IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


ලංකාවේ ක්‍රිකට් පොලිෂ් කළ සුද්දා

 

An islands eleven

මේ දිනව අපට නිතර ඇසෙන මාතෘකාවක් වන්නේ ක්‍රිකට්. ඊට හේතුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල ලබන ජයග්‍රහණ හේතුවෙන් මෙරට ප්‍රේක්ෂක ප්‍රජාව ක්‍රිඩාව නැරඹීමෙන් යම් වින්දනයක් ලබන බව දක්නට ලැබීමයි. අද පුස්තක මස්තක තතීරයට අප තෝරගත්තේ අපේ රටේ ක්‍රිකට් ගැන කියැවෙන අපූරු කෘතියක්.

ශ්‍රී ලංකාව ක්‍රිකට් එක්දින ලෝක කුසලානයක් දිනාගත්ත ද ඒ පිළිබඳව හෝ අපේ රටේ ක්‍රිකට් ඉතිහාසය පිළිබඳව සිංහල බසින් කිසිදු කෘතියක් නිකුත් වී නැහැ. අසල්වැසි ඉන්දියාව සිනමා කෘති පවා නිර්මාණය කළ ද, මෙරට එවැනි කිසිදු උත්සාහයක් දක්නට ලැබී නැහැ. එය කනගාටුවට කරුණක්. එහෙත් දශක හතරකට වැඩි ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන ලියැවෙන්නේ, සුද්දෙක් අතින්.මේ අනුව

නිකලස් බෲක්ස් මහතා විසින් රචිත An island's elevan  කෘතිය පිළිබඳව අද කතාබහට ගැනෙයි. එහි දී A History of Cricket in Sri Lanka  යනුවෙන් පොතේ නමට යටින් යොදා ඇති වැකිය පොතේ අන්තර්තය ගැන ඉඟියක් සපයයි. ඇත්ත වශයෙන්ම මෙය ශ්‍රී ලංකා ‘ක්‍රිකට් බයිබලය’ යනුවෙන් හැඳින්වීමේ වරදක් නැහැ. ඊට හේතුව, මෙරට ක්‍රිකට් ආරම්භය සිදුවූයේ වර්ෂ 1832 පමණ ඈත භාගයේ බ්‍රිතාන්‍ය පාලකයන් අතින් බව සාක්ෂි සහිතව මෙහි සනාථ කොට තිබීමයි. එදා සිට 2014 වර්ෂය දක්වා කාණ්ඩ හයක් යටතේ මාතෘකා පනහක් ඉක්මවා යමින්, මෙම කෘතිය සංග්‍රහ කර තිබෙනවා . මෙම කෘතිය කියැවීමේදී අප මෙරට ක්‍රිකට් ක්‍රිඩාව සම්බන්ධයෙන් හඳුනාගෙන ඇත්තේ ක්‍රිඩක නම්-ගම් කිහිපයක් පමණක් බවත්, නමුත් ඊට යටින් විශාල කතාන්තරයක් ඇති බව ද බෲක්ස් අපට පෙන්වා දෙනවා.එමෙන්ම ක්‍රිකට් ක්‍රිඩාව පිළිබඳ හදාරන්නන්ට, පර්යේෂකයන්ට ද මෙය එකසේ වැදගත් කෘතියක්.

එලෙසින්ම මෙම කෘතියේ අපේ රටේ ක්‍රිකට් ක්‍රිඩාව කඩා වැටීම, කුමන්ත්‍රණ, දේශපාලනය, තහනම් දකුණු අප්‍රිකා සංචාරය, ලෝක කුසලානයේ තිරයේ පිටුපස කතා ආදී කාරණා රැසක් අන්තර්ගත කර තිබෙනවා.පෙන්ගුයින් සමාගම විසින් ඉන්දියාවේ දී ප්‍රකාශයට පත්කර ඇති මෙම කෘතිය පිටු 579 කින්  සහ දුර්ලභ ඡායාරූප රැසකින් යුක්ත වන අතර රචනයේදී ඉතා සරල, රසවත් භාෂාවක් බෲක්ස් ඊට යොදාගෙන තිබෙනවා.මෙහි කරුණු සපයා ගැනීමේදී ඔහු ජීවමාන ක්‍රිකට් පුරාවෘත්ත රැසක් සම්මුඛ සාකච්ඡාවට ලක්කර ඇති අතර, ලිපිලේඛන විශාල ප්‍රමාණයක් විමර්ශනයට ලක්කොට තිබෙනවා.මෙය පර්යේෂණ කෘතියක් ලෙස සම්පාදනය කැර ඇති මුත් සාමාන්‍ය කෘතියක් ලෙස කියැවිය හැකි ලෙසින් නිකලස් බෲක්ස් සංග්‍රහ කර තියෙනවා . එය පසුගිය වසරේ හොඳම ක්‍රීඩා සාහිත්‍ය කෘතිය ලෙස සම්මානයට පාත්‍ර වීමත් විශේෂත්වයක් .

මෙම කෘතියේ අන්තර්ගත රසවත් කතන්දර සයිබර් අවකාශයේ, ෆේස්බුක් බිත්තියේ පළවනු දුටු බැවින් මෙම කෘතිය කෙරෙහි අපේ අවධානය යොමුවුණා. මෙම කෘතිය මෙරට පාඨකයන් දැන හඳුනාගන්නේ විශේෂඥ වෛද්‍ය, සම්මානිත පරිවර්තක පුෂ්ප රන්ජන් විජේසිංහ මහතා විසින් වසර කිහිපයකට පෙර ෆේස්බුක් වෙත එක්කළ සටහනක් හරහා බව දැනගන්නට ලැබුණා . පසුව මෙහි රසවත් කොටස් පියවරෙන් පියවර, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිළිණ රුවන් මලලසේකර විසින් සිංහල බසින් තවද රසවත් කොට ෆේස්බුක් අවකාශය වෙත මුදාහැර තිබුණ . අප මෙහි දී උපුටා දක්වන්නේ එහි පළවූ පරිවර්තනයක කොටසක්.

අදින් ශතවර්ෂ එකහමාරකටත් එපිට, එනම් එක්දහස් අටසිය හැත්තෑ ගණන්වල අග භාගයේ පැවැත්වුණු, රාජකීය - ශාන්ත තෝමස් පාසල් ක්‍රිකට් තරගය පහත සඳහන් රස කතාවට පාදක වෙයි.

”... පසුව මෙම ක්‍රීඩා තරගය දෙදිනක් පුරා පැවැත් වුණු අතර, එහි සහභාගීත්වය පාසල් දෙකෙහි සිසුන්ට පමණක් සීමා විය.

දුර්වල පිතිහරඹයන් හා තණකොළ  නොකැපූ, අනතුරුදායක විකට්ටුත් හේතුවෙන් කණ්ඩායම් අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යාම දිගටම සිදු විණි.

තරගවල රැස් කෙරුණු ලකුණු ප්‍රමාණය අඩු වූ නමුත් ශ්‍රී ලාංකික කොල්ලන්ගේ මේ ක්‍රිකට් ක්‍රීඩා සැණකෙළිය මහජනයාගේ මනසට කෙමෙන් කෙමෙන් ගෝචර වන්නට පටන් ගැනුණි.

ස්වදේශිකයෝ රහසින් තරගවලට ඔට්ටු ඇල්ලීමට පටන් ගත්හ. ඒ තම කාසි පොල්කටු තුළ සඟවා තබා ගනිමිනි.

එහිදී වඩාත් ජනප්‍රියම ඔට්ටුව වූයේ පිතිකරුවන් කී දෙනෙක් ලකුණු නොලබා දැවී යාවිද යන්නයි.”



අදහස් (0)

ලංකාවේ ක්‍රිකට් පොලිෂ් කළ සුද්දා

ඔබේ අදහස් එවන්න

 

 
 

පුස්තක මස්තක

එරික් ඉලයප්ආරච්චිගේ ’’තිවංක කතාව’’
2025 මාර්තු මස 25 192 0

අරාජිකත්වය යනු කුමක්දැයි පොත්පත්වලින් සංකල්පීයව දැනගෙන සිටියද මීට වසර දෙක තුනකට පෙර සිට මේ දූපතේ ජීවත්වන මිනිසුන්ට එය භෞතිකව අත්විඳීමට ‘වාසනාව’ උදා


සෞන්දර්යේ අවශ්‍යතාව හා “සුන්දරත්වයට පසු කලාව”
2025 මාර්තු මස 18 946 1

චිත්‍ර කලාව පිළිබඳ නිදර්ශන සහිත විචාර ග්‍රන්ථයක් ලෙස දීප්ති කුමාර ගුණරත්න ලියා ඇති ‘සුන්දරත්වයට පසු කලාව’ මඟින් මෙරට චිත්‍ර කලා කතිකාව යාවත්කාලීන කර


සිංහල සාහිත්‍යය ථෙරවාදයෙන් වජ්‍රයානයට
2025 පෙබරවාරි මස 25 275 1

“සියලූ ධර්මයන් ඇත්ත වශයෙන්ම පවතින්නේ නැති නිසා, කෙලෙස් හෝ ශුද්ධිය කියා හෝ දෙයක් ඇත්තේ නැත” – (ලංකාවතාර සූත‍්‍රය)


මාලන්ගේ නටු කවිකමට තටු
2025 පෙබරවාරි මස 18 137 0

මාලන් බණ්ඩාර කවියා ගේ ’’නටු’’ නමැති සංක්ෂිප්ත කාව්‍යාවලිය කියැවීමෙන් අනතුරු ව ඉතා ලුහුඬින් අදහස් ස්වල්පයක් ලියා දැක්වීම සඳහා නිසග පෙලැඹුමක් ඇති විය.


මන්දාකිණියක කීපදෙනෙක් වම්මුන්ට ගැසූ කනේ පහරක්
2025 පෙබරවාරි මස 11 155 0

’මන්දාකිණියක කීපදෙනෙක්’ කසුන් සමරතුංගගේ පළමු නවකතාව මෙන්ම ඔහුගේ හත්වැනි සාහිත්‍යය කෘතිය ලෙස 2024 වසරේ දී ජනගත විය. එය තත්කාලීන සමාජයේ එක්තරා පැතිකඩක පු


ගැහැනු සිතක පිරිමි කව
2024 දෙසැම්බර් මස 24 45 0

සිංහල කවියට විශාල ඉල්ලුමක් දැන් නැත. එය රටක සාහිත්‍යය ගැන සැලකිමේදි දැඩි අවාසනාවන්ත තත්වයකි. මන්ද කිවහොත් නිර්මාණකරණයේ හා පරිකල්පනයේ තිඹිරිගෙය වන්නේ


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 189 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 781 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 777 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site