IMG-LOGO

2025 පෙබරවාරි මස 01 වන සෙනසුරාදා


හිමි නාවෙ ඇයි මේ රැයේ...

දෙහදක් එකට  අාදරයෙන් බැඳුණම කෙලවරක් දකින්නෙ විවාහයකින්.සමහර වෙලාවට විවාහ දිවියට පත්වුණාට පස්සෙ වුණත් හදවත් එකට බැඳෙන්න පුළුවන් .ඒ කොහොම වුණත් විවාහ සංස්ථාව ඇතුළෙ වඩාත් වැදගත්වන කාරණාව තමයි ආදරය හඳුනාගෙන ජීවිතය ට මුහුණදීම.

විවාපත් වූ හැම යුවළකගේම වගේම තම තමන්ගේ සනුහ⁣රේම බලාපොරොත්තුව වන්නේ දරු සම්පතක්.ආසියාතික ජන සමාජයේ එදා වගේම අදත් දරුවකු ජීවිතයට එකතු කර ගැනීම යන කාරණාවට මූලිකත්වය ගෙන දෙන්නෙ ⁣පවුලකට සෞභාග්‍යය උදා කරන්නෙ දරුවකුගේ සුවඳ,කටහඬ නිවෙසක පැතිර ගියොත් පමණයි යන කාරණාව නිසා.

නමුත් විවාහ ජීවිතයට එළැඹෙන හැම ගැහැනියකටම දරුවන් උරුම නැතිවග මේ සමාජය ඇතුළෙ පිළිගන්නෙ අඩුවෙන්.ඒ නිසා අද සමාජය තුළත් ඇය විඳින අවමන් නිමක් නැහැ.

බොහෝ වෙලාවට සැමියා අනියමි ඇසුරකට යොමු වෙන්න හේතු කාරණවක් විදියට සමාජය සලකන්නෙ බිරිඳට දරු සම්පත් අහිමි වීම වුණත් අද වෙද්දි ඒකම හේතුවක් ලෙස සලකන්න බැරි මේ කාලය වෙද්දි අහන දකින බොහෝ දෑ නිසයි.
සමාජ මාධ්‍ය ,තාක්ෂණික දියුණුව මතම ලෝකය දියුණු වෙද්දි අනියම් සඹඳතා විලාසිතාවක් බවට පත්වීම සුලබ දෙයක්.එය  පිළිලයක් බවට පත්වන තරමටම සමාජය හැඩගැසී තිබීම කනගාටුවක්.

රි⁣දී දෝලිය නංගියේ
හැංගුණා ඉර හිමගිරේ
හිමි නාවෙ ඇයි මේ රැයේ
ඉදෙනවද රෑ බත ඔහේ...

මගෙ සුවඳ ගැලු නිවහනේ
නුඹෙ පුසුඹමයි දැවටුණේ
සිහින මල් පිපිලද ඔහේ
හීතලයි මගෙ සයනයේ..

ආව සඳ හිමි ගෙට නුඹේ
සෝදවන් පය උණු දියේ
මමයි නංගියෙ දෙවියනේ
රන්දෝලි,නැති දරුසෙනේ...

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් 
සංගීතය - රෝහණ ධර්මකීර්ති

දවසින් දවස අලුත් ගීත සමාජගතවන කාලයක හදවත වැළඳගැනීමට සමත්වන නිර්මාණ බිහිවෙන්නෙ අඩුවෙන්.බොහෝ අලුත් නිර්මාණකරුවො තම ගීත නිර්මාණ සඳහා තෝරාගන්නා තේමාව බොහෝවිට සුලබයි.එයට හේතුව තමයි ඉතිහාසය ,සාහිත්‍යය ,ජනාශුතිය පරිශිලනය මඟහැරගැනීම.ඒ නිසා බොහෝ දෙනා ප්‍ර්‍ෙමය,විරහව මත පමණක් රැඳී නිර්මාණකරණයේ යෙදීම දකින්න පුළුවන්.

" රිදී දෝලිය නංගියේ" ගීතය ප්‍රේමය විඳිමින් ඉන් එහාට ජීවිතය ස්පර්ශ කළ ගීතයක් ලෙස සමාජගතවද්දී ගී පද රචනා ක්ශේත්‍රය ට අලුත් මං සොයා යන ගීපද රචකයකුත් හමුවනවා.ඔහු රෝහණ අරුප්පොළ.

"දරු සම්පත අහිමි බිරිදක් සිය සැමියාට දරු සම්පතක් ලබා දුන් වෙනත් කාන්තාවක් දෙස ඉතාම උපේක්ෂාවකින් දකින අයුරු වෙනස්ම රටාවකින් ඉදිරිපත් කරන්න අවශ්‍ය වුණා.
පුරාණ ලංකාවේ රජුගේ ප්‍රධාන බිසව රන්දෝලි නම් වන අතර දෙවන අන්තපුර බිසවුන් යකඩ දෝලි නම් ලබන අතර මේ ගීතය සඳහා වඩාත් අලංකරණයක් ලෙස නූතන කතාවට ගැලපෙන පරිදි ඔහු හදවත දිනූ ඇය රිදී දෝලි ලෙසින් නම් කළා.

නූතන ඉතිහාසයේ ක්‍රිව 1700 ප්‍රථම කාර්තුවේ පමණ සඳහන් වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ කුණ්ඩසාලේ කුමාරයාගේ ප්‍රධාන බිසවුන්, දස්කොන්ට පෙම්කල බව පැවසෙන දකුණු ඉන්දීය ප්‍රමිලා දේවිය වන නමුත් රජුගේ හද දිනූ කුමරිය අතිශයින් රූමත් මාතලේ මොණරවිල ටිකිරි කුමාරි යි.

ප්‍රමිලාට දරු සම්පත අහිමි බැවින් රජුගේ ආදරයෙන්  කුමාරයෙක් උරුම කර දුන්නේ මාතලේ ටිකිරි කුමරියි.ඔහු උනම්බුවේ කුමරා ලෙස සමහර වාර්තාවල දක්වා තිබෙනවා.නමුත් විවිධ කුමන්ත්‍රණ නිසා ඔහුට රජකම නොලැබීම ජාතියේ මහා අවාසනාවක්. මෙය හෙල රජවරුන් ගේ අවසාන පරිච්ඡේදය.

මේ කතාන්දරයත් වර්තමානයේ අහන දකින බොහෝ සිද්ධීන් ඔළුවෙ තියාගෙන තමයි මේ ගීතය ලියැවෙන්නේ"

තමන්ගේ සැමියා අන් ගැහැනියකගේ පහස ලැබීම ⁣බොහෝ කාන්තාවන් දකින්නේ තම මුළු ජීවිතයම විනාශ කර දමන මහා ඛේදවාචකයක් ලෙස.ඒ දෙස උපේක්ෂාවෙන් බලන ගැහැනියක් හමුනොවන තරම්.
හෙලයේ මහා ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත " කළුවර ගෙදර " නවකතාවේ තීතන් තම විවාහක බිරිඳ ට දරුඵල නොමැතිවීම මත නිවෙසට තවත් බිරිඳක් එක්කරගන්නේ පළමු බිරිඳගේ ආශිර්වාදයෙන්.ඒ වගේම මෑතක් වනතුරුම උඩරට ජන සමාජයේ එකගෙයි කෑම වැනි විවාහ විධි දක්නට තිබුණු අතර අඩ දබරවලින් තොර පවුල් ජීවිත ගෙවී ගියා.නමුත් කාලයත් සමඟ මේ බොහෝ සංකල්ප ජන සමාජයෙන් ඉවත්වන්නේ විවිධ  සංස්කෘතික කාරණා මුල්කරගෙන.

විවාපත් ගැහැනියකගේ ජීවිතය සරසන්නෙ කිරි සුවඳ.ඒ කිරි සුවඳ හැම ගැහැනියකටම උරුම නොවන්න පුළුවන්.පරම්පරාව රැකෙන්න දරු මල්ලන් පතන හැම පිරිමියකුටම වැටහිය යුතු කාරණාව එයයි.ඒ හැම ගැහැනියකටම රිදී දෝලියක් දෙස නිදහස්ව බැලුම් හෙලන්න තරම් ශක්තියක් නොමැති නිසායි.

විවරණය: සුජිත් ප්‍රසංග



අදහස් (0)

හිමි නාවෙ ඇයි මේ රැයේ...

ඔබේ අදහස් එවන්න

 

 

ගී විනිස

ගඟක් සනහා මලක් පිපුණා...
2023 සැප්තැම්බර් මස 21 2116 0

යොවුන් විය එළැඹෙනවාත් සමඟම හිතේ උපදින ආදරය පිළිබඳව බොහෝ දෙනා විවිධ කතා කියුවත්,මත පළකරත් ඒ ආදරය තමයි ජීවිතය ජීවත් කරවන ආදරය වන්නේ.


කොහේ හෝ ඇති ප්‍රේමයක්..
2023 සැප්තැම්බර් මස 01 2050 0

මෙලොව එළිය දකින සෑම මිනිසකුම තම ජීවිතය අරඹන්නේ සොබාදහම සමඟින්.මේ විශ්වයේ අපූරු දායදයක් වන ගහකොළ,ඇළ දොළ,නිල් අහස, මහ පොළොව මේ සියල්ල සෑම මිනිසකුගේම ජීවි


ගර්දේනියා මල් සුවඳේ හිත පෙඟුණා...
2023 අගෝස්තු මස 14 1471 3

සුභාවිත ගීතයේ අක්මුල් සොයා යද්දි ජනකතා,ජනප්‍රවාද,ජනශ්‍රැති,ථෙතිහාසික මූලාශ්‍ර,ඉතිහාසය මත පදනම් වූ ගීත රාශියක් හමුවෙනවා.ඒ ගීත අතරේ එදා මෙදාතුර සාහිත


එගොඩහ යන්නෝ
2023 අගෝස්තු මස 07 985 0

ඩෝල්ටන් අල්විසුන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේය පද සංහිතාවෙන් ද ශෙල්ටන් ⁣පෙරේරාගේ භාවානුරාගී හඬ මාධුර්යයෙන් සහ ස්වරසංරචනයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ සසර සය


ඩිංගිරාල නුඹලා වන දෙයියෝය
2023 ජුලි මස 31 767 1

වසන්ත කුමාර කොබවකයන්ගේ ව්‍යංග්‍යාර්ථපූර්ණ සුගේය පද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන හඬ සහ සුස්වර මාධූර්යයෙන් ද සුරංජිත මෙි සුදුර්ලභ ගීමිණ ම


කලාභූෂණ සම්මානයේ උජාරුව සසැලී......
2023 ජුලි මස 25 491 1

සංඝමිත්තා මෙහෙණින් වහන්සේගෙ ලංකාගමනයත් සමඟ පැමිණි අටළොස්කුළයක කලා ශිල්පීන් අපේ ජන සමාජය වැළඳගත්තේ ඔවුන් සතු වූ හැකියාවන් තව තවත් ප්‍රගුණ කරමින්. ඒ ආ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 66 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 694 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 718 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site