IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


එගොඩහ යන්නෝ

 

ඩෝල්ටන් අල්විසුන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේය පද සංහිතාවෙන් ද ශෙල්ටන් ⁣පෙරේරාගේ භාවානුරාගී හඬ මාධුර්යයෙන් සහ ස්වරසංරචනයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ සසර සයුරෙන් එතෙර වීම පිළිබඳ පමණක් නොව බුදුන් වහන්සේ දෙසු මහපරිනිබ්බාන සූත්‍රය ද සිහිගන්වයි.

 

ක්ලාන්තයි ආනන්ද

පිපාසයි ආනන්ද

වෙිසාලිය රමණීය යි

වෙිළුවනය රමණීය යි

 

බුදුන්ගේ ශ්‍රීමුඛයෙන් ගිලිහුණු අවසන් බුද්ධ භාෂිතය මෙය වූව ද එයින් විද්‍යමාන වන ජීවන යථාර්ථය කෙතරම් නම් ගැඹුරු ද?වියපත් පුද්ගලයකුට අවසානයේ දී කාගේ හෝ පිහිට පැතීමට සිදුවෙයි.ඔහු කවර තරාතිරමක සිටිය ද ජීවිතයේ පශ්චිමයාමය ගෙවන්නේ කුමන හෝ අත්වාරුවක පිහිටෙනි.

බුදුන්වහන්සේ නම් ලෝකසත්වයාගේ දුක්ගිනි නිවා නිවන් මාර්ගයට මග පෑදූ ගුරු උතුමෝය.ඔවුහු අසූවියැති ජීවිතයේ අඩකටත් වැඩි කාලයක් ලෝකයාට නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසීමට බණ දෙසූහ.එහෙත් ඒ මුනි බණ ඇසූවෝ කවරහුද? සංසාරයට ලොබලිය වඩන ලෝකසත්වයෝ කෙසේනම් නිවන් මග අවබෝධ කරත්ද? ජීවිතේ වනාහි දුකකින් දුකකට කරන යාත්‍රාවක් බඳුය.සංසාර චක්‍රය විවිධ ආත්ම වටා අනේක වාරයක් භ්‍රමණය වෙයි.අපට එහි අගමුල නොපෙනේ.එහෙත් බැඳීම්වලින් මිදී සියල්ල අත්හළ ඇත්තෝ ආත්ම දමනයෙන් නිවන් මග අවබෝධ කර ගත්තෝය.බුද්ධ දේශනාවෙි අවසන් අග්‍රළුලය මහපරිනිබ්බාන සුත්‍රය යි.වයෝවෘද්ධ බුදුන්වහන්සේ ජීවිතයේ අවසන් සමයේ පවා ⁣මහකරුණා ගුණ මහිමයෙන් ලෝකසත්වයා සසර කතරින් එතෙර කිරීමට යත්න දැරුවෝය.එහෙත් පෙරමෙන් නොව අවසන් නිමෙිෂයේ බුදුන්ගේ ශ්‍රීමූඛයෙන් ගිලිහුණු රන්ස්වරය පවා දුර්වල විය.ආනන්ද තෙරුණුවන් අමතා අවසාන මොහොතේ බුදුන් විශ්වයට මුදාහළ යටකී වචන සමූහයෙන් මෙකී විපර්යාසය මොනවට පැහැදිලි වෙි.

නිවන් මඟට යන ගමන අහුරා දැමීමට විවිධ වෙිශයෙන් එන බාධක හිරිහැර බොහෝ ය.එහෙත් ධර්මය අවබෝධ කරගත්තෝ ඒ සියලු පිළිමලුන් පලවා හරිති.ඔවුහු නිවන් මඟට යන මාවතේ හමුවන කිසිවකුට සමීප නොවෙති.සෙන් ආගමට අනුව නිවන් මගට යන මාවතේ බුදුන්වහන්සේ වැඩිය ද මග හැරිය යුතුය.If you meet the Budhha on the way,kill him.( මගදී ඔබට බුදුන්වහන්සේ මුණගැහුණොත් ඔහු මරා දමන්න ) මෙි වූකලි සෙන් බුදුදහමෙි අතිශය ජනප්‍රිය පාඨයකි.මෙකී ජනප්‍රිය පාඨයේ අර්ථය කිම? ඔබ ගමන් කරන්නේ ධර්මය නමැති මාර්ගයේ නම් කිසිදු දෙයක් පිළිබඳ ඇලීමක් හෝ බැඳීමක් තබා නොගත යුතුය.නිවන් දොරටුව දක්වා යන ගමනේදී බුදුන්වහන්සේ නමැති ඔබෙි දහම් ගුරුවරයා මුණගැසුණ ද ඔහු ද මගහැරිය යුතුය.මෙි වනාහි බුදුන්ගේ ම ඉගැන්වීමකි.බුද්ධ භාෂිතයකි.

බුදු දහමෙි අනම්‍ය නීති රීති කිසිවක් නැත.අනෙක් ආගම්වල මෙන් දැඩි කොන්දේසි අණපනත් ද නැත.බුදු දහම යනු තර්කයට විවෘත නම්‍යශීලී දර්ශනයකි.බුද්ධ දේශනාවෙි බලහත්කාරය,ආඥාදායකත්වය නැත.කැමති කෙනකුට සසර මග කෙටිකර ගෙන නිවන් අවබෝධ කර ගත හැකිය.තර්ක බුද්ධිය මත ලෝකය ඥානනය කිරීමෙි නිදහස බොදුදහමෙි ඇත.

සරල සුගම පද වැලක් ඔස්සේ ලියැවුණු මෙි ගීතය ඩෝල්ටන්ගේ ගී මුක්තමාලාවෙි අග්‍රළුලය නොවෙිද?බුදුන්වහන්සේ දෙසු මහපරිනිබ්බාන සූත්‍රය ඇසුරින් ඩෝල්ටන් අල්විසුන් මෙි මහඟු ගීමිණ රචනා කර ඇත. ⁣බෞද්ධ දර්ශනයේ යථාර්ථය සංස්පර්ශ කරමින් ලියැවී ඇති මෙි ගීතයේ ⁣කථකයා හෙවත් වියපත් තොටියා ⁣කවුරුන්ද?ඔවුහු අන්කවුරුවත් නොව බුදුන්වහන්සේය.බෞද්ධ සාහිත්‍යයේ සංසාරය මහ සාගරයටත් එය එතෙර මෙතෙර තරණ⁣ය කළ බුදුන්වහන්සේ තොටියකුටත් සමාන කර ඇත.සාරාසංඛ කල්ප ලක්ෂයක් පෙරුම්පුරා බුද්ධත්වයට පත්වූ උන්වහන්සේ එගොඩ මෙගොඩ යමින් ( ඉපදෙමින් මැරෙමින් ) භ්‍රමණය වන සංසාර චක්‍රයට නැවතීමෙි තිත තැබූහ.තම පරිනිර්වාණයෙන් පසු නැවත ඉපදීමක් නැති බව උන්වහන්සේ ධර්මයෙන් ම අවබෝධ කළහ.අවසන් මොහොතේ පවා මොහාන්ධකාරයේ ගිලුණු අහිංසක අසරණ ජනයාට සංසාර සයුරෙන් එතෙර වීමට ඇරියුම් කළහ.මෙි ගීමිණට පසුබිමින් තිබෙන්නේ මහපරිනිබ්බාන සූත්‍රය යි.මෙහිදී බුදුන්ගේ අවසන් අභිප්‍රාය වූයේ ලෝකසත්වයා මොහාන්ධකාරයෙන් එළියට ගැනීම යි.කෙතරම් වියපත් වූව ද වෙහෙස මහන්සි වූව ද මරණමංචකයේදී පවා බුදුන්වහන්සේ ලෝකසත්වයාට නිවන් මග අවබෝධ කර දීමට උත්සුක වූහ.

 

එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ

ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ

‍මෙ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ

ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ

‍එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ        මෙ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ

‍ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ

 

මෙහි කථකයා වියපත් තොටියෙකි.එහෙත් මෙි වුකලි එසේ මෙසේ තොටියකු නම් නොවෙි.ඔවුහු බුදුන්වහන්සේය.කුළුණු මෙත් ගුණයෙන් යුතු උන්වහන්සේ බුද්ධත්වයට පත්වූ දා පටන් ලෝකසත්වයාගේ යහපත වෙනුවෙන් මුළු ජීවිත කාලය ම කැප කළහ.මිනිසා විඳින වක්‍රාකාරී භ්‍රමණශීලිී දුක දැක ඔවුන් ඉන් මුදාගැනීමට වසර 45 ක් තිස්සේ උන්වහන්සේ බණ දෙසූහ.මෙි තොටියා ඇරියුම් කරන්නේ සාමාන්‍ය ගඟකින් මගීන් එගොඩ කිරීමට නොව සංසාර ගඟුලෙන් ඔවුන් එතෙර කිරීමටය.

 

ප‍මා ‍නො‍වන්‍‍නේ ‍

අ‍ඳු‍ර ‍වැ‍ටෙන්‍‍නේ

‍ය‍න‍වා ‍නම්‍ ‍එන්‍‍නේ

‍ම‍ම ‍මේ ‍ගඟු‍‍ලේ ‍අඟු‍‍ලේ ‍නැ‍ග‍ලා

‍එ‍ගො‍ඩ ‍මෙ‍ගො‍ඩ ‍ය‍න‍වා

 

බුදුන්වහන්සේ පරිනිර්වාණයට ආසන්න මොහොතේ දී ලෝකසත්වයාට තවත් පාඩමක් කියා දුන්හ.එහි පාලි වග්ගය මෙසේය.

 

අප්පමාදො අමතපදං පමාදො මච්චුනො පදං

අප්පමත්තා න මීයන්ති යෙ පමත්තා යථා මතා

 

ධම්මපදයේ අන්තර්ගත මෙි වග්ගයේ අර්ථසාරය මෙසේය.නොපමාවූවෝ නොමළත් පමාවූවෝ මළවුන් වැනිය.තතු එසේ නම් කුසල් රැස්කර ගනිමින් සංසාර ගඟුලෙන් එතෙර වීමට ඔබ තවත් පමා වන්නේ ඇයි? මෙනයින් මෙහි ගඟුල හෙවත් ගංගාව නම් සංසාරය යි.එගොඩ හෙවත් එහා ඉවුර යනු නිර්වාණය යි.අඟුල හෙවත් ඔරුව යනු බුදුන් දෙසූ දහමයි.

 

ගඟු‍‍ල ‍අ‍නෝ‍ම‍යි ‍අ‍ද ‍ම‍ට ‍වෙ‍හෙ‍ස‍යි

‍ය‍න‍වා ‍නම්‍ ‍එන්‍‍නේ

‍ම‍ම ‍මේ ‍ගඟු‍‍ලේ ‍අඟු‍‍ලේ ‍නැ‍ග‍ලා

‍එ‍ගො‍ඩ ‍මෙ‍ගො‍ඩ ‍ය‍න‍වා

 

සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වය පතා එතෙර වූයේ අනෝමා ගං තෙරෙනි.ගඟුල අනෝමයි යන යෙදුම මෙි සඳහා කෙතරම් ඖචිත්‍ය ද?ඩෝල්ටන් අල්විසුන් සතු ප්‍රබල පරිකල්පන ශක්තිය ඊට දෙස් දෙයි.ජීවිතයේ අඩසිය වසකට ආසන්න කාලයක් බුදුන්වහන්සේ ලෝකසත්වයා සසර ගඟුලෙන් එතෙර කිරීමට වෙහෙස මහන්සි වූහ.එහෙත් තරුණ වියේදී තිබුණ ජවය දැන් නැත. ලොව සියලු සත්වයන් මෙන් උන්වහන්සේ ද සෙමෙන් වියපත් වූහ.මෙි සංසාර ගඟුලෙන් එතෙර වීමට තවත් කවුරුහරි කැමැත්තෙන් සිටීනම් නොපමාව පැමිණෙන ලෙස උන්වහන්සේ ඇරියුම් කරති.සංසාර සයුර තරණය කළෝ නිවන් දකින්නෝය.සරල සුගම බස්වහරකින් ගැඹුරු මනරම් අර්ථයක් දීමට රචකයා දරන උත්සාහ අතිසාර්ථක බව කීම අතිශයෝක්තියක් නොවෙි.මෙි ගීතයේ එන වියපත් තොටියා,ගංගාව,අඳුර,අඟුල,ගඟුල අනෝමයි,එගොඩ මෙගොඩ යනවා,අද මට වෙහෙස යි යන ⁣වචන ප්‍රබල සංකේතාර්ථ,උපමා රූපක නොවෙිද?එපමණක් නොව මෙි වුකලි අතිශය රමණීය කාව්‍යෝක්තියකි.ප්‍රවීණ ගායන ශිල්පී ශෙල්ටන් පෙරේරාගේ ගැඹුරු හඬ පරාසය සහ මධුර මියැසිය ගීතයේ සාර්ථකත්වයට තවත් නිදසුනකි.ව්‍යංග්‍යාර්ථ දනවන මෙි ගීමිණිරුවන ප්‍රබල ධ්වනි කාව්‍යයක් බඳුය.

 



අදහස් (0)

එගොඩහ යන්නෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

ගී විනිස

ලාංකේය සිනමාව නෙළුම් කුළුණ අලුත් උත්තේජයක්
2025 මාර්තු මස 21 372 1

ලාංකේය සිංහල සිනමාව ජාත්‍යන්තරයට ගෙන යාමේ අරමුණ සහිතව ඔහු වෙනස්ම ආකාරයේ නිර්මාණයක් තමන්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය සඳහා යොදාගත් අතර, එය මෙරට මෙන්ම



සිංහල සිනමාවේ අලුත්ම අධ්‍යක්ෂවරිය වින්ධ්‍යා
2025 පෙබරවාරි මස 21 961 0

මේ දිනවල තිරගත වෙන “සික්ස්ටි නයින්” (69) චිත්‍රපටයේ අධ්‍යක්ෂවරිය ඇයයි. රංගන ශිල්පිනියක් තරම් රුවැති මේ අධ්‍යක්ෂවරිය නමින් වින්ධ්‍යා හාරිස්පත්තුවයි. සි


ගඟක් සනහා මලක් පිපුණා...
2023 සැප්තැම්බර් මස 21 2285 0

යොවුන් විය එළැඹෙනවාත් සමඟම හිතේ උපදින ආදරය පිළිබඳව බොහෝ දෙනා විවිධ කතා කියුවත්,මත පළකරත් ඒ ආදරය තමයි ජීවිතය ජීවත් කරවන ආදරය වන්නේ.


කොහේ හෝ ඇති ප්‍රේමයක්..
2023 සැප්තැම්බර් මස 01 2332 0

මෙලොව එළිය දකින සෑම මිනිසකුම තම ජීවිතය අරඹන්නේ සොබාදහම සමඟින්.මේ විශ්වයේ අපූරු දායදයක් වන ගහකොළ,ඇළ දොළ,නිල් අහස, මහ පොළොව මේ සියල්ල සෑම මිනිසකුගේම ජීවි


ගර්දේනියා මල් සුවඳේ හිත පෙඟුණා...
2023 අගෝස්තු මස 14 1578 3

සුභාවිත ගීතයේ අක්මුල් සොයා යද්දි ජනකතා,ජනප්‍රවාද,ජනශ්‍රැති,ථෙතිහාසික මූලාශ්‍ර,ඉතිහාසය මත පදනම් වූ ගීත රාශියක් හමුවෙනවා.ඒ ගීත අතරේ එදා මෙදාතුර සාහිත


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 171 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 757 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 769 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site