IMG-LOGO

2024 දෙසැම්බර් මස 03 වන අඟහරුවාදා


මාරියාවෙි

 

උදය මානවසිංහයන්ගේ ගේය පද සංරචනයෙන් ද විශාරද ගුණදාස කපුගේ ගේ කර්ණරසායන හඬ මාධුර්යයෙන් ද සේන වීරසේකරයන්ගේ සුස්වර සුසංකලනයෙන් ද විචිත්‍රෝපශෝභිත වූ මෙි ගීමිණිරුවන මානවබන්ධුත්වයෙන් අප හද කම්පා කොට කරුණරසය දනවයි.

" කොපමණ වෙිලාවක් කුණාටුව හැමුවාද,කොපමණ වෙිලාවක් මාළුවා මා ඇදගෙන ගියා ද කියා මං දන්නේ නැහැ.මාළුවා පරාණ භයෙන් මා ඇදගෙන ගියා.මං අතහරින්නේ නැතුව ඇදගෙන හිටියා.යොතට මගේ ඇඟපත කැපුණා.කුණාටුව මගේ ඔරුවත් මගේ මාළුවාවත් මගෙන් උදුරා ගන්න හැදුවා.මං කුණාටුවටයි,මාළුවාටයි විරුද්ධව සටන් කළා."

"මිනිසකු විනාශ කළ හැකිය.එහෙත් පරාජය කළ නොහැකිය."

- මහල්ලා සහ මුහුද

(The Old Man And The sea )

අර්නස්ට් හෙමිංවෙි

 

ඇමරිකාවේ චිකාගෝ නුවර උපන් අර්නස්ට් හෙමිංවෙියෝ සුකීර්තිමත් නවකතාකරුවෙක් වෙති.ඔවුහු විශිෂ්ට නවකතා කිහිපයක් ම ලියා පළ කළහ.මෙි අතරින් The Old Man And The sea ( මහල්ලා සහ මුහුද ) The Sun Also Rises ( හිරුත් උදාවෙයි) යන නවාකතා ද්විත්වය වඩාත් ජනප්‍රිය ය. මහල්ලා සහ මුහුද වස්තු විකාශනයෙන්,රීතයෙන්,ආඛ්‍යාන ශෛලියෙන්,බසින් හා දෘෂ්ටියෙන් වෙසෙස් ගූණයක් පළකළ නවකතාවකි.මෙි වූකලි සාහිත්‍ය කේෂත්‍රයේ පෙරළියක් ඇති කළ කෘතියකි.මෙි නවකතාවත් උදය මානවසිංහයන්ගේ "මාරියාවේ" ගීතයත් අතර අවියෝජනීය බැඳීමක් ඇත.හෙමිංවෙිගේ සහ උදයගේ අත්දැකීම් එක සමාන නො වූ ද දෙදෙනා ම ලද වෙිදයිතය එකකි. කියුබන් ජාතික ධීවරයකුගෙන් අසා දැනගත් කතාවක් අර්නස්ට් හෙමිංවෙිට මහල්ලා සහ මුහුද ලිවීමට බලපෑවේය.කුඩා දරුවකු සමඟ මුහුදු යන මහල්ලකු වටා⁣ ගෙතී ඇති මෙි නවකතාව මගින් ධීවරයා පිළිබඳ පමණක් නොව ජීවිතයේ ජය පරාජය ගැන ද අපූරු පාඩමක් උගන්වයි.

එමෙන් ම තම පැටිවියේ දී ගන්දර වැල්ලේ කෙළිදෙලෙන් ඇවිද යද්දී එහි අවට වාසය කරන දුප්පත් අහිංසක ධීවර ප්‍රජාවගේ ජීවන රටාව දෙස උදය මානවසිංහයෝ ළතෙත් බවින් මානවබන්ධුත්වයෙන් බැලූහ.එහිදී ඔවුහු ධීවර ප්‍රජාව සමඟ කුලුපග වෙමින් ඔවුනගේ දුක සැප හඳුනා ගත්හ.මාරියාව වනාහි සුනාමිය තරම් ම දරුණු උදම් රළකි.වාරකන් කාලයට ඇදී එන මෙි චණ්ඩ රළට ධීවරයෝ බිය වෙති.ඔවුහු නැවත මුහුද සන්සුන් වනතුරු බලා සිටිති.ධීවරයෝ දුගියෝය.ඔවුහු මුළු ජීවිත කාලය පුරා එදාවෙිල සරිකර ගැනීමට මහමුහුද සමඟ ඔට්ටු වෙති.ධීවර ජීවිතය කටුකය.නිරානන්දය.සුඛානන්දය, සුඛප්‍රහර්ෂය ඔවුනගේ පොල්අතු පැලට එබෙන්නේ කලාතුරකිනි.ගෙහිමියා දවසක් දෙකක් මුහුදු නො ගියහොත් අඹුදරුවෝ හාමතේ දුක් විඳිති.ඔරු,පාරු,බෝට්ටුවලින් ⁣ගොස් ඈත දියඹෙි මත්ස්‍ය සම්පත පීරන ධීවරයෝ සුළිකුණාටු මැද සති මාස ගණන් මහමුහුදට ජීවිතය දිය කරති.ඔවුහු මත්ස්‍ය අස්වැන්න නෙළාගෙන සතුටින් ගොඩබිමට පියනැගුව ද එය විකුණා හම්බ කළ සේසතම නැති නාස්ති කර ගනිති.සුරා සූදුව,ගණිකා සේවනයට ඇබ්බැහි වූ ඇතැම් ධීවරයෝ ඊට ලොබලිය වඩමින් සාක්කු සිස් කර ගනිති.අවසානයේ සයුරට දිය වුණු ධීවර ජීවිතය දරිද්‍රතාවයේ පතුලට ම ඇද වැටෙයි.ධීවරයාගේ සැබෑ හතුරෝ කවරහුද? ධීවරයාගේ සතුරා ද මිතුරා ද වන්නේ "ඉයත්තුව" හෙවත් කාලගුණය යි.යහපත් කාලගුණය ධීවර රස්සාවට සතුටු මහෝඝයකි.අයහපත් කාලගුණය කදුළු විලාපයකි. වාරකන් කාලයට මුහුද රළු වෙයි.රළ ප්‍රචණ්ඩ වෙයි.සුළිකුණාටු හමයි.මාරියාව නමැති මහ රළ ඇවිත් ගොඩබිම් ද වනසයි.පැල්පත් සුනුවිසිනු කර දියබත් කරයි. එකල්හි ධීවරයෝ මුහුද දෙස බලාගෙන හාමතේ හූල්ලති.වර්ෂාවෙන්,සුළඟින්,කුණාටුවෙන් තොර කාලය ධීවර හිස මල් පිපෙයි.එහෙත් වාරකන් කාලයට ධීවර ඇස කදුළු පිරෙයි.ධීවරයෝ වාරකන් කාලයට මුහුදු ගමන් අත්හරිති.ධීවරයන්ගේ සුබ කාලය "හරාව" නමින් හඳුන්වයි.මුහුද සන්සුන් වන මෙි කාලයට "වළාලය" යැයි ද කියති.උදය මානවසිංහයෝ මෙි ගීසපුව හැඩගැන්වීමට ධීවර බස අපූරුවට යොදා ගනිති.රචකයා වළාලයට අඬ ගසන්නේ ධීවරයාගේ අඳුරු සමය දුරු කිරීමෙි අටියෙනි.මෙි ගීතයේ ස්ථායි කොටස රමණීය නො වෙි ද?

 

මාරියාවේ

මාරියාවේ

මාරියාවේ

මාරියාවේ ඔහෙ නවතින්නේ

සමාවෙලා මේ දුක අහපන්නේ

වියරු විලාසෙන් ඇයි නුඹ එන්නේ

වළාලයට ඉඩ දී පලයන්නේ

 

මෙි කථකයා තම මුහුදු රස්සාව බිලිගැනීමට එන මාරියාව නමැති චණ්ඩ රළට අහිංසක ආයාචනයක් කරයි.ඔහු පවසන්නේ මාරියාවට යළි මෙහි නොඑන ලෙස නො වෙි ද?වියරු වෙසින් එන මාරියාව තම ධීවර ප්‍රජාවට එල්ල කරන හිරිහැර, කරදර ඔහු හොඳින් දනී.කථකයා මෙහිදී අයැදින්නේ වළාලයට ඉඩ දෙන ලෙසයි. මුහුද සන්සුන්කර යහපත් කාලගුණයක් උදාකර දෙන්නැයි ඔහු මාරියාවෙන් අයැද සිටියි.එහෙත් මාරියාව යනු අචෙිතනික ප්‍රපංචයකි.ධීවරයාගේ මෙි දුක් අඳෝනාව මාරියාවට ඇසේවි ද?මෙහිදී රචකයා අප මින්⁣ පෙර නොඇසූ විරූ යෙදුම් කිහිපයක් ඖචිත්‍ය ගුණයෙන් ඉදිරිපත් කරයි.මාරියාව සහ වළාලය යන වචන ධීවර සංස්කෘතියට ආවෙිණික වචනය.මෙි වූකලි ධීවරයාගේ හද බසට සමීප රමණීය ගීමිණක් නො වෙි ද?

 

නුඹ ආ දා සිට නිවුණු ළිපේ ගිනි

හද තුළ මෙළවී ඇවිළෙන්නේ

මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ

වළාලයට ඉඩ දී පලයන්නේ

 

සුනාමි උදම් රළ මෙන් ප්‍රචණ්ඩ ලීලාවෙන් ඇදී එන මාරියාව කථකයාගේ හදවත ගිනි අවුළයි.එය හරියට මුළුතැන්ගෙයි නිවුණු ළිප මෙළවී ඇවිළී එන්නා සේ ය.මෙි අප්‍රමාණ කරදර,හිරිහැර උහුලන්නට ඔහු තවත් සුදානම් නැත.වළාලය හෙවත් සන්සුන් මුහුදට ඉඩ දී වහාම පිටව යන ලෙස කථකයා අයැද සිටියි.එහෙත් සිත්පිත් නැති වියරු රළ පෙළ වාරකන් කාලයට පණගසා විත් ධීවරයාට දුක ම සදයි.

 

නුඹ ආ දා සිට පැල අඳුරේමයි

සතුට සාම සොම්නස නොරැ‍‍‍‍ඳෙන්නේ

මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ වළාලයට ඉඩ දී පලයන්නේ

 

මෑත දියඹෙි නවතා ඇති ධීවර බෝට්ටු,ඔරු, පාරු මාරියාව ඇවිත් සුනුවිසිනු කර දමයි.එපමණක් නොව ධීවර පැල්පත් පවා කුදලගෙන යයි. එවිට ධීවරයන්ගේ බඩ රස්සාවට තට්ටුවෙයි.උන්හිටිතැන් නැතිවෙයි.මෙබඳු ශෝචනීය ඉරණමකට තමා ගොදුරු නොකර දුප්පත් පැල අඳුරේ නොතබන ⁣ලෙස කථකයා මාරියාව නමැති උදම් රළ රකුසාගෙන් ඉල්ලයි.මාරියාව කඩාවදින හැම මොහොතක ම තම නිවසේ සතුට සාමය බිඳ වැටෙන බව නො වෙි ද මෙි කියන්නේ? මුහුදු යන ධීවරයාගේ අතමිට සරු වන්නේ ලෙල්ලමෙි දී පමණි.මාරියාවෙි සෙල්ලමෙන් ලෙල්ලමත් නැතිවෙයි.ලෙල්ලමට මාළු එන්නේ ධීවරයා මුහුුදු ගියොත් පමණි.එහෙත් වාරකන් කාලයට මුහුදු යා නොහැකිය. කෑමට,බීමට මුදල් නැතිවිට කුස්සිය හිස්ය.එවිට කුසගින්නේ දැවෙන සුතනඹුවන්ගේ බඩපොත්ත පිටෙි ඇලෙයි.මෙි වූකලි දුප්පත් අසරණ ධීවරයාගේ ජීවන යථාර්ථය නො වෙි ද? කාව්‍යයේ දී ස්වාභාවෝක්තිය නම් අලංකාරයක් ඇත.මෙි වූකලි උපමා රූපකාදියෙන් තොරව බස පරිහරණය කොට හැඟීම් දැනවීමයි.එහෙත් බොහෝ කවීහු ස්වාභාවෝක්තිය අතහැර උපමා,රූපක හා කාව්‍යෝක්ති කෙරෙහි විශ්වාසය තබති.මෙි ගීතය ද ස්වාභාවෝක්තියෙන් ලියැවී ඇත. උදය මානවසිංහයෝ කාව්‍යෝක්ති පසෙකලා ස්වාභාවෝක්තියට වැඩි ඉඩක් දෙති.එහෙත් ගීතයේ රසාවෙිශයට ඉන් කිසිදු හානියක් නැත.මාරියාව තරම් චණ්ඩ රළක අනුසාරයෙන් නිමවා ඇති සංගීතයත් ගුණදාස කපුගේ ගේ ඉගැඹුරු හඬ පෞරුෂයත් උදය මානවසිංහයන්ගේ සුදුර්ලභ පද සංඝට්ටනාවත් ගීතයේ සාර්ථකත්වයට දෙස් දෙයි.

 



අදහස් (0)

මාරියාවෙි

ඔබේ අදහස් එවන්න

ගී විනිස

ගඟක් සනහා මලක් පිපුණා...
2023 සැප්තැම්බර් මස 21 1863 0

යොවුන් විය එළැඹෙනවාත් සමඟම හිතේ උපදින ආදරය පිළිබඳව බොහෝ දෙනා විවිධ කතා කියුවත්,මත පළකරත් ඒ ආදරය තමයි ජීවිතය ජීවත් කරවන ආදරය වන්නේ.


කොහේ හෝ ඇති ප්‍රේමයක්..
2023 සැප්තැම්බර් මස 01 1773 0

මෙලොව එළිය දකින සෑම මිනිසකුම තම ජීවිතය අරඹන්නේ සොබාදහම සමඟින්.මේ විශ්වයේ අපූරු දායදයක් වන ගහකොළ,ඇළ දොළ,නිල් අහස, මහ පොළොව මේ සියල්ල සෑම මිනිසකුගේම ජීවි


ගර්දේනියා මල් සුවඳේ හිත පෙඟුණා...
2023 අගෝස්තු මස 14 1312 3

සුභාවිත ගීතයේ අක්මුල් සොයා යද්දි ජනකතා,ජනප්‍රවාද,ජනශ්‍රැති,ථෙතිහාසික මූලාශ්‍ර,ඉතිහාසය මත පදනම් වූ ගීත රාශියක් හමුවෙනවා.ඒ ගීත අතරේ එදා මෙදාතුර සාහිත


එගොඩහ යන්නෝ
2023 අගෝස්තු මස 07 876 0

ඩෝල්ටන් අල්විසුන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේය පද සංහිතාවෙන් ද ශෙල්ටන් ⁣පෙරේරාගේ භාවානුරාගී හඬ මාධුර්යයෙන් සහ ස්වරසංරචනයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ සසර සය


ඩිංගිරාල නුඹලා වන දෙයියෝය
2023 ජුලි මස 31 731 0

වසන්ත කුමාර කොබවකයන්ගේ ව්‍යංග්‍යාර්ථපූර්ණ සුගේය පද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන හඬ සහ සුස්වර මාධූර්යයෙන් ද සුරංජිත මෙි සුදුර්ලභ ගීමිණ ම


කලාභූෂණ සම්මානයේ උජාරුව සසැලී......
2023 ජුලි මස 25 433 1

සංඝමිත්තා මෙහෙණින් වහන්සේගෙ ලංකාගමනයත් සමඟ පැමිණි අටළොස්කුළයක කලා ශිල්පීන් අපේ ජන සමාජය වැළඳගත්තේ ඔවුන් සතු වූ හැකියාවන් තව තවත් ප්‍රගුණ කරමින්. ඒ ආ


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 47 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 660 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 836 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site