සිතුවමක් එහෙම නැත්තම් චිත්‍රයක් කියන්නේ අපේ ඇස් ඉදිරිපිටම මැවෙන හරි අපූරු මායාවක්. ඒ මායාව හරි අපූරුවට පාට කරන සෙනුති අයෝද්‍යා අද ලංකාවේ ගොඩක් අය දන්නෙ පින්සලට විතරක්ම සීමා නොවුණු වර්ණ රටා මවන, වෙනස් විදිහට චිත්‍ර අඳින, අලුත් දේවල් කරන පුංචි හුරුබුහුටි සිත්තරාවියක් විදිහට. මේ දවස්වල කාගෙත් අවධානයට ලක් වූ රටේ ජනාධිපතිගේ රුව සිතුවම් කළ ඈ තම පින්සලෙන් පණ පොවා ඇති චරිත රැසකි. එසේ ඈ අතින් නිමවුණු සිතුවම් අතර ලංකාවේ මෙන්ම ලෝකයේ ද ප්‍රේක්ෂක ආදරය දිනූ ජනප්‍රිය නළු නිළියන් මෙන්ම දැවැන්ත චරිත ද සෙනුති අතින් වර්ණවත් වූයේ ඈ කෙරෙහි තිබූ ප්‍රේක්ෂක ආදරය තව තවත් වැඩි කරමිනි. එසේ සැබෑ ලොව චරිත ජීවමාන ලෙසින් සිතුවම් කිරීමට උපන් හපන්කම් දක්වන ඇය වෙනුවෙන් මෙවර සඳැල්ලෙ අපි ඉඩක් වෙන් කළෙමු. මේ ඈ ම පාට කරන ඇගේ කතාවයි.
මගේ නම සෙනුති අයෝද්‍යා. ඒ වුණාට හැමෝම මාව දන්නෙ නම් සෙනූ කිව්වම. දැන් වයස 19යි. මේ වෙද්දි උසස් පෙළ විභාගය ලියන්න බලාපොරොත්තුවෙන් තමා ඉන්නෙ. මං ගැන කියනවනම් වෙනස් විදිහට චිත්‍ර අඳින, අලුත් අලුත් දේවල් උත්සහ කරලා බලන්න ආස ගෑනු ළමයෙක් කිව්වොත් හරි. එතකොට මගේ පවුලෙ ඉන්නෙ අම්මයි තාත්තයි, මල්ලියි.
ඔව්. මං හිතන්නෙ අපි හැම වෙලාවකම හැමෝම කරනවට වඩා වෙනස් , අලුත් දෙයක් අපේ නිර්මාණෙකින් එළියට දෙන එක තමයි වටින්නෙ. චිත්‍ර විතරක් නෙවේ මං හිතන්නෙ අපි කරන ඕනම නිර්මාණයක් එහෙම වෙන්න ඕනෙ. මං චිත්‍රෙකින් වුණත්, මගේ වීඩියෝ එකකින් වුණත් උත්සාහ කරන්නෙ තව කෙනෙක්ට ඒ දිහා බලන් ඉන්න ආස හිතෙන විදිහට ඒක මට පුළුවන් උපරිමෙන් කරන්න. මං හිතනවා මං සාර්ථක ඇති කියලා.
මම උසස් පෙළට චිත්‍ර විෂය හදාරනවා. ඒ ඇරුනම නම් ඒ ගැන වෙනම කිසිම තැනකින් මේ වෙනකං මම ඉගෙනගෙන නැහැ. මං දන්නෙ හරිම පොඩ්ඩයි, ඒත් මම හැම වෙලාවකම තනියම චිත්‍ර ඇඳලා පුරුදු වෙනවා. ඒකෙන් මම ඉගෙන ගන්නවා, මම හිතන්නෙ කවදාවත් චිත්‍ර කියන විෂය ඉගෙනගෙන ඉවර කරන්න පුළුවන් වෙන විෂයක් නෙවෙයි .
මම පෙන්සිල් ආට්, කැන්වස් පේන්ටිංස් තමා වැඩියෙන්ම කරන්නෙ. ඊට අමතරව අතට අහුවෙන ඕනම දේකින් මම ආට් කරනවා. අඟුරු, නිල්, ලිප්ස්ටික්, මෙහෙන්දි වගේ ඕනම දෙයක්. පැන්සල්, පින්සල් මොකුත්ම පාවිච්චි කරන්නෙ නැතුවත් මම ඒ විදිහට ආට් කරනවා. ගොඩක් වෙලාවට වීඩියෝස්වලින් හැමෝම දකින්නෙ මං ඒ විදිහට කරන අමුතු අමුතු ආට් තමයි.
මං පුංචි කාලෙ ඉඳන්ම චිත්‍ර ඇඳලා තියෙනවා. මං විතරක් නෙවේ අපි හැමෝම ඉතිං එහෙමනෙ. කලාතුරකින් තමා ඒ කාලෙ චිත්‍රයක් අඳින්නෙ. ඒත් දහය එකොළහ වසරෙ වගේ ඉන්නකොට මට කාගෙහරි ෆොටෝ එකක් බලාගෙන ඒ වගේ ආට් එකක් කරන්න පොඩ්ඩක් පුළුවන් වෙලා තිබුණා. අවුරුදු දෙකකට වගේ කලින් ඕලෙවල් ඉවර වෙලා ගෙදර ඉද්දි වෙන කරන්න දෙයක් නැති නිසයි, මට ඒලෙවල් ක්ලාස්වලට යන වියදම හොයාගන්න ඕන නිසයි තමා ඕඩ(ර්)ස්වලට චිත්‍ර අඳින්න පටන් ගත්තෙ. ව්‍යාපාරයක් විදිහට පටන් ගත්තා වුණත් පස්සෙ මං ආසම දේ චිත්‍ර අඳින එක වුණා. තාමත් එහෙමයි.
|
|
ඒකට හේතුව නම් මටත් හරියට හිතාගන්න බැහැ. චිත්‍රවලට විශේෂ දක්ෂතාවක් තියෙන කෙනෙක් අපේ පවුලෙ නැහැ. හැබැයි අම්මා මං පුංචි කාලෙදි නම් පොඩ්ඩ පොඩ්ඩ මට චිත්‍ර අඳින විදිහ, පාට කරන විදිහ කියලා දීලා තියෙනවා කියලා මට මතකයි. දැන් නම් මම වැඩිපුරම කරන්නෙ චිත්‍ර අඳින එක නිසා දිගටම ඒක ප්‍රැක්ටිස් වෙනවා, සමහර විට ඒක වෙන්න ඇති හේතුව.
මං කලිනුත් කීවා වගේ මේ දවස්වල ඒලෙවල් එක්සෑම් එකට ලෑස්ති වෙනවා. ඒ වගේම චිත්‍ර අඳින එකයි, කන්ටෙන්ට් ක්‍රියේෂන්ස් වැඩත් කරනවා. ඒ විදිහට හැම දේම බැලන්ස් කරගෙන යනවා.
ගොඩාක් හොද ප්‍රතිචාර, අගය කිරීම්, සුබ පැතුම් වගේ දේවල් තමා මේ දවස්වල නිතරම හම්බෙන්නෙ. මම ඒ නිසා මාරම සතුටින් ඉන්නෙ. හැම දේම ලස්සනට ඉස්සරහට කරගෙන යන්න පුළුවන් වෙන්නෙ ඒ විදිහට හම්බෙන ආදරණීය අගය කිරීම් නිසා තමයි .
පවුලෙ අය මම ආස දේවල් කරගෙන, ඒ පාරෙ ඉස්සරහටම යන්න මට උපරිම නිදහස දීලා තියෙනවා. ඒ වගේම එයාලා මගෙ වැඩවලට හැම වෙලාවෙම වගේ උදව් කරනවා. ඇත්තටම ඒ අය දෙන සහයෝගය මට ගොඩක් වටිනවා. ඉතින් ඒ අයව ආදරෙන් මතක් කරන්නම ඕනෙ.
ඒ ගැන නිහතමානී සතුටක් තියෙනවා. කවදාවත් දැකලවත් නැති ලංකාවෙ හැමතැනම ඉන්න අයගෙන් ලැබෙන ආදරේ, අගය කිරීම්වලට ස්තූති කරන්න ඕන විදිහ මට හිතාගන්නවත් බැහැ. ඒ හැමෝටම මාත් ගොඩක් ආදරෙයි.
චිත්‍ර අඳින විදිහ ගැන කිව්වොත් ඉස්සර මගෙ චිත්‍රවල තිබ්බ කොලිටි එකට වඩා දැන් මගෙ චිත්‍රවල ලොකු දියුණුවක් තියෙනවා. සන්සන්දනය කරලා බලද්දි මටම ඒක තේරෙනවා. ඉස්සරහට මීටත් වඩා පුළුවන් උපරිමය කරන්න බලාපොරොත්තු වෙනවා .
ඉස්සර සෙනූගෙයි දැං සෙනූගෙයි වෙනස ගැන කියනවනම් මට ඉස්සර හීන, ටාගට් කිසිම දෙයක් තිබිලා නැහැ. ඒත් දැන් මම ජීවිතේ ගොඩක් දේවල් ඉස්සරහට ප්ලෑන් කරන්න, ඒවට වැඩ කරන්න මහන්සිවෙනවා . මට මං ගැන ලොකු විශ්වාසයක් හැදිලා තියෙනවා. මං හිතන්නෙ හැමෝටම එහෙම වෙන්න ඕනි. ඒ වගේම ජීවිතේට ලැබෙන හිත රිදෙන නෙගටිව් දේවල් ගැන හිතන්න වෙලාව නාස්ති නොකර ඉන්න මම උපරිම උත්සාහ කරනවා. හැම වෙලාවෙම පුළුවන් විදිහට මං මාවම සතුටින් තියනවා.
ලොකුම බලාපොරොත්තුව හැමදාම සතුටින් ඉන්න එක. මගෙ වටේ ඉන්න මං ආදරේ කරන හැමෝවම සතුටින් තියන එක. ඒ වගේම කලාව පැත්තෙන් යන්න පුළුවන් උපරිම දුර යන එක. ජීවිත කාලෙ ඇතුළත පුළුවන් තරම් දේවල් ඉගෙන ගන්න එක.
එදා මම රජයේ සංගීත විද්‍යාලයේ (අද සෞන්දර්ය සරසවිය) නර්තනය හැදෑරූ ශිෂ්‍යාවක්. එයා හිටියෙ සංගීත අංශයේ සිසුවකු ලෙස. මේ දෙගොල්ළොම සහභාගි වූ ශ්‍රමදානයක් පැව
ගණනය කළොත් හැදු ගී තනු සෑහෙනය සංගීතයෙන් කළෙ සිත් සම්බාහනය
ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීත දිවියේ ස්වර්ණමය අවස්ථාව උදා වන්නේ 70 දශකයේය.
මුළු ලංකාවටම ඉන්නෙ එකම එක රෝහණ වීරසිංහ කෙනෙක් විතරයි.. තවත් කෙනෙක් අපේ ජීවිත කාලය තුළ බිහි වෙයි කියලා හිතන්න අමාරුයි.
ගීතයකට ජීවිතයේ සුන්දරම මොහොතක් සේම, අසුන්දරම මොහොතක් සැණින් මතකයට ගෙන එන්නටත්, නෙතට කඳුළක් සේම, මුවගට සිනහවක් එක් කිරීමටත් ඇත්තේ අපූරු හැකියාවකි.
ඔහු ගැන ලිවීමට, කතා කිරීමට, කොතැනින් කොහොම පටන් ගන්නේ දැයි, සිතාගත නොහැකි තරම්ය. ඒත් කොතැනකින් හෝ පටන් ගත යුතුය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචිත ගේය පද
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
අජීවී කොළයක සජීවී දසුන් මවන හුරුබුහුටි සිත්තරාවී - සෙනුති අයෝද්‍යා