IMG-LOGO

2025 පෙබරවාරි මස 22 වන සෙනසුරාදා


අසල්වැසියෝ ’හි සුරංගනී ප්‍රියා රණසිංහ


සුරංගනී මධ්‍යම පාන්තික පවුලක වැඩිමහලු දියණියයි. ඇයට සිටින්නේ අම්මාත්, නැඟණියන් දෙදෙනෙකුත් පමණි. තාත්තා අම්මාගෙන් වෙන් වී ගොස් ඇත්තේ ඔවුන් කුඩා කාලයේදීය. ඔවුන් ජීවත් කරවන්නට අම්මා ජොසපින් දරන්නේ අසීමිත උත්සාහයකි. සුරංගනී උගත් හෝ රූමත් නැත. එම නිසාම විවාහ වෙන වයස ඉක්මවා සිටින බැවින් ඇය මානසික ආබාධයකින් පෙලෙන්නීය. ඇයට සිතෙන්නේ නිවසට එන කවරෙකු වුවත් තමාට විවාහ යෝජනාවක් රැගෙන එන අයෙකු බවය. ගෙදරට අලුතෙන් පැමිණෙන විදුලි මනු කියවන්නා පවා ඇයට පෙනෙන්නේ තමා ගේ අත පතා පැමිණෙන අයෙකු ලෙසිනි. ඇය නිරන්තරයෙන්ම සිය නැඟණියන් දෙදෙනා හා ගැටුම් ඇති කර ගන්නීය.   හිස රදය, අතපය වේදනාව වැනි අසනීප ගැන පැමිණිලි කරන්නීය. මෙහි අම්මා ලෙස එලන් සිල්වෙස්ටර් ද, ලොකු දුව ලෙස ප්‍රියා රණසිංහ ද, මද්දුමී ලෙස සමන්තා ඈපාසිංහ ද, බාලයා ලෙස තමාලි පීරිස් ද රඟ පෑහ.  

සුරංගනී ගේ නිවසේ එක් පසෙක ඇනෙක්සියක් තිබේ. එය වැදගත් පවුලකට කුලියට දෙන්නට ඇගේ අම්මා ජොසපින් උත්සාහ කරන්නීය. ඒ අනුව එහි පදිංචියට එන්නේ තාත්තෙකු සහ පුතුන් දෙදෙනෙකි. තාත්තා හැඳින්වෙන්නේ පෝල් මහත්තයා ලෙසිනි. විශ්‍රාමික ලිපිකරුවෙකු වුවත් ඔහු නිතරම ටයිකෝට් හැඳගෙන පෙරකදෝරුවෙකු ලෙස පෙනි සිටිමින් මිනිසුන් රවටන අයෙකි. ඔහු රේස් ඔට්ටු ද දමන්නේය. ලොකු පුතා ජයමංගල පුවත්පත් කාර්යාලයක අකුරු අමුණන්නෙකි. ඔහු තමාට පාඩුවක් වුවත් අයුක්තියට, අසාධාරණයට එරෙහිව නැගී සිටින්නට මැළි වන්නේ නැත. පොඩි පුතා ප්‍රදීප් වැඩ කරන්නේ ගරාජයක සේවකයෙකු ලෙසිනි. එහෙත් ඔහු ජොසපින් සහ ඇගේ දියණියන් ඉදිරියේ ඉංජිනේරුවෙකු ලෙස පෙනී සිටින්නේය. පෝල් මහත්තයා ලෙස රඟ පෑවේ හේමසිරි ලියනගේ ය. ජයමංගලගේ චරිතයට පණ දුන්නේ සුමින්ද සිරිසේනය. ප්‍රදීප් ලෙස ශ්‍රියන්ත මෙන්ඩිස් රඟ පෑවේය.

“ජයමංගල විවාහ වෙන්නෙ නෑ කියන ස්ථාවරයේ ඉන්න කෙනෙක්.. ඒත් සුරංගනී හැම වෙලාවෙම විවාහය ගැනම හිතනවා.. ඒ හින්දම එයා ජයමංගල පස්සෙන් යනවා.. ඇත්තටම ඒක හරිම විනෝදාත්මක ටෙලි නාට්‍යයක්.. ඒ හින්දා මම සුරංගනීව කවදාවත් අමතක වෙන්නෙ නෑ..”

1989 තරම් ඈත කාලයක ජාතික රූපවාහිනියෙන් විකාශය වූ කොටස් දොළහකින් සමන්විත අසල්වැසියෝ සුරංගනීගේ චරිතය පිළිබඳ මතක අවදි කරමින් ප්‍රියා රණසිංහ පැවසුවාය.

“මේ වගේ චරිතයක් රඟ පාන එක අභියෝගයක් කියලා හිතුණේ නැද්ද..?” මම ඇසුවෙමි.

“නැතුවමත් නෙමෙයි.. සුරංගනී චරිතය ලැබෙන කොට මම ක්ෂේත්‍රයට ඇවිල්ලත් වැඩි කාලයක් නෑ.. ඒත් හරිම ආසාවෙන් ඒ චරිතේ භාර ගත්තේ.. මම කවදාවත් ඒ වගේ චරිතයක් දැකලවත් තිබුණෙ නෑ.. ඒත් මට හිතුණා ඒ වගේ මානසික ආබාධ තියෙන කාන්තාවෝ හැසිරෙන්නෙ මෙහෙම වෙන්න ඇති කියලා.. ඒ අනුව මම මගෙ චරිතය හැඩ ගස්සා ගත්තා.. ඒකට බන්දුල විතානගේ විතරක් නෙමෙයි ඒ ටෙලි නාට්‍යයේ සහාය අධ්‍යක්ෂ වුණ විමලරත්න අධිකාරි සහ සෝමවීර සේනානායක මහත්තයාත් මට හුඟාක් උදව් කළා..” ඇය කීවාය.

අසල්වැසියෝ අධ්‍යක්ෂණය කළේ බන්දුල විතානගේ ය. එහි තිර රචනය සෝමවීර සේනානායකයන්ගෙනි. එහි රූගත කිරීම් සිදු වූයේ ගම්පහ අවට ප්‍රදේශවලය.

“සුරංගනීලගෙ ගෙදරට අරගෙන තිබුණෙ ගම්පහ මල්වත්ත පාරේ ඩී. එස්. කළුගම්පිටිය කියලා කෙනෙකුගෙ ගෙදර.. අපි නැවතිලා හිටියේ ගම්පහ නවාතැනක.. සමන්තයි, මායි, තමාලියි, හරි විනෝදෙන් හිටියෙ.. ඒ හින්දම එලන් අක්කා එක්ක ගැටුම් ඇති කර ගත්ත අවස්ථාත් තිබුණා..” ඇය සිනාසෙමින් කීවාය.

ප්‍රියා රණසිංහගේ අම්මා වියෝ වූයේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් ආරම්භ කළ දිනවලමය. එම නිසා ඇය එයට එක් වෙද්දී දින කිහිපයක් ප්‍රමාද වී තිබිණි. ඇයට මුලින්ම රඟ පාන්නට තිබුණේ හිස පුරා තෙල් තවරාගෙන ඇඳේ නිදා සිටින දර්ශනයකි.

“එළියෙ කවුරු හරි බෙල් කරනකොට සුරංගනී හිතන්නේ එයා බලන්න කවුරු හරි ඇවිත් කියලා.. ඉතින් මම කවුද ඒ කියලා අහගෙන ඇඳෙන් නැඟිට්ටා.. බන්දුල විතානගේ ඒ දර්ශනය ගැන පැහැදිලා ඇහැව්වා කොහෙද ප්‍රියා මෙච්චර කල් හිටියෙ කියලා.. ඒක ප්‍රශංසාවක් කියලා තේරුම් ගන්න මට ටිකක් වෙලා ගියා..” ඇය කීවාය.

එම චරිතය තුළ ඇය රඟපෑවා නොව සැබෑවටම ජීවත් වූ බැව් එය නැරඹූ ප්‍රේක්ෂකයෝ පැවසූහ. මම ද ඒ අතරින් එක් අයෙකු වෙමි. සුරංගනී වෙනුවෙන් ඇයට සම්මානයක් ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වූයෙමි. එහෙත් එය ඉටු වූයේ නැත. මා ඒ බව සඳහන් කළ විට ප්‍රියා සිනාසුණාය.

“ලැබෙන චරිතයට සාධාරණය ඉෂ්ට කරන්න වෑයම් කරනවා මිසක් සම්මාන ගැන හිතලා රඟපෑමක් ඒ කාලෙ තිබ්බෙ නෑ.. අවම පහසුකම් යටතේ වුණත් අපි උපරිමව කැප වෙලා අපේ කොටස ඉටු කළා..” ඇය කීවාය.

අසල්වැසියෝ ටෙලි නාට්‍යය හා බැඳුණු බොහෝ ශිල්පීන් අද ජීවතුන් අතර නැත. එහෙත් ඔවුන්ගේ මතකය  කවදාවත් ප්‍රේක්ෂක සිත්වලින් ගිලිහෙන්නේත් නැත.

“පෝල් මහත්තයා විදියට රඟ පෑව හේමසිරි ලියනගේ ගේ කටින් හැම වෙලාවෙම පිට වුණ අයි නෝ ද ලෝ ඒ දවස්වල මිනිස්සු අතරේ ජනප්‍රිය වාක්‍ය ඛණ්ඩයක් වෙලා තිබුණා.. අදටත් සමහරු ඒක කියනවා මට ඇහිලා තියෙනවා.. ඒ කාලේ ටෙලි නාට්‍යවල තිබිච්ච අපූර්වත්වය ඒක තමයි.. දශක ගණනාවකට පස්සෙ විකාශය වුණත් මිනිස්සු හරි ආසාවෙන් ආයෙමත් බලනවා..” ප්‍රියා රණසිංහ කීවාය.

එහි ජනප්‍රියත්වය නිසාම දෙවන කොටසක් ද නිර්මාණය වූයේය. පළමු කොටස ජාතික රූපවාහිනියේ නිෂ්පාදනයක් වුවත් දෙවන කොටස නිර්මාණය කරන ලද්දේ රංජිත් පෙරේරා විසිනි.

ලංකාවේ පළමු වන ටෙලි නාට්‍යය වන දිමුතුමුතු තුළින් ක්ෂේත්‍රයට පා තැබූ ප්‍රියා රණසිංහ මේ වන විට ටෙලි නාට්‍ය පමණක් නොව චිත්‍රපටි ගණනාවක ද රඟ පා තිබේ. මේ වන විටත් ඇය අලුත් ටෙලි නාට්‍ය දෙකක රඟපාමින් සිටින්නීය.

ඇය දක්ෂ, ජනප්‍රිය ඇඳුම් නිර්මාණ ශිල්පිනියක බැව් නොදන්නා කෙනෙක් නැත. ඇය ඇඳුම් නිර්මාණය පිළිබඳ  උනන්දුවක් දක්වන අය වෙනුවෙන් පාඨමාලා ද පවත්වන්නීය.





 චන්දි කොඩිකාර


 



අදහස් (0)

අසල්වැසියෝ ’හි සුරංගනී ප්‍රියා රණසිංහ

ඔබේ අදහස් එවන්න

 

 

සඳැල්ල

කලාසූරි සතිස්චන්ද්‍ර එදිරිසිංහ ගැන සුනිල් එදිරිසිංහයන් කී විදිහ
2025 පෙබරවාරි මස 20 22 0

කලා ක්ෂේත්‍රයේදී මෙවැනි සහෝදරයින් දෙදෙනෙකු දැක ගැනීමට ලැබෙන්නේ කලාතුරකිනි. ලාංකීය කලා ක්ෂේත්‍රයට දායාද වූ විරල චරිත දෙකක් ලෙස මේ ප්‍රවීණයින් දෙදෙනා


“ඇත්තටම මම විනෝදකාමී ” - විරාජ් ධනූෂ
2025 පෙබරවාරි මස 20 14 0

රිදී තිරයෙන් රංගනයට අත් පොත් තබා දැන් පුංචි තිරය හැඩ කරන ඔහු තම කඩවසම් පෙනුමෙනුත් රංගනයේ දක්ෂතාවයෙනුත් ප්‍රේක්ෂක හදවත් තුළ ලැගුම් ගනිමින් සිටියි.


“සින්ටෝ ” එක්ක එන දොස්තර නෝනා - හංසි සමරතුංග
2025 පෙබරවාරි මස 20 18 0

තිරයක් ඉදිරියේ පළමු ජවනිකාවෙන් ම රටක් හඳුනන ප්‍රේක්ෂක ආදරය දිනාගැනිමට හැකිවීම කෙනෙකු ලබන වාසනාවක්.


පශ්චාත් උපාධි දෙකක් ඇතත් නයි මිරිස් වවන ඉංජිනේරුවා - මහේෂ් චතුරංග
2025 පෙබරවාරි මස 20 32 0

විශ්ව විද්‍යාලයකින් එළියට එන බොහෝ දෙනෙක් රජයේ නැත්නම් පුද්ගලික සමාගමක රැකියාවක් සොයාගැනීමට උත්සුක වෙනවා විනා, වෙනත් දෙයකට යොමු වීමට සිත යොමු කරන්නේ


අසල්වැසියෝ ’හි සුරංගනී ප්‍රියා රණසිංහ
2025 පෙබරවාරි මස 20 20 0

සුරංගනී මධ්‍යම පාන්තික පවුලක වැඩිමහලු දියණියයි. ඇයට සිටින්නේ අම්මාත්, නැඟණියන් දෙදෙනෙකුත් පමණි.


මායා ... සැබවින්ම මායාවක්ද? - SUHANDI Woshadi
2025 පෙබරවාරි මස 20 18 0

මං පාර කියන්නම්කො.. මීටර දෙසීයක් ඉදිරියට ගමන් කර වමට හැරෙන්න...


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 114 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 391 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 168 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site