පොලොස් වෑංජනයට කවුරුත් ප්‍රියය. එහෙත් පොලොස් වෑංජන රසට හදන්නට නම් දර ලිපේ පිසින්නට ඕනෑ යැයි බොහෝදෙනා සිතති. එහෙත් එවනි නියමයක් නැත. ගෑස් ලිපේ මෙන්ම ප්‍රෙෂර් කුකුරයේ වුවත් පොලොස් වෑංජනය සෑදිය හැකිය. මෙහි දැක්වෙන්නේ පෙෂර් කුකරයේ පොලොස් වෑංජනයක් රසවත්ව පිසගන්නා ආකාරයයි.
පොලොස් වෑංජනය
අවශ්‍ය ද්‍රව්‍ය
පොලොස් ගෙඩියක්
මිරිස් කුඩු මේස හැඳි 2 ක්
ගම්මිරිස් කුඩු මේස හැඳි 1 ක්
තුනපහ කුඩු මේස හැඳි 2 ක්
කහ කුඩු තේ හැඳි 1 ක්
ලුණු කුඩු තේ හැඳි 2 ක්
ගොරකා ඉත්තක්
රතුලූනු ගෙඩි 3, 4 ක්
ඉඟුරු අඟලක පමණ කැබැල්ලක්
සුදුලූනු බික් 3, 4 ක්
කරද මුංගු කරල් 2, 3 ක්
කරාබු නැටි 2 ක්
කුරුඳු කැබැල්ලක්
කුරුඳු කොළ 2, 3 ක්
රම්පා, කරපිංචා, සේර කැබැල්ලක්
දියකිරි කෝප්ප 2 ක්
මිටිකිරි කෝප්ප 1 ක්
සාදන ක්‍රමය
පළමුව පොලොස් ගෙඩියේ පොතු හැර හතරට පළා එහි වහලු කොටස ඉවත් කර අඟලේ පමණ කුට්ටි කපන්න. එය සෝදා ගම්මිරිස් කුඩු සහ ලුණු කුඩු අතගා පසෙක තබන්න. ප්‍රෙෂර් කුකරයට තෙල් මේස හැඳි 2 ක් දමා රත්කරන්න. එය රත්වන විට අබ ඇට තේ හැඳි 1/2 ක් දමන්න. බැදෙන විට කරපිංචා, රම්පා, ඉඟුරු, සුදුලූනු , ලූනු, කුරුඳු දමන්න. තෙම්පරාදු වන විට මිරිස්කුඩු, තුනපහ කුඩු, කහ තෙලට දමන්න. කළු පැහැ වී බැදෙන විට කපාගත් පොලොස් කැබලි දමා කුරුඳු කොළ දමා හොඳින් අතගා දියකිරි සහ මිටිකිරි කෝප්පය දමා ප්‍රෙෂර් කුකුරයේ පියන වසා පැය 1/2 ක් පමණ තම්බන්න. කුරුඳු කොළ දැමීමෙන් පොලොස්වලට රතු වර්ණය ලැබේ. පොලොස් තැම්බී හමාර වූ පසු නැවතත් මෙහි රසය වැඩි කිරීමට මැටි හට්ටියකට පොලොස් ඉවත් කර පොල් කිරි අඬු කෝප්ප 1 1/2ක් පමණ දමා ලිප තබා පිසින්න. වෑංජනය ලිපෙන් බෑමට පෙර කළු කුඩු ටිකක් ඉසින්න.
කුළු කුඩු සාදන ආකාරය
අවශ්‍ය ද්‍රව්‍ය
කොත්තමල්ලි මිටක්
සූදුරු මේස හැඳි 1 ක්
මාදුරු තේ හැඳි 1 ක්
උ`ඵහාල් තේ හැඳි 1 ක්
අබ තේ හැඳි 1 1/2 ක්
ගම්මිරිස් තේ හැඳි 1 ක්
කරදමුංගු කරල් 5,6ක්
කරාබු නැටි කරලක්
කුරුඳු පොතු අඟල් 3, 4 කැබැල්ලක්
සාදික්කා කැබැල්ලක්
කරපිංචා කොළ
මිටක්
රම්පා කැබැල්ලක්
සාදන ක්‍රමය
මේ සියල්ල වෙන වෙනම කබලේ බැද කොටන්න.
අවශ්‍ය ද්‍රව්‍ය පිටි ග්‍රෑම් 225 ක් කුරුඳු කුඩු තේ හැඳි 1 ක්
පොලොස් වෑංජනයට කවුරුත් ප්‍රියය. එහෙත් පොලොස් වෑංජන රසට හදන්නට නම් දර ලිපේ පිසින්නට ඕනෑ යැයි බොහෝදෙනා සිතති.
තම්බා පොඩිකර ගත් බඩ ඉරිඟු ඇට නැතිනම් ස්වීට් කෝන්( ෆුඞ් සිටි වලින් ගත හැකිය) ග්‍රෑම් 50 ක්
තද උණුසුම ඇති දිනෙක සිසිල් බීම වීදුරුවක් බීමට ඇත්නම් කෙතරම් අගේද?
නන්තල් කාලයට ගැළපෙන මෙම කේක් වර්ග සති නත්තලට සති 2, 3කට කලින් සාදා ගැනීමට වුවද පු`ඵවන.
නැවුම් එළකිරි ලීටර් 1 ක් / කිරිපිටිග්රෑම් 200 ක් ක්‍රමඩාන් (ස්ටැඩිලයිසර්) ග්‍රෑම් 10 ක් හෝ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ප්‍රෙෂර් කුකරයෙන් පොලොස් උයමු