ඩ්‍රාමා ක්වීන් කාලයෙන් කාලයට අලූත් ගීත සංගීත කරළියේ රැව් දෙයි. බැස යයි. පසුගිය කාලයේ ලංකාවේ සේම විදෙස් රටවලද පිළිරැව් දුන් මැණිකේ මගේ හිතේ ගීතය රචනා කළ දුලාන් ඒ.ආර්.එක්ස් ගේ නවතම ගීතය ඩ්‍රාමා ක්වීන් මේ දිනවල යූ ටියුබ් අවකාශයේ ඉමහත් ජනප්‍රියත්වයට පත් ගීතයක් බවට පත්ව තිබේ.
දුලාන් මේ වන විට නිර්මාණය කර තිබෙන ගීත සියල්ලම ඉමහත් ජනප්‍රියත්වයට පත්වීමෙන්ම දුලාන්ගේ දක්ෂතාව වටහා ගත හැකිය.
දුලාන්ගේ ඩ්‍රාමා ක්වීන් ගීතයේ ගායනය මෙන්ම පද රචනය ඔහුගේය. එහි රූප රචනයට මෙන්ම ගායනයටද ජනප්‍රිය නිළි යුරේනි නොෂිකා එක්ව සිටින්නීය.
ඇගේ ශුංගාරාත්මක රංගන විලාසය මෙන්ම ආකර්ෂණීය ගායනයද ඩ්‍රාමා ක්වීන් රූප රචනයේ සාර්ථකත්වයට ඉවහල් වී තිබේ.
පිරිමි ළමයකු රවටන තරණියක් පිළිබඳ මෙම ගීතයෙන් කියැවේ. ත්‍රිකුණාමලයේ දින දෙකක් පුරා 40 දෙනකුගේ කණ්ඩායමක් සමඟින් මිලියන තුනක් වියදමින් ඩ්‍රාමා ක්වීන් ගීතය නිර්මාණය කර තිබේ. මේ වන විට ගීතයට ලැබෙන ප්‍රතිචාර බහුතරයක් සුබවාදී බව දුලාන් කියයි.
යොවුන් විය එළැඹෙනවාත් සමඟම හිතේ උපදින ආදරය පිළිබඳව බොහෝ දෙනා විවිධ කතා කියුවත්,මත පළකරත් ඒ ආදරය තමයි ජීවිතය ජීවත් කරවන ආදරය වන්නේ.
මෙලොව එළිය දකින සෑම මිනිසකුම තම ජීවිතය අරඹන්නේ සොබාදහම සමඟින්.මේ විශ්වයේ අපූරු දායදයක් වන ගහකොළ,ඇළ දොළ,නිල් අහස, මහ පොළොව මේ සියල්ල සෑම මිනිසකුගේම ජීවි
සුභාවිත ගීතයේ අක්මුල් සොයා යද්දි ජනකතා,ජනප්‍රවාද,ජනශ්රැති,ථෙතිහාසික මූලාශ්‍ර,ඉතිහාසය මත පදනම් වූ ගීත රාශියක් හමුවෙනවා.ඒ ගීත අතරේ එදා මෙදාතුර සාහිත
ඩෝල්ටන් අල්විසුන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේය පද සංහිතාවෙන් ද ශෙල්ටන් පෙරේරාගේ භාවානුරාගී හඬ මාධුර්යයෙන් සහ ස්වරසංරචනයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ සසර සය
වසන්ත කුමාර කොබවකයන්ගේ ව්‍යංග්‍යාර්ථපූර්ණ සුගේය පද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන හඬ සහ සුස්වර මාධූර්යයෙන් ද සුරංජිත මෙි සුදුර්ලභ ගීමිණ ම
සංඝමිත්තා මෙහෙණින් වහන්සේගෙ ලංකාගමනයත් සමඟ පැමිණි අටළොස්කුළයක කලා ශිල්පීන් අපේ ජන සමාජය වැළඳගත්තේ ඔවුන් සතු වූ හැකියාවන් තව තවත් ප්‍රගුණ කරමින්. ඒ ආ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
’’මැණිකේ’’ ලියූ දුලාන්ගෙන් ’’ඩ්‍රාමා ක්වීන්’’