IMG-LOGO

2025 මාර්තු මස 31 වන සඳුදා


අපට සම්මාන උළෙලකටවත් ආරාධනා නැ

 

සහාය අධ්‍යක්ෂ ජානක ආදාසූරිය

සහය අධ්‍යක්‍ෂවරයා යනු ටෙලි නිර්මාණයක හෝ චිත්‍රපටයක වගකීම් සහගතම පුද්ගලයා බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. නිර්මාණයක සම්පූර්ණ බර පැටවී තිබෙන්නේ සහය අධ්‍යක්‍ෂවරයාටය. මේ දිනවල විකාශය වන සැලෙනා නුවන් ටෙලි නාට්‍යයේ ඒ වගකීම් සහගත භූමිකාව බාරවී තිබෙන්නේ ඔහුටය. ඔහු නමින් ජානක ආදාසූරිය වුවත් කලා ලෝකයේ අය හඳුනන්නේ ආදරණීය ආදා ලෙසය. මේ කතා බහ ඔහු සමගය. 

  • මුලින්ම ඔබ සහය අධ්‍යක්‍ෂණයෙන් දායක වූ නිර්මාණ ගැන කතා කරමු. 

මීට පෙර ගඟන පියවර, හදවතේ කතාව, ශෙලීනා, දස්කොන්, ඇහැලේපොළ කුමාරිහාමි, කොළඹ ඉතාලිය, මෙඩි සිනා, පාරමිතා, යර්ස් බොස්, ශ්‍රී දළදා ගමනය.

  • සහය අධ්‍යක්‍ෂවරයා කියන භූමිකාවට ඔබ ඇතුළු වෙන්නේ කොහොමද? 

මගේ යාළුවෙක් හරහා ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු කියන අධ්‍යක්‍ෂවරයා හඳුනා ගැනීමට ලැබෙනවා. ඒ හරහා ඔහුගේ නිර්මාණ දෙක තුනකට මුලින්ම රංගනය සඳහා සම්බන්ධ වුණා. පසුකාලීනව මට ඔහුගෙන් ආරාධනා ලැබෙනවා, ඔහුගේ සහය අධ්‍යක්‍ෂවරයා විදියට වැඩ කිරීමට. එතකොට මට කිසිම අත්දැකීමක් තිබුණේ නැහැ. 

ඔහු තමයි මට හැමදේම ඉගැන්නුවේ. ඔහු තමයි මගේ ගුරුවරයා. ඉන්පසු නිව්ටන් ගුණසේකර හා ප්‍රසන්න ඉත්තෑපාන කියන සහය අධ්‍යක්‍ෂවරු යටතේ මම දෙවන සහය අධ්‍යක්‍ෂවරයෙක් ලෙස දීර්ඝ කාලීනව වැඩ කළා. ඒ අත්දැකීම් එක්ක මමත් සහය අධ්‍යක්‍ෂවරයෙක් ලෙස වැඩ කරන්න පටන් ගත්තා. 

  • සහය අධ්‍යක්‍ෂවරයා කියන භූමිකාව ගැන මොකක්ද හිතෙන්නේ? 

නිර්මාණයක ප්‍රධාන විධායක නිලධාරි හෙවත් සැලසුම්කරු වන්නේ ඔහු. නිර්මාණයක සාර්ථක අසාර්ථකභාවය රැඳෙනවා ඔහු කරන සැලසුම් මත. ඒක ලොකු වගකීමක් වුණත් අද බොහෝ අය ඒ භූමිකාව ගැන කතා කරන්නේ නැහැ. සම්මාන උළෙලකටවත් අපට ආරාධනා නැහැ. අලුතෙන් සහය අධ්‍යක්‍ෂයට එන අය අතරත් ක්ෂේත්‍ර ගැන රංගන ශිල්පීන් ගැන අවබෝධයක් නැති අය ඉන්නවා. එවැනි ගැටලු තියෙනවා. 

  • අධ්‍යක්‍ෂවරයෙක් වීමට සහය අධ්‍යක්‍ෂවරයා උදව්වක් වෙනවාද? 

සහය අධ්‍යක්‍ෂවරයා යනු අධ්‍යක්‍ෂවරයාගේ සහයකයෙක් නෙවෙයි. විවිධ නිර්මාණකරුවන් සමග වැඩ කරද්දී විවිධ අත්දැකීම් ලැබෙනවා. මේක වෘත්තියක්. 

  • ඔබට අධ්‍යක්‍ෂවරයෙක් වීමට හීනයක් තිබෙනවා ද? 

මං දැන් බොහෝ කලක් සහය අධ්‍යක්‍ෂවරයෙක් ලෙස වැඩ නිසා මගේම ක්‍රමයට නිර්මාණයක් කරන්න අදහසක් තියෙනවා. ඉදිරියේ දී එය සැබෑ වෙයි. 

  • ඔබ කුරුණෑගල වාරියපොල ගමෙන් ඇවිත් මෙහෙම තැනකට එන්න මොන විදියේ කට්ටක් ද කෑවේ? 

මෙතන හොඳයි, නරකයි දෙකම තියෙනවා. තමාගේ මට්ටම අනුව වැඩ කරන්න පුළුවන්. ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු, නිව්ටන් ගුණසේකර, ප්‍රසන්න ඉත්තෑපාන නිසා තමයි ජානක ආදාසූරිය කියලා චරිතයක් ක්ෂේත්‍රය තුළ මතු වුණේ. ලංකාවේ ප්‍රබලයි කියලා ඉන්න ගොඩක් අය එක්ක මට වැඩ කරන්න ලැබුණේ මගේ කැපවීම නිසයි.

  • ඔබ නිර්මාණ කීපයක් එකවර බාර ගන්නවා ද? 

එක වරකට එක නිර්මාණයයි මම තෝර ගන්නේ. කීපයක් කරන්න අමාරුයි. මගේ සේවය දුරකතනයෙන් විතරක් දෙන්න මම කැමති නැහැ. නිර්මාණ තෝරා ගැනීමේ දී මම බලන දේවල් ටිකක් තියෙනවා. ඒ අනුව තෝරා ගන්නවා. ඉදිරියේ දී සිනමාවටත් එන්න අදහසක් තියෙනවා. මගේ පවුලේ අයත් උපරිම සහයෝගයක් මට ලබා දෙනවා. මං කියන්නේ මොන විදියට මේ ක්ෂේත්‍රයට ආවත් ප්‍රවීණයන්ගෙන් ඉගෙන ගෙන එන්න පුළුවන් නම් හොඳයි. අලුත් අය අතර දක්‍ෂතාව තියෙනවා. ඒත් වැඩ කිරීමේ දී යම් යම් ගැටලු තිබෙනවා. 

අමිල චින්තක ගමගේ



අදහස් (0)

අපට සම්මාන උළෙලකටවත් ආරාධනා නැ

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

නැවත බේරාගතයුතු බුද්ධගයාව
2025 මාර්තු මස 31 7 0

ඉන්දීය අගමැති නරේන්‍ද්‍ර මෝදි තව නොබෝ දිනකින් ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාව පුරා බෞද්ධ උද්ඝෝෂණ පමණි. පසුබිමක සිටය. එමෙන්ම අගමැති මෝදිට ඉන්දියානු මෙන්ම,


නිලංජනා හි අවංක පොලිස් නිලධාරියා
2025 මාර්තු මස 29 15 0

“තංගල්ල පොලීසියේ ස්ථානාධිපති විදියට තමයි මම රඟ පෑවේ.. මම බොහොම අවංක, සාධාරණ නිලධාරියෙක්.. රවීන්ද්‍ර රන්දෙනිය රඟ පෑවේ දූෂිත මන්ත්‍රිවරයෙක් විදියට.. විශේ


චිත්‍රපටයක් කියලා නොදැන සමහර අය දෙබස විතරක් අල්ලාගෙන ප්‍රතිචාර දක්වනවා
2025 මාර්තු මස 29 16 0

එන්න යන්න අපි එක්ක නෙළුම් කුලුන බලන්න, හැබැයි නෙළුම් කුලුන නම් නෙවෙයි. මේක චිත්‍රපටයක්. ඒත් නැතිනම් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක හදලා තියෙන්නෙ ඉලංගෝ රාම්. ම


මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරළුවා - එමාෂා සෙනවිරත්න
2025 මාර්තු මස 29 17 0

ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක හදවත් තුළ නොමැකෙන මතකයක් සටහන් කළ සිරස නාළිකාවේ විකාශය වූ ‘‘මායාවි’’ ටෙලි නිර්මාණය සම්බන්ධයෙන් පසුගිය සති අන්තය තුළ ආන්දෝලනා


ප්‍රේක්ෂකයාට ට්‍රැක පන්නන රවියා
2025 මාර්තු මස 28 24 0

නළුකමට රූපය වගේම දක්ෂතාව‍ සහ හැකියාවත් අවශ්‍යයි. මෙවර සඳැල්ල කතාබහට එක් වෙන කැලුම් ශ්‍රී කියන්නෙත් එසේ තමන්ගෙ රංගන සහ නර්තන හැකියාවෙන් ප්‍රේක්ෂක ආදර


අපේ ආදර කතන්දරේට පණ දෙන චමත් චමුපති
2025 මාර්තු මස 28 26 0

ප්‍රවීණ ගීත රචක කරුණාරත්න අබේසේකර වැනි ගේය පද රචකයන්ගේ හා මොහොමඩ් සාලි, ක්ලැරන්ස් වැනි ප්‍රවීණ සංගීතවේදීන්ගේ රස භාවයෙන් නිර්මාණය වූ මෙම පදවලට මිල්ටන


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 628 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 733 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1473 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site