නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ කවඩියා කියන්නේ කාටත් අමතක වෙන්නේ නැති විදියේ අපූරු චරිතයක්. කවඩියා ඒ තරමටම ප්‍රේක්ෂකයින්ට සමීප වුණේ කවඩියාට රඟපෑව රංගන ශිල්පියා නිසා. ඒ රංගන ශිල්පියා තමයි සංගීත් ප්‍රභූ, රංගන ශිල්පියෙක් විතරක් නෙමෙයි දක්ෂ නර්තන ශිල්පියෙක්. ඒ විතරක් නෙමෙයි, නිරූපණ ශිල්පියෙක් විදියටත්, නිවේදකයෙක් විදියටත් දස්කම් පෙන්නනවා. දැන් සංගීත් ව්‍යවසායකයෙක් විදියටත් ඉස්සරහට ඇවිත්. අද ෆැෂන් පිටුව හැඩ කරන්නේ සංගීත් ප්‍රභූ.
ෆැෂන් කියන්නේ ඇඳුම් විතරක්ම නෙමෙයි. අපි කරන කියන හැම දේම ෆැෂන්වලට අයිතියි. කෙනෙකුගේ ප්‍රතිරූපය මනින්න, පෞරුෂත්වය වර්ධනය කරන්න ෆැෂන්වලින් පුළුවන්.
මට මාව සතුටු කරන්න පුළුවන් ද, මට පහසුවක් සැහැල්ලුවක් දැනෙනවද කියලා මම විශේෂයෙන් අවධානය යොමු කරනවා. අපේ ෆැෂන්, අපේ වැඩවලට පහසුවක් වෙන් නැත්නම්, අපිට ශක්තියක් වෙන්නේ නැත්නම් ඒ ෆැෂන් එක හරියන්නේ නෑ. ඒ නිසා මට පහසු ද, මට සතුටු ද කියලා මම වැඩිපුරම හිතනවා.
බොටමටයි ටීෂර්ට් එකටයි මම ගොඩක් කැමැතියි. මට ඒක හරි පහසුයි. දැන් දැන් සරමටත් සෑහෙන කැමැත්තක් තියෙනවා.
ඔව්.. මම වැඩියෙන්ම ඉන්ස්පයර් වෙන්නේ අමීර්ඛාන්ගෙන්. මම ඒ විලාසිතාවලට මාර විදියට කැමැතියි. මට ඒ විදිය මැච් වෙනවා කියලා හිතෙනවා. ඊට අමතරව හිපොප් ස්ටයිල් ෆලෝ කරනවා. මම ඩාන්සින් එහෙම කරන නිසා හිපොප් ස්ටයිල් එක මට මැච් වෙනවා.
එහෙම එක දෙයක් කියන්න අමාරුයි. මම ඇඳුම්වලට මැච් වෙන්න ඉයරින්ග්ස්, මාල එහෙම දානවා. ඔරලෝසුව මගේ අතේ නැති වෙන්නෙම නැති දෙයක්. තව කැප්වලට වගේම, බන්දනාවලට එහෙමත් ආසයි. එක එක මෝස්තරේ ෂේඩ්ස්වලටත් කැමැතියි.
මම බ්‍රෑන්ඩඩ් දේවල්වලට කැමැතියි. ඒත්, එහෙම බ්‍රෑන්ඩඩ් දේවල්ම ඕනේ කියන තැනක මම නෑ. මට ඕනේ දෙයක් හන්දියේ කඩේ තියෙනවා නම් ඒකත් ගන්නවා. හැබැයි බ්‍රෑන්ඩඩ් දේවල්වලට මම කැමැතියි. මගේ හිත යන, මට ගැළපෙන බ්‍රෑන්ඩඩ් දේවල් තියෙනවා නම් මම ඒවා මිලට ගන්නවා.
ඔව් මම ඒ දෙකටම කැමැතියි. ඒ නිසා පියර්සිනුත් කරලා තියෙන්නේ.. ටැටූ එකකුත් කරලා තියෙන්නේ. හැබැයි ටැටූ එක තියෙන්නේ මගේ රංගන වැඩවලට බාධාවක් නොවෙන විදියට. මොකද රංගන ශිල්පියෙක් විදියට අපේ ශරීරය එක එක විදියට භාවිත කෙරෙනවා. ඉතින්, සමහර රංගනයකට ටැටූ එකක් බාධාවක් වෙන්න පුළුවන්. පියර්සින් වුණත් කන විතරයි විදලා තියෙන්නේ.
ඔව් අනිවාර් යෙන්ම. කොණ්ඩ විලාසිතාවකට පුළුවන් මනුස්සයෙකුගේ ප්‍රතිරූපයට ලොකු බලපෑමක් කරන්න. දැන් මටම සැලෝන් එකක් තියෙන නිසා මම නිතර මගේ හෙයාර් ස්ටයිල් වෙනස් කරනවා. ඒත් මගේ මූණට, මම යන ස්ථානයට, ඇඳුමට ගැළපෙන්න ස්ටයිල් එක කරන්න සැලකිලිමත් වෙනවා.
එයාලා ඉල්ලන දේ වගේම, එයාට ඒ දේ ගැළපෙනව ද කියලා බලනවා. වර්තමානේ ගොඩක් අය කොණ්ඩ විලාසිතාවලට කැමැතියි. කොණ්ඩේ කපන්න, වර්ණ ගන්වන්න විතරක් නෙමෙයි කොණ්ඩයට විවිධ සත්කාර කර ගන්නත් අපේ සැලෝන් එකට එනවා. ඉතින් එයාලට අවශ්‍ය දේ දෙන්න අපිට හොඳ පුහුණුවක් වගේම ඒ ගැන දැනුමක් ඕනේ. ඒ දැනුමත් එක්ක සමහර විලාසිතා, කලර්ස් ඒ කෙනාට ගැළපෙන නොගැළපෙන බව අපි කියනවා. එයාලාගේ කැමැත්තට ගැළපෙන්න වැඩේ කරලා දෙන්න උත්සාහ කරනවා.
අපි ඉන්න ටික කාලේදී අපි කැමැති දේවල් කරන්න ඕනේ. ඒ කියන්නේ විලාසිතා විතරක්ම නෙමෙයි. විලාසිතාවලට පුළුවන් අපි දිහා කෙනෙක් බලන ආකල්පය වෙනස් කරන්න. ඒ වගේම සමහර වෙලාවට අපේ ආකල්පවලට බලපෑමක් කරන්නත් විලාසිතාවලට පුළුවන්. ඒ නිසා විලාසිතා තෝරා ගනිද්දී නිතරම සැලකිලිමත් වෙන්න ඕනේ ඒ විලාසිතාවෙන් අනිත් මිනිස්සුන්ට ලැබෙන ආකල්පය මොකක්ද කියලා.
පවනි උමයංගනා
නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ කවඩියා කියන්නේ කාටත් අමතක වෙන්නේ නැති විදියේ අපූරු චරිතයක්. කවඩියා ඒ තරමටම ප්‍රේක්ෂකයින්ට සමීප වුණේ කවඩියාට රඟපෑව රංගන ශිල
ගාවි ප්‍රනාන්දු කියන නම නුහුරු වුණත් රූපය නම් සෝෂල් මීඩියාවල ඔබට හුරුපුරුදු රුවක්. යූටියුබ් සහ ටික්ටොක් හරහා නිතර අලුත් අලුත් වීඩියෝවලින් දකින ඇයට මේ
රංගනයේ මුල්ම රංගනයේ මුල්ම අත්දැකීම ඔහු ලබන්නේ පාසලෙනි. පාසලෙන් ආභාසය ලබා 2019 වසරේදී විශ්ව විද්‍යාලයේ හොදම නලුවා ලෙස සම්මාන ලබා අද වන විට ටෙලි නාට්‍ය, චි
“හාමුදුරු චරිතයක් නම් ඉතින් ඒකට ගැළපෙන්නෙ සතිස්චන්ද්‍ර එදිරිසිංහ තමයි.. එයාගෙ පෙනුම විතරක් නෙමෙයි ඉරියව් පවා ඒකට හොඳටම ගැළපෙනවා..”
දක්ෂ පිටපත් රචකයෙකු වූ තම සැමියාගේ අත්වැලින් කලා ලොවේ මුල් පියවර තැබූ ඇය දැන් තම දක්ෂතාවයෙන් පුංචි තිරය හැඩකරමින් සිටියි.
මායාවි ටෙලි නිර්මාණයේ සරමට හැඩ ගම්බද පවන් සිරි යනු පුංචි තිරයට අනුව මන්ගේෂ්වරීගේ ’’පවන් පණ’’ වේ. කඩවසම් දේහධාරී තරුණයෙක් ලෙස පුංචි තිරයේ ප්‍රේක්ෂක ආද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආකල්පවලට බලපෑම් කරන්න Fashion වලට පුළුවන් - සංගීත් ප්‍රභූ