" මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. නෝන්ඩි කරන්නෙ නැතුව වටිනා පිළිතුරක් දෙයි කියල බලාපොරොත්තු වෙනවා. මම කොතෙකුත් පොත් කියවලා තිබුණත් සෑම වසරකම ස්වර්ණ පුස්තක සම්මානය ලබා ගන්න පොත් ආසාවෙන් කියවන්න ගත්තත්, මට ඒවයෙ මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ. කැමෙලියා, තාත්තාට ලියුමක්, හඳ පළුව තනි තරුව, ප්‍රේත."
ළඟදි දවසක එක්තරා පොත් සමූහයක දැකපු පෝස්ට් එකක් මේ. මේකට මට මතක හැටියට ලයික්ස් හාරසිය ගාණකුත්, කමෙන්ට්ස් පන්සිය ගාණකුත් ලැබිල තිබුණා. ඒ වැඩි දෙනා මේ පෝස්ට් එක ලියපු කෙනාගෙ අදහසට එකඟවයි අදහස් දක්වල තිබුණෙ. සමහරු කියල තිබුණෙ තමුන්ට මෙච්චර කල් කියා ගන්න බැරිව හිටපු දෙයක් මේ පෝස්ට් එක ලියපු කෙනා ලියා ඇති බවයි.
මේ පෝස්ට් එකෙන් මතු කරන විදියටම සමහරුන්ට කොච්චර ට්‍රයි කළත් සම්මාන දිනන සාහිත්‍ය කෘති රස විඳින්න බැහැ. ඒ ගැන ඔවුන් තුළ විශාල කනස්සල්ලක්, වරදකාරී හැඟීමක් වගේම තමුන් පහත් පෙලේ පාඨක පිරිසක් ය යන හීනමානමය හැඟීමක් තියෙන බව පේනවා. මම නම් හිතන්නේ එහෙම හිත කරදර කරගන්න ඕන නැහැ කියලයි.
සම්භාව්‍ය යයි කියන සාහිත්‍යය රස විඳින්න බැරි වීම ඒ හැටි ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ඒගොල්ලන්ගෙ වරදකුත් නෙවෙයි. සම්මානයට පාත්‍ර වෙන විදග්ධ යයි කියන සාහිත්‍යය රස විඳින්න එක පැත්තකින් රස වින්දනය පිළිබඳ පුහුණුවක් අවශ්‍යයි. සාහිත්‍යය ගැන තියෙන ශාස්ත්‍රිය කාරණා අධ්‍යයනයක් අවශ්‍යයි. නමුත් නවකතා, කෙටිකතා කියවන වැඩි දෙනෙක් මේ වගේ ටිකක් අමාරු හැදෑරීම්වලට කැමැති නැහැ. ඒ සඳහා ඔවුන් තුළ පෙලඹීමක් ඇති වෙන්නෙත් නැහැ. ඒකෙන් ඔවුන් විනෝදයක් ලබන්නෙත් නැහැ. මේක හරියට මට අංක ගණිතය පුළුවන් වුණාට ඊට වඩා සංකීර්ණ උසස් ගණිතය, සංයුක්ත ගණිතය වගේ ඒව ඉගෙන ගන්න මට ආසාවක් නැහැ වගේ කාරණයක්. අපි හැමෝටම ඒ වගේ දැනුමට අදාළ සීමාවල් තියෙනවා.
ඒක නිසා සම්මාන දිනන, සම්භාව්‍ය යයි කියන සාහිත්‍යය රස විඳින තත්වයට පාඨකයො හැමෝම පත් වෙන්නෙ නැහැ. වැඩි දෙනෙක් කියවන්න කැමති වඩාත් සරලව. පහසුවෙන් රස විඳින්න පුළුවන් කෘති. නමුත් ඒ කෘති කියවන සමහර අය තුළ වරදකාරී හැඟීමක්, තමුන් පහත්ය කියන හැඟීමක් ඇති වෙන්න පුළුවන් . අර මුලින් සඳහන් කළ පෝස්ට් එකෙන් කියැවෙන්න එහෙම දෙයක්. “නෝන්ඩි නොකර උත්තරයක් දෙන්න” කියල එයා ටිකක් බැගෑපත්ව වගේ කියන්නෙ මේ අසරණ හැඟීම නිසා යි.
මෙතන තියෙන්නෙ පොඩි කුලභේදයක් වගේ දෙයක්. සම්භාව්‍ය කලාව රස විඳින අය උසස් කුලයක අය හැටියට හැඟීමක් තියෙනව. එහෙම නැති අය ටිකක් පහත් කුලයක අය වගෙයි දැනෙන්නෙ. ඉහත පෝස්ට් එකේ “නෝන්ඩි නොකර” කියල ලියල තියෙන්නෙ ඒකයි.
මේ නිසා සමහරු සම්භාව්‍ය කෘති ඇත්තට රස විඳින්නෙ නැති වුණත් තමුන් ඒව රස විඳින බව බොරුවට පෙන්නනව. එහෙම කරල කලාව, සංස්කෘතිය ඇතුළේ තමුන් ඉහළ ප්‍රභූ පැලැන්තියට අයිතියි වගේ මාන්නක්කාර හැඟීමක් තමුන්ට ආරෝපණය කර ගන්නවා.
මම නම් කියන්නෙ තමුන්ට මේ සීරියස් කියන සාහිත්‍යයේ රසයක් නැත්තං, ඒවා රස විඳීම සඳහා අවශ්‍ය අභ්‍යාස කරන්න ආසාවකුත් නැත්තං ඕනෑවට වඩා ඒ ගැන වද වෙන්න ඕන නැහැ කියන එකයි. තමුන්ට තේරෙන, තමුන්ට රසයක් ලැබෙන නිර්මාණ රස වින්දාම ඇති. හීනමානයක්, වරදකාරී හැඟීමක් ඇති කරගන්න ඕනෑ නැහැ. ලෝකෙ අතිශය සම්භාව්‍ය යැයි කියන ලේඛකයන්ගේ සමහර නවකතා මට පට්ට බෝරිං. ලේඛකයා කොච්චර ලොක්කෙක් වුණත් ඒ වගේ බෝරිං නවකතා මම කියවන්නෙ නැහැ. පැත්තකින් තියල නිකං ඉන්නව.
අනික සම්භාව්‍ය කලාව රස වින්ද කියල මිනිස්සුන්ට ලැබෙන විශේෂ දේකුත් තියෙනව කියල මම හිතන්නෙ නැහැ. කාලයක් අදහසක් තිබුණ සම්භාව්‍ය කලාව රස වින්දම මිනිස්සු මාර උසස් මිනිසුන් බවට පත්වෙනව කියල. එහෙම දෙයක් වෙන්නෙ නැති බව අපි අද ප්‍රායෝගිකවම අත් දැකල තියෙනව. ඉතාම සරල, ජනප්‍රිය කලාව රස විඳින සාමාන්‍ය මිනිස්සු අතරේ ඊට වඩා ගව් ගාණකින් උසස් මිනිස්සු අපිට අනන්තවත් හම්බ වෙනවා.
ඒක නිසා මම නං කියන්නෙ කලාව රස විඳින එක හිතට බරක් කරගන්නෙ නැතුව තමුන්ට අවංකව දැනෙන දේ නිදහසේ රස විඳින්න කියලයි. ඒක සම්භාව්‍ය ද, නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක් කරගන්න ඕනෑ නැහැ.
අරාජිකත්වය යනු කුමක්දැයි පොත්පත්වලින් සංකල්පීයව දැනගෙන සිටියද මීට වසර දෙක තුනකට පෙර සිට මේ දූපතේ ජීවත්වන මිනිසුන්ට එය භෞතිකව අත්විඳීමට ‘වාසනාව’ උදා
චිත්‍ර කලාව පිළිබඳ නිදර්ශන සහිත විචාර ග්‍රන්ථයක් ලෙස දීප්ති කුමාර ගුණරත්න ලියා ඇති ‘සුන්දරත්වයට පසු කලාව’ මඟින් මෙරට චිත්‍ර කලා කතිකාව යාවත්කාලීන කර
“සියලූ ධර්මයන් ඇත්ත වශයෙන්ම පවතින්නේ නැති නිසා, කෙලෙස් හෝ ශුද්ධිය කියා හෝ දෙයක් ඇත්තේ නැත” – (ලංකාවතාර සූත‍්‍රය)
මාලන් බණ්ඩාර කවියා ගේ ’’නටු’’ නමැති සංක්ෂිප්ත කාව්‍යාවලිය කියැවීමෙන් අනතුරු ව ඉතා ලුහුඬින් අදහස් ස්වල්පයක් ලියා දැක්වීම සඳහා නිසග පෙලැඹුමක් ඇති විය.
’මන්දාකිණියක කීපදෙනෙක්’ කසුන් සමරතුංගගේ පළමු නවකතාව මෙන්ම ඔහුගේ හත්වැනි සාහිත්‍යය කෘතිය ලෙස 2024 වසරේ දී ජනගත විය. එය තත්කාලීන සමාජයේ එක්තරා පැතිකඩක පු
සිංහල කවියට විශාල ඉල්ලුමක් දැන් නැත. එය රටක සාහිත්‍යය ගැන සැලකිමේදි දැඩි අවාසනාවන්ත තත්වයකි. මන්ද කිවහොත් නිර්මාණකරණයේ හා පරිකල්පනයේ තිඹිරිගෙය වන්නේ
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ස්වර්ණ පුස්තක සම්මාන දිනූ නවකතා කියවන්න බැරි ඇයි?