සිංහල අවුරුදු කාලෙට ගමේ අසිරිය මතකයට රැගෙන එන ගී පදවැල් අපේ සවනත වැදෙනවා. මේ කාලයට විතරක් සීමා නොවී ගම ගැනත් එහි භාවමය සුන්දරත්වය ගැනත් කොවුල් හඬින් ගීත ගැයු ගායන ශිල්පියෙක් අප අතරින් පසුගියදා සමු ගත්තා.
‘අද සුපිපෙන මල හෙට නොපිපේවි
ලෝකය දිවයයි වෙනස් වෙලා
එලෙස වෙනස් වන ලොවෙහි අලුත්වන
ආදරයම මම හිඳිමි බලා
වෙනස් වන ලෝකය ගැන සමාජයට කියාදුන් ඔහු අද ලෝදම් අනුව ද්‍ිවියෙන් සමු අරන් ඔහු තමා ප්‍රියා...... ප්‍රියා සුරියසේන.
පුරා අවුරුදු 50ක් ලයාන්විත ගී ස්වරයෙන් පරම්පරා තුනක් නැලවූ ප්‍රියාගේ ගීත දායාදය අද ඉදිරියට ගෙන යන්නේ ආදරණීය බිරිඳ, දුවරුන් සහ පුතා විසින්.
රූපවාහිනී නාළිකා, යූ ටියුබ් නාළිකා, ප්‍රසංග වේදිකාවල එම අමරණීය නාදය පාළුවක් ඉතිරි නොකර ගැයෙනවා. රියලිටි වැඩසටහන්වල අංක එකේ පැරණි ගායන ශිල්පියා ප්‍රියා තමයි.
කාර්ය බහුල දිවියක් ගත කරන ප්‍රියාගේ ආදරණීය දියණිය ඉරෝෂි සහ පුතණුවන් වන ලක්ෂිත පියා සහ මව සමග සිංහල අවුරුද්ද සැමරූ අතීතය ගැන මෙසේ අදහස් පැවසුවා.
කොහොමද ජීවිතේ?
‘අප්පච්චි නැති ජීවිතේ හිතා ගන්නත් අමාරුයි. හරියට හබල නැති ඔරුවක් වගෙයි. සිංහල අවුරුදු කාලෙ ළං වෙනකොට දකින අප්පච්චිගේ ලස්සන අහිංසක හිනාව ආදරණීය කටහඬ බලාපොරොත්තුවෙන් අපි මග බලාගෙන ඉන්නවා. ඒත් අප්පච්චි අපට දායාද කරල ගිය ගීතමය සංගීත රටාව ඉදිරියටම අරගෙන යන්නයි අපේ උත්සාහය. ඒක අප්පච්චිට කරන ලොකුම කලගුණ සැලකීමයි. ලක්ෂිත කිව්වා.
සංගීත සංදර්ශන නම් අප්පච්චි හිටිය කාලෙ වගේම අඩුවක් නැහැ. විදේශීය ප්‍රසංග කිහිපයකටත් ළඟදී ගියා. එයාල අප්පච්චිගෙ පැල් බැඳගත්ත රසිකයො. නව සංගීත තාක්ෂණ අනුවත් ඒවාට ඇති ඉල්ලුම වෙනස් වෙලා නෑ. අප්පච්චි ලෝකෙ කොහේ ගියත් අප දිහා බලා ඉන්නවා කියලා හිතෙනවා. ඉරෝෂි කිව්වා.
දැන් අප්පච්චි අපෙන් සමු අරන් තුන් මාසයක් වෙනවා. සිංහල අවුරුදු ළං වෙනකොට අප්පච්චිගේ අඩුව හා අගය අපට මෙන්ම ප්‍රේක්ෂකයන්ට වඩාත් දැනෙනවා. ඒ හිඩැස පුරවලා සාධාරණයක් ඉටු කරන්නයි බලාපොරොත්තුව.
ගීත කලාව ඔබට උරුම වුණේ කොහොමද?
අප්පච්චිගෙත් අප්පච්චි අපේ ගමේ ඒ කියන්නෙ නාත්තන්ඩියේ හිටපු දක්ෂ නූර්ති නාඩගම් හා ටීටර් ගායන ශිල්පියෙක් වන ජේම්ස් අප්පුහාමි. එයා අප්පච්චිත් එක්කගෙන හිටිවන කවි මඩු පෙන්වන්න එක්ක ගිහින් තියෙනවා. ඒ ආභාසය අප්පච්චිට ලැබෙන්න ඇති. ගුවන් විදුලියට එක්කගෙන ගිහින් ඒක පෙන්නල තියෙන්නෙත් එයා තමයි. අප්පච්චිට වයස 20 වෙද්දි එයා මිය ගියාලු.
ගමේ ඉන්න කාලෙත් ගෙදරදී හවස අපි ඒ කියන්නේ මිනෝෂි අක්ක, ලක්ෂිත මල්ලි, ගයාන්ෂි නංගි සහ මම ළඟින් තියාගෙන අප්පච්චි ගී කිව්වා. අපිත් එයා ඉදිරියේ ගීත ගයලා සංගීතය හැදෑරුවා.
අනික අම්මයි තාත්තයි දෙන්නම සංගීත ගුරුවරුවීම අපට ලොකු ශක්තියක් ආශීර්වාදයක් වුණා. අප්පච්චි විශේෂයෙන් අලුත් අවුරුදු කාලෙට සංගීත සංදර්ශනවලට යනකොට අපවත් එක්කගෙන ගියා. අපේ ජීවිතයේම සංගීතය කොටසක් වුණේ එහෙමයි.
සූරියසේන කියන්නේ ‘හිරු සේනා’ කියන තේරුමයි. කොහොම ද අප්පච්චිගෙ හිරු එක්ක තියෙන බැඳීම?
ඇත්තෙන්ම හිරු ගැන අප්පච්චි ගීත රැසක් ගායනා කළා. අප්පච්චිගෙ මුල්ම ගීයත් එහෙමයි.
‘සරතැස නිවා දිවි කතරේ’
‘හිරුට මුවාවි ලැසි ගමන බලාවි’
අනික ගම ගැන අවුරුදු කාලෙට පිබිදෙන ගමේ සුන්දරත්වය ගැන එයා ගැයුවා. ‘මී කැකුණ කාලේ’ වගේ අප්පච්චි ගමේ කාගෙත් සිත් දිනා ගත්ත චරිතයත්. එයා රට වටේම ප්‍රසංගවලට ගියත් අලුත් අවුරුදු කාලේ නොනගතය ඒ කියන්නේ පුණ්‍ය කාලය වෙද්දි නොවරදවාම ගෙදරට එනවා. අපිත් එක්ක අවුරුදු චාරිත්‍ර කරන්න පන්සල් යන්න අම්මයි අපියි ගෙවල් දොරවල් අස්පස් කරලා පිරිසිදු වෙලා බලා ඉන්නේ ඈත තියාම හිනාවෙව් ගෙදර එන අප්පච්චි බලන්න. තෑගි බෝග ගන්න. සින්දු අහන්න. එකට ඉඳගෙන චාරිත්‍ර කරන්න ඒ විතරක් නොවෙයි අප්පච්චි ආවාම ගමේ තරුණ පිරිසත් හරියට එක්රොක් වෙනවා. අප්පච්චි දක්ෂ ගායකයකු වගේම ඉස්සර දක්ෂ පිහිනුම් ශුරයෙක්ලු. තරුණ නඩේ එක්ක එකතුවෙලා තරගයට පිහිනනවා. ඒ අතර ගඟේ ගහගෙන ගිය ජීවිත ගණනාවක්ම අප්පච්චිලා බේරගෙන තියෙනවා.
ඒ විතරක් නොවෙයි අප්පච්චි වඩාත්ම ප්‍රසිද්ධ වොලිබෝල් ක්‍රීඩකයෙකු ලෙසයි. නාත්තන්ඩිය ගමෙත් ධම්මිස්සර විදුහලේත් වොලිබෝල් ගැන කියද්දී සිහියට එන්නෙම ප්‍රියා සූරියසේන කියන නම. ඉතින් අවුරුදු කාලෙ අප්පච්චි ගෙදර එනවයි කියන්නෙ ගමේම පිබිදීමක්.
කොහොමද ඉස්සර අවුරුදු කෑම මේසේ?
ගමේම අම්මලා නැන්දලා හදපු සිංහල කෑම වලින් මුළු මේසයම එළිය වැටෙනවා. කැවුම් කිරිබත් ආස්මි කොණ්ඩ කැවුම්, අතිරහ, අලුවා, වැලිතලප, කොකිස් වගේ අලුත් තෙල්කෑම දීසි සහ ගෙවත්තෙන්ම කපාගත් කෙසෙල් එක්ක පුංචි අපි අවුරුදු කනවා. අවුරුදු පහන දල්වන්නෙත් අප්පච්චි.
අප්පච්චි නැකතට අපි හැමෝටම රසකැවිලි බෙදනවා. බාහිර සංගීත ලෝකයම අමතක කරල අප සමග කෑම මේසයෙ අප්පච්චි වාඩි වුණාම හරිම සන්තෝසයි. අප්පච්චි වැඩියම කැමති කෑම වර්ග හදන්න අම්මා අමතක කරන්නේ නැහැ. එයා වැඩියම ආසා කොණ්ඩා කැවුම්, ආස්මි සහ කිරිටොපි වලටයි. අප්පච්චි නැති අවුරුදු කෑම මේසයක් හිතා ගන්නවත් බෑ.
කොහොමද ඉතින් ගනුදෙනු චාරිත්‍ර කරන්නේ?
ඒකනම් කියන්නම ඕනෑ. අප්පච්චිගේ සිරිතක් තියෙනවා. පවුලේ සාමාජිකයන්ට වගේම ඒ වෙලාවෙ ගෙදර ඉන්න හැමෝම සමග අවුරුදු චාරිත්‍රානුකූලව ගනුදෙනු කරලා වැඩ අල්ලන්න.
ව්‍යවහාර මුදල් පටන් ගන්නේ ශතයෙන් නේ. ශත 01, 02, 05, 10 කාසිවලින් සහ රුපියල් 1000 දක්වා නෝට්ටු වලින් පුරවපු බුලත් කොළය බැගින් හැමෝටම පිරිනමනවා. අප්පච්චි ගෙන් සල්ලි ගන්න අපි ඉන්නෙ ලොකු බලාපොරොත්තුවකින්.
ඉරෝෂි දුව මතකය අවදි කළා.
අවුරුදු සැමරුමට තව කවුද ආවේ?
ආ.... නළුනිළියො. ගායක ගායිකාවො අප්පච්චිගේ කැසට් නිෂ්පාදකයෝ. සංගීත කණ්ඩායමේ අය. ප්‍රභූවරු හේම එනවා. අප්පච්චි ඒ අයටත් බුලත් කොළේ ඔතලා පඬුරු පිරිනමනවා. කිසිම වෙනසක් නෑ.
මත්පැන් ප්‍රිය සාද නම් ගෙදර කරනවාට අප්පච්චි නම් බින්දුවක්වත් කැමති නැහැ. මොකද දරුවන්ට විනයානුකූලව ආදර්ශමත්ව ගුණ නැණ බෙලෙන් හදා ගැනීමයි එයාගෙ එකම පැතුම. මම අප්පච්චිගේ හඬින්ම මේ කියමන අහලා තියෙනවා. අප්පච්චි ප්‍රබෝධමත් වෙන්නේ මත්පැන් වලින් නෙවෙයි හිතේ සංතෝසෙන්.
සූරියසේන මහත්මිය මේ කාලෙ කාර්ය බහුල ඇති
අම්මා තමයි පසුබිමේ ඉඳගෙන අප්පච්චිටත් ගැළපෙන විදියට සියල්ල සැලසුම් කරන්නේ. අප්පච්චි සහ අම්මා දෙන්නම සංගීත උපදේශකවරු. ඉතින් අපේ හද ගැහෙන රාවය ඔවුන් දන්නවා.
අම්මා තමයි තෙල්ගාන දිනයේ සියලුම චාරිත්‍ර කරන්නේ. හිසට උඩින් සහ පය යටින් ඖෂධ කොළ එළලා නානු හදලා නැකතට තෙල් ගාන්නේ අම්මයි. ගුරුමාරු ලැබිලා ගමෙන් කොළඹට ආවත් අපේ පවුලේ මෙවැනි චාරිත්‍ර බිඳුණේ නැහැ. අප්පච්චි ඉන්නවා කියලා සිහි කරමින් අපි අවුරුදු සමරනවා.
අවුරුදු උත්සව බලන්නත් යනවාද?
ඔව්. ඒ කාලෙට පාර දිගේම අවුරුදු සැරසිලි සංගීත සංදර්ශන අවුරුදු කෙළිසෙල්ලම් තරගනේ. ඉතින් අප්පච්චිව දකින එකත් එයාලට ලොකු ධෛර්යයක්. සංගීත වේදිකාවේ අප්පච්චි සින්දු කියද්දී අපි අප්පුඩි ගහනවා.
අපේ මහ ගෙදරත් පවුලේ හා ගමේ අප වෙනුවෙන් බක්මහ උළෙලක් තියෙනවා. අප්පච්චි තමයි ප්‍රධාන සංවිධායක. අප්පච්චි සංගීත පාඩම් කියා දෙන ලොකු කළු ලෑල්ලෙ අලියෙකුගේ රූපයක් අඳිනවා. අලියට ඇහැ තියන තරගයට අපි පේලි ගැසී සහභාගි වෙනවා.
ඊළඟට කණාමුට්ටි බිඳීමේ තරගයත් පවත්වනවා. අප්පච්චි බතික් වගේ කමීසය ඇඳලා සරොම පිටින් මෙම අවස්ථාවට සහභාගි වෙනවා. ජයග්‍රහකයන්ට තෑගි දෙන්නෙත් එයායි. අවුරුදු සතිය පුරාම අප්පච්චි ගම ගැන ගයන ගීත බක්මහ උළෙලවල ඇහෙනවා. දරා ගන්න බෑ.
‘හිරුද මුවාවී ලැසි ගමන බලාවි
බක්මහ නැකත් අරන්
එළිය කරන් ගෙපැල මගේ’
වැනි ගී තවමත් දෝංකාර දෙනවා.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
හතර අතින් ඇසෙනුයේ අවුරුදු අසිරිය කැන්දාගෙන එන එබඳු ගීතය. මේ කියන්නේ බක් මහේ මංගල්ලේ හෙට අනිද්දම ගමට එන විත්තියයි. කලකට ඉස්සර බක් මාසය එළඹෙන බව ගම්වල
පරිසරය පුරාම අවුරුදු අසිරිය විසිර පැතිර තිබේ. කොහාගේ ඉමිහිරි නාදය, රබන්සුරල් රතිඤ්ඤා හඬ දසතින්ම ඇසෙන්නේය. හැම ගෙදරකින්ම හමා එන්නේ කැවිලිවල ඉමිහිරි සු
සිංහල අවුරුදු කාලෙට ගමේ අසිරිය මතකයට රැගෙන එන ගී පදවැල් අපේ සවනත වැදෙනවා. මේ කාලයට විතරක් සීමා නොවී ගම ගැනත් එහි භාවමය සුන්දරත්වය ගැනත් කොවුල් හඬින් ගී
ප්‍රවීණ ගායන ශිල්පි නුවන් ගුණවර්ධනගේ පුතුණුවන් ගයාන් ගුණවර්ධන මේ වෙනකොට රංගන ශිල්පියෙක් වගේම ගායන ශිල්පියෙක් ලෙස ප්‍රේක්ෂක ආකර්ෂණය ජනප්‍රියත්වය ඉහ
“අවුරුදු සමය ගැන කතා කළොත් මගේ කුඩා කාලයේදී අම්මා එක්ක එකතු වෙලා කිරි ඉතිරූ හැටි සහ අනෙකුත් චාරිත්‍ර කළ හැටි මට හොඳට මතකයි. නෑගම් ගිය හැටි, හිස තෙල් ගෑමේ
මේ දිනවල ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය දැඩි ලෙස දිනාගෙන විකාශය වන ටෙලි නිර්මාණයක් තමයි ‘නිමාවක් නැති ආදරේ’ ඒ තුළ රංගනයේ යෙදෙන ‘මේඝ’ චරිතය මේ නිර්මාණය තුළ කැප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අපේ අවුරුදු පැතුම අප්පච්චි විතරමයි