ලක්ෂ්මි අබයසේකරගේ "නියඟය පවා දියවෙයි වැහි වලාකුළේ" කවි පොත කර්තෘ ප්‍රකාශනයක් ලෙස 2024 පෙබරවාරි මස නිකුත් වී ඇත. බොහොම චාම් පිටකවරයකින් සහ දිගු සහ කෙටි ආකාරයට ලියැවුණු නිදහස් ආරේ කවි 62කින් යුතු මෙි කාව්‍ය සංග්‍රහයේ එකදු කවියකට වත් කවි හිසක් තබා නැත.මෙය නිදහසේ පාඨකයාට රිසි අයුරින් අර්ථ ගැන්විය හැකි කවි පොතකි.
පොත අතට ලැබුණ ගමන්ම පිටු පෙරළුණේ මුල සිට නොව මැද සිටය. ඒ රසවත් කවියකට ය.
මල් පිපෙන තරමට ම
ඵල දරන්නේ
නැති බව කියා දී
වසන්තය ඇවිදින් ගියා
පිට 21
මෙම අපූරු කුඩා කවි කිනිත්ත ජීවිතේ සත්‍යාවබෝධයට ළඟාවෙන කවියකි. වසන්තය ඇවිදින් යන ජීවිතේ තනිකමත් සියල්ලම එක හා සමාන නොවන බවත් ජීවිතේ විවිධත්වය රැඳී ඇති බැවින් වෙනස්වෙන ලෝකයේ වෙනස් නොවෙන දෙයක් නොමැති බවත් සැම මලක්ම ඵලයක් නොදරන බවත් පෙන්වා දෙයි.
හෙමින් ඇවිද යන විට
තණ පලස මත වැතිරුණු
පිනි බිඳුත් සිනාසෙයි
ළෙන්ගතුව
පිට 18
ළෙන්ගතුව සිනාසෙන පිනි බිඳු දකින ඇය, විමසිල්ලෙන් ගමන් කරන සෙයකි. එය සැබෑවකි, ජීවිතයේ ද සෙමෙන් ගමන් කළ යුතුය. එවිට අපට බොහෝ දේ හැඳින ගත හැකිය. තණ පලස සසරක් මෙනි. එහි ඇති පිනිබිඳු දකින්නට ලැබෙන්නේ අවබෝධයෙන් ගමන් කරන කෙනෙකුටම ය. ළෙන්ගතුව සිනාසෙන පිනි බිඳු ජීවිතයේ අනිත්‍ය බව පසක් කර දෙයි.
නිවෙන සැනසෙන
තැනක් ඇත්නම්
එතැන තිබුණා ප්‍රේමය
දැවෙන විඳවන
තැනක් ඇත්නම්
එතන තිබුණා ප්‍රේමය
පිට 17
ජීවිතය එලෙසය. නිවෙන සැනසෙන තත්වයට පත්වන්නේ ජීවිතේ වියපත් බවට පත්වන යුගයකය දී ය. අවබෝධයක් ලද වයසක දී ය. එම කාල සීමාවේ දී හදවත් නිවේ. හැල්මේ දිවයන ස්වරූපය ගිලිහේ. එක අතකට ඒ වියපත් බවත් ජීවිත අත්දැකීමත් නිසා ම විය හැකිය. ඒ නිවෙන බව අතර රැඳෙන්නේ හදවතින් ගලා එන කරුණාබර ප්‍රේමයකි.
තවද ආදරවන්තයෝ දෙදෙනක් හෝ ආදරය කරන කාලයේ දී තරුණ අය ඔවුනොවුන් ඉදිරියේ දී නිවෙමින් කටයුතු කරති.මේ තැන්වලදී බොහෝ විට ප්‍රේමය ද ගිලිහී යාවිය යන බියද සැකයකි. එවිට ඔවුන් නිවෙන්නේ යම් තෘෂ්ණාබර හැඟීමකිනි.
එමෙන්ම දැවෙන විඳවන තාරුණ්‍යය දැවීමත් සමඟ ම හදවත් ගිනි ගනී . ඒ බව ස්වරූපයෙන් ද පිළිඹිබු වේ. මේ දැවීම අහිමි වීම හා තද ආසක්ත වීමක් හෝ ළඟාකර ගැනීමට නොහැකි දෙයක් වැනි දෙයක් විය හැකිය. එවිට එතැන තෘෂ්ණාව විසින් හටගන්නා ප්‍රේමය රැඳේ.
මේ මහ සයුර
කෙතරම් කුඩා දැයි
හැඟිණි මට
ඔබ
මා ළඟින් සිට
හුස්ම ගන්නා විට
පිට 13
ප්‍රේමයේ කවියකි. මහ සයුරටත් වඩා ඔහු සුවිශාලය. ඒ ඔවුන්ගේ ආදරයේ බැමිවල තීව්‍රතාව යි. මෙය ආදර කතාවකට මෙන්ම පිය සෙනෙහස ට ළඟාවේ. ඕනෑම දරුවකුට තම පියා මෙන් සුවිශාල කෙනෙක් තව නැති බව අප හොඳින් දනී. තාත්තාගේ සෙවණැල්ල යට හැදෙන දරුවාට ඒ සෙවණැල්ල ශක්තියකි. දරුවන් මුහුකුරා වැඩෙත් දී යම් යම් යුගවල දී ඔවුන්ගේ චින්තන රටාව වෙනස් වුණ ද සයුර පරදන යෝධ බලය ඇත්තේ පියාට ම පමණි.
ආදර කතාවක් ලෙස ගතහොත් අඹුසැමි දෙදෙනකුට මෙලෙස දැනෙන්නට හැකිය. ඔවුනොවුන් ළඟින් සිටින විට මහ මුහුද එතරම් සුවිශාල නොවේ.
ඔහෙ ඇවිත් යන
වලාකුළකට
වුණත් පුළුවනි
තනි රකින්නට
හිස් අහසට (05)
ඇත්තටම ජීවිතේ ට තනි රකින්නට බොහෝ අය ඉදිරිපත් වේ. ඒ තනිකඩ ජීවිතයක් ගත කරන කෙනෙකුටය. හිස් අහස ඒ ලෙසය. අහසට ටිකකට ඇවිත් යන වලාකුළ ගැන වගේ වගක් නැත. පැමිණිය හැකි මෙන්ම අපසු යා හැකිය. ජීවිතයද එලෙසය. තනිකඩයකුට කවුරු ආව ද නාව ද එය අත්‍යාවශය කරුණක් නොවේ. ඒ හිත් හරි හයියයි. කවුරු ආවත් නාවත් ජීවත් වීමේ හැඩය ඔවුන් උකහාගෙන අවසන්ය. ජීවිතේට තනි රකින්නට කැමති අයකුට හැකිය. එය ඔවුන්ගේ මනෝ ලෝකවල වුව විය හැකිය.
විටෙක එලෙස පවසන්නේ කවුරු ආවත් කමක් නෑ තනියට යන චේතනාව ගැබ්වි ඇති බව පෙනේ. නමුත් ඒ හිස් අහසකි. මෙන්ම හිස් ජීවිතයකි. බලාපොරොත්තු රහිත බවක් පෙනේ.
පරව යන බව
දැන දැන ම
ඔබේ උයනෙත්
මල් පිපෙන්නට
ඉඩ දෙන්න (04)
මලක් නම් පරව යයි. එය සනාතන දහමකි. ඔබේ උයනෙත් යන්නෙන් අදහස් කරන්නේ ජීවිත උයන විය හැකිය. මෙලෙස කිවිඳිය පවසනුයේ ආදරය ගිලිහෙන බව දැන දැනම ඇරඹෙන්න ඉඩ හරින්න යැයි මට සිතේ. වෙනස් වන ලෝකයේ නොවෙනස් වන කිසිදු දෙයක් නැත. සියල්ල වෙනස් වෙයි.
එමෙන්ම, තවත් ලෙසකින් ගත් කල මෙහි මල් ලෙස දරුවන් ද යොදාගත හැකිය. ඔවුන් ද අකාලයේ වෙන්විය හැකිය. ජීවිත වලින් සමුගෙන යා හැකිය. නමුත් දරුවන් ජීවිතයට ඇවැසිය. එබැවින් ඔවුන් ට ඉපදෙන්නට හරින්න. මෙලෙස ගත් කල මෙහි යටි පෙළ ගබ්සාව නවත්වන්න යනුයි.
ගිලිහුණු පිහාටුවකට
පණ ලැබී
සුළඟේ නැළවෙනු
බලා සිටියෙමි
නතර වී (01)
යමක් ගිලිහෙන විට බිමට පතිත වේ. එය නියාම ධර්මයකි. නමුත් මෙහි දී එම පිහාටුවක ට යළි පණ ලැබි ඇත. හේතු භූත වන්නේ සුළඟයි. සුළඟ ඒ ගමන් මග වෙනස් කරමින් පිහාටුව වෙනත් දිශානතියකට ගමන් කරයි.
එමෙන්ම මෙහිදී ගිලිහෙන පිහාටුව ලෙස ජීවිතය ගැන ද සිතිය හැකිය. ගිලිහෙන්න යන ජීවිතයට ඔක්සිජන් ලැබි ඈතට ඈතට දිශානතිය වෙනස් කරමින් ජීවිතය ගමන් කරන බව සත්‍යයකි. හිරවෙන හුස්මට පිළිතුර ම වන්නේ සුළඟ බැවින් ගිලිහෙන ජීවිතේට හුස්ම ටික කොපමණ වටීවි දැයි සිතේ. සතුට එතැන ය.
සොයා දිවියේ රන් රස
බැඳිනි අත්වැල එ දවස
බතෙහි දැනුණේ ලුණු රස
එහි නො විණි වෙන රස
ලිහා ගනු බැරි ලෙස
කරත්තය යයි ගොනු පසුපස (30)
ජීවිතේ පරිසමාප්ත අර්ථයෙන් ම දහම ට අනුව ප්‍රමාද වූවෝ කරත්තය පසු පස යන ගොනු මෙනි. එක්වරම සිහි වන්නේ යමක වග්ගයේ 1වැනි ගාථාවය.
- උපුටා ගැනීම -
“මනොපුබ්බඞ්ගමා ධම්මා මනොසෙට්ඨා මනොමයා
මනසා චෙ පදුට්ඨෙන භාසති වා කරොතිවා
තතො නං දුක්ඛමන්වෙති, චක්කං’ව වහතො පදං“
(වේදනාදි) චෛතසිකධර්මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් කිලිටි සිතින් (මුසාවාදාදී චතුර්විධ වාග්දුශ්චරිතය) කියන්නේ නම් හෝ (ප්‍රාණඝාතාදී ත්‍රිවිධ කාය දුශ්චරිතය) කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් දුක ඔහු ලුහු බඳියි. ගොනු අනුව යන ගැල් සක මෙනි.
- උපුටා ගැනීම අවසන් -
මෙම කවියේ එ දවස බැඳුණු විවාහ ජීවිතය ගැන මැනවින් ප්‍රකාශ කර ඇත. විඳින දුක් කම්කටොලු හේතුවෙන් ජීවිතයේ රසයක් නොදැනින. තමා ප්‍රාර්ථනා කළ සතුට එයින් ගිලිහී ගිය බවකි. නමුත් එයින් මිදී යාමට ද නොහැකිය. එසේ නම් රාහුලයෙක් ඇත්තා සේය. එවිට ඒ බැම්ම කෙසේ හෝ ඇද ගෙන යා යුතුව ඇත. එම නිසා එම බැඳීම ගොනු අනුව යන ගැල මෙන් කර්මානුරූපීව ගත භුක්ති විඳිමින් ගත වේ. ජීවිත යථාර්ථය එයයි. හදවතින් අත්හරිමින් එකටම ජීවත් වීම.
මා නැතුවත්
ඔබේ සිත් උයනෙහි
මල් පිපී තිබෙනු දැක
මසිත සුවපත් විය
පිට 36
මෙම කවියේ දෙදෙනා දෙපසක සිටින අයුරක් අදහස් වේ. එසේ වුව අනෙක් පාර්ශ්වය සොයා සිත ඇවිදියි. සොයා බලනුයේ තනිකම දැනෙන විලාසයයි.
“ඔබේ සිත් උයනෙහි
මල් පිපී තිබෙනු දැක“
මෙයින් ගම්‍ය වන්නේ ඒ සිතේ ආදරය සතුට ඇති බවකි. එසේ නම් එම බැඳීම් මිතුරු බැඳීම් හෝ ප්‍රේමනීය බැඳීම් විය හැකිය.
මේ බැඳීම්වලින් සුවපත් වන සිත දෙස බලමින් ඈතින් සිට සතුටු වන්නේ තමාගේ නිදහස ගැන සිතමින් ද ? කෙසේ හෝ සතුටින් සිටී නම් එයින් පහසුවක් ඇති බව ද ? තමා විසින් අනෙක් පාර්ශ්වය අත්හැරීම සාධාරනීකරණය කිරීමක් ද ? ලෞකිකත්වයෙන් තොර ජීවිතයකට තමා ඇතුළු වී ඇති බව ද? කිවිඳිය අප ඉදිරියේ බොහෝ ප්‍රශ්න ඉතිරි කර ඇත.
කළු කෝපි
ඇත්තට ම තිත්ත ය
ඇබ්බැහිය රසවත් ය
ජීවිතෙත් ඒ වගෙ ය
බොහෝ දෑ තිත්ත වුව ද
ඇබ්බැහිය රසවත් ය (52)
සත්‍ය එයයි කුමකට හෝ ඇබ්බැහිය රසවත් ය තම තමන්ට අනුව. ඇබ්බැහියේ දී රසය, සුවඳ, ගුණ සහ අගුණ කිසිවක් නොතේරෙන මනස සොයා යන්නේ තම කැමැත්තෙන් උද්දීපනය වීමටය. එය කවිය ද කතාව ද තනිකම ද වෙන්වීම ද එක් විෂයයකට සීමා නොවේ. පරිමිතියක් නොමැතිව ගලා යයි. ඇබ්බැහිය තිත්ත වුවත් එක්තරා රසයකි. යථාර්ථය එයයි.
.
නලිනි ද සිල්වා
අරාජිකත්වය යනු කුමක්දැයි පොත්පත්වලින් සංකල්පීයව දැනගෙන සිටියද මීට වසර දෙක තුනකට පෙර සිට මේ දූපතේ ජීවත්වන මිනිසුන්ට එය භෞතිකව අත්විඳීමට ‘වාසනාව’ උදා
චිත්‍ර කලාව පිළිබඳ නිදර්ශන සහිත විචාර ග්‍රන්ථයක් ලෙස දීප්ති කුමාර ගුණරත්න ලියා ඇති ‘සුන්දරත්වයට පසු කලාව’ මඟින් මෙරට චිත්‍ර කලා කතිකාව යාවත්කාලීන කර
“සියලූ ධර්මයන් ඇත්ත වශයෙන්ම පවතින්නේ නැති නිසා, කෙලෙස් හෝ ශුද්ධිය කියා හෝ දෙයක් ඇත්තේ නැත” – (ලංකාවතාර සූත‍්‍රය)
මාලන් බණ්ඩාර කවියා ගේ ’’නටු’’ නමැති සංක්ෂිප්ත කාව්‍යාවලිය කියැවීමෙන් අනතුරු ව ඉතා ලුහුඬින් අදහස් ස්වල්පයක් ලියා දැක්වීම සඳහා නිසග පෙලැඹුමක් ඇති විය.
’මන්දාකිණියක කීපදෙනෙක්’ කසුන් සමරතුංගගේ පළමු නවකතාව මෙන්ම ඔහුගේ හත්වැනි සාහිත්‍යය කෘතිය ලෙස 2024 වසරේ දී ජනගත විය. එය තත්කාලීන සමාජයේ එක්තරා පැතිකඩක පු
සිංහල කවියට විශාල ඉල්ලුමක් දැන් නැත. එය රටක සාහිත්‍යය ගැන සැලකිමේදි දැඩි අවාසනාවන්ත තත්වයකි. මන්ද කිවහොත් නිර්මාණකරණයේ හා පරිකල්පනයේ තිඹිරිගෙය වන්නේ
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
නියඟය පවා දියවෙයි වැහි වලාකුළේ