The Wayback Machine - https://www.lankadeepa.lk/

වරෙන්තුව ඉවත් කරන්නැයි රාජිත ඉල්ලයි

(රෝෂන් තුෂාර)

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳවන්නැයි ඉල්ලා හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න මහතා විශේෂ මෝෂමක් ගොනුකරමින් කොළඹ මාහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියි. 

අල්ලස් කොමිසමේ ඉල්ලීම පරිදි පසුගිය 12 වෙනි දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳවන ලෙසට ඉල්ලා මෙම විශේෂ මෝෂම ගොනුකොට ඇත. 

රාජිත සේනාරත්න මහතා ගොනු කළ මෙම විශේෂ මෝෂම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ අද කැඳවීමට නියමිතය.