රාජ්‍ය තාන්ත්‍රිකයා සහ ප්‍රශස්ත රාජ්‍ය නිලධාරියා යනු කවරෙක්ද, ඔහුගේ කාර්යභාර්ය කුමක්ද යන්න දැඩි ලෙස කතා බහට ලක්වෙන සමයකි මේ. ඊට හේතුව මෙරටට සංචාරය පිණිස පැමිණෙන විදේශික ප්‍රජාවට ලංකාව ගැන වඩා හොඳ චිත්‍රයක් මැවීමේ වගකීම රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පැවැරෙන අතර, රටේ පරිපාලනය පවත්වාගත යුත්තේ කෙසේද යන්න රාජ්‍ය නිලධාරීන්ට පැවරෙන කාර්යභාරයක්. එසේ නොමැතිව එය දේශපාලකයන්ගේ වගකීමක් නොවෙයි.
අද අපි කතාකරන කෘතිය ඓතිහාසිකව වැදගත් වන්නේ ඒ ආකාරයෙන්. බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ තොරතුරුවලින් ඉතා වැදගත් තොරතුරු රැසක් අන්තර්ගත වන මෙම කෘතිය වන්නේ, Diary of Mr. Jhon D'oyly. මෙය මීට බොහෝ කලකට පෙර සිංහලයට නඟා තිබුණා, ඒ ධර්ම ශ්‍රී ගුණපාල මහතා වෙතින්. එය එච්.ඩබ් කොඩ්රිංග්ටන් නමැති ප්‍රකට සිවිල් සේවා නිලධාරියා විසින් කළ ඩොලියිගේ දිනපොතේ සංස්කරණය ඇසුරෙන් කළ අනුවාදයක්.
එංගලන්තයේ සිට ඉහළ උසස් අධ්‍යාපනයක් ලබා තුරුණු වියේදිම මෙරටට පැමිණ කරතොට ධම්මාරාම, මොරතොට ධම්මානන්ද නාහිමිවරුන්ගෙන් සිංහල භාෂාව හදාරන ඩොයිලි, හෙළ සංස්කෘතිය මැනවින් හදාරා එම දැනුම භාවිතයට ගනිමින් උඩරට රදලයන්, සංඝයා වහන්සේ ඇසුරු කරමින් උඩ-පහත දෙරටේ ම වැසියන්ගෙන් සමන්විත වූ චරපුරුෂ ජාලයක් මනාව මෙහෙයවන්නේ ඒ අය තමුන් චරපුරුෂයෙක් බව නොඅඟවමින්. නිතර බුලත් විටක් මුවගේ රැඳි මේ සුදු ජාතිකයා ගැන සැකයක් සිංහලයන් තුළ උපදින්නේ නෑ.
ලංකාවේ අන්තිම රජුට එරෙහි ජනමතයට ද, ඉංගිරිසි ආක්‍රමණය හුදෙක් නායක්කාර් රජුගේ අත්තනෝමතික හා ක්‍රෑර පාලනයෙන් උඩරට හා එහි ජනතාව ගලවා ගැනිමේ පිරිසුදු චේතනාවෙන්ම ය යන ජනමතයට ද ඩොයිලි මනාව නායකත්වය සැපයුවා. 1815 වසර වන විට දි ඔහු එකදු බ්‍රිතාන්‍ය සෙබළෙකුගේ හෝ ජිවිතයකට හානී වීමට ඉඩ නොතබා ඉපැරණි කන්ද උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය කිරුලට නතු කර දීමට කටයුතු කළා.
ආණ්ඩුකාර ශ්‍රීමත් ෆ්‍රෙඩ්රික් නෝර්ත් ගේ අත්තනෝමතික හැසිරීම නිසා නැවත ඔහුව බ්‍රිතාන්‍යයට කැඳැවන අතර නෝර්ත්ගේ අනුප්‍රාප්තිකයා වශයෙන් මෙරටට පැමිණෙන්නේ ශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ්. ඔහු උඩරට රාජධානිය සමඟ ගැටුම් ඇතිකරගන්නේ නෑ. ඒ වෙනුවට ඔහු කරන්නේ විශාල ආයෝජනයක්. ශතවර්ෂ කිහිපයක් තිස්සේ උඩරට රාජධානිය අල්ලා ගැනීමට වෙනත් ජාතියකට නොහැකි වූ අරුමය ඔහු පර්යේෂණයට ලක්කරන්නේ විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙක් සහ රාජ්‍ය නිලධාරියෙක් යොදවා ගනිමිනුයි.
මෙම කෘතිය හරහා වංසකතා පොත් වලින් හමුනොවන තොරතුරු රැසක් සහ ඉතාම වැදගත් තොරතුරු රාශියක් මෙරට පාඨකයාට මෙන්ම ඉතිහාසඥයන් සහ ඉතිහාස ගවේශකයන් වෙත අනාවරණ වෙනවා. එදා පැවැති තත්ත්වයන් අනුව උඩරට ගිවිසුමට ඇත්තටම අස්සන් කළේ කවදාදා? වැනි කාරණා පවා එළිදරව් වනවා. එමෙන්ම මෙම කෘතියේ 1814 වර්ෂයේ සටහන් රැසක් අන්තර්ගත වන්නේ නෑ. එය ඩොයිලි නොලියූවාද නැද්ද පැහැදිලි නැති අතර සමහර ස්ථාන සම්පූර්ණයෙන් ම කපා දමා තිබූ බව කොඩ්රිංග්ටන් සඳහන් කරයි. ඒ කෙසේ වෙතත් මෙහි අන්තර්ගත තොරතුරු ප්‍රමාණයේ වටිනාකම අඩුවන්නේ නෑ. එබැවින් මෙය පුස්තකාලයක මෙන්ම, පෞද්ගලික පොත් එකතුවක තිබිය යුතු පොතක් ලෙස අප දකින්නේ අපේ ඉතිහාසය දෙස කැඩපතක් තුළින් බැලීමේ අවස්ථාව මේ කෘතිය හරහා අපට හිමිවන බැවිනි.
එමෙන්ම ලියුම්කරු හට මෙම කෘතිය සොයා යාමේදී මීට දශක දෙකකට පමණ පෙර මුහුණදීමට සිදුවූ රසවත් සිදුවීමකින් මේ සටහන අවසාන කරනවා.
මා පාසල් යන සමයේ මරදානේ පිහිටි එක්තරා ප්‍රකට පොත් සාප්පුවක් වෙත ගියේ මෙම කෘතියේ පිටපතක් සොයාගැනීමටයි. ඊට හේතුව වුණේ පාසලේ උගැන්වූ පාඩමක සිදුවීමක් සම්බන්ධව මා හට ඇතිවූ කුතුහලය නිසා. ඒ නිසා මා පොත රාක්ක රැසක සොයාබැලීමෙන් පසු හෙම්බත් වී, එහි රාජකාරි කරන අයෙකුගේ සේවය ලබාගැනීම මැනැවයි සිතුවා.
යම් සටහන් තැබීමක නිරතව සිටි සේවිකාවක් අමතා මා ඇසුවේ,
"මිස්, ඩොයිලිගෙ දිනපොත තියෙද? මම මේ රාක්ක ටිකේම බැලුවා.‘‘
"ම්ම්... ඩොයිලිගේ දිනපොත නං නෑ පුතා... ඒත් පහළ කවුන්ටරේ ගාව සීවලී දිනපොතයි, ලේක්හවුස් දිනපොතයි නං තියෙනව..!"
අරාජිකත්වය යනු කුමක්දැයි පොත්පත්වලින් සංකල්පීයව දැනගෙන සිටියද මීට වසර දෙක තුනකට පෙර සිට මේ දූපතේ ජීවත්වන මිනිසුන්ට එය භෞතිකව අත්විඳීමට ‘වාසනාව’ උදා
චිත්‍ර කලාව පිළිබඳ නිදර්ශන සහිත විචාර ග්‍රන්ථයක් ලෙස දීප්ති කුමාර ගුණරත්න ලියා ඇති ‘සුන්දරත්වයට පසු කලාව’ මඟින් මෙරට චිත්‍ර කලා කතිකාව යාවත්කාලීන කර
“සියලූ ධර්මයන් ඇත්ත වශයෙන්ම පවතින්නේ නැති නිසා, කෙලෙස් හෝ ශුද්ධිය කියා හෝ දෙයක් ඇත්තේ නැත” – (ලංකාවතාර සූත‍්‍රය)
මාලන් බණ්ඩාර කවියා ගේ ’’නටු’’ නමැති සංක්ෂිප්ත කාව්‍යාවලිය කියැවීමෙන් අනතුරු ව ඉතා ලුහුඬින් අදහස් ස්වල්පයක් ලියා දැක්වීම සඳහා නිසග පෙලැඹුමක් ඇති විය.
’මන්දාකිණියක කීපදෙනෙක්’ කසුන් සමරතුංගගේ පළමු නවකතාව මෙන්ම ඔහුගේ හත්වැනි සාහිත්‍යය කෘතිය ලෙස 2024 වසරේ දී ජනගත විය. එය තත්කාලීන සමාජයේ එක්තරා පැතිකඩක පු
සිංහල කවියට විශාල ඉල්ලුමක් දැන් නැත. එය රටක සාහිත්‍යය ගැන සැලකිමේදි දැඩි අවාසනාවන්ත තත්වයකි. මන්ද කිවහොත් නිර්මාණකරණයේ හා පරිකල්පනයේ තිඹිරිගෙය වන්නේ
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
රාජ්‍ය රහස් හෙළි කළ ඩොයිලිගේ දිනපොත