IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


සීතල කේක්

 

නන්තල් කාලයට ගැළපෙන මෙම කේක් වර්ග සති නත්තලට සති 2, 3කට කලින් සාදා ගැනීමට වුවද පු`ඵවන.  චොක්ලට් රසය වැඩියෙන් ඉස්මතු වන මෙම කේක් අමුත්තන්ට වගේම නෑදෑ ගමනකට ගෙනයාමටද සුදුසුය. මෙම කේක්  ශීතකරණයේ තබා පාවිච්චියට  ගැනීමෙන් රසය තවත්  වැඩි වේ.

 

චොක්ලට් මයෝනීස් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 
පිටි කෝප්ප 2 ක්
චොක්ලට් පවුඩර් කෝප්ප 1/2 ක්
චොක්ලට් කැබලි කෝප්ප 1/2 ක්
බේකින් පවුඩර් තේ හැඳි 1/2 ක්
ආප්ප සෝඩා තේ හැඳි 1 1/4 ක්
ක්‍ෂණික කෝපි කුඩු  තේ හැඳි  1ක්
බිත්තර 3 ක් / මයෝනීස් කෝප්ප 1 ක්
සීනි කෝප්ප 1 ක් / වතුර කෝප්ප 1 1/4 ක්
වැනිලා තේ හැඳි 1 ක් / ලුණු ස්වල්පයක්
චොක්ලට් ගනාෂ් / කුකින් චොක්ලට් ග්‍රෑම් 100ක්
හෙවි ක්‍රීම් ග්‍රෑම් 100 ක් / මීපැණි මේස හැඳි 1ක්


සාදන ක්‍රමය
 බිත්තර සහ සීනි බඳුනකට දමා ගසන්න. එයට මයොනීස් සෝස් එකතු කරන්න.  පිටි, චොක්ලට් කුඩු,  බේකින් පවුඩර්, ආප්ප සෝඩා, කෝපි කුඩු එකට කලවම් කරන්න. මෙම මිශ්‍රණය බිත්තර සීනි මිශ්‍රණයට එකතු කරන්න. වතුර කෝප්ප 1/4 එකතු කරන්න. මෙය බටර් ගාගත් තැටියට දමා සෙන්ටිග්‍රේඞ් 175 උෂ්ණත්වයට  විනාඩි 20, 25 ක් බේක් කරන්න. බේක් කරගත් කේක් එක ටූත් පික් ගසා සිදුරු කරන්න. එය ඉවතට ගෙන නිවෙන්න තබන්න.


චොක්ලට් ගනාෂ්
  සාස්පානකට හෙවික්‍රීම්, චොක්ලට් කැබලි, මීපැණි දමා  යන්තම් අඩු ගින්දරේ උණු කරන්න. දිය වූ පසු කේක් එක වයර් රැක් එකකට දමා චොක්ලට් ගනාෂ් කේක් එක මතට වත් කරන්න. ශීතකරණයේ පැය 2 ක් තබා කෑමට ගන්න. 


 

 

 

පයිනැපල් හෝලි කේක්

අවශ්‍ය ද්‍රව්‍ය
පිටි ග්‍රෑම්  250 ක්
සීනි ග්‍රෑම් 250 ක්
එළවළු තෙල් කෝප්ප 1/2 ක්
ලොකු බිත්තර 3 ක්
බේකින්  පවුඩර් තේ හැඳි 2 ක්
වතුර කෝප්ප 1 1/4 ක්
ටොෆින්
ක්‍රීම් චීස් ග්‍රෑම් 250 ක්
විප්ඞ් ක්‍රීම් මිලි ලීටර් 200 ක්
අන්නාසි ගෙඩි 1/2 ක් 
සීනි ග්‍රෑම් 100 ක්


සාදන ක්‍රමය 
බඳුනකට සීනි, තෙල්, දමා ගසන්න. බිත්තර එයට  එකතු කරගන්න. පිටි, බේකින් පවුඩර් එකට හලන්න. එය බිත්තර මිශ්‍රණයට එකතු කර මිශ්‍රකර තෙත මදි නම් වතුර එකතු කරන්න. මිශ්‍රණය තැටියට දමා සෙන්ටිග්‍රේඞ් 175 උෂ්ණත්වයට විනාඩි 35, 40 ක් බේක් කරන්න. කේක් එක නිවෙන්න තබා ස්ට්‍රෝ බටයකින් කේක් එක සිදුරු කරන්න. සිදුරු උඩින්  සීනි සමග ස්ටු කරගත් අන්නාසි වලින්  1/2 ක් දමන්න.  දැන් ක්‍රීම් චීස් සහ විප්ඞ් ක්‍රීම් ගසන්න. එය අන්නාසිවලට උඩින් දාන්න. ඉතිරි කරගත් අන්නාසි ස්ටු  උඩින් දමා  ශීතකරණයේ තබා කෑමට ගන්න.



අදහස් (0)

සීතල කේක්

ඔබේ අදහස් එවන්න

 

rasa nivasa

ළමයි කැමති රසැති - හැඩැති කෙටි කෑම
2020 ජනවාරි මස 30 358 0

අවශ්‍ය ද්‍රව්‍ය පිටි ග්‍රෑම් 225 ක් කුරුඳු කුඩු තේ හැඳි 1 ක්


ප්‍රෙෂර් කුකරයෙන් පොලොස් උයමු
2020 ජනවාරි මස 30 830 0

පොලොස් වෑංජනයට කවුරුත් ප්‍රියය. එහෙත් පොලොස් වෑංජන රසට හදන්නට නම් දර ලිපේ පිසින්නට ඕනෑ යැයි බොහෝදෙනා සිතති.


ඇනිමල් ෂානීස්
2020 ජනවාරි මස 30 298 0

තම්බා පොඩිකර ගත් බඩ ඉරිඟු ඇට නැතිනම් ස්වීට් කෝන්( ෆුඞ් සිටි වලින් ගත හැකිය) ග්‍රෑම් 50 ක්


දාහේ නිවන ගෙදර හදන බීම
2020 ජනවාරි මස 30 1127 0

තද උණුසුම ඇති දිනෙක සිසිල් බීම වීදුරුවක් බීමට ඇත්නම් කෙතරම් අගේද?


සීතල කේක්
2020 ජනවාරි මස 30 670 0

නන්තල් කාලයට ගැළපෙන මෙම කේක් වර්ග සති නත්තලට සති 2, 3කට කලින් සාදා ගැනීමට වුවද පු`ඵවන.


චොක්ලට් අයිස්ක්‍රීම්
2020 ජනවාරි මස 30 741 0

නැවුම් එළකිරි ලීටර් 1 ක් / කිරිපිටිග්‍රෑම් 200 ක් ක්‍රමඩාන් (ස්ටැඩිලයිසර්) ග්‍රෑම් 10 ක් හෝ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 198 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 456 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site