අපේ රටේ නවකතාවේ ශානරීය විවිධත්වය අඩුයි. ඒ කියන්නෙ අපරාධ නවකතා, රහස් පරීක්ෂක නවකතා වැනි උපශානර හරි අඩුයි.
ජනප්‍රිය නවකතා කියල සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ ආදර කතා. රොමෑන්සස්. යෞවන ප්‍රේම නවකතා.
හැබැයි ඒවට විතරක් ජනප්‍රිය නවකතා කියන එක වැරදියි. වන් හන්ඩ්‍රඩ් යියර්ස් ඔෆ් සොලිටියුඩ් ජනප්‍රිය නවකතාවක්. හැබැයි ඒක විශිෂ්ට කතාත්මක නවකතා හෙවත් ලිටරරි නවකතාවක් හෙවත් සාහිත්යික නවකතාවක්.
දැනටමත් අපි භාවිත කරපු නම්වලින්ම පේනව නවකතා කලාව එහෙම බෙදා වෙන් කරන්න අමාරුයි.
ලංකාවේ ජනප්‍රිය නවකතා කියා හැඳින්වෙන සාමාන්‍යයෙන් සාහිත්යික නවකතාව යැයි හැඳින්වෙන නවකතාවට වඩා කලාත්මකව පහළින් තියෙනවා යැයි සැලකෙන නවකතා ධාරාව ගැන මට ලොකු අවබෝධයක් නෑ.
ඒ පොත් ධාරාව කියවලා ඉවර කරන්න බැරි තරම් සංඛ්‍යාත්මකව විසාලයි.
නිහාල් පීරිස්ගේ මහ රෑ කිව්වෙ එක එක දේවලට දුවන පනින අස්සෙ.
නිහාල් කියන්නෙ කලාව ගැන ලොකු අවබෝධයකින් ජනප්‍රිය කලා ප්‍රභේද ගැන අවධානයෙන් ඉන්න කෙනෙක්. ඔහුගේ මීදුම නවකතාවත් මම කියවලා තියෙනවා.
මහ රෑ නවකතාව පැති කීපයකින් අගය කරන්න පුළුවන්.
එය පහසුවෙන් කියවිය හැකියි.
ජනප්‍රිය නවකතා උපශානරවල සාමාන්‍යයෙන් නැති ලක්ෂණ ගණනාවක් එහි තියෙනවා.
1- ශිල්පීය වශයෙන් පර්යේෂණාත්මකයි. පරිච්ඡේද විදියට එන ආඛ්‍යයිකා කොටස් සංවිධානය කර ඇති ආකාරයත් ඒවා තුළ නවකතාවේ කාල මානය කළමනාකර ඇති ආකාරයත් නිර්මාණශීලියි.
2- එහි ආදරය හෝ විවාහය ගැන දෘෂ්ටිය යථාර්ථවාදියි. අති-රොමෑන්තික නෑ. ආදරය ඕනෙ දෙයක් කළ හැකි මැජික් එකක් බවට පත් කරන්නෙ නෑ.
3- සරල ආදර සම්බන්ධයක් ඇතුළට ඉතිහාසය හා සමාජ පසුබිම ගෙනෙන ආකාරය අගය කළ හැකියි
4 චරිත නිරූපණය සංකීර්ණයි. සාමාන්‍ය වානිජ යථාර්ථවාදී (Commercial realist) නවකතාවකට වඩා චරිත ඇතුළට යනවා. චරිතවල මනෝවිද්‍යාත්මක ගවේෂණයක් කෙරෙනවා.
5- මනුෂ්‍ය ආදර සම්බන්ධතාවල හා ලිංගික සම්බන්ධතාවල සංකීර්ත්වය අල්ලනවා. විසමලිංගික සම්බන්ධයක සිට සමලිංගික සම්බන්ධයක් කරා සුඛනම්‍ය සේ ගලා යන ලිංගික නැමියාවක් සහිත ස්ත්‍රී චරිතයක් මෙහි එනවා. ඒ චරිතයෙහි ලිංගික විසමලිංගික, සමලිංගික හා ස්වයං වින්දන අඩවිවලට විහිදුණත් කතුවරයා ඇගේ චරිතය නිරූපණය කරන්නේ නරක හෝ වල් හෝ අධිලිංගික ගැහැනියක් සේ නොවෙයි. සාමාන්‍ය ගැහැනියක සේ. අර නම්නතා සාමාන්‍ය මනුෂ්‍ය නම්නතා බව කතුවරයා පෙන්වනවා.
ඒවා ලියා ඇති ආකාරයත් බෙහෙවින් වක්‍රොක්ති හා අල්පෝක්ති සහගතයි.
පිරිමියා සමාජ-දේශපාලන සවිඥානකත්වෙයන් යුක්තයි ගැහැනිය පරිභෝජනවාදියි පුද්ගලවාදියි වැනි සරල කිරීමක් මෙහි ඇතැයි කෙනකුට කියන්න පුළුවන්.
දක්ෂ ලේඛකයකු ඕනෑම උපශානරයකට පිවිසි විට ඔහු හෝ ඇය එය තුළ යම් විශිෂ්ටත්වයක් අත්කරගන්නා බව මේ පොතෙනුත් පේනවා.
කතුවරයෙක් ඉන්නා බවක් නොපෙනෙන තරම් විනිවිද පෙනෙන සේ කතාව ගලා යනවා. එහි එන තේමාත්මක කණිකා ඒවා විසින්ම මතු වෙන බවක් දැනෙනවා.
අරාජිකත්වය යනු කුමක්දැයි පොත්පත්වලින් සංකල්පීයව දැනගෙන සිටියද මීට වසර දෙක තුනකට පෙර සිට මේ දූපතේ ජීවත්වන මිනිසුන්ට එය භෞතිකව අත්විඳීමට ‘වාසනාව’ උදා
චිත්‍ර කලාව පිළිබඳ නිදර්ශන සහිත විචාර ග්‍රන්ථයක් ලෙස දීප්ති කුමාර ගුණරත්න ලියා ඇති ‘සුන්දරත්වයට පසු කලාව’ මඟින් මෙරට චිත්‍ර කලා කතිකාව යාවත්කාලීන කර
“සියලූ ධර්මයන් ඇත්ත වශයෙන්ම පවතින්නේ නැති නිසා, කෙලෙස් හෝ ශුද්ධිය කියා හෝ දෙයක් ඇත්තේ නැත” – (ලංකාවතාර සූත‍්‍රය)
මාලන් බණ්ඩාර කවියා ගේ ’’නටු’’ නමැති සංක්ෂිප්ත කාව්‍යාවලිය කියැවීමෙන් අනතුරු ව ඉතා ලුහුඬින් අදහස් ස්වල්පයක් ලියා දැක්වීම සඳහා නිසග පෙලැඹුමක් ඇති විය.
’මන්දාකිණියක කීපදෙනෙක්’ කසුන් සමරතුංගගේ පළමු නවකතාව මෙන්ම ඔහුගේ හත්වැනි සාහිත්‍යය කෘතිය ලෙස 2024 වසරේ දී ජනගත විය. එය තත්කාලීන සමාජයේ එක්තරා පැතිකඩක පු
සිංහල කවියට විශාල ඉල්ලුමක් දැන් නැත. එය රටක සාහිත්‍යය ගැන සැලකිමේදි දැඩි අවාසනාවන්ත තත්වයකි. මන්ද කිවහොත් නිර්මාණකරණයේ හා පරිකල්පනයේ තිඹිරිගෙය වන්නේ
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
නිහාල් පීරිස්ගේ ’’ මහ රෑ ’’ ශානරීය නවකතාවක්