IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඇවිත් යනවද වරක් දැකුමට...

ජීවිතයක මුල ,මැද,අග මේ හැමකැනකම තිබෙන්නෙ හමුවීම් සහ වෙන්වීම්.බොහෝ හමුවීම් ජීවිත වර්ණවත් කළා ට වෙන්වීම් ඉතිරි කරන්නෙ ම දුකක් සංතාපයත් පමණයි.ඒක පොදු ධර්මතාවක්.ඒ ධර්මතාවට පිටුපාන්න අප කාටවත් බැහැ.හමුවුණු හැම තැනකම වෙන්වීම් තියෙනවා කියන්නෙ ඒකයි.

ආදරය කියන්නෙ හැම ජීවිතයක් ම අත්විඳින කාටවත් ම මඟහැර යන්න බැරි මේ විශ්වයේ ඇති අපූරු බැඳීමට.ඒ බැඳීම් විවිධාකාර වුවත් යොවුන් විය එළඹෙද්දිම තරුණ සිත් අතරින් දෝරගලන ආදරය තමයි දෙහදක් බැඳී මුළු ජීවිතයම සරසන්නෙ.

බොහෝ වෙලාවට යොවුන් වියේදි ඇතිවන ප්‍රේමය කලක් ගතවද්දි බිඳී විසිරී යන්නෙ එකිනෙකා අතර ඇතිවන විවිධ නොගැලපීම් හේතුවෙන්.බොහෝ වෙලාවට ඒ වෙන්වීම් දරාගන්න නොහැකිවුවත් එයට මුහුණ දිය යුතුමයි.

අද වෙද්දි බොහෝ ප්‍රේමවන්තයින්ට වෙන්වීම කියන්නෙ දරාගත නොහැකි කාරණාව ක් බව පසක් වන්නේ දවසින් දවස විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තාවන පුවත් මඟින්.ආදරය කරපු හිත්වලින් ,එකට බැඳීගිය අත්වලින් ම තමන්ගෙ ප්‍රේමවන්තියට පිහියෙන් ඇනලා,ගෙල මිරිකලා මරා දමපු අවස්ථා අනන්තවත්.එහෙම වන්නේ වැඩි ආදරයද කියන තැන අදටත් ප්‍රශ්නයක්.

ප්‍රේමයයි වෛරයයි අතරේ 
වෙනස කෙස් ගසකට සමයි
ප්‍රේමයේ පූජාව බිඳි දා
ඔහුගෙ ආගම වෛරයයි....

(යමුනා විනෝදනී)

ප්‍රේමය සහ වෛරය අතර ඇති පරතරය මොනතරම් සංකීර්ණ කාරණාවක්ද යන්න දැණුනත් ප්‍රේමනීය වෙන්වීමකදි සියලු දුක් දරාගෙන ජීවිතයට මුහුණ දෙන පෙම්වතුන් අපඅතර නැතිවා නොවෙයි.සදාකාලික ප්‍රේමය හිත් පතුළේ සඟවාගෙන සෙනේ සිතින් තම ප්‍රේමයට සමුදෙන්න තරම් කුළුණු සිතක් හිමිනමි ඒ තමයි සැබෑම ප්‍රේමය.

තුන් හිතකවත් නෑ අමනාපයක් නගේ
මේ අපි ජාති ජාතිත් පැතු ලෙසයි නගේ...

( පණ්ඩිත් අමරදේව/ ආචාර්ය අජන්තා රණසිංහ )

එහෙව් පෙමි සිත් නිරන්තරයෙන් ම ප්‍රාර්ථනා කරන්නෙ ජීවිතය සුබවාදීව දැකීම මිසක් වෛරයෙන්,කෝපයෙන් තවත් ලෝකයක් කඩා සුනු විසුණු කර දැමීම නොවෙයි.ආදරය බිඳී ගිය පසුව පෙම්වතියගෙ පෙම්වතාගෙ අඩුපාඩුකම් සමාජගත කරන එක නොවෙයි.

දුරින් හිඳ සෙනෙහස බෙදාගෙන
මදක් නැවතී හිනා දී යන
සිතට නොතලා පෙමින් වෙලුනද
මතක්වෙන විට දුකක්මැයි නුඹ...

මගේ යැයි සිතුණාට සැමවිට
මගේ නොවනා බවම දැණුනම
සිතේ නුඹ සිටියාට මං ගැන
හදේ ගින්දර නිවනු හැකිවෙද....

කලක් යනවිට කිසිත් නැති මට
නුඹත් හිමිනැති බව දැනෙන විට
දුකක් සැඟවී හද රිදෙව්වට
ඇවිත් යනවද වරක් දැකුමට...

පද - චාමලී නවරත්න 
ස්වර - මාලක රත්නායක 
හඬ - සුනීර සුමංග

සුභාවිත ගී කෙතට දවසින්  දවස එකතුවන ගී පද රචක රචිකාවන් අතරේ " දුරින් හිඳ.." ගීතය ලියූ චාමලී නවරත්න මතු බලාපොරොත්තු තබාගත හැකි ගී පද රචිකාවකි.

බොහෝ විට නවක ගී පද රචක රචිකාවෝ ගී පද රචනයට ප්‍රවිෂ්ඨ වීමේදී අාදරය,විරහව මත නිර්මාණ කිරීම තරමක් සුලබ කාරණාවකි. චාමලී සිය නිර්මාණය ට ප්‍රේමයේ විරහව පාදක කර ගත්තද වෙනත් නවක නිර්මාණකරුවන් තුළින් නොදකින පරාසයකට පැමිණීම සාධනීය ලකුණ කි.

ආදරය හැමදාමත් ජිවමානව තියෙන්නෙ අහිමි වීම් වල මිසක් හිමිවීම්වල නෙමෙයි.ප්‍රේමය,සෙනෙහස,ආදරය යනාදී වශයෙන් කුමන වදනකින් හැඳිවූයේ වුවත් ඒ හැඟීම අප සියලුදෙනාටම පොදු නිමිත්තක් .කඳුළ,හිනාව,දුක,සතුට,හිමි වීම් අහිමි වීම් මුසු වූ මේ හැඟීම කිනම් වයසක හිටියත්,කුමන තරාතිරමක හිටියත් අපේ හිත් අස්සට රිංගන්නේ අනවසරයෙන් .බොහෝ විට හිමිවීම් අඩු,අහිමි වීම් වැඩි මේ පොදු කාරණාව,හැඟීම,නිසාම ඇතිවන විප්‍රලම්භ ශෘංගාරයම මගේ මේ ගීතයට මූලිකවම,සෘජුවම හේතුවක් හිතට දැනෙනම ප්‍රේමය,හිත නවතින  ප්‍රේමය,හිත ඉල්ලන ප්‍රේමය ,හිමි කර ගැනීමේ,අයිති කර ගැනීමේ භාග්‍යය අප බොහෝ දෙනෙකුට බොහෝ විට අහිමියි.එවන් විටකදී දුරින් හිටි‍යත් දැනුන,දැනෙන ඒ ආදරය බෙදාගන්න අපට බැරිකමක් නෑ.දුක් කරදර උරුම ජීවිතයට කලාතුරකින් වන ඒ ප්‍රේමයේ හමුවීම්,ලැබීම් සතුට ගෙන දෙන එකම කාරණාවද විය හැකියි.එවන් ආදරයක දකින,ළඟ රැඳෙන සුළු මොහොත වුණත් සිනාව ගෙන එන කරුණක් වන්නේ ද ඒ නිසාමයි.කරුණු එසේ වුවත්,ඒ හිමි කර ගැනීමට නොහැකි වීම නිසාම කොයි තරම් සුන්දර මතකයන් තිබුනා වුනත්,අහිමි බව දැනෙන නිසාම,මතක් වන හැම මොහොතක ම හිත කීරි ගැහෙන සියුම් දුකක් වේදනාවක් ,දැනෙන එක නතර කර ගැනීම කළ නොහැක්කක් .

මගේමයි  කියල කෙතරම් වාරයක් කිව්වත්,හිතුවත්,ඇත්තටම  මගේ නෙමෙයි නේද කියල දැනෙන හැඟීම ගැහැණු පිරිමි බේදයක් නැතිවම හදවත සියුම් ගින්දරකින් දවාලන්නට හේතුවක් .

කාලයක් ගියත් අපට ඒ ආදරය හිමි නොවන බව දැනගෙන වුණත්,එය හදවත පාර පාරා රිදවනව වුණත් ආයෙමත් එක වාරයක් හරි ඒ ආදරය දැකීමෙන්  වුණත් ලබන සතුට මිල කළ නොහැකියි.මං හිතන්නෙ එතන තමයි ඇත්ත ම ආදරය තියෙන්නෙ .හදවතට දැනෙන ආදරයක් ළඟ,අයිතියක් කියන්න බැරි වුණත්,හිමිකමක් නැති වුණත්,සිහිවන වාරයක් පාසා හදවත රිදෙව්වත්,දිවි හිමියෙන්,ඒකාත්මික ව බැඳීමම සැබෑම ආදරය ලෙසයි මට දැනුනෙ.

මේ ගීතය මගේ පෞද්ගලික අත්දැකීමක් ඇසුරින් ලියවුනා වුණත්,මෙය ඇත්තටම  පොදු අත්දැකීමක් .මේ ගීතය අසන,අසා හඬන,නැවත නැවත අසන ශ්‍රාවකයන් ,රසිකයන් එයට නිදසුන් සපයනවා.මේ ගීතය දැන් ඔවුන්ගේම වෙලා.මා විසින් රචනා කළා වුණත් දැන් එයට අයිතිකරුවන් බොහෝ දෙනෙක් සිටිනවා.මගේ හදවත ට දැනුණු හැඟීමක්,දැනෙන වචන ටිකකින් ලියලා තවත් හදවත් ගණනාවකට ආමන්ත්‍රණය කරන්නට ඉඩ හසර ලැබීම පිළිබඳව  මට ඇත්තේ විශාල සතුටක්, ඒ වචන වලට ගැළපෙන ම සංගීතය මුසු කළ මාලක රත්නායක මල්ලිත්,සිය ළයාන්විත හඬින් ජනතාව අතරට ගීතය  ගෙන ගිය සුනීර සුමංග මල්ලිත් මං ඉතා ආදරයෙන් මේ මොහොතේත් සිහිපත් කරනවා.ඒ වගේම ගීතය මුදාහළ දා සිටම ගීතය ආදරයෙන් වැළඳගෙන,අසන,විඳින දයාබර රසික රසිකාවියන්ට මගේ ගෞරවාදරය ඉතසිතින් පුදකරනවා.

ඒ වගේම තමයිතවත් කිවයුතු ම සුවිශේෂී  කරුණක් තිබෙනවා.මගේ ප්‍රථම කවි පොත "ගිම්හාන වැහි බිඳු"හි  එන කවියක් ඇසුරින්  තමයි මේ ගීතය බිහි වුණෙත්.

මුදලට පමණක් සීමාවී  ගීත යැයි කියා  අවරගනයේ  හරසුන් වචන සමාජගතකරන කාල සීමාවක ප්‍රේමයේ විරහව දෙස වෙනත් මානයකින් බැලූ නවක ගී පද රචිකාව ගීත ක්ශේත්‍රයේ හෙමින් ගමනක නියැලීම තුළ අනාගතයේ සාරවත් නිර්මාණ රසවිඳීමට හැකිවෙතයි බලාපොරොත්තු තබාගතහැකි වීම සුබ ලකුණකි.

විවරණය: සුජිත් ප්‍රසංග



අදහස් (0)

ඇවිත් යනවද වරක් දැකුමට...

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 579 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site