IMG-LOGO

2025 මාර්තු මස 01 වන සෙනසුරාදා


ආදරේ විඳින්න , නිර්වචන නොඳි ආදරේ කරන්න

මෙවර 'Youth Peak' විශේෂාංගයෙන් සඳැල්ලෙන් ඉඩක් වෙන් කළේ යොවුන් පරපුරේ නැඟී එන ජනප්‍රිය රංගන ශිල්පියෙක් වෙනුවෙන්... ඔහු නමින්, අශාන් ධනංජය .

  • අශාන් ඔබ ගැන විස්තර ටිකක් කියමු ? 

මගෙ නම අශාන් ධනංජය විජේසූරිය.ගම නුවර. ඒත් දැන් වැඩත් එක්ක වැඩියෙන් ඉන්නෙ කොළඹ. අම්මා, අප්පච්චි, මල්ලි, අත්තම්මා එක්ක තමයි මගෙ කාලය ගෙවෙන්නෙ. 

  • මේ දවස්වල මොකද කරන්නෙ ? 

ඉගෙනීම් කටයුතු එක්ක අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න ගමන්, චිත්‍රපට කිහිපයක රූගතකිරීම් ආරම්භ කරන්න බලාගෙන ඉන්නවා. 

  • ඔබ දැනට දායක වුණ නිර්මාණ සහ ඒ සම්බන්ධ ඔබේ අත්දැකීම් කතා කළොත් ? 

සහභාගී වුණ නිර්මාණ සියල්ලගෙන් ම ලැබුණු අත්දැකීම්වල එකතුවත් එක්ක මට මගේ  තියන අඩුපාඩූ හා හොඳ දේවල් කිහිපයක් අඳුනගන්න පුළුවන් වුණා. ඒ ගැන ගොඩක් සතුටු වෙන්න පුළුවන් කාරණාවක් තමයි අඩූ පාඩූ අඳුනගන්නවත් එක්ක ම ඒ නිර්මාණ තුළින් ලැබෙන අත්දැකීම් මඟින් ඒ අඩුපාඩූ හදාගන්නත් අවස්ථාව ලැබීම. ඇත්තට ම ඒ අත්දැකීම් නළුවෙකුට ගොඩක් වටිනවා සහ විෂයයක් විදිහට කාලාව ගැන හදාරන දෙවල් එක්ක නිර්මාණවලට දායක වෙලා ලබන අත්දැකීම් එක්ක මම හිතනවා අපි තව තවත් ඔපමට්ටම් වෙනවා කියලා.

  • ආදරේ ගැන මොකද හිතන්නෙ ? 

මට අනුව ආදරය කියන්නේ හැමෝටම පොදු හැඟීමක්. හැබැයි  ඒ හැඟීම කෙනෙකුගෙන් තවත් කෙනෙකුට ඇති වෙන්නෙ ඒ ඒ අයට සාපේක්ෂ හේතූන් මත. ඒ හේතුවේ ප්‍රබලත්වය මත ඒ ආදරයේ ශක්තිමත් බව රඳා පවතිනවා. ඉතින් ආදරය කියන්නේ අපි හැමෝට ම අවශ්‍ය දෙයක් කියලා මම හිතනව. ඉතින් ආදරය කියන එක විඳින්න නම් ඒකට  නිර්වචන නොදී ආදරය කරන එක හොඳයි. මොකද එකිනෙකාට සාපේක්ෂ දෙයකට නිර්වචන දෙන්න ගියොත් ඒක  අසාධාරණයි. සරල ව ආදරය කියන්නේ හොඳ  දෙයක්.

  • ලංකාවෙ පුංචි තිරය ගත්තම දැනට නිර්මාණය වන කලා නිර්මාණ පිළිබඳ ඔබේ අදහස කොහොමද ? 

පුංචි තිරය හොඳයි. මෑතක දී හොඳ vision එකක් සහිත නිර්මාණ කිහිපයක් දැක්කා. මම හිතනවා නිර්මාණකරුවන්ට ලැබෙන නිදහස වැඩි වෙන තරමට පුංචි තිරයේ ඉදිරියට එන නිර්මාණවල ගුණාත්මක බවත් වැඩිවෙයි කියලා. මට අනුව පුංචි තිරයත් එක්ක එකතූ වෙලා සිටින ආදරණීය ප්‍රේක්ෂකයන්ටත් ලොකූ වගකීමක් තියෙනවා මේක හොඳ දිශාවකට හරවන්න. මොකද මම පෞද්ගලිකව දන්න කාරණාවක්  ලංකාවේ tv series කියන දේ ජාත්‍යන්තරයට ගෙන යන්න පුළුවන් හැකියාව තියන නිර්මාණකරුවන් ඉන්නවා. හොඳ නිර්මාණයක් එළියට දාන එක නිර්මාණකරුවෙකු සතු වගකීමක් සහා ඒ නිර්මාණ කොච්චර දුරක් ගෙනයනවද කියන එක තීරණය කරන්නේ ප්‍රේක්ෂකයො. ඉතින් මන් හිතනවා නුදුරේදීම නිර්මාණකරුවන් හා බුද්ධිමත් ප්‍රේක්ෂකයන්ගේ එකතුවෙන් ලංකාවෙ නිර්මාණ ජාත්‍යන්තර තලයට රැගෙන යා හැකි මට්ටමකට එයි කියලා. මේ දේ මම අදහස් කරන්නෙ television හා සිනමාව කියන දෙකට ම පොදුවේ. 

  • ඔබේ කලා කටයුතුවලට පවුලෙන් ලැබෙන සහයෝගය  සහ ඉදිරි අරමුණු ගැන කතා කළොත් ? 

ඉතාමත් ලොකු සහයෝගයක් ලැබෙනවා. අම්මා අප්පච්චි මල්ලී අත්තම්මා ලොකුඅත්තා අතුළු මගෙ පවුලේ හැමෝගෙන් ම ලොකූ සහයෝගයක් ලැබෙනවා. මං ගොඩක් වාසනාවන්තයි ඒක ලබන්න. සැලසුම් කීපයක් එක්ක මේ දවස්වල වැඩ කරගෙන යනවා. කලා කටයුතු සහ අධ්‍යාපනය පැත්තෙන් ඉස්සරහට ම යන ගමන් සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න තමයි මගෙ බලාපොරොත්තුව. 


ජනිත් මධුරංග 


 



අදහස් (0)

ආදරේ විඳින්න , නිර්වචන නොඳි ආදරේ කරන්න

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

පුවත්පත් කලාවෙන් රංගනයට ආ - තිස්ස ගුණතිලක
2025 පෙබරවාරි මස 26 19 0

පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල


“පිරිමි ළමයි ” නිසා දසුනි සෙනෙත්මාට වෙච්ච දේ ...
2025 පෙබරවාරි මස 26 39 0

දසුනි සෙනෙත්මාට මේ දිනවල හැමෝම කතා කරන්නෙ “සුදු පුතා” කියලයි. “පිරිමි ළමයි” නාට්‍යයේ රඟපාන ඒ චරිතය නිසා ටෙලිනාට්‍ය නරඹන බොහෝ දෙනෙක් අද කතා වෙන්නෙ දසුන


මම බැන්දේ නැහැ , ඒක ෆොටෝ ෂූට් එකක් - දමින්ද නන්දරත්න
2025 පෙබරවාරි මස 26 28 0

වේදිකාවත් පුංචි තිරයත් හැඩකරන අතරතුර තමාගේ කලා දිවියත් එළිපෙහෙළි කරගනිමින් සිටින ඔහු නළුවෙක් යන භූමිකාවට කොටු නොවී කලාවේ විවිධ අංශ ස්පර්ශ කරමින් තමා


පිනි රාණි - ගයත්‍රි ඩයස්
2025 පෙබරවාරි මස 26 32 0

ගයාත්‍රි ඩයස් වේදිකාවේ, රිදී තිරයේ, පුංචි තිරයේ නම රැන්දූ රංගන ශිල්පිනියක් පමණක් නොවේ.


පෙනුම - නම ඉන්දියානු වගේ වුණාට , ඔහු ඉන්දියානු නළුවෙකු නම් නෙවෙයි -දර්ශන් තවරාජා
2025 පෙබරවාරි මස 26 35 0

පෙනුමෙන් බැලූ බැල්මට ඔහු ඉන්දියානු නළුවකු වගෙයි. දර්ශන් තවරාජා ඔහුගේ නාමයයි.


ආදරේ විඳින්න , නිර්වචන නොඳි ආදරේ කරන්න
2025 පෙබරවාරි මස 24 32 0

මෙවර ’Youth Peak’ විශේෂාංගයෙන් සඳැල්ලෙන් ඉඩක් වෙන් කළේ යොවුන් පරපුරේ නැඟී එන ජනප්‍රිය රංගන ශිල්පියෙක් වෙනුවෙන්... ඔහු නමින්, අශාන් ධනංජය .


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 58 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 356 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 488 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site