මීට වසර දෙකකට පමණ පෙර ෆේස්බුක් පිටු අතර අමුතුම පොතක කවරයක් ඇස ගැටුණා. සාමාන්‍යයෙන් හාස්‍යෝත්පාදක කෘතිවලට ඔබින අන්දමේ නමක් තිබූ මෙහි කතුවරයා නමින් විෂ්ණු වාසු නම් වුණා. පොතේ නම ‘සිම්පල් සයිමන්‘ ය. කවරයත් විසිතුරු යි. කතුවරයාගේ ජීවන වෘතාන්තය හරහා සංගීතය නමැති සත්සර සාගරයේ එක් බිඳුවක ලවණ රසය අපේ දිවගට දැනෙන්නට පටන් ගන්නවා. එහි ඒ සා රසවත් භාෂාවකි. කෝමල මනරම් යෙදුම් රැසෙකි.
විෂ්ණු වාසු ලංකාව හැරපියා ඉන්දියාවට යන්නේ සංගීතය හැදෑරීමටය. මුලින්ම කේරළයට යන ඔහු කේරළ කලා මණ්ඩලම් හි අධ්‍යාපනය ලබන අයුරුත් ඉන් පසුව සිද්ධාර්ථ සත්‍යය සොයා යනවාක් මෙන් විවිධ ගුරුකුල ඇසුරු කරමින් සිය සංගීත අධ්‍යාපනය ප්‍රගුණ කරයි. කේරළය ගැන ඉතාම රසවත් තොරතුරු කෘතියේ අන්තර්ගතව ඇති අතර අපට මතකයට නැගෙන්නේ මලයාලම් චිත්‍රපටයක ජවනිකා පෙළක් පමණි. රමණීය ලෙස කේරළ ජන ජීවිතයත් ඉන්දියාවේ මහා සංගීත සම්ප්‍රදායක අක්මුල් සොයා යාමත් මෙහිදී කියවන්නට ලැබෙයි.
ජීවිතය ඇතැම් විට රස්තියාදුවකි. සංසාර වන්දනාවේ යන වන්දනාකාරයා මේ රස්තියාදුව විඳිය යුතුය. ජීවිතය විවිධ පැතිවලින් කියැවිය යුතුය. විෂ්ණු වාසු සත්‍යය සමග ප්‍රබන්ධය අපූරු ලෙස මිශ්‍ර කරමින් මහත් අභිරුචියෙන් වර්ණනා කරන්නේ ඉන්දියාවේ මහා සම්ප්‍රදායයි. ඔහුට උපන් රට වගේ වගක් නැතිවන තරමට ඉන්දියාව ආශක්ත වූයේ ඇයි දැයි දැනගන්නට නම් පොත කියැවිය යුතුය. මේ හරහා විද්‍යමාන වෙන්නෙ මනුෂ්‍ය ස්වභාවයන්, ආකල්ප, අභ්‍යන්තරික සිතුම් පැතුම් ය. කලාව ප්‍රගුණ කිරීමට විෂ්ණු දරන්නා වූ වෙහෙස, කැපකිරීම හා ඉවසීම කියවන්නා පුදුමයට පත් කරනවා. භාරත රස්තියාදුවේදී හමුවන ස්ථාන, මිනිසුන් සහ චරිත ගැන ඔහු අපූරු විස්තර රාශියක් ඉදිරිපත් කරනවා. අප පසුව කරපු හොයාබැලීම් වලදි ඇතැම් පුද්ගලයන් තවමත් ජීවමානයි.
ඝටම් බෙර වාදකයෙක් ලෙස ප්‍රසිද්ධ විෂ්ණු අනෙකුත් සංගීත සම්ප්‍රදායන් හදාරන්නේ ඔහුට තිබෙන ආසාව මත. ඔහු අනේකවිධ කැපකිරීම් කරන්නේ මේ ගුරුකුලවලින් ශාස්ත්‍රය ලබාගන්න. ඒ වගේම ඒ ගමනේදි ඔහුගේ කඩාවැටීම් වගේම ජයග්‍රහණ ගැනත් ඔහු අවංකව සඳහන් කරනවා. ගුරුවරයා කෙරෙහි පවත්නා අසීමිත ගෞරව සම්ප්‍රයුක්ත බියත්, ඔවුන් කෙරෙහි දැක්වූ ලාලසාවත් මෙයින් අපිට පෙනෙන්න ගන්නවා. සංචාරාඛ්‍යයනයක් එසේත් නැතිනම් චාරිකා සටහන් ගොන්නක් ලෙස මුලින් සිතුණත් මේක නවකතාවක හැඩය ගන්නවා. උදාහරණ, සංකේත, භාෂාව භාවිතයේදි ලේඛකයා කොයියම්ම හෝ වෙලාවක පාඨකයාට කියවීම නීරස කරවන්නේ නෑ. ලේඛකයාගේ පෞද්ගලික ජීවිතයේ වූ හැලහැප්පීම් නිසා මහනුවර සිට ඉන්දියාවට යාමේ මේ කතාන්දරය ඇතැම් විට හද පාරවන සිදුවීම්, සිනහව ගෙනෙන සිදුවීම්, අපුල දනවන සිදුවීම් වගේ විවිධ රසයන්ගෙන් සම්මිශ්‍රණය කරල තියෙන්නේ චිත්‍රපටයක් වගේ.
කේරළය ගැන කිව්වාම ගොඩක් දෙනෙක්ට අපේම සංස්කෘතියක කාබන් කොපියක් වගේ සිහිගැන්වෙනවා. කතෝලික දහම අදහන බහුතරයක් ඉන්න ඒ පළාතේ කෑම ගැන විෂ්ණු මෙහෙම කියනවා.
"ලංකාවෙ ජනප්‍රිය ආප්ප, ඉදිආප්ප, පිට්ටු කේරළේ හැඳින්වෙන්නේ ආප්පම්, ඉදිආප්පම් , පුට්ටු ලෙස. ලංකාවෙ හදන ආප්පයට වඩා කේරළේ ආප්පම් ප්‍රමාණයෙන් ටිකක් ලොකුයි.ආප්පම් කන්නෙ කඩල කරියත් එක්ක..
ඉදිආප්පම් කන්නෙ මිශ්‍ර එළවළු කරියත් එක්ක. කිරි හොදි පොල් සම්බෝල භාවිතයක් මෙහෙ නෑ . පුට්ටු කන්න පොල්කිරි හොද්දක් හදල කට්ට සම්බෝලයක් අඹරා ගන්නව.. ඇතැම් අය කෙහෙල් ගෙඩි එක්ක පුට්ටු කනව...
කේරළේ කඩ ඇති තරම්. මෙහෙ රාවලට කියන්නෙ කල්ලු කියල. හැම හන්දියකම වගේ රා කඩයක් දෙකක් තියනවා. ඒව කලවම් රා නෙමෙයි.ලංකාවෙ වගේම තම්බපු මඤ්ඤොක්කයි කොච්චි සම්බෝලෙයි තමා.
කේරළේ ප්‍රධානම සෞන්දර්ය විශ්වවිද්‍යාලය තමයි කේරළ කලාමණ්ඩලම්
මම යන්නෙ ඒ කේරළ කලාමණ්ඩලම් සංස්කෘතික නවාතැනට ...."
අරාජිකත්වය යනු කුමක්දැයි පොත්පත්වලින් සංකල්පීයව දැනගෙන සිටියද මීට වසර දෙක තුනකට පෙර සිට මේ දූපතේ ජීවත්වන මිනිසුන්ට එය භෞතිකව අත්විඳීමට ‘වාසනාව’ උදා
චිත්‍ර කලාව පිළිබඳ නිදර්ශන සහිත විචාර ග්‍රන්ථයක් ලෙස දීප්ති කුමාර ගුණරත්න ලියා ඇති ‘සුන්දරත්වයට පසු කලාව’ මඟින් මෙරට චිත්‍ර කලා කතිකාව යාවත්කාලීන කර
“සියලූ ධර්මයන් ඇත්ත වශයෙන්ම පවතින්නේ නැති නිසා, කෙලෙස් හෝ ශුද්ධිය කියා හෝ දෙයක් ඇත්තේ නැත” – (ලංකාවතාර සූත‍්‍රය)
මාලන් බණ්ඩාර කවියා ගේ ’’නටු’’ නමැති සංක්ෂිප්ත කාව්‍යාවලිය කියැවීමෙන් අනතුරු ව ඉතා ලුහුඬින් අදහස් ස්වල්පයක් ලියා දැක්වීම සඳහා නිසග පෙලැඹුමක් ඇති විය.
’මන්දාකිණියක කීපදෙනෙක්’ කසුන් සමරතුංගගේ පළමු නවකතාව මෙන්ම ඔහුගේ හත්වැනි සාහිත්‍යය කෘතිය ලෙස 2024 වසරේ දී ජනගත විය. එය තත්කාලීන සමාජයේ එක්තරා පැතිකඩක පු
සිංහල කවියට විශාල ඉල්ලුමක් දැන් නැත. එය රටක සාහිත්‍යය ගැන සැලකිමේදි දැඩි අවාසනාවන්ත තත්වයකි. මන්ද කිවහොත් නිර්මාණකරණයේ හා පරිකල්පනයේ තිඹිරිගෙය වන්නේ
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
’’සිම්පල් සයිමන්’’ගේ භාරත රස්තියාදුව