෙයි. අපට අලුත් ඇසක් විවර වෙන, මනුෂ්‍යත්වය ගැන තවදුරටත් කල්පනා කරන්නට හිතෙන සත්‍ය සිදුවීම් රැසක් කෘතියේ අන්තර්ගතයි. කොලනි උපසංස්කෘතිය ගැන අප්‍රකට තොරතුරු රැසක් පළමු වරට මෙහි හෙළිදරව් වෙයි. මෙය සත්‍ය වශයෙන්ම සමාජ, සංස්කෘතික සහ මානව විද්‍යාත්මක විමර්ශනයක් ලෙස සැලකිය හැක්කේ මෙහි සංගතව ඇති තොරතුරු අපේ රටේ එක්තරා කාලපරිච්ඡේදයක යටගියාවේ සුලමුල අනාවරණ කරන බැවිනි.
ගිහි පිරිත් පින්කම කොලනියේ තිබූ ප්‍රධාන ආගමික කටයුත්තක් වූයේ භික්ෂූන් වහන්සේ සොයාගැනීමට තිබූ අපහසුව නිසා වුවත්, මීට භික්ෂූන් වහන්සේගේ එතරම් කැමැත්තක් නොවීය. ඒ, තමන්ට අයත් ආගමික කටයුත්තක් ගිහියන් විසින් සිදුකිරීම තමන් වහන්සේලාට කරන අගෞරවය් ලෙසින් උන්වහන්සේලා සිතන්නට වූ නිසාය.
‘‘පන්සලෙන් කරන අනෙක් රාජකාරි ටිකත් ඔක්කොම උඹලම කරගනිල්ලකො...!‘‘
බණ්ඩාර මාමලාගේ ගෙදර ගිහිපිරිතක් කළ බව ආරංචි වූ පන්සලේ හාමුදුරුවො ධනපාලට කියා ඇත.
අරාජිකත්වය යනු කුමක්දැයි පොත්පත්වලින් සංකල්පීයව දැනගෙන සිටියද මීට වසර දෙක තුනකට පෙර සිට මේ දූපතේ ජීවත්වන මිනිසුන්ට එය භෞතිකව අත්විඳීමට ‘වාසනාව’ උදා
චිත්‍ර කලාව පිළිබඳ නිදර්ශන සහිත විචාර ග්‍රන්ථයක් ලෙස දීප්ති කුමාර ගුණරත්න ලියා ඇති ‘සුන්දරත්වයට පසු කලාව’ මඟින් මෙරට චිත්‍ර කලා කතිකාව යාවත්කාලීන කර
“සියලූ ධර්මයන් ඇත්ත වශයෙන්ම පවතින්නේ නැති නිසා, කෙලෙස් හෝ ශුද්ධිය කියා හෝ දෙයක් ඇත්තේ නැත” – (ලංකාවතාර සූත‍්‍රය)
මාලන් බණ්ඩාර කවියා ගේ ’’නටු’’ නමැති සංක්ෂිප්ත කාව්‍යාවලිය කියැවීමෙන් අනතුරු ව ඉතා ලුහුඬින් අදහස් ස්වල්පයක් ලියා දැක්වීම සඳහා නිසග පෙලැඹුමක් ඇති විය.
’මන්දාකිණියක කීපදෙනෙක්’ කසුන් සමරතුංගගේ පළමු නවකතාව මෙන්ම ඔහුගේ හත්වැනි සාහිත්‍යය කෘතිය ලෙස 2024 වසරේ දී ජනගත විය. එය තත්කාලීන සමාජයේ එක්තරා පැතිකඩක පු
සිංහල කවියට විශාල ඉල්ලුමක් දැන් නැත. එය රටක සාහිත්‍යය ගැන සැලකිමේදි දැඩි අවාසනාවන්ත තත්වයකි. මන්ද කිවහොත් නිර්මාණකරණයේ හා පරිකල්පනයේ තිඹිරිගෙය වන්නේ
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ජනපදිකයන්ගේ අන්දරය: කොලනියේ නෑයෝ