IMG-LOGO

2025 මාර්තු මස 31 වන සඳුදා


ආදරය අමරණීයයි. කාමය තාවකාලිකයි. සමුදෙන්න එපා

නටාෂා රත්නායක

ප්‍ර ‘නටාෂා’ මුලින්ම කලා ක්ෂේත්‍රයට ආවේ රංගනයටද? නිරූපණයටද?

නිරූපණයට. රංගනයට ආවේ ඊට පස්සේ. නෑදෑයෝ ටෙලිනාට්‍යයේ රඟපාද්දි වයස අවුරුදු 16 යි. පාසල් කාලයේ ඉඳලම මගේ කැමැත්ත තිබුණේ කලා කටයුතුවලට. හැබැයි කලා අංශයෙන් ඉදිරියට යන්නම ඕනෑය කියන අරමුණ තිබුණෙ නැහැ. කලාව ගැන ලොකු දැනුමක් තිබුණෙත් නැහැ. ෆැමිලි එකේ යම් යම් ප්‍රශ්නත් එක්ක ඒ කාලයේදීම වගේ මට ස්වාධීනව ජීවිතය සොයා යන්න සිද්ධ වුණා. ‘එපාර්ට්මන්ට්’ එකක තනියම ජීවත් වෙමින් කලා කටයුතුවල නිරත වෙන්න පටන් ගත්තා. නිරූපණය අතරෙදි තමයි නෑදෑයෝ නාට්‍යයේ රඟපෑවෙ. හැබැයි ගායනයෙන් තමයි සංගීත ක්ෂේත්‍රයේ ගමන පටන් ගත්තෙ. සංගීතය සහ ගායනය ජීවිතයේ රිද්මය වෙද්දි මම ඊට ආදරය කරන්න පටන් ගත්තා. ඒ ආදරය නිසාම තමයි ගායන ක්ෂේත්‍රයට ඇවිත් අද දක්වා වූ දුරගමනක් එන්න ලැබුණෙ. එදා එපාර්මන්ට් එකේ පදිංචි වෙද්දි ගිවිසුම අත්සන් කළ දවසේ එහි හිමිකරු නිකමෙට වගේ මගෙන් ඇහුවේ නටාෂා ඔයා දන්නා ගායිකාවක් නැද්ද බෑන්ඩ් එකක සිංග් කරන්න කියලා? ඉතිං මම සිංග් කරනවනෙ කියලා එතුමට කිව්වා. හැබැයි ඒ වන විට මම බෑන්ඩ්වල සිංදු කියලා තිබුණෙ නැහැ. පාසලේ සහ පල්ලියෙ ගීතිකා කණ්ඩායම්වල හිටි බව කිව්වා. පසුව කුසලතා මැන බැලීමේ පරීක්ෂණයට එන්න කිව්වා. එතැනින් පටන් ගත්ත ගමන තමයි අද දක්වා ගායන ශිල්පිනියකි ලෙස ආ ගමනේ මුල. එදා මුලින්ම මම සම්බන්ධ වුණේ ‘ඩ්‍රීම් - ටීම්’ සංගීත කණ්ඩායමට. එදා ඒ බෑන්ඩ් එකේ හිටියෙ ජනප්‍රිය ශිල්පිනියක්, ඇය විදෙස්ගත වන නිසා තමයි මට ඒ අවස්ථාව ලැබුණේ. එදා මට ලැබුණෙ ලොකුම ලොකු අවස්ථාවක්. ගඟට තල්ලු කළාට කොහොමටත් පීනාගෙන යන්න වෙනවනේ. ඒ වගේ දෙයක් තමයි මට එදා වුණේ. සංගීතය නමැති මහා සාගරයට එන්න ලැබුණාම. මම ටිකෙන් ටික පියවර තබමින් අත්දැකීම් ලබමින් ගමනක් එන්න පටන් ගත්තා.

ප්‍ර ඩ්‍රීම් ටීම් එකෙන් පසුව?

එහි අවුරුදු දෙකක් විතර කටයුතු කළා. ඉන්පසුව මගේම ගමනක් යන්න නම් මගේම දියුණුවක් ලබන්න නම් ස්වාධීන ගමනක් ගියොත් හොඳයි කියලා හිතුවා. එතකොට මම සංගීත ක්ෂේත්‍රයේදී කටයුතු කළේ ‘නටාෂා ප්‍රනාන්දු’ නමින්. 2000 දී විවාහයෙන් පසුව තමයි මම නටාෂා රත්නායක වුණේ.

ප්‍ර සංගීත ක්ෂේත්‍රයේ එදා සිට ආ ඒ ගමන ගැන අද ‘නටාෂා’ ට හිතෙන්නෙ මොන විදිහටද?

ඒක ලෙහෙසියෙන් ආ ගමනක් නෙවෙයි. තමුන්ගේම හැඩයක් එක්ක නමක් හදා ගන්න එක ලෙහෙසි දෙයක් නෙවෙයි. ඕනෑම අංශයක වගේ කෙටි මාර්ග තිබුණා. හැබැයි කෙටි මාර්ග ඔස්සේ මම ගියේ නැහැ. හෙමිහිට ගමනක් ඇවිත් ස්ථාවරත්වය හදා ගත්ත කෙනෙක්.

ප්‍ර ඉංග්‍රීසි ගායන ශිල්පිනියක ලෙස ජාත්‍යන්තරයේ නමක් රැන්දූ ශ්‍රී ලාංකික ශිල්පිනියක ලෙස කොපමණ ගීත ප්‍රමාණයක් නිර්මාණ කර තිබෙනවද?

 ලෝකයේ සෑම තැනකම වාගේ ගත්තොත් රේඩියෝ නාළිකාවල මගේ ගීත බොහෝ වාරයක් විකාශය වෙලා තියෙනවා. තිස්පන්දහසකට වැඩි වාරයක් වාදනය වෙන්න ඇති. මගේ පළමු ඉංග්‍රීසි ගිතය නිර්මාණය කළේ 2009 දී. එය නිෂ්පාදනය කළේ අස්ලාන් ෂෙරිෆ්ඩීන්. ඒ ගීතය ගැයීමත් එක්ක මගේ හඬ ලෝකය පුරා අහන්න ලැබේවා කියන සිතිවිල්ල මට ඇතිවුණා. ඒ ප්‍රාර්ථනාව විශ්වයෙන් ඉල්ලා සිටියා. පසුව ඇමෙරිකාවේ රේඩියෝ එක්ස්ප්‍රස් ආයතනය එක්ක අපට ගිවිසුම් ගතවෙන්න පුළුවන් වුණා. සතියකට දහස් ගණන් අලුත් සිංදු අහලා  ඒවායින් හොඳ ඒවා තෝරා ගෙන ඒවා ලෝකය පුරා ඇති රේඩියෝ ස්ටේෂන්ස් වලට යවනවා. ලංකාවේ තියෙන ඉංග්‍රීසි FM නාළිකාවලට පවා එවලා තිබුණේ එයාලා. රේඩියෝ එක්ස්ප්‍රස් සමාගම කියන්නේ ඇත්තටම විශාල නිෂ්පාදන ආයතනයක්. මගේ ගීතය ලෝකය පුරා රේඩියෝ නාළිකාවලට යවා තිබුණෙ එයාලා. මගේ පළවැනි ඉංග්‍රීසි ගීතයේ නම Ranaway ය. ඒ විදිහට තමයි බටහිර ගීත ලෝකයට යාමේ අවස්ථාව මට එදා විවර වුණේ.

ප්‍ර අපි සමුදෙන්න එපා ගීතය ගැන කතා කරමුද? එය ඔබගේ පළමු සිංහල ගීත නිර්මාණයද?

මීට පෙර බොහෝ දෙනෙක් මගෙන් ඇහුවේ ඇයි සිංහල ගීත කරන්නෙ නැත්තෙ කියලයි. ගිය අවුරුද්දෙ ‘ශ්‍රී ලංකන් ගොට් ටැලන්ට්’ විනිසුරුවරියක ලෙස මට කටයුතු කරන්න ලැබුණා. ඒ ප්‍රෝ ග්‍රෑම් එක නිසා ලංකාවේ මාව නොදන්නා අයත් මා ගැන හොයන්න පටන් ගත්තා. ඇයි එයා ඉංග්‍රීසි ගීත විතරක් කරන්නේ? ඇයි සිංහල ගීත නොකරන්නෙ? කියලා ගොඩාක් අය අහලා තිබුණා.

හැබැයි ‘සමුදෙන්න එපා’ නිර්මාණය කරන්න පටන් ගත්තෙ අවුරුදු දෙකකට විතර පෙරදි අනතුරකට මුහුණ දීලා ගෙදර සිටියදියි. 2023 දී තමයි නිර්මාණය කරන්න පටන් ගත්තෙ. මීට පෙර සිංහල ගීත ගයලා තිබුණා. ඒවා මගේම ගීත නෙවෙයි. ෆිල්ම්ස්වලට අනිත් අයගේ ගීත මම නැවත ගයා තිබුණා. ඒ නිසා සම්මානයක් පවා හිමිවුණා. එයින් පසුව තමයි මට මගේම සිංහල ගීතයක් ගැයීමේ උද්‍යෝගය ඇතිවුණේ. ‘සමුදෙන්න එපා’ ගීතය නිෂ්පාදනය කළෙත් මගේ නිෂ්පාදක අස්ලාන් ෂෙරිෆ්ඩීන්. මට මගේම ආරකින් ගයන්නයි අවශ්‍ය වුණේ.

ඒ ගීතයට බටහිර ආරක් සහ සිංහල ආර මිශ්‍ර කරන්න මට අවශ්‍ය වුණා. ඒක රිස්ක් එකක්. හැබැයි අද ඊට ලැබෙන ප්‍රතිචාර ඉහළයි. ඉතින් මගේ ප්‍රයන්තය සාර්ථකයි කියලා හිතෙනවා.

ප්‍ර අද නටාෂාගේ ජීවිතය කොහොමද?

මම හරි සරල කෙනෙක්. ඒ සරල බව එක්ක අරුතක් ඇතිව ජීවත්වන කෙනෙක් කියලා හිතනවා.

ප්‍ර ආයෙත් රඟපාන්න කැමැති නැද්ද?

කැමැතියි, මට හරි චරිතයක් ලැබුණොත් භාර ගන්නවා.

සඳුන් ගමගේ

 



අදහස් (0)

ආදරය අමරණීයයි. කාමය තාවකාලිකයි. සමුදෙන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

නැවත බේරාගතයුතු බුද්ධගයාව
2025 මාර්තු මස 31 10 0

ඉන්දීය අගමැති නරේන්‍ද්‍ර මෝදි තව නොබෝ දිනකින් ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාව පුරා බෞද්ධ උද්ඝෝෂණ පමණි. පසුබිමක සිටය. එමෙන්ම අගමැති මෝදිට ඉන්දියානු මෙන්ම,


නිලංජනා හි අවංක පොලිස් නිලධාරියා
2025 මාර්තු මස 29 15 0

“තංගල්ල පොලීසියේ ස්ථානාධිපති විදියට තමයි මම රඟ පෑවේ.. මම බොහොම අවංක, සාධාරණ නිලධාරියෙක්.. රවීන්ද්‍ර රන්දෙනිය රඟ පෑවේ දූෂිත මන්ත්‍රිවරයෙක් විදියට.. විශේ


චිත්‍රපටයක් කියලා නොදැන සමහර අය දෙබස විතරක් අල්ලාගෙන ප්‍රතිචාර දක්වනවා
2025 මාර්තු මස 29 18 0

එන්න යන්න අපි එක්ක නෙළුම් කුලුන බලන්න, හැබැයි නෙළුම් කුලුන නම් නෙවෙයි. මේක චිත්‍රපටයක්. ඒත් නැතිනම් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක හදලා තියෙන්නෙ ඉලංගෝ රාම්. ම


මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරළුවා - එමාෂා සෙනවිරත්න
2025 මාර්තු මස 29 18 0

ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක හදවත් තුළ නොමැකෙන මතකයක් සටහන් කළ සිරස නාළිකාවේ විකාශය වූ ‘‘මායාවි’’ ටෙලි නිර්මාණය සම්බන්ධයෙන් පසුගිය සති අන්තය තුළ ආන්දෝලනා


ප්‍රේක්ෂකයාට ට්‍රැක පන්නන රවියා
2025 මාර්තු මස 28 25 0

නළුකමට රූපය වගේම දක්ෂතාව‍ සහ හැකියාවත් අවශ්‍යයි. මෙවර සඳැල්ල කතාබහට එක් වෙන කැලුම් ශ්‍රී කියන්නෙත් එසේ තමන්ගෙ රංගන සහ නර්තන හැකියාවෙන් ප්‍රේක්ෂක ආදර


අපේ ආදර කතන්දරේට පණ දෙන චමත් චමුපති
2025 මාර්තු මස 28 27 0

ප්‍රවීණ ගීත රචක කරුණාරත්න අබේසේකර වැනි ගේය පද රචකයන්ගේ හා මොහොමඩ් සාලි, ක්ලැරන්ස් වැනි ප්‍රවීණ සංගීතවේදීන්ගේ රස භාවයෙන් නිර්මාණය වූ මෙම පදවලට මිල්ටන


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 629 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 737 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1477 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site