ලාංකේය සිංහල සිනමාව ජාත්‍යන්තරයට ගෙන යාමේ අරමුණ සහිතව ඔහු වෙනස්ම ආකාරයේ නිර්මාණයක් තමන්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය සඳහා යොදාගත් අතර, එය මෙරට මෙන්ම විදෙස් රටවලද ගෞරවයට හා ප්‍රශංසාවට ලක්වී තිබේ.
මෙරට රූපවාහිනී වාණිජ දැන්වීම් අධ්‍යක්ෂවරයකු ලෙස ඔහු 450 කට වැඩි වාණිජ දැන්වීම් අධ්‍යක්ෂණය කර තිබේ. එසේම ආසියානු චිත්‍රපට ඇකඩමිය ඇතුළු ලොව ප්‍රකට චිත්‍රපට වැඩසටහන්වලට අනුබද්ධ වූ ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ හා රූපවාහිනී පුහුණු ආයතනයේ සිනමා ගුරුවරයකු ලෙසද කටයුතු කළේය. ජාත්‍යන්තර චිත්‍රපට උළෙලවල ජූරි සභිකයකු ද වූ ඔහු නමින් ඉලංගෝ රාම්ය.
ඉලංගෝ අධ්‍යක්ෂණය කළ කුළුඳුල් සිනමා නිර්මාණය ‘‘නෙළුම් කුලුන’’ අද (14) සිට දිවයින පුරා සිනමාශාලා රැසකදී තිරගත කෙරේ. වැඩිහිටියන්ට තේමා වූ මේ චිත්‍රපටයත් සමග ලාංකේය සිනමාවේ අද පවතින තත්වය පිළිබඳව ඔහුගේ දැක්ම කෙබඳු ද යන්න සොයා බැලීමට අපට සිත්විණි. ඉන්දියාවේ සිට ඔහු සමග මේ කතාබහ ආරම්භ කළේ, ඔහුගේ දැක්ම අනාගත
සිනමාවට ප්‍රවිශ්ට වන තරුණ තරුණියන්ටද උත්තේජයක් ලබාදීමේ අරමුණෙනි. මේ එම කතාබහේ සටහනයි.
‘‘මම රූපාවාහිනී වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ තමයි හිටියේ. ඒත් මගේ කැමැත්ත තිබුණේ සිනමාව පැත්තටයි. මගේ හීනයක් ඒක. පොඩි කාලයේ ඉඳන් තිබුණු හීනය චිත්‍රපටයක් කරන්න ඕනේ කියලයි. මම මුලින් ලිව්වේ ටිකක් සීරියස් තිර රචනා දෙකක්. ඒවාට තව එකතු කරන්න ඕනේ කියා සිතුවා. පළමු නිර්මාණය සිම්පල් හා දේශපාලනික දෙයක් ඇතුළත් වෙන්න ඕනේ කියලා තමයි මම ‘‘නෙළුම් කුලුන’’ වගේ එකක් කළේ. මෙහි පාඨයත් ‘‘රට වැටුණත් කුලුන කෙළින්’’ කියලයි මා දැම්මේ. එයත් දැන් කතාබහට ලක්වෙලා.
මට ඕනෑ කළේ පොඩි සිම්පල් කතාවක්. හැබැයි ඒක අපි බලපු නැති විදිහේ එකක් වෙන්න ඕනේ කියලයි මම සිතුවේ. මේ කතාව කොහොම ආවාද කියලා මටත් දැන් කියන්න අමාරුයි. හිතනකොට ආ දෙයක් තමයි මම කළේ. ගොඩාක් ප්ලෑන් කරලා හිතලා කරපු එකක් නෙවෙයි. අවුරුදු 3-4 ක් ලොකු තිර රචනයක මම හිටියේ. එයින් අයින්වෙලා මෙහි තිර රචනය සුමාන දෙකකින් ඉවර කරලා. ඒ ‘‘අයිඩියා’’ එක මම හිතලා ගත්ත දෙයක් නොවෙයි.
ශ්‍රී ලංකන් චිත්‍රපටයක් රීමේක් කරනවා කියන්නේ මගේ පෞද්ගලික ජයග්‍රහණයට වඩා එය ශ්‍රී ලාංකේය සිනමාවට ඉතා හොඳ දෙයක්. මෙච්චර කල් අපි අනුන්ගේ දේවල් කළේ. දැන් ඒක අනෙක් පැත්ත මාරුවෙලා තිබෙන්නේ. මට විතරක් නොවෙයි ඊළඟ ජෙනරේෂන් එකටත් මේක හොඳ ‘‘පාත්’’ එකක්. මගේ ‘‘නෙළුම් කුලුන’’ වෙන රටවල අයට අපේ ලාංකීය සිනමාව බලන්න හොඳ ‘‘පාත්’’ එකක් කියලයි මට හිතෙන්නේ. මේ චිත්‍රපටය දමිළ භාෂාවෙන් ‘‘පෙරුසු’’ හා තෙළිඟු භාෂාවෙන් ‘‘ෂෙධා’’ ලෙස නැවත නිර්මාණය කර තිබෙනවා. විදේශකයදී නැවත නිර්මාණය (Remake) කරන ලද පළමු ලාංකීය චිත්‍රපටය මෙයයි. මේ වනවිට ඉන්දියාවේ හින්දි භාෂාවෙන්ද, ස්පාඤ්ඤයේ, ඉතාලියේ හා ඇමරිකාවේ නැවත නිර්මාණ සඳහා සාකච්ඡා කරමින් ඉන්නේ.
මම විතරක් නොවෙයි තව ගොඩාක් කට්ටිය ලංකාවේ ඉන්නවා කියලා එය දැන් ‘‘ඕපන්’’ වෙලා තිබෙන්නේ. එය ශ්‍රී ලාංකීය සිනමාවට ඉතා හොඳයි. ඉන්දියාවේ සිනමා කර්මාන්තයට ඇතුළුවෙන එක ගොඩාක් අමාරුයි. මම ඉන්දියාවේ කළ මෙහි රීමේක් එක පසුගිය 12 වැනිදා රිලීස් වුණා. ඇත්තටම මම වාසනාවන්තයි චිත්‍රපට දෙකම එක දවසේ තිරගත කරගන්න හැකිවීම ගැන. ඒ චිත්‍රපටයේ ඉන්දීය නළු නිළියන් රඟපෑවේ. එය අධ්‍යක්ෂණය කරන්න මට ලැබීමත් ලොකු සතුටක්.
මම සිංහල චිත්‍රපට ගොඩාක් බලලා තිබෙනවා. අලුත් පරම්පරාව හා අපේ සිනමාව දැන් ඉන්දියන් ස්ටයිල් එකට යන බවක් මට පෙනුණා. අපේ ප්‍රේක්ෂකයන් ප්‍රතික්ෂේප කරන චිත්‍රපට ගොඩාක් තිබෙන බවත් පේනවා. ‘‘නෙළුම් කුලුන’’ හදද්දී මම හිතා ගත්තා අපේ ප්‍රේක්ෂකයන් මෙයට ඈඳා ගන්න. භාෂාවත්, දෙබස් හරිම සිම්පල්, අපි එදිනෙදා කතා කරන, අපි බලන මිනිස්සු තමයි එහි ඉන්න ඕනේ කියලා හිතලයි චිත්‍රපටය හදාගත්තේ. චිත්‍රපටය බලද්දී හිතෙන්න ඕනේ, ලංකාවේ ගෙදරක කොහේ හරි මෙහෙම දෙයක් වෙනවා කියලා. මෙච්චර කල් වාණිජ චිත්‍රපට වැටුණේ ඉන්දියන් ස්ටයිල් එකට කරන්න ගිය හින්දයි. එයින් ප්‍රේක්ෂකයා ඈත් වුණා. මම ඒ හින්දයි මෙවැනි කතාවක් කළේ.
චිත්‍රපට හදන එකත් ලේසි නෑ. එය ජනතාව අතරට ගෙනියනවා කියන එකත් ලේසි නෑ තමයි. ඒත් මම පොසිටිව් හිතන්නේ. මේකට මිනිස්සු කැමති වෙයි. අපිට ජාත්‍යන්තර සිනමා උළෙලවලදීත් මෙයට මිනිස්සු කැමති වෙයි කියලා හිතනවා. මෙය බලන්න පුළුවන් විදිහට තමයි මම හදලා තිබෙන්නේ. මේ චිත්‍රපටයට ලොකු චාන්ස් එකක් තිබෙයි කියා හිතනවා. අපිට සිනමා ශාලාත් හොඳට ලැබී තිබෙනවා. සමාජ මාධ්‍යවලත් මේ චිත්‍රපටයට දැන් සිටම ලොකු ප්‍රතිචාරයක් ඇවිත්. ඒ ගැන දකිනකොටත් සතුටුයි.
ගතවූ අවුරුදු 2-3 ඉඳලා ලස්සන චිත්‍රපට කීපයක් ඇවිත් තිබෙනවා. විශේෂයෙන් ‘‘මහල්’’, රහස් කියන කඳු, වාලම්පුරි, රාණි’’ වගේ චිත්‍රපට ඒ අතර තිබෙනවා. ‘‘රාණි’’ චිත්‍රපටය ගොඩාක් දෙනා බැලුවා. ඒක හොඳ දෙයක්. ‘‘රාණි’’ හොඳයිද නැද්ද කියලා කතාබහක් තිබෙන එක හොඳයි. ඒක වෙන එකක්. ඒත් මිනිස්සු ගොඩක් ගිහින් ඒක බලපු එක හොඳයි. තරුණ චිත්‍රපටකරුවන් ගොඩාක් හොඳ නිර්මාණ කරලත් තිබෙනවා. එන්නත් තිබෙනවා. මේ ‘‘නෙළුම් කුලුන’’ඒත් ඒ වගේ ඕපන් වෙයි. ගොඩාක් දෙනා මේක බලලා අප් කළා නම්, ‘‘හිට්’’ කළා නම් තව තරුණ පරම්පරාවටත් ලොකු බලාපොරොත්තුවක් ඇතිවෙයි චිත්‍රපටයක් කරලා අපිට දිනන්න පුළුවන් වෙයි කියා.
නිෂ්පාදකයා රැකගත යුතුයි. චිත්‍රපටය හොඳින් දිව්වා නම් එය බෝනස් එකක් වෙනවා. මේක හොඳ උදාහරණයක් අපේ සිනමාවට. ලංකාවේ චිත්‍රපටයක් කරන එක අපරාදේ. දුවන්න බැහැ. සල්ලි දාපු එක ගන්නත් බෑ. කියන එක ‘‘නෙළුම් කුලුන’’ දැනටම එය බොරුවක් කියලා ඔප්පු කරලා තිබෙන්නේ. එහෙම එකක් නෑ. මේ දැනටම අපි දාපු මුදල අරගෙන ඉවරයි. ‘‘රයිට්ස්’’ හරහා තව දිව්වා නම් තවත් අපට හොඳයි. නිෂ්පාදකයාට හොඳ පොසිටිව් එකක්. මේ චිත්‍රපටය බොරු මතවාද කඩා දාලා තිබෙන්නේ. ඒක හොඳ දෙයක්.
අපි දැන් සිනමාව ලංකාවට විතරක් සීමා කරලා බලන්න හොඳ නෑ. විශ්වීය ඇසකින් බැලිය යුතුයි. දැන් ප්‍රසන්න විතානගේ ඉන්දීය චිත්‍රපටයක් ශ්‍රී ලංකාව් කළා. ඒ වගේ අපි එතැනට යන්න ඕනේ. දැන් මම ඉන්දියාවේ ෆිල්ම් එකක් කළා. ඒ ‘‘නෙළුම් කුලුන’’ චිත්‍රපටයේ රිමෙක් එක. දැන් ආයෙත් එහෙම දෙයක් කියන්න ඕනේ අපි එහෙම කළොත් තමයි මේකට මාකට් එක වැඩි වෙන්නේ. අපි ලංකාවට විතරක් චිත්‍රපට කරලා වැඩක් නෑ. අපි එතැනට පාර හදාගත යුතුයි. මාගේ නෙළුම් කුලුන ‘‘චිත්‍රපටය රීමෙක් කරලා යම් පාරක් හදලා තිබෙනවා. අලුත් දිශාවකට. එය නව පරම්පරාවට හොඳ උත්තේජනයක් ලබාදෙයි කියා මා හිතනවා.
දැන් සිටින ප්‍රේක්ෂකයෝ ගොඩක් බුද්ධිමත්. මම හැමදාම චිත්‍රපටයක් බැලුවේ ප්‍රේක්ෂකයන්ගේ පැත්තේ ඉඳලයි. මගේ චිත්‍රපට දෙසත් බැලුවේ එහෙමයි. දැන් ඉන්න ජෙනරේෂන් එකට අලුත් දේවල් ඕනේ. මොකද ඔවුන් ඔක්කොම දේවල් බලලා තිබෙන්නේ. අපි ඒ අයට කැමති විදිහේ ඒවා දිය යුතුයි. ඒ ප්‍රමිතියෙන් තමයි ‘‘නෙළුම් කුලුන’’ තිබෙන්නේ. ඒ නිසා මේක ඒ අය බලලා මට ප්‍රතිචාර දුන්නොත් ගොඩක් සතුටුවෙන්න පුළුවන්.
(සමන්ත යහම්පත්)
ලාංකේය සිංහල සිනමාව ජාත්‍යන්තරයට ගෙන යාමේ අරමුණ සහිතව ඔහු වෙනස්ම ආකාරයේ නිර්මාණයක් තමන්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය සඳහා යොදාගත් අතර, එය මෙරට මෙන්ම
මේ දිනවල තිරගත වෙන “සික්ස්ටි නයින්” (69) චිත්‍රපටයේ අධ්‍යක්ෂවරිය ඇයයි. රංගන ශිල්පිනියක් තරම් රුවැති මේ අධ්‍යක්ෂවරිය නමින් වින්ධ්‍යා හාරිස්පත්තුවයි. සි
යොවුන් විය එළැඹෙනවාත් සමඟම හිතේ උපදින ආදරය පිළිබඳව බොහෝ දෙනා විවිධ කතා කියුවත්,මත පළකරත් ඒ ආදරය තමයි ජීවිතය ජීවත් කරවන ආදරය වන්නේ.
මෙලොව එළිය දකින සෑම මිනිසකුම තම ජීවිතය අරඹන්නේ සොබාදහම සමඟින්.මේ විශ්වයේ අපූරු දායදයක් වන ගහකොළ,ඇළ දොළ,නිල් අහස, මහ පොළොව මේ සියල්ල සෑම මිනිසකුගේම ජීවි
සුභාවිත ගීතයේ අක්මුල් සොයා යද්දි ජනකතා,ජනප්‍රවාද,ජනශ්‍රැති,ථෙතිහාසික මූලාශ්‍ර,ඉතිහාසය මත පදනම් වූ ගීත රාශියක් හමුවෙනවා.ඒ ගීත අතරේ එදා මෙදාතුර සාහිත
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ලාංකේය සිනමාව නෙළුම් කුළුණ අලුත් උත්තේජයක්