පසුගිය වසර පුරා ‘විත්ති කතා‘ පොත් පළවීම සුලබව දක්නට ලැබුණා. විත්ති කතා යනු යම් ලේඛකයෙක් සිය ජීවන චර්යාව තුළ අත්දුටු සහ අත්විඳි අත්දැකීම් කැටිකොට සංග්‍රහ කරන ලද ලේඛන ප්‍රවර්ගයක්. ඒවා කියැවීම ජීවිතයට වැදගත් වන්නේ මක්නිසාද යත් සමාජයේ විසූ දැවැන්ත චරිත සම්බන්ධයෙන් නොකියවුණු, නොපළවුණු දෑ ඒ හරහා පාඨකයන්ට දැනගන්නට ලැබෙන අවස්ථාවක් වන හෙයිනි.
අද අප හඳුන්වා දෙන්නේ පසුගිය වසරේ එළිදක්වන ලද එවැනි අපූරු කෘතියකි. කෘතියේ නම් ‘හිතක මතක‘. හිතක මතක ලියන්නේ කරුණාරත්න අමරසිංහ මහතා. කරුණාරත්න අමරසිංහ සූරීන් සැලකුවාම එළු-පාලි-සංස්කෘත මෙන්ම ඉංගිරිසි බසද මැනැවින් දත්තෙක්. ඒ වගේම රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී ලේඛකයෙක්, පරිවර්තකයෙක්, හඬ නළුවෙක්, ගුවන් විදුලි හා රූපවාහිනී නිවේදකයෙක්, ශූර කතන්දරකරුවෙක්. එතුමන්ගේ ක්ෂේත්‍ර පසුතලයන් එක්ක ආශ්‍රය කරන්නට ලැබී තිබුණු චරිත අප්‍රමාණයි. ඔවුන් හා බැඳි මතක සුවිශේෂයි. ඒවා අප්‍රකටයි වගේම රසවත්.
මහගම සේකර, එදිරිවීර සරච්චන්ද්‍ර, මාර්ටින් වික්‍රමසිංහ, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, ඩෝල්ටන් අල්විස්, කේ. ජයතිලක, බණ්ඩාර කේ විජේතුංග වැනි ප්‍රකට විදග්ධ චරිත රාශියක් ඇසුරේ තමන් ලැබූ අත්දැකීම් මෙකී කෘතියට කැටිව තිබෙයි. මෙම කෘතිය කියවන්නකු භරතමුනිගේ නාට්‍ය ශාස්ත්‍රයේ සඳහන් රස ගුලාවක ගිලී යනු නිසැකයි. මෙහි අන්තර්ගත කරුණු දැනුම වශයෙනුත්, අධ්‍යාපනික වශයෙනුත් සාහිත්‍යමය වශයෙනුත් ඉහළ අගයක් පෙන්වයි. භාෂාව අතිවිශිෂ්ට අයුරින් හසුරවමින් සංස්කෘත පාලි වදන් මාලාවලින් ඔජ වඩමින් ලියා ඇති අයුරු ආධුනික කියවන්නකුට මාර්ගෝපදේශයක්.
සුප්‍රකට චරිත පිළිබඳ අප්‍රකට කතා රැසක් මෙහි සඳහන් වුණත් ඒ හැමකින්ම හදවත ආලෝලනය වන්නේ ආදරයකිනි, භක්තියකිනි. මේසා විසල් මිනිසුන් මධ්‍යයේ දිවිගෙවීම කෙතරම් වාසනාවක්දැයි සිතෙන තරමට හිත ඊර්ෂ්‍යාවෙන් පිරීයන පරිදි අමරසිංහ මහතා මෙය සංග්‍රහ කැර තිබෙයි. අප මෙය කියැවීම මැනැවැයි යෝජනා කරන්නේ හේතු කීපයක් මතයි. පළමුවැන්න ලියන්නෙකුගේ භාෂාව හැඩගැසීමට මෙයින් ලැබෙන පිටුබලය, අන් අයගේ අත්දැකීම් තම නිර්මාණවල ගුණාත්මය ඉහළ නැංවීමට භාවිත කළ හැකි වීම වගේම යම් නිර්මාණයක් රසවත්ව ඉදිරිපත් කිරීමේ ව්‍යාකරණයද මේ කෘතිය තුළ අන්තර්ගත හෙයිනි.
කෘතියේ රසවත් කොටසකින් සටහන අවසන් කරමු.
සුගත්ගේ සම්පූර්ණ නම අවලිකාර ගලප්පත්තිගේ සුගතපාල ද සිල්වා බව දන්නා මම, වරක් ඔහුට මෙසේ යෝජනා කළෙමි.
‘‘සුගත්, ඔය සිල්වා කියන පරංගි කෑල්ල අත ඇරලා, සුගතපාල ගලප්පත්ති කියල නම වෙනස් කරගන්නකො. එතකොට නමේ අසිංහලකම යනවනෙ. යූස්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා එදිරිවීර සරච්චන්ද්‍ර වුණා, මොරිස් ඩයස් චිත්‍රෙස්න වුණා. ඇල්බට් පෙරේරා අමරදේව වුණා‘
එවේලෙ ඔහු මට උත්තර දුන්නේ මෙසේ ය.
‘‘මචං, නාට්‍යකාරයෙක් හැටියට දැන් ගුණසේන ගලප්පත්තිගේ නම මේ රටේ ප්‍රසිද්ධයි නේ. සුගතපාල ද සිල්වා කියන නමින් වේදිකාවට ආපු මම හිටිහැටියේ සුගතපාල ගලප්පත්ති කියල නම වෙනස් කරගත්තොත් මිනිස්සු හිතාවි මං ගුණසේන ගලප්පත්තිගේ නමින් බැබළෙන්න යනව කියල. ඊට හොඳයි ස්වාධීන නාට්‍යකාරයෙක් හැටියට මගේ පරංගි නමින්ම ඉන්න එක!‘‘
අරාජිකත්වය යනු කුමක්දැයි පොත්පත්වලින් සංකල්පීයව දැනගෙන සිටියද මීට වසර දෙක තුනකට පෙර සිට මේ දූපතේ ජීවත්වන මිනිසුන්ට එය භෞතිකව අත්විඳීමට ‘වාසනාව’ උදා
චිත්‍ර කලාව පිළිබඳ නිදර්ශන සහිත විචාර ග්‍රන්ථයක් ලෙස දීප්ති කුමාර ගුණරත්න ලියා ඇති ‘සුන්දරත්වයට පසු කලාව’ මඟින් මෙරට චිත්‍ර කලා කතිකාව යාවත්කාලීන කර
“සියලූ ධර්මයන් ඇත්ත වශයෙන්ම පවතින්නේ නැති නිසා, කෙලෙස් හෝ ශුද්ධිය කියා හෝ දෙයක් ඇත්තේ නැත” – (ලංකාවතාර සූත‍්‍රය)
මාලන් බණ්ඩාර කවියා ගේ ’’නටු’’ නමැති සංක්ෂිප්ත කාව්‍යාවලිය කියැවීමෙන් අනතුරු ව ඉතා ලුහුඬින් අදහස් ස්වල්පයක් ලියා දැක්වීම සඳහා නිසග පෙලැඹුමක් ඇති විය.
’මන්දාකිණියක කීපදෙනෙක්’ කසුන් සමරතුංගගේ පළමු නවකතාව මෙන්ම ඔහුගේ හත්වැනි සාහිත්‍යය කෘතිය ලෙස 2024 වසරේ දී ජනගත විය. එය තත්කාලීන සමාජයේ එක්තරා පැතිකඩක පු
සිංහල කවියට විශාල ඉල්ලුමක් දැන් නැත. එය රටක සාහිත්‍යය ගැන සැලකිමේදි දැඩි අවාසනාවන්ත තත්වයකි. මන්ද කිවහොත් නිර්මාණකරණයේ හා පරිකල්පනයේ තිඹිරිගෙය වන්නේ
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
’’ හිතක මතක’’ විත්ති කතා පොතක්